එක් ගෙදරක නිවුන් දරුවන් දෙදෙනෙකු සිටියා. මොවුන් දෙදෙනා පිරිමි දරුවන්.
ඔවුන් දෙදෙනාගේ සමානකම කොතරම්ද යත් මව්පිය දෙදෙනාට පවා
එක්වරම දෙදෙනා හදුනාගැනීම අපහසු වුණා. දෙදෙනාම කන්නාඩි පැළදි අතර, පාසැල් පංති කාමරයේ
දෙදෙනම වාඩිවුනේද එකම ලග අසුන් වලමයි. මේ දරුවන් දෙදෙනාගේ
කටහඩවල්ද එක හා සමාන වුනා. ඔවුන්ගේ වෙනසකට තිබුනේ නිකටේ තිබුණ උපන් ලපය
තිබූ තැන් වල පුංචි වෙනස පමණයි.
මොවුන් දෙදෙනාගේම ඇස් දුර්වල බැවින් දෙදෙනාට පාසැලේ ඉදිරි පෙළ අසුන් වල
ඉදගැනීමට අවසර ලැබී තිබුණා. සමහර අවස්ථාවලදී දෙදෙනාට යහපත් වගේම
අයහපත් ප්‍රථිපලවලටත් මුහුණ දෙන්නට වුණා.
එක් දිනක් මේ එක් නිවුන් දරුවෙකු අඩාගෙන ගෙදර පැමිණියා. ‘අනේ අම්මේ මට නම් දැන්
මේ නිවුන් කෙරුවාව එපා වෙලයි තියෙන්නේ....
අම්මා මදක් විමසිල්ලෙන් දරුවාගේ කතාවට සවන් දුන්නා. “බලන්නකො අම්මේ මෙයා ඉස්කෝලෙ
දෙන ගෙදර වැඩ කරගෙන යන්නෙ නැතිව ඉදලා හැමදාම ටීචර් මටමයි ගහන්නේ..
පුංචි පුතා කීවා. අම්මාට නිවුන් කෙරුවාව ගැන තේරුනේ එවිටලු.
මේ කතාව කියෙව්වම මට මතක් උනේ කාලෙකට ඉස්සරින් මම් පත්තරේක කියවපු කතාවක්. නිවුන් සහෝදරියෝ දෙන්නෙක්ට එයාලගේ අප්පච්චි නිවුන් මනාලයෝ දෙන්නෙක් හොයලා. එයාලා දෙන්නට දෙන්නව අදුන ගන්න හැටි එහෙම දාලා තිබුනා.
ReplyDeleteඔන්න ඕක කියෙව්වට පස්සේ මට හිතුනේ දෙන්නට දෙන්නා පටලැවුනොත් මාර සීන් එකක් නේ වෙන්නේ !!!!
මටත් නිවුන් යාළුවෝ කීප පලක්ම නොයෙක් අවස්ථා වලදි ඇසුරු කරන්න ලැබිලා තියෙනවා..අදුර ගන්න එක නම් එපා වෙන වැඩක් තමයි...එතකොට ඉතින් අපිටත් නිවුන් කෙරුවාව එපා වෙනෝ...
ReplyDelete