ටික දවසකින් කොහේවත් ගියේ නැති නිසා අපි හිතුවා නිකන් තියෙන වොරන්ට් එකත් අරගෙන බදුල්ල පැත්තේ ගිහින් එන්න කියලා. ගිහින් ආපු බොහෝම දෙනෙක් කිවුවේ කෝච්චියෙන් යන බදුලු ගමන හරිම සුන්දරයි කියලයි. උදේ 5.55ට කොටුවෙන් තියෙන බදුලු දුම්රියෙන් අපි ගමන් ආරම්භ කලා. අපේ කට්ටිය ඔක්කොම 18ක් විතර, පොඩි පැටවු 4 දෙනෙකුත් එක්කම. නැරඹුම් මැදිරිය වෙන් කරගෙන හිටපු නිසා අවට පරිසරයේ ලස්සන බලන්න කලබලයක් තිබුනෙත් නැහැ.
මට මතක විදියට ගමන් මාර්ගයේ උමං තිබුනා තිස් ගණනක්. තප්පරයෙන් තප්පරය අපි බොහෝම සුන්දර පරිසරයකටයි අවතීර්ණ වුනේ. පුරා පැය 12ක් තිස්සේ ගිය දුම්රිය ගමන අවසන් වුනේ බදුල්ල ස්ටේසමෙන් කියමුකෝ. අපේ මලුත් පොදි බැදගෙන එතන ඉදන් වෑන් කට්ටකින් ගමනාන්තය හෙවත් අපේ දින තුනේ නවාතැන් පොලට ගියා.
කොහොම වුනත් මම හොයාගත්ත දේවල් ටිකක් කියන්නම්කෝ. ඒත් බදුල්ල ගැන එක් එක් බ්ලොග්වල බොහෝ කරුණු සටහන් වෙලා ඇති. ඒ නිසා වැරදි තැන් ඇතොත් මටත් දැනගන්න එක්ක ඒ කරුණුත් කියමු බලන්න නේද?
බදුල්ල කියන නම ගැන පුරාවෘත්ත කිහිපයක්ම තියෙනවා. ඒවා අතර බදුල්ල නම් ගස් විශේෂයක් ගැන සටහන් වෙනවා. මේ ප්‍රදේශය පුරා බදුල්ල ගස් පැතිරී තිබුන නිසා ඒ නම ලැබුන බව එක කතාවක්. මේ ගස් නිසා ඈතට පෙනුනේ වදුලක් වගේලු ඒ නිසා පස්සේ කාලෙක වදුල බදුල්ල උනා කියලා කියනවා.
අනෙක් කාරනේ තමයි ඌව පලාතේ අගනුවර විදියටයි බදුල්ල සලකන්නේ. විසි දහස් රට යනුවෙන් හදුන්වන ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කය පුරා විද්‍යා වටිනාකමකින් යුක්තයි. බුදුන් වහන්සේගේ ශ්‍රී පා පහස ලද පූජනීය ස්ථාන දෙකක් ලෙස සැලකෙන මහියංගනය හා මුතියංගන විහාරයන් මේ දිස්ත්‍රික්කය තුළ පිහිටා තියෙනවා. පැරණි පොත් වල සදහන් වෙන විදියට ඌව ප්‍රදේශයේ හග්ගල කපොල්ලෙන් හමන සුළගින් හූ හඩ පැතිරෙන නිසා හූව “ඌව යන්නට පරිවර්තනය වුනා කියලයි කියන්නේ.
ක්‍රි.පූ. 505 දී පමණ රාවණා රජු බදුල්ල අගනුවර කරගෙන රට පාලනය කල බවත් මේ කාලයේ ඌව බොහෝ සෙයින් දියුණුවට පත් යුගයක් ලෙසත් සැලකෙනවා.
බදුල්ල ඌව වෙල්ලස්සේ කැරැල්ලටත් සම්බන්ධයිනේ. ඒ කියන්නේ 1815 මාර්තු 02 වනදා මහනුවර මගුල් මඩුවේදී උඩරට ගිවිසුම අත්සන් කෙරුනා. මේ ගිවිසුම අත්සන් කරන්න මුල් වුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෘෘර පාලනය. මේ ගිවිසුමෙන් පස්සේ උඩරටත් ඉංග්‍රීසීන් අතට පත් වුනා. ගිවිසුමට අත්සන් කරපු අයගෙන් තුන්දෙනෙකු තමන්ගේ අත්සන යෙදුවේ සිංහලෙන්. ඉන් එක්කෙනෙක් තමයි මොණරවිල කැප්පෙටිපොළ නිළමේතුමා. මේ විදියට සිංහලෙන් අත්සන් කරන්නටත් හේතුවක් තිබුණා. ඒක තමයි ඉංග්‍රීසීන් රට පාලනය කරනවට තිබුන අකමැත්ත. මේ ගිවිසුමෙන් ටික කාලෙකට පස්සේ ඉංග්‍රීසීන් මෙහි එන කොන්දේසි කඩකරන්නට පටන් ගත්තා.
සංඝයා වහන්සේලාට ගරු කිරීමෙන් වැලකුනා. කුල කාන්තාවන්ට හිංසා පීඩා කලා. ප්‍රභූ පැලැන්තියට ගරු කලේ නැහැ. මේ වගේ කාරණා නිසා ජනතාව මහත් කලකිරීමට පත්වුනා. හරියටම කිවුවොත් සිංහලයන්ට වුනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. සිංහල මිනිසුන්ට ඕනෑවුනේ සිංහල ලේ තියෙන කෙනෙක් රජු වෙනවා දකින්නයි.
මඩුගල්ලේ උඩගබඩා නිලමේ රහසිගත ලෙස සංඝයා වහන්සේලාට යොජනා කලා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරින් ඉවත් කරන්නට. එතුමා පුද පඩුරු යවා තියෙනවාලු බිං තැන්නේ හා කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද පතා නැවතත් සිංහල රජෙක් ලබා දෙන්න කියා. මේ ඉහත කියපු කාරණා නිසා සුද්දන්ට දැනුනා කැරැල්ලක් ඇති වෙන්න යන බව. ඉන්පස්සේ තමයි ඔය කැප්පෙටිපොළ නිළමේතුමා රාජ ද්‍රෝහියෙක් විදියට නම් කෙරුනේ.
තවත් කාරණාවක් තමයි මුස්ලිම් ජාතිකයෙක් වන හජ්ජි මුහන්දිරම් කියන තැනැත්තා උඩරට ප්‍රධාන තතුනරකට පත් කිරීම. පස්සේ විල්භාවේගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇතිවුනා. මේ ගැන හොයාබලන්න ගියේ මේ හජ්ජි මුහන්දිරම් තමයි. නමුත් බූටෑවේ රාළ මේ තැනැත්තාව මැරුවා. පස්සේ බදුල්ලේ හිටපු රජයේ නිලධාරියෙක් වන සිල්වෙස්ටර් විල්සන් මහ සෙනගක් එක්ක කැරැල්ල ගැන හොයන්න ගියත් ඔහුත් සිංහලයෙකුගේ හී පහරකින් මිය ගියා.
පස්සේ කැරැල්ල මැඩලන්න හිතාගෙන ඉංග්‍රීසීන් කැප්පෙටිපොළ නිලමේතුමාව එව්වා. රට ජාතිය ගැන හිතපු එතුමා ඉංග්‍රීසීන්ගේ අවි ආයුධ සමග ජනතාවත් ආපහු යවලා කැරැල්ලට එකතු වුනාලු. ඉංග්‍රීසීන් මේ සිද්ධියත් එක්ක මහත් කැළඹීමට පත්වෙලා. කොහොම වුනත් කැරැල්ල මැඩලන්න අපහසු වුන නිසා ඔවුන් ඌව , වෙල්ලස්ස වගේ පැති වල ගම් බිම් ගෙවල් දොරවල් වගේම වැව් කඩා බිද දමා ගිනි බත් කලාලු. ඉන්පස්සේ ඒ පැත්තට බොහෝම දුෂ්කර කාලයක් උදා වුනා කියලත් කියනවා. අනික වගා බිම නිසරු වුනාලු. මිනිසුන් බොහෝ දුක් වින්දාලු.
පස්සේ කැරැල්ල මැඩලන්න හිතාගෙන ඉංග්‍රීසීන් කැප්පෙටිපොළ නිලමේතුමාව එව්වා. රට ජාතිය ගැන හිතපු එතුමා ඉංග්‍රීසීන්ගේ අවි ආයුධ සමග ජනතාවත් ආපහු යවලා කැරැල්ලට එකතු වුනාලු. ඉංග්‍රීසීන් මේ සිද්ධියත් එක්ක මහත් කැළඹීමට පත්වෙලා. කොහොම වුනත් කැරැල්ල මැඩලන්න අපහසු වුන නිසා ඔවුන් ඌව , වෙල්ලස්ස වගේ පැති වල ගම් බිම් ගෙවල් දොරවල් වගේම වැව් කඩා බිද දමා ගිනි බත් කලාලු. ඉන්පස්සේ ඒ පැත්තට බොහෝම දුෂ්කර කාලයක් උදා වුනා කියලත් කියනවා. අනික වගා බිම නිසරු වුනාලු. මිනිසුන් බොහෝ දුක් වින්දාලු.
ඉහත තොරතුරුත් බලාකියාගෙන අපි ඉතින් ඔහොම හතර වටේම ඇවිදින ගමන් ලිප්ටන් සීට් පැත්තේ යන්න ගියා. ඒ පැත්ත නම් බොහෝම ලස්සනයි. මම ලිප්ටන් සීට් ගැන ඇහුවෙම එදයි ඔන්න. කොහොමද මගේ දැනුමේ තරම ලංකාව ගැන. ලස්සන ලස්සන රෝස මල් ගොන්නක් මැද්දෙන් තමයි දඹේතැන්න ෆැක්ටරියට යන්නේ පඩි පෙළ කිහිපයක් නැගලා එහෙම. අපි ෆැක්ටරිය බලන්න කලින් ලිප්ටන් සීට් එක බලන්න දඹේතැන්න වතුයාය මැදින් තියෙන පාර දිගේ ඉහලට ගමන් කලා.
සුපිරි ගනයේ තද කළු තේ නිෂ්පාදනය කරන ලංකාවේ හොදම තේ වත්ත නැත්නම් දඹේතැන්න වතුයායේ තමයි මේ ලිප්ටන් සීට් එක තියෙන්නේ. ඒ කියන්නේ තෝමස් ලිප්ටන් මහත්මයා තේ බිව්වයි කියන තැන. ඔහු ඔහුගේ වතුයායේ සිරි නැරඹුවයි කියන්නේ මේ තැන ඉදන් තමයි. ඒක ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් විදියටයි සදහන් වෙන්නේ. මමත් ස්ථානය ගැන වගේම මෙහි බොහෝ තොරතුරු දැනගත්තේ ගියාට පස්සේ තමයි. ඒත් හැබෑවටම ගිහින් බලන්න වටිනා තැනක්. (view point). මෙතැනට යන්න කෙටි පාරවල් තියෙනවා. ඒත් ඒ ගමන ටිකක් විතර මහන්සියි. අතරමගදි අපි නියම පාරෙන් යන්න පටන් ගත්තා. හරියටම කිවුවොත් අනිත් අය මාව ඇදගෙන ගියා. මම ඉතිං බදුලු කෝච්චිය වගේ “හොස් හොස් ගගා හති හලාගෙන තමයි ගියේ.
පහල බෑවුම බලනකොට ලස්සනේ බෑ. හරියට ගිනිපෙට්ටි ගෙවල් වගේ ඈතින් ඈතින් පුංචියට ගෙවල් ගොඩක් පාරේ ඉදන් පේනවා. ඒ වගේම පාරවලුත්!!!! ඒ අතරින් තේ වතු යාය, හරිම ලස්සන දර්ශනයක්. අතරින් පතර මීදුම ඉහල නගිනවා පේනවා. සමහර තැන එක සැනෙකින් වැහිලා යනවා පේන්නෙම නැති වෙන්න. අපි යනකොට දහවල් 1.00ට විතර වුනා. ඒත් ඉර එළියක් නම් තිබුනෙ නැහැ.
හරියටම කිවුවොත් මේ වතුයායේ එක තැනකවත් අපි දැක්කේ නැහැ කුණු තියෙනවා. බොහෝම පිරිසිදුයි. ටොපි කොළයක් වත් බිම දාන්න ලෝබයි. කදු මුදුනට යන පාර දෙපැත්තෙම ලස්සනට අටපෙතියා මල් ගස් තිබුනා. ඒවා අපේ පැතිවල වැවෙන අටපෙතියාවල පාට නෙමෙයි. කොහොම කොහොම හරි කන්ද මුදුනටම ආවා.
ඇවිත් බලන කොට එතරම් විශාල බිම් ප්‍රමාණයක් කදු මුදුනේ නැති වුනත් ටිකක් එහායින් බංගලාවක් එහෙම තිබිලා තියෙනවා. දැන් නම් ඒකේ සලකුණක් වත් නැති බවයි අපට කිවුවේ. සිමෙන්තියෙන් හදපු ආසනයක් එහෙම නැතිනම් ලිප්ටන් සීට් එක අපි දැක්කා. එතැන ඉදලා බලනකොට හතර වටේටම තේ වතු බොහෝම ලස්සනට පේනවා. ඒත් පරිසරයේ ඇති සුන්දරත්වය මීදුම නිසා සැනෙකින් වැසී යනවා. ආපහු විනාඩි 10කින් විතර යතා තත්වයට පත් වෙනවා. මේ පරිසරයේ ඇති විශේෂත්වය ඒකයි. මේ ලිප්ටන් අසුන ඉදිරිපිටින් ටිකක් ඈතට වෙන්නට ටිකක් උස් තැනෙක වෙනම අට්ටාලයක් ලීයෙන් තනා තියෙනවා. ඒක උඩට නැග්ගම තවත් හොදට වටපිට බලන්න පුළුවන්. දැන් තරමක් දුරට අබල දුබල තත්වයේ පැවතියත් ඉස්සර නම් ඒක හොදින් තියෙන්නට ඇති.
කදු මුදුනේ තේ කඩයක් කරන අංකල් කෙනෙක් ඉන්නවා. එයා රෑ 8.00 විතර වෙනකන් එතන ඉන්නවලු. ගාල්ල පැත්තේ කෙනෙක්. දැනට අවුරුදු 30කට විතර කලින් දඹේතැන්නට ඇවිත් තියෙන්නේ. දැන් ස්ථිර පදිංචිය දඹේතැන්නේ. ලිප්ටන් සීට් එකේ උස මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1970ක් විතර. ඔහු කියන විදියට මේ කදු මුදුනට වතුයායේ හැම කොනක්ම පේනවා ඒ විතරක් නෙවෙයි පළාත් 5ක් පේනවා. එක් පැත්තකින් ලංකාවේ උසම කන්ද පිදුරුතලාගල, එතකොට ශ්‍රී පාදය, බදුල්ල, බණ්ඩාරවෙල, අනෙක් පසෙකින් දියතලාව තව ටිකක් එහාට ගියාම නමුනුකුල , ඒ වගේම නුවරඑළිය ටවුන් එකත්, රේස් කෝස් එක, එතකොට වැල්ලවාය, ඇඹිලිපිටිය, හම්බන්තොටත් පේනවා. චන්ද්‍රිකා වැව, හොදටම පේනවා. උඩවලව අභය භූමිය තියෙන පැත්ත, දුරදක්නයෙන් මුහුදත් දකින්නට හැකියාව තියෙනවා. හැබෑවටම අපූරුයි නේද? නමුත් ස්වභාවික පරිසරයේ තියෙන වෙනස්කම් නිසා මීදුමෙන් අවට පරිසරය වැසීයාමෙන් ඇතැම් දිනවලදී වටපිටාවේ ඇති ලස්සන දකින්නට ලැබෙන්නේ නැතිලු. ලංකාවේ බොහෝ අය මේ ස්ථානය ගැන නොදන්වා වුනාට මේක ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක්. (view point).
1890 එක්තරා දිනක තෝමස් ලිප්ටන් මහතා ලංකාවට ඇවිත් තියෙන්නෙම තේ වැවීමේ පරමාර්ථයෙන්මයි. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. නම තෝමස් ජේ ලිප්ටන්. මේ විදියට ඇවිත් මේ පරිසරයේ තියෙන සුන්දරත්වයෙන් වශී වෙලා දඹේතැන්න වතුයාය තමන්ගේ කරගත්තා. මේ ෆැක්ටරිය තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් මී.1566 උසින්ලු. ඒ වගේම අපි තේ ෆැක්ටරිය ඇතුලත් බලන්න ගියා. ලෝකයේම ප්‍රසිද්ධ කළු තේ නිෂ්පාදනය කරන ෆැක්ටරිය මෙය වීම ඇත්තෙන්ම අපටත් ආඩම්බරයක් නේද? (ඔන්න කවුරුහරි කියයි පර සුද්දගේ දේට අපි මොකටෙයි ආඩම්බර වෙන්නේ කියලා. ඒත් ඇවිත් බැලුවොත් තේරෙයි සුද්දා හදපු පාරවල් වල තමයි අපි තවමත් ගමන් කරන්නේ කියලා. ) ඒවා තවමත් වෙනස් වෙලා නැහැ. මොක වුනත් ලිප්ටන් මහත්තයාට මුළු ලෝකයාම ආමන්ත්‍රණය කරලා තියෙන්නේ sir Tea කියලලු.
මේ වතුයායෙන් දිනකට තේ කි.ග්. 25,000 – 30,000 අතර ප්‍රමාණයක් කැඩෙනවා. ඒවා වේලලා කුඩු කරලා එනකොට කි.ග්. 5000-6000 ක් විතර වෙනවා. දැනට මේ වතුයාය ලංකෙම් නමින් තමයි වැඩ කෙරෙන්නේ. දඹේතැන්නෙන් සමුගෙන අපි ආවේ බන්ඩාරවෙල දෝවේ පන්සලටයි.
අපි එනකොට එතන වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැරකට සූදානම් වෙනවා. අලි ඇතුන් පවා සහභාගී කරවාගෙන කරනු ලබන විශාල පෙරහැරක් ඒක. ථෙතිහාසික වටිනාකමක් තියෙන පන්සලක් විදියට සැලකෙනවා. බෝගොඩ විහාරයෙන් පටන් ගන්නා උමං මාර්ගයක් මේ පන්සලෙන් කෙළවර වෙන බවක් ද අපට අසන්නට ලැබුනා. ගල් තලාවක් විද කරන ලද බුදු මැදුරක් තියෙනවා. ඇතුලත පරිසරය තරමක් සීතලයි. එහි උළුවහු පෞරානික බව මනාව පෙන්නුම් කරනවා.
අපි පහුවෙනිදා ගියේ බෝගොඩ විහාරය බලන්නයි. පඩිපෙලවල් රාශියක් බැහැගෙන යා යුතු වෙනවා විහාර මළුවට. බොහෝම සුඵ ඉඩකඩක තමයි විහාර ගෙය පිහිටා තියෙන්නේ. නාරංගල කදුමුදුනින් පටන් ගන්නා ගල්අන්දා ඔය ගලා බසින්නේ මේ බෝගොඩ විහාරය අද්දරිනුයි. හරිම ලස්සන පරිසරයක්. කදුමුදුනේ සිට මහවැලි ගග දක්වාම මේ ඔය ගලන්නේ ගල් තලාවක් මතින්ලු. සෙමෙන් ගලා බස්නා ජල කල ගතටත් සිතටත් අමුතුම ප්‍රාණවත් බවක් ගෙන දෙනවා. ඉස්සර කාලයේ මේ ගග තරණය කර යෑම හිතන තරම් පහසු කාර්යයක් වෙලා තිබුනේ නැතිලු. රජදරුවන් පවා මහත් අපහසු තාවයන්ට පත්වුනාය කියනවා. ඒ නිසාම වන්නට ඇති බෝගොඩ ලෑලි පාලම ඉදිවන්නට ඇත්තේ.
මේ ලෑලි පාලම ගැන මත කිහිපයක් තියෙනවා. දඹදෙණි යුගයේ (ක්‍රි.ව. 1220-1270) ඉදි කෙරුණ බවක් සදහන් වෙනවා. ඒ එක්කම මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ (1747-1780) කාලයේ ඉදිකරන ලද්දක් කියලත් කියනවා. ලී වලින් පමණක් නිර්මාණය කරන ලද ලෝකයේ ඇති එකම හා පැරණිතම ලී පාලම කියලයි කියන්නේ. මෑත කාලයේ එහි රදා පැවැත්ම සදහා කොන්ක්‍රීට් කනු දමා ඇති නමුත් ඇණ පවා ලී වලින් නිර්මාණය වෙලා තිබුනේ. අනෙක් කාරණය තමයි මෙහි ඇති ශක්තිමත් බව. ඒ ගැන ඉතිං කියලා වැඩක් නැහැ.
දිග අඩි 50ක් විතර හා පළලින් අඩි 6ක් විතර වෙන මේ පාලමට වහලක් තියෙනවා. එහි යොදා තියෙන කැටයම් මහනුවර යුගයට නෑකම් කියනවා. පැරණි කාලයේ මෙය රාත්‍රී කාලයට අම්බලමක් ලෙසත් දහවල් කාලයේදී පාලමක් ලෙසත් මිනිසුන් ප්‍රයෝජනයට ගෙන තියෙනවා. මේ පාලම ලගම තියෙන බෝගොඩ විහාරය වලගම්බා රජුගේ කාලයට අයත් වූවක් බව සැලකේ. රජු යුධ සංවිධාන කටයුතු කලැයි කියන්නේ මෙහි නැවතිලා තමයි. මේ විහාරයේ උමං මාර්ගයකුත් තියෙනවා. ඒක සම්බන්ධ වෙන්නේ දෝවේ විහාරයටයි. ඈත කාලයේදී බෝගොඩ වන්දනාවට මිනිසුන් තුල උනන්දුවක් තියෙන්නට ඇති. ඒ ගැන කියැවෙන ජන කවියකුත් මම හොයාගත්තා.
ගලින් කොටාලයි බෝගොඩ ගුහාවේ
සියළු සතුන් ඇදලා නෙත නුරාවේ
බෝගොඩ යන්න මගේ හිත කල්පනාවේ
සැවොම යමව් බෝගොඩ වන්දනාවේ
මේ දුන්හිද කියන නම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. බදුළු ඔයෙන් ගලා එන ජලය දුංහිද කදුවැටියෙන් පහලට වැටෙන කොට වළාකුලක ස්වභාවය ගන්නවා. ඒ ජල කද විසිරිලා යන්නේ හරියටම කියලවා නම් දුමක් නැගෙනවා වගෙයි. මේ විදියට විසිරෙන ජලයට දුම් කියපු නිසා දුංහිද වූ බවයි කියන්නේ.
බදුල්ල නගරයේ ඉදන් කි.මි. 4ක් හෝ 5ක් දුර ගෙවාගෙන යන්න ඕන දිය ඇල්ල ලගට. කි.මි.1ක් විතර පා ගමනකුත් තියෙනවා. ඒක තරමක් දුෂ්කරයි. මාත් ඉතිං හති දමාගෙන දෙන්නෙක්ගේ කරේ එල්ලීගෙන කොහොම හරි එතනට ගියා. එහෙම මහන්සියෙන් ගියත් පාඩු නැහැ. ලස්සන දැක්කම. මේ ගමනේ අතර මගදී තවත් පොඩි දිය ඇල්ලක් දකින්නට ලැබෙනවා. ඒක පුංචි දුන්හිද කියලයි හදුන්වන්නේ.
කවුරුත් අහලා ඇතිනේ ගම්පොළ රාජධානිය ගැන. ඒ කාලයේ ඉදලා තියෙනවා මාම්පිටිය අනුහස් මැණික් බණ්ඩාර කියලා කුමරියක්. මේ කුමරිය කහපෙතිය ආරච්චි බණ්ඩාර කියන සාමාන්‍ය තරුණයෙක් එක්ක පෙම් සබදතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඉතින් කුමරියගේ පිය රජතුමා මේ සම්බන්ධයට බොහෝම විරුද්ධ වුනාලු. පස්සේ කුමරිය ඇගේ පෙම්වතා එක්ක මාලිගාවෙන් පැනලා ගිහින්. මේ යන ගමනේදී ඔවුන් කොස්ගොල්ල කියන පැත්තට ඇවිල්ලා. මේ ප්‍රදේශය නිර්මාණය වෙලා තියෙන්නේ කළු ගල් වලින්. ඉතා අමාරුවෙන් විශාල ගල් පර්වතයක් උඩට නැගුන මේ දෙදෙනා නැවත කිසිම දවසක වෙන් නොවෙන්නට දිවුරුම් දීලා ගල් පර්වතයෙන් පහළට පැනලා දිවි නසාගෙන තියෙනවා. එදාම රාත්‍රී කාලයේදී මහා කුණාටුවක් ඇවිත් පළාතම ගසාගෙන ගොස් තියෙනවා. මේ කුණාටුවත් එක්කම මැණික් බණ්ඩාර කුමරිය හඩන ශබ්දය ඇසුන බවත් ගම්මුන් කියනවා. අදටත් මේ දුන්හිද ඇල්ල දෙසින් හමා එන තද සුළග සමග කුමරිය හඩන ශබ්දය ඇසෙනවාලු.
තවත් කතාවක් තමයි කුමාරසිංහ කියලා ඌව වළාතේ හිටපු කුමාරයෙක් තමන්ගේ නිධානයක් දුංහිද කොහේ හෝ හංගලා තියෙන බව. මේ නිධානය ආරක්ෂා කරන්නට රත්‍රන් තෝඩු දැමූ ආදෙක් ඉන්නවා කියලත් කියනවා. දුංහිද අවුරුද්දකට සැරයක් මිනිස් බිල්ලක් ගන්නා බවකුත් සදහන් වෙනවා.
මේ සියලු දේත් බලා කියාගෙන දවස් තුනකට පස්සේ අපි නැවතත් අපේ ගම්බිම් බලා පොඩි මැණිකේ දුම්රියෙන් එන්නට පිටත් වුනා. ඒ එන අතරතුරදී දියතලාවේ ස්ටේසමට ඔන්න මෙන්න තියා රේල් පාර අසල ඉන්න සැදැහැතියෙක් හෝ පිරිසක් සියලු දේ නැසෙන සුළු බව පසක් කරමින් එල්ල කරපු ගල් ප්‍රහාරයකින් කොච්චියේ අපි හිටපු පෙට්ටියේ වීදුරුවකුත් නිවන් මග සොයා ගියා. තව ඩිංගක් එහා මෙහා වුනා නම් අපෙත් කාගේ හරි ඔළුවක මල් පැණි බලන්නට තිබුනා.
අපො ්ගමනට පැය දොලහක් යන එක තමයි කේස් එක..හරියට යනවනං පැය හයක විතර ගමනක්..කොටනව කියන්නෙ එකසිය ගානට...
ReplyDeletehoda article ekak ..Badullata train eke gihin etana idala anith than walata yanna wahanayak hoyaa gannna wenawa neda..badulle town eka pain yana dura balannna tan tiyanawada?
ReplyDeleteamila
ReplyDeleteඔව් කෝච්චියේ ගමන ටිකක් ප්‍රමාදයි. ඒත් බස් එකෙන් නම් ඉක්මනින් යන්න පුළුවන්ලු. හැබැයි කෝච්චි ගමන කට්ටියක් එක්ක යනකොට විනෝදයි.
anonymous
ReplyDeleteබදුල්ලේ ටවුමේම තියෙනවා මුතියංගන විහාරය. බදුළු ඔය. දුන්හිදට කි.මි. 5ක් විතර යන්න ඕන. අනිත් තැන් නම් දුරයි. වාහන හොයාගන්න අමාරු නැහැ. අපේ නම් යාළුවෙක් බදුල්ල ටවුමේ ඉන්නවා. හැබැයි වාහන වලින් ඉල්ලන්නේ අස්ප ගනන්. ඒකයි අවුල.
බ්ලොග් ලිවිල්ල කලාට කාලයක්, කියවිල්ලට නම් අලුත්.
ReplyDeleteමොනවා උනත් හොඳ චාරිකා සටහනක්.
ජය!
ජීවිතේ මල්
ReplyDeleteස්තුතියි ඔයාට
"තවත් කතාවක් තමයි කුමාරසිංහ කියලා ඌව වළාතේ හිටපු කුමාරයෙක්"
ReplyDeleteමේ කුමාරසිංහ කියන්නේ දෙවන රාජසිංහ රජතුමාගේ එක සහෝදරයෙක්. මතකයි නේද අක්කේ සෙනරත් රජතුමා තමන්ගේ පුත්තු තුන් දෙනා අතරේ රාජ්‍ය බෙදද්දී විජයපාලට මාතලේ කුමාරසිංහට ඌව රාජසිංහට සෙංකඩගල දෙනවා. මේ ඒ කුමාරසිංහ තමා....
1818 කැරැල්ල ගැන ලිපියක් මේ දවස්වල මම ලියාගෙන යන්නේ අක්කේ. කැප්පෙටිපොළ, මඩුගල්ලේ, විල්බාවේ, හජ්ජි මුහන්දිරම්ලා ඔක්කොම ගැන ඒකේ තියෙනවා
එන්නකෝ ඒකත් කියවන්න.
අක්කේ මගේ බ්ලොග් රෝල් එකේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් වෙන්නේ නැහැනේ. දොළොස් මහ ගැන දන්නවද කතාව තමා අන්තිමට ලියපු post එක කියලා පෙන්නන්නේ
Deleteහසිත
ReplyDeleteමඩුගල්ලේ, කැප්පෙටිපොළ ගැන මගේ ගාවත් කරුණු ටිකක් තියෙන නිසා මාත් ලියන්නයි ඉන්නේ. ඒත් තව ටික දවසක් යයි ඒකට. ඔයාගේ ලිපි ගොඩක් වටිනවා මල්ලි අනිවා. මම ඒවා කියවනවා.
අප්ඩේට් වෙන්නේ නැත්තේ ඇයි කියන්න දන්නේ නැහැ. මගේ බ්ලොග් එකෙත් සමහර අයගේ අලුත් ලිපි නැහැ. මධුරංග මල්ලිගෙන් අහගෙන මම මේක හැදුවා ඒත හරිගිහින් නැහැ.
ලියමු ලියමු අක්කේ පුලු පුලුවන් විදිහට ලියමු අක්කේ. සිංහල බ්ලොග් අවකාශේ අපේ ඉතිහාසය ගැන තියෙන කරුණු හැකිතාක් සුලබ කරමු අක්කේ...
Deleteඅප්ඩේට් නොවුණත් අපි එන්නම්කෝ ඇවිත් යන්න
හොඳ ලිපියක්!
ReplyDeleteහසිත
ReplyDeleteස්තුතියි මල්ලි.
nishuoc
ReplyDeleteස්තුතියි ඔයාට!!!
බදුල්ලට කෝච්චියෙන් යන ගමන තරම් බස් ගමන සුන්දර නෑ. බිංගෙවල් පහු කරගෙන තේවතු කඳු මැදින් දිවෙන ලස්සන ගමනක් !!!
ReplyDeleteඅපිත් එක වතාවක් බදුළු ගියා. ඒත් මේ තරම්ම දුර ගියේ නෑ. යන්න වෙලාවක් තිබුනෙ නෑ. මුතියංගනේට විතරක් ගිහින් ආවා. ආයෙමත් දවසක ගිහින් එන්න ආසාවක් තියෙනවා. :)
අර ලෑලි පාලම් ගැන කිව්වම මතක් උනේ. ලංකාවේ ඓතිහාසික ලෑලි පාලම් දෙකක් ගැන සදහනක් තියෙනවා. එකක් තමා බෝගොඩ තියෙන අක්කලා දැකපු පාලම !!!
අනිත් එක තමා ගම්පහ පිලිකුත්තුව විහාරයේ තියෙන ලෑලි පාලම !!!
ඔය බෝගොඩ පාලමේ ආකෘතියක් කඩුගන්නාව මහාමාර්ග කෞතුකාගාරයේ හදලා තියෙනවා.
ප.ලි.- පිලිකුත්තුව කියන්නෙත් ලෙන් විහාර තියෙන ඓතිහාසික ස්ථනයක්. දවසක් උනත් බලන්න පුලුවන් තැනක්. යක්කල හංදියට ගිහින් යක්කල කිරිඳිවැල පාරේ බටගොල්ල හන්දියෙන් බැහැලා පිලිකුත්තුවට යන්ඩ පුලුවන්.
මධු..
ReplyDeleteඔයාලගේ ගෙවල් වලට කිට්ටුද ඔය කියන පාලම. වෙලාවක කට්ටිය එකතු කරගෙන ඒකත් බලන්න එන්නම්.
අපේ ගෙවල් වලට නම් ඒ හැටි ලඟක් නෑ. ගොඩක් වෙලාවට මගේ සති අන්තේ ගෙවෙන්නේ ඔහොම කොහේහරි තැනක. මට ගෙදර ඉන්ඩ බැරි ලෙඩක් තියෙනවා නෙ.:)
Deleteදවාලෙට කෑම ටිකක් එහෙමත් හදාගෙන වාහනයකින් යනවනම් බලන්ඩ ආස හිතෙන කඳු නගින තැන් බොහෝමයි. වෙලාවක දරුමල්ලොත් එක්කලා එන්ඩ !!!
හිටින්කෝ.. මම ඒ දවස්වල මේ ගැන ලිපියක් එහෙමත් ලිව්වා.
මෙන්න ඒ ලිපියට ලින්ක් එක !
ඇත්තමයි.. මේ ගමන හරි ලස්සන ඇති.. ගියේ නැති වුනාට... ගියා වගේ දැනුණා.. මේ කතාව කියෙව්වාම.. ඒ ටික කියලා තියෙන්නේ හරි ලස්සනට..
ReplyDeleteබ්ලොග් එක ගොඩාක් ලස්සනයි..
තව මේවගේ දේවල් ලියන්නට ඔයාට ශක්තිය ලැබේවා
shyani
ReplyDeleteස්තුතියි නංගි
නියමයි
ReplyDelete