Thursday, April 5, 2012

වීනස් දෙව්දුව හා සම්බන්ධ ආගමික ඇදහිලි


කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදීම අපේ රටවල් වල අනුමත නොකරන බව කවුරුත් දන්නවානේ.  නමුත් මේ ගණිකා වෘත්තිය ඇතැම් ජනකොටස් අතර ඉතා ප්‍රචලිතව පැවතුනා.  ඒ විතරක් නෙවෙයි ආගමික ඇදහිලි හා විශ්වාස නිසා එයට ශුද්ධත්වයක් ආරෝපණය කරන්නට පවා මිනිසුන් පෙළඹුනා.  උදාහරණයක් විදියට කියනවා නම් පැරණි ග්‍රීකයෝ සැලකුවේ මෙම ගණිකා වෘත්තිය තමන්ගේ ආගමේ වැදගත් කොටසක් විදියට සැලකුවා.  ඒ වගේම නැතිවම බැරි කොටසක් විදියටත් හිතුවා.  මෙවැනි ආගමික සිරිත් විරිත් විශාල ලෙස භාවිතා වුන රටවල් ලෙස බටහිර අප්‍රිකාව, දකුණු ඉන්දියාව, මධ්‍යධරණි ප්‍රදේශ, ආදිය.

ආගම නිසාම මෙම වෘත්තිය තෝරාගැනීම ක්‍රම දෙකක් ඔස්සේ සිදුවුනා.  ඉන් පළමු වැන්න තමයි කාන්තාවන් තනි තනි වශයෙන් ඉදිරිපත් වෙලා ආගමික කටයුත්තක් වශයෙන් වෙනත් පුරුෂයන් හා දින කිහිපයක් ගතකොට පස්සේ විවාහ ජීවිතයට ඇතුලත් වෙලා තැන්පත් ජීවිතයක් ගෙවීම.  පන්සලේ සේවයටම එක කාලසීමාවක් හෝ මුඵ ජීවිතයම කැප කර “ශුද්ධ වූ ගණිකාවක් ලෙස ජිවත් වීම දෙවැන්නයි.  

හෙරෝඩෝටස්ගේ වාර්තාවක මේ පිළිබදව කදිම වාර්තාවක් සකස්වී තිබේ.  එහි කාන්තාවන් වෛශ්‍යාවන් බවට පත් කල ආගමික සිරිත් ගැන විස්තර සටහන් වී ඇත.  බැබිලෝනියාවේ හැම ගැහැණියක්ම අඩුම වශයෙන් එක දවසක් හෝ වෙනත් පුරුෂයෙක් හා ගත කල යුතු බවට ඔවුන්ගේ ආගමේ නියමයක් ඇත.  මේ කාරණාව නිසා වැඩිවිය පත් කාන්තාවක්ම වීනස් දෙව් දුවගේ ප්‍රතිමාව අභියස දී තෝරාගන්නා තැනැත්තෙකු හා අඹු සැමියන් වශයෙන් සිටීම සිරිතකි.  වීනස් දෙව්දුවගේ ප්‍රතිමාව වටා රැස්වන ගැහැණු තමා වෙත ප්‍රථම යෙන් රිදී කාසියක් විසි කරන තැනැත්තා හා කිසිම විරුද්ධත්වයක් නොදක්වා යා යුතුය.   

මේ කාරණාවෙන් බේරීම සදහා ඇතැම් කාන්තාවන් තමා කැමති පිරිමින් හා කලින් කතා කොට ගෙන වීනස් ඉදිරියේ පෙනී සිටිති.  නමුත්  කතා කරගෙන සිටියත්  ගැහැණුන් විශාල වශයෙන් පෙනී සිටින නිසා හරියටම තමාට අවශ්‍ය ගැහැණිය වෙත අන් අය අභිබවා ප්‍රථමයෙන් රිදී කාසියක් විසි කිරීමට නොහැකිවන අවස්ථා ගණන සුළුපටු නොවේ.  රූමත් කාන්තාවක් එනු දකින විටම කෙසේ හෝ අන් අය පරදවා ඇය වෙත කාසියක් විසි කිරීමට හැම පිරිමියෙක්ම උත්සාහ කරති.  රූමත් කම නැති ගැහැණුන්ට රන් කාසියක් විසි කරන පිරිමියෙක් සොයාගන්නට ඇතැම් අවස්ථාවලදී අවුරුදු තුන හතරක්ම වීනස් ඉදිරියේ පෙනී සිටිමට සිදුවෙයි. 
වෙනත් පුරුෂයෙකු හා අඹුසැමියන් වශයෙන් හැසිරී වීනස් දෙව්දුව සතුටට පත් කරන ගැහැණිය ඉන්පසුව නීත්‍යානුකූලව විවාහ වෙයි.  ඉන් අනතුරුව ඔවුන් මොන කරුණක් නිසාවත් අන් පුරුෂයෙකු හා කායික සම්බන්ධතාවයක් පවත්වන්නේ නැත.  ඔවුන් අකුරටම තම පතිවෘතාව ආරක්ෂා කරති. 

සයිප්‍රසයේ සමහර පළාත්වල ද මේ ආගමික සිරිත ක්‍රියාත්මක වූ බව සදහන් වේ.  හෙලියෝ පොලිස් රටේ හා සිරියාවේ බාල්බෙක්හි මෙන් කන්‍යාවන් පමණක් වීනස් ඉදිරියේ පෙනී සිටිය යුතුය යන නියමකයක් බැබිලෝනියාවේත් පැවති බව සදහන් හෙරෝඩෝටස්ගේ විස්තර වාර්තාවල දක්නට ලැබෙන්නේ නැත.  වීනස්ට පූජෝපහාර වශයෙන් වෙනත් පුරුෂයෙක් හා එක්ව දරුවෙක් ලැබුනේනම් එම දරුවා කාගේ දරුවෙක් වශයෙන් සැලකෙන්නේද යන්න ගැන හෙරෝඩෝටස් සදහන් කරන්නේ නැත.  ඇතැම් රටවල නම් එවන් දරුවන් දේව දරුවන් වශයෙන් සැලකූ බව පෙනෙන්නට තිබුනි.  සොක්‍රටීස් පඩිතුමාද වීනස්ට නිසි ලෙස පූරෝපහාර පැවැත්වූ භක්තිමත් ස්ත්‍රියකගේ දරුවෙකු වශයෙන් සැලකේ.

අවිවාහක දරුවන් ගණිකාවන් වශයෙන් යොදවා දෑවැද්දට මුදලක් සොයා ගනිමින් වීනස් දෙව්දුවටත් කොටසක් පුද කර අනාගත සුභ සිද්ධිය ප්‍රාර්ථනා කිරීමේ සිරිතක් සයිප්‍රසයේ තිබූ බව කියැවේ.  සයිප්‍රසයේ ලැක්ටේනියස් නමැති බුද්ධිමතාගේ කියමනක්ද ඒ එක්කම සදහන් කරයි.  සයිප්‍රසයේ පමණක් නොව මුළු ලෝකයේම ප්‍රථම වරට වෛශ්‍යාකම ස්ථාපනය කළ තැනැත්තිය වශයෙන් වීනස් ලැක්ටේනියස් වෝ සදහන් කර තිබේ.  ගණිකා වෘත්තියේ යෙදෙමින් මුදල් ඉපයීමේ සිරිත මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවලත් එහි කිතු දහම පැතිරීමට ආසන්නව පැවති කාලය තෙක්ම පැවත ඇත.  
  
උතුරු ඇමෙරිකාව, නිකරගුවා, ගෝතමාලාව හා ප්‍රංශ කොංගෝවෙහි පැවති සිරිතකට අනුව දිග ලොකු ඇදගත් රූමත් තරුණ කාන්තාවන් සින්දු කියමින් ගමින් ගමට ගොස් තම කන්‍යා භාවය සදහා සෑහෙන මිලක් ගෙවා තමා හා අඹු සැමියන් ලෙස හැසිරීමට පැමිණෙන ලෙස තරුණයන්ට ආරාධනා කර ඇත.

රටෙන් රටට වගේම පළාතෙන් පළාතට තම නම වෙනස් කරමින් වීනස් දෙව්දුව ලැබූ නම් රාශියකි.  විනස්, ඇස්ට්රේට්, ඇෂටෝරත්, මිලිටා, ඉෂ්තාර්, ඉසිස්, ඇප්රෝඩයිට්, යන විවිධ නම් වලින් ඇය පෙනී සිට ඇති අතර ස්ත්‍රින්ගේ ශුද්ධත්වය කෙලෙසීමට හැම රටකදීම වාගේ ක්‍රියා කොට ඇති බව පෙනේ. බිරියගේ කන්‍යාභාවය අන් අය ලවා කෙලෙසවීමේ සිරිතක් ඉන්දියාවේද පැවතුණි.  එහි පැවතුන සිරිත අනුව විවාහ වූ දින ස්ත්‍රිය ගත කල යුතු වන්නේ ප්‍රධානියෙක්, රජෙක්, පූජකවරයෙක් හෝ සැමියා විසින් තොරාගනු ලබන නියෝජිතයෙකු සමගයි.  ලිබියාවේ මෙම සිරිත පැවත ඇත්තේ තවත් පුළුල් වශයෙනි.  විවා මගුලට පැමිණෙන හැම පිරිමියෙකු සමගම (ඔහු කැමතිනම්) මනාලිය හැසිරිය යුතුය.  

මාර්කෝ පෝලෝ ගේ විස්තරයකට අනුව ටිබෙට් ජාතික කන්‍යාවන් සලකනු ලැබුවේ කන්‍යාභාවය නැති කරගත් ස්ත්‍රීන්ට වඩා පහත් කොටසක් වශයෙනි.  මේ හේතුව නිසාම හැම කෙල්ලක්ම තමන්ගේ කන්‍යාභාවය නැති කරගැනීමට කවුරුන් හෝ සොයා ගියහ.  ටිබෙටය හරහා සංචාරකයින් හා වෙළදුන් ගමන් කරන විට කාණ්ඩ වශයෙන් ඔවුන් වෙත පැමිණෙන ටිබෙට් කෙල්ලන් තමන්ව දූෂණය කර යන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිති.  තමා දූෂණය කළ බවට සලකුණක් වශයෙන් තමා දුෂණය කල තැනැත්තාගෙන් මුද්දක් හෝ වෙනත් තිළිණයක් අනිවාර්යයෙන්ම ලබා ගැනීම සිදු කෙරිනි.  මේ ආකාරයට මුදු 20කට නොඅඩු ගණනක් ලබා ගත් අයට නීත්‍යානුකූලව විවාහ වීමට අවශ්‍ය අවම සුදුසුකම ලැබේ. 

මිනිසුන් රැසක් හා ගතකල ස්ත්‍රියකට හොද භාර්යාවක් වීමට අවශ්‍ය පළපුරුද්ද ඇතැයි ටිබෙට් ජාතිකයෝ විශ්වාස කළහ.  ටිබෙටය තරුණයින් යායුතුම රටක් වශයෙන් ඔච්චමට මෙන් මාර්කෝ පෝලෝ සදහන් කර ඇත්තේ මේ නිසාය. 

කාන්තාවන්ගේ පමණක් පුජෝපහාර ලබා ගැනීමෙන් වීනස් දෙව්දුව සෑහීමකට පත්වී ඇතිබවක් කියන්නට පුළුවන් කමක් නැහැ.  ඇය පිරිමින් ගෙන්ද ඇසූවන් පවා භයෙන් කිළිපොලායන අන්දමේ අපූරු පූජාවන් ලබා ඇත.  සීබෙල් නැමැති පූජකයින් විසින් සිදුකොට ඇති ආගමින සිරිතකට අනුව පූජාවට සහභාගී වන තරුණයා නිරුවතින් භක්තිමතුන් රැස්ව සිටින ස්ථානයට පැමිණ කලින් එතැන සූදානම් කර තබා ඇති කඩුවක් රැගෙන සියතින් තම රහස් අවයවයන් කපා එය සුරතේ තබා ගෙන මහ මග දිගේ අනෙක් අයට පෙනෙන සේ දිව යා යුතුය.  ඔහු මෙම පූජා කර්මයට සහභාගී වන මුඵ කාලය තුල ම මහ හඩින් හැඩිය යුතු බවද විශේෂයෙන්ම සැලකිය යුතුය.  පූජාව අවසන් වන්නේ දිවයන මග ඇති නිවසකට වැදී එහි ස්ත්‍රියකගේ ඇදුම් රැගෙන ඒවා ඇග ලා ගැනීමෙනි. 

වීනස් දෙව්දුව වෙනුවෙන් මුළු ජීවිතයටම බලපාන මහගු පූජාවක් වන මෙම ආගමික උත්සවයක් පැවැත්වෙනවිට එය නැරඹීමට මුළු ආසියාවේම මිනිසුන් දස දහස් ගණනක් ඇස්වූ බව කියැවේ.


(මේකත් නොකියාම බෑනොවැ.  මට වීනස්ගේ පින්තූරයක් නම් හොයාගන්න ලැබුනේ නැතුවා) 

ප.ලි. පින්තූරය සොයාගන්න උදව්කල සහෝට මගේ හද පිරි ස්තුතිය. (ඒ කමෙන්ටුව මගේ අතින් මිසින්ද කොහේද)

13 comments:

  1. ආගමේ නාමයෙන්...හ්ම්..

    ReplyDelete
  2. දැන් දියුනුයි කියන රටවල් වල කට්ටිය ඒ කාලේ කරපු දේවල් තමයි ඔය....

    ReplyDelete
  3. ඉන්දියාවේ දේවදාසියන් ලෙස සේවය කරපු අයගේ කතාවත් මේ හා සමානමයි

    මේ රූපේ ඉන්නේ මම හිතන විදිහට වීනස් තමා

    http://www.rossettiarchive.org/docs/s173.rap.html

    ReplyDelete
  4. ප්‍රාග් ‍ෛඑතිහාසික යුගයේ සිටම වීනස් විවිධ අන්දමින් වන්දනයට ලක් වී තිබුණාග ඒත් මේ කියන කරුණු මම ගොඩක් දුරට දැනගෙන තිබුණෙ නෑග තව දුරටත් වීනස් දෙවගන ගැන හොයල බලන්න මේ ලිපිය ලොකු පිටිවහලක් කියල මම හිතනවා. ස්තූතියි. කරුණු සාරවත්. මේ විස්තර හොයාගත්තු මූලාශ්‍රත් දැම්මනම් ගොඩක්ම සාරවත් කියල හිතනවා.

    ReplyDelete
  5. අපේ ගෙදර තිබුනා ඉස්සර වීනස් දෙව්දුවගේ අත් දෙක නැති පිළිමයක්..අම්මගෙන් විස්තර අහලා අහලා බැරිම තැන ඒක හැංගුවද කොහෙද...ඇයි අම්මේ හෙළුවෙන් ඉන්නේ..කව්ද ඇඳුම් අන්දන්නේ..උඩ ඇඳුම නැත්තේ ඇයි..ඔවා තමයි ඇහුවේ මතක විදියට...

    ReplyDelete
  6. මෙව්වා අහපුවාම පිස්සු හැදෙනවානෙ...

    දැන් කට්ටිය ටිබෙට් යන්න පොරකයි..

    නොදැන සිටි විස්තරයක් දැනගත්තා ස්තුතියි!

    ReplyDelete
  7. රූ...

    බලාගෙන ගියාම ඒකාලේ ආගමත් නරකටම හිටලා නැහැ නේද?

    ReplyDelete
  8. සුමියා

    ඇයි ඔය එක නාලිකාවක පෙන්නුවේ ඒ කාලේ කරපු හපන්කම් එක්කම පොළවට වැළලිලා ගිය කට්ටියක් ගැන. ඒ ඒ ඉරියව්වලින්ම ඉන්නවාය කියලා

    ReplyDelete
  9. හසිත

    ස්තුතියි ඔයාට, වීනස්ගේ රූපයක් සොයාගත්තේ ඔයා දුන්න ලින්ක් එකට ගිහින්. ඒත් සුදු කළු එක හොදවගෙයි කියලා හිතුනා. පොඩි උන් මේක බැලුවොත් එහෙම... උනුත් යයි වීනස් හොයාගෙන

    ReplyDelete
  10. තිළිණි

    මේක හොයාගත්තේ පරණ පත්තර කෑල්ලකින්. ඒකෙත් බොහෝ කොටස් දියවෙලා ගිහින්. මේ පැත්තේ ආවාට ගොඩාක් ස්තුතියි!!!

    ReplyDelete
  11. ඔබ නොදුටු ලොවක්

    මේ අත් නැති පිළිම කතාව තවත් යාළුවෙක් කිව්වා. කොහොම වුනත් අහලා තියෙන්නේ නම් උවමනා නැති දේවල්නේ. පොඩි එකා ඉන්න ඕන පොඩි එකා විදියට. හම් මදැයි!!!!!

    ReplyDelete
  12. හරී

    මටත් හැබැයි ඕකම හිතුනා. දැනටමත් ගිහින්ද දන්නේ නැහැ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!