මේ විදියට සොයුරන් කිහිපදෙනෙකු එකම බාර්යාවක් තබා ගැනීමෙන් දේපල පිළිබදව ප්‍රශ්ණ ඇති වෙන්නේ නැහැ වගේම දරුවන් බහුලව ඇතිවන්නෙත් නැහැ. එක් එක් සොයුරා වෙනම පුද්ගලයන් වශයෙන් හිතන එක නතර වෙනවා. දරු උපත් සීමාවන නිසා පරම්පරාවෙන් පරම්පරාවට දේපල බෙදීයාමේදී මේ එකගෙයි කෑම මහත් රුකුලක් වුනා.
දරුවන්ට පියවරුන් කිහිපදෙනෙකු ඉන්න නිසා ඔවුන්ගේ රැකවරණය අභිවෘද්ධිය ගැන හිතන කොට විශාල පහසුවක් වුනා. ඉස්සර කාලේ සිංහල සමාජයේ ජීවත්වුන හැම පිරිමියෙකුම අවුරුද්දේ එක්තරා කාලසීමාවකදී රාජසේවයෙහි යෙදිම අනිවාර්ය අංගයක් වුනා. මේක කාටවත් වලක්වන්නට පුළුවන් කටයුත්තක් නෙමෙයි. ඒ කාලසීමාවේදී ගොවිතැන් කටයුතු කිරීමෙන් අඹුදරුවන් පෝෂණය කිරීම ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම වැනි කරුණු ගැන සොයා බලන්නට කෙනෙකු අවශ්‍ය වුනා. ගමන් බිමන් පහසුකම් නොමැති කම නිසා නිතර යාම් ඊම් කරන්නට නොහැකි වුනා. මේ කාර්නා සියල්ල සම්පූර්ණ කරන්නට මේ එකගෙයි කෑම බෙහෙවින්ම ඉවහල් වුනා. එක පවුලක සිටින පිරිමි පාර්ශවයේ සියලු දෙනාටම එක වර රාජ සේවයේ යෙදීමට සිදු නොවන බැවින් එක සොයුරෙක් ගෙදරින් බැහැරව සිටින කාලයේදී අනෙක් සොයුරන්ට ගේ දොර වගේම අඹු දරුවන් රක්ෂා කිරීමට පුළුවන් වුනා. ඒ විතරක් නොවෙයි එක ස්වාමිපුරුෂයෙක් ගේ ඇවෑමෙන් ඇතිවන අඩුපාඩු මකා ගත හැකිවන අතර බිරිද හා දරුවන් අනාථ වීමක්මද සිදුවුනේ නැහැ. අනෙක් කාරණාව නම් පුරුෂයන්ට සාපේක්ෂව කාන්තා පාර්ශවයේ ඇති අඩුපාඩුවක් මෙසේ විවාහ සිරිත් ඇතිවන්නට බලපෑවාද වන්නට පුළුවන්.
දකුණු ඉන්දියවේ ටෝඩා ජාතීන් අතර මෙවැනි විවාහ වලට සුදුසු ස්ත්‍රී පුරුෂ අනුපාතකයක් උවමනාවෙන්ම සකසා ගත් බව සමහරුන්ගේ මතයයි. මේ විෂම ස්ත්‍රී පුරුෂ අනුපාතය ඇතිකරගෙන තිබෙන්නේ ළදරු කාලයේදීම ගැහැනු දරුවන් ඝාතනය කිරීමේ ක්‍රමානුකූල සැලැස්මකට අනුවයි. මේ නිසාම ලංකාවේද එවැන්නක් පැවතුනාද සැක සහිතයි.
නමුත් බ්‍රිතාන්‍ය පාලන කාලයේදී ළදරු ඝාතන ප්‍රකටව පැවති බව ඩොයිලිගේ දිනපොත්වල වාර්තා සදහන් කරනවා. ඔහුගේ වාර්තා අනුව වලපනේ, ඌව, හා සඹරගමුව ප්‍රදේශවල ලදරු ඝාතනය තිබුන බව පෙනී යයි. ජීවත්වීම ඉතාමත් අමාරු ප්‍රදේශවල ස්ත්‍රින් ඉපදීම මහත් බරක් ලෙස සලකන නිසා දුප්පත් පවුල්වල ළමයින් හතර පස් දෙනෙකුට වඩා ඉපදුන විට හෝ පියෙකු නොමැතිව දරුවන් ඉපදුන විට ළදරු ඝාතනය සිදුකල බව විශ්වාස කල හැකියි. මේ කරුණු මෙසේ වුනත් බහු පුරුෂ විවාහයන් ඕනෑකමින්ම ස්ත්‍රී පුරුෂ අනුපාත වෙනස් කිරීමෙන් පමණක් සිදුවූවක් බවට කිව නොහැකි වන්නේ සමාජීය හේතුන් නිසා මෙවැනි විවාහ ඇතිවූ හෙයිනි.
19 වන සියවසේ මැද බාගයේ සිට මෙවැනි විවාහ තහනම් කරන ලදී. නමුත් නීතියෙන් තහනම් වුනත් පරම්පරාවෙන් පැවත ආ සිරිත් විරිත් සහමුලින්ම විනාශ වන්නේ කලාතුරකිනුයි. එනම් නීතියේ අවශ්‍යතාවය සම්පූර්න කිරීමට එක් සොයුරෙක් ගේ නමින් ලියාපදිංචි කරන විවාහය සැබෑ ජීවිතයේදී අනෙක් සොයුරන්ද හවුල් කරගෙන එකගෙයි ජීවත් වෙයි. හැබැයි මෙසේ සිදුවන්නේ දෙමාපියන්ගේ කැමැත්ත අනුවයි. එකගෙයි ජිවත්වන සොයුරන්ට ලැබෙන දරුවන්ගේ උප්පැන්න ලියාපදිංචියේදී දරුවන්ගේ පියා වශයෙන් සදහන් කරන්නේ නීත්‍යානුකූලව විවාහ වූ සොයුරාගේ නමයි.
කාලයත් සමග උසස් කුලවත් පවුල් මෙන්ම දුප්පත් පවුල් වලද බහුල වශයෙන් දක්නට ලැබුණ සමාජය පිළිගත් එකගෙයි කෑම වර්තමාන ශිෂ්ටාචාරයට නොගැලපෙන පහත් විවාහ ක්‍රමයක් ලෙස සලකනු ලබන හෙයින් එවැනි විවාහ දියුණු ප්‍රදේශවල දක්නට නොලැබේ. උඩරට නොදියුනු ගම්මානවල මෑතක් වනතෙක් පැවති මේ සිරිත් අද වන විට අභාවයට පමින් පවතී.
එකගෙයි කෑම වගේ චාරිත්‍ර අභාවයට ගිය එකමයි හොද. නැත්නම් ඉතින් මිනිස්සුන්ට මොන මොන ලෙඩ ඇති වෙයිද මන්දා. :)
ReplyDeleteගොඩක් වෙලාවට දේපල පිය යන එක වලක්වා ගන්න තමා ඔහොම කරන්නේ. අම්මෝ දේපල වලට තියෙන කෑදර කමක්.....
එක ගෙයි කෑම නිසා ප්‍රරවේණිකව දුර්වල පරම්පරාවක් ඇතිවීමේ අවධානමක් තිබුනා නේද ?
ReplyDeleteඋඩරට අදත් එක ගෙයි කෑම නැති උනත් දේපල පිට යාම වලක්වන්ට තම පවුලේම කෙනෙකුට විවාහ කරදීම නං කෙරෙනවා