පොත් මිටිය ගෙන අකුරු කරනා
පුංචි නංගී තනිවෙලා
ඈත අහසේ තරු ගනිනවද
කල්පනා ලොව කිමිදිලා
නීල නෙතු අග පිණි කදුලු මුතු
පිපී වත මුකුලිත වෙලා
ගේ කිරිල්ලියේ නුඹ හඩනවද
බිදුනු පෙම ගැන ලතවෙලා
රන් තරුවකැයි කියා රැවටුනු
පුංචි සමනළියේ
නුඹට හිමි නැති පෙමක් සිහිකොට
කිම සුසුම්ලන්නේ
නිවි නිවී ගිය කදෝපැණියෙකි
හද ලැගුම් ගත්තේ
නොමිනිසුන් මිනිසුන් කවුද නෑ
නුඹ තවම දන්නේ
ගිය දේවල් වලට අඬලා වැඩක් නෑ. මේ මම් හොදින් ඉන්නේ. මාත් ඕ දේවල් වලට දුක් වෙන් නෑ. හික් :)
ReplyDeleteමධු....
ReplyDeleteකාරණේ ඇත්ත.