වර්ෂය 1949 වූ අතර එය ජුලි මාසයේ දිනයක් විය. බෙඩ්ෆෝඩ් නගරයේ “සනී හිල්ස් නම් කදු බෑවුමේ පිහිටි ඕඋස් ගං නිම්නය දැඩි හිරු රැසින් නැහැවෙමින් තිබුණි. මේ ප්‍රදේශයට සැතපුමක් තරම් දුරින් පිහිටි බ්ලන්ඩෙල් ප්ලේස්හි වාසය කල ඇලිස් ඩැනියෙල්ස් මහත්මිය අති දක්ෂ පිහිනුම් කාරියක් වූවාය.
එදින ඩැනියෙල් මහත්මියට ඉතාමත් ප්‍රීතිමත් දිනයක් විය. ඇගේ සතුට බෙදාගන්නට දියණියන් දෙදෙනා වන දොළොස් හැවිරිදි ඩයනා හා දස හැවිරිදි රෝසාත් එකතු විය. මෙම සතුටට හේතුව වූයේ ඔවුන් තිදෙනාගේ දක්ෂතාවයන් උරගා බලන දිනය එදින වීමයි. ඒ ඕඋස් ගං නිම්නයේ හනි හිල්ස් භූමිය ප්‍රසිද්ධ පිහිනුහ් තොටුපලක් විය. එදින රෝසාගේ හා ඩයනාගේ පිහිනුම් තරග පැවැත්වීමට නියමිතව තිබුණේ මේ ස්ථානයේදියි. ඉතාමත් දගකාර දැරියක වූ අවු. එකහමාරක් වයසැති සිය තෙවැනි දියණිය ස්ටෙප්නිද මේ ගමන සදහා එක්වූවාය.
ඔවුනට ඇවිද යාමට තිබූ දුර සැතපුම් එකහමාරක් පමණ වූ බැවින් කුඩා දියණිය අත්කරත්තයක තබා ඇගේ ඇදුම් පැළදුම් හා කෑම බීමද එහිම තැබුවාය. ඔවුන් එතැනට පැමිණෙන විට ඔවුනගේ පිහිනුම් උපදේශකවරයා සියල්ල සූදානම් කොට ඔවුන් එන පෙරමග බලා සිටියේය.
සිගිත්තිය සමග අත් කරත්තය පසෙකින් තැබූ ඩැනියෙල්ස් මහත්මිය දියණියන්ට පිහිනුම් ඇදුම් කට්ටල ඇන්දවීමට ඉක්මනින්ම සහාය විය. පසුව ඔවුන් පසුපස ගං ඉවුර දක්වා ගොස් දැරියන් දෙදෙනා ගගට බසින ආකාරය දෙස ආසාවෙන් බලා සිටියාය.
අඩි දහයක පමණ ගැඹුරින් යුක්ත වූ ගග දිය අවු රැස් තිබුණද දැඩි සීතල ගතියකින් යුක්ත විය. ඔවුනට පිහිනීමට නියම කල දුර සැතපුමකි. දැරියෝ සීතලේ ගැහෙමින්ම මවට අත් වනමින් සතුටින් සිටියාය.
“ළමයි ලෑස්තිද? යි අසමින් ජැක් නෑෂ් මහතා සංඥා නිකුත් කිරීමට සූදානමින් සිටියේය. පුංචි දග කෙල්ලන් දෙදෙනා අවසාන නිවේදනය ලැබෙන තෙක් සිටියේ නොඉවසිල්ලෙනි. ඩැනියෙල් මහත්මිය තම දියණියන් දෙදෙනා තව තවත් දිරිමත් කරනු වස් ගගට නැඹුරු වී සූදානමින් සිටියාය.
හදිසියේම ඈතින් ඇසුනු අමුතු ශබ්දයක් නිසා ඒ කිමෙක්දැයි බලන්නට පිටුපසට හැරුණාය. තමාගෙන් තරමක් ඈතට ගොස් සිටි බාල දියණිය කරත්තයත් සමග රෝල් වෙමින් ගග දෙසට පෙරලී එන අන්දම හදිසියේම ඇය දුටුවාය. මේ දර්ශනයෙන් තැතිගත් ඇයට කිසිවක් කරකියා ගත නොහැකිව අන්දමන්ද වූවාය. ඉදිරියට දිව ගොස් දියණිය අල්වාගැනීමටවත් නොහැකි තැනකය ඇය සිටියේ. දැරිය ඇයගෙන් එතරම්ම දුරින් සිටියාය.
ඇය කෙතරම් බිය වූයේද යත් ඇගේ කෑගැසීම පිටතට නොඇසුන තරම්ය. දෙවන වර ඇය කෑ ගසන විට ස්ටෙප්නි රැගත් කරත්තය මහා හඩක් නංවමින් ගගට වැටී නොපෙනී ගියාය.
කිසිවක් කරගත නොහැකි ඇය අසරණව ඈත මෑත බලන්නට විය. දෙනෙතින් ගලන කදුලැලි අතරින් ඇය දුටුවේ ගග දෙසට වේගයෙන් දිව එන නෑෂ්ය. මොහොතක හෝ පමවකින් තොරවම ඔහු එසැනින්ම ගගට පැන පීනන්නට විය.
එකිනෙකට වෙනස් සිතුවිලි පරදා සිතට නැගෙන දහසකුත් එකක් ප්‍රශ්ණ ඇගේ සිත තුල නළියන්නට විය. ඔහුට කරත්තය සොයාගත හැකි වේවිද? දැරිය බැමිවලින් මුදාගෙන ගොඩට ගෙනඒමට හැකිවේද? අනේ ඇගේ ජීවිතයට යම් අනතුරක් වුවහොත්?????? මේ අන්දමේ සිතුවිලි රාශියකින් හදවත පෙළෙමින් ඇය ජැක් පිහිනන දෙස බලාසිටියේ නොඉවසිල්ලෙනි.
ගගේ දිය පහර සමග පොරබදිමින් ඉදිරියට ගිය ජැක්ගේ දෑස් ගගේ මඩදිය වසාගෙන තිබුණි. කරත්තයේ කලු පැහැය ඔහුගේ දෙනෙත ගැටුණා පමණි. කෙලෙසින් හෝ කරත්තයේ පටියක් අල්ලාගන්නට තරම් ඔහු උත්සුක විය. ඒ සමගම කුඩා දැරිය කරත්තය තුල සිටිනු දුටුවේය. තප්පරයක් හෝ පමානොවූ ඔහු හැකි වේගයෙන් නැවතත් ඉවුර දෙසට පීනා ආවේය.
අසීරුවෙන් ගොඩටගත් කරත්තය එහෙන් මෙහෙන් තිර ගලවා ඇද දමා පටි බුරුල් කිරීමෙන් පසුව දැරිය පිටතට ගත් ඔහු ඇයට අනතුරක් වීදැයි විමසිලිමත් විය. දෙවියන්ට ස්තුතිවන්නට ඇය සුවෙන් සිටියාය. ප්‍රථමාධාර දෙන්නට තරම් අවශ්‍යතාවයක් ද නොවීය.
එතැනට දිව ආ මව සිය දෙනෙත් ඇදහිය නොහැකිවාක් මෙන් සිය දියණිය දෙස බලාසිටියාය. “ස්ටෙප්නි, මගේ දුවේ.....කියමින් ඇය සිහිසුන්ව බිම පතිත විය. මේ කිසිවක බරපතලක් නොදත් කෙළිලොල් සිගිති දැරිය චන්ඩි හිනාවකින් යුතුව සිය මව දෙස බලා සිටියාය.
(සත්‍ය සිදුවිමක් - සති අන්ත සගරාවක් ඇසුරිනි)
අම්මෝ මේ ළමයිනුත් කරගන්න වැඩ. ඒ අම්මට මාර විදිහට බය හිතෙන්න ඇති නේ. පවු
ReplyDelete