Wednesday, October 24, 2012

ටිකක් හිනාවෙමු

අවුරුදු 3ක් විතර වයස ඇති පුංචි දැරියක් දවසක් පුරුදු විදියට එයාගේ අම්මා එක්ක ළිදට ගිහින් නාගෙන ගෙදර ආවා.  ටික වෙලාවකින් “මගේ ශරීරයට අමුතු ගතියක් දැනෙනවා,,..යි කියමින් ඇදට ගොස් නිදා ගත්තා.

“ඇයි මොකද පුතේ.....මුකුත් අමාරුවක්ද?  ඇගේ අම්මා ඇගෙන් විමසුවා.  එතකොට මෙන්න පොඩි කෙල්ල කියනවා
“ අම්මේ අර මහමායා දේවියට දැනුන එක මටත් දැනෙනවා වගෙයි....කියලා.

.....................................................................................................................................................................
වටගොඩ නමින් ප්‍රසිද්ධියට පත් එකතරා ගමක වැසියන් තමන්ගේ ජීවනෝපාය කරගත්තේ ගොවිතැන හා සත්ව පාලනයයි.  පුංචි රාළ මාමාත් මේ ගමේම පදිංචි ඉහත සදහන් කර්මාන්තයන්හි නියැලුනෙකි. දිනක් ඔහු පොලීසියට ගොස් පැමිණිල්ලක් කලේ තමන්ගේ ඉඩම ඊට අල්ලපු වත්තේ අය විසින් අල්ලලාගත් බවටයි.

ඒ ඉඩමේ විසූ පුද්ගලයා බබානිස්ය.  ඉතින් මේ බබානිස් හමුවීමට දිනක් පොලිස් නිලධාරියෙක් පැමිණියේය.  බබානිස්ද සතුන් ඇති කිරීම සිය ජීවිකාව කරගත්තෙකි.

“ඈ මිනිහෝ මොකද්ද මේකේ තේරුම?

“මොකද්ද උඹේ රැකියාව?  පොලිස් පරීක්ෂක බබානිස්ගෙන් විමසීය.

“මගේ රැකියාව ඉතින් වල් වැඩ තමයි රාළහාමි.....ගත්කටටම බබාලිස් කීවේය.  වටේ පිටේ රොක්වී සිටියවුන් ගේ සිනා හඩ නිසා තමන් කියූ දේ වැරදී බව බබානිස්ට වැටහුනි.  බබානිස් පොලිස් රාළහාමි දෙස රවා බැලුවේය.

“මොනවා යකෝ....වල් වැඩ?

“ඔව් ඔව් රාළහාමි....නමුත් රාළහාමි හිතන ජාතියේ වල් වැඩ නොවෙයි.  මම වල් කපනවා.  සත්ව පාලනය කරනවා යයි බබානිස් කීවේය.  ඉන්පසු පොළිස් රාළහාමි නිහඩ විය.

...................................................................................................................................................................
ඔන්න දවසක් මගුල් ගෙදරක ගිහින් එනකොට ටිකක් රෑ බෝවුනා.  රෑ වුනා කිවුවට 7ට විතර ඇති.  මේ නිවසේ දරුවන් දෙදෙනාම රෑ කෑම කන්නට ටිකක් මැලි කලා.  ඒ වුනාට දරුවන්ගේ තාත්තා කෑම පිගන් දෙකක් බෙදලා ගෙනත් කිව්වු,   “ඔන්න ඔක්කොම බත් ටික කාපු එක්කෙනාට ලොකු තෑග්ගක් ගෙනත් දෙනවා කියලා........

ඉතින් මේ ගෑණු දරුවා ඇහුවා “එහෙනම් මම ඉල්ලන ඕනම දෙයක් තාත්තා මට ගෙනැත් දෙනවද කියලා.....
බත් ටික කවා ගන්න ඕන නිසා තාත්තාත් ඔව් ඔව් ඕනම දෙයක් ගෙනැත් දෙනවා කියලා කිවුවා........

කතාවක් නැතිව දරුවන් දෙදෙනාම බත් ටික ඔක්කොම කෑවා.  ඉතින් තාත්තා කිවුවා.  “ආ...මගේ පුතාලා දෙන්නම හරිම හොදයිනේ.......මගේ පුංචි දුවට මොනවද ඕනෑ? කියලා

“දූ එකපාරටම කිවුවා....තාත්ති.....තාත්ති.....අර මගුල් ගෙදර ඇන්ටිට වගේ ලස්සනට ඇදලා පෝරුව උඩ නගින්න මටත් අංකල් කෙනෙක් ගෙනැත් දෙන්නකෝ.....!!!!!


Tuesday, October 23, 2012

ටිකක් හිනාවෙන්න

කණේ අමාරුවක්
 
ඔබ ආවේ ඇයි?” කියා දොස්තරගේ කාර්යාලයේදී ඔවුහු සැම විටම අසති.
කාරණාව කුමක්ද කියා ඔබට පිළිතුරු දීමට සිදුවන්නේ අනෙක් අය ඉදිරියේදීය.
 
මෙය සමහර අවස්ථාවල රෝගියා ඉතාමත් අපහසුතාවයට මෙන්ම ලැජ්ජාවටද පත් කරවයි.
අනෙකුත් රෝගීන්ද තම වාරය එනතුරු රැඳී සිටින කාමරයක දොස්තරගේ
පිළිගැනීම් නිලධාරිනිය ඔබේ රෝගය කුමක්දැයි ඇයට කියන ලෙසට බල කිරීම
තරම් නරක තවත් දෙයක් නැත. බොහෝ දෙනා මෙය අත්දැක තිබෙනු නොඅනුමානය.
 

මේ මහළු මිනිසා එහිදී ක්‍රියා කළ ආකාරය හරිම අපූරුය.


අවුරුදු
86ක් වයසැති පුද්ගලයෙක් සෙනඟ පිරුණු කාමරයට පිවිස මේසය වෙත ගියේය.

ඔව් සර්! ඔබ අද දොස්තර හමුවෙන්නේ මොකටද?” කියා පිළිගැනීමේ නිලධාරිනිය විමසුවාය.
මගේ පුරුෂ ලිංගයේ මොකක්දෝ දෝෂයක් තියෙනවාමහළු පුද්ගලයා පිළිතුරු දුන්නේය.
මෙය ඇසූ සැණෙන් පිළිගැනීමේ නිලධාරිනිය කෝපයට පත් වූවාය.


මෙවැනි සෙනඟ පිරුණු තැනකට ඇවිත් එවැනි දෙයක් කීම ඔබට වටින්නේ නැහැඇය කියා සිටියාය.
ඇයි නැත්තේ? ඔබ මගෙන් රෝගය කුමක්ද කියා ඇහුවා, මම කිව්වායැයි ඔහු කීවේය.
එවිට පිළිගැනීමේ නිලධාරිනිය මෙසේ පැවසුවාය.

ඔබ දැන් මේ සෙනඟ පිරුණු කාමරයේදී මාව ලැජ්ජාවට පත් කර තියෙනවා. 
ඔබට කනේ හරි වෙන කොහේ හරි අමාරුවක් තියෙනවා කියලා මට කියන්න තිබුණා.
 
ඊට පස්සෙ දොස්තර ළඟට ගිහින් පෞද්ගලිකව ඔබේ රෝගය ගැන සාකච්ඡා කරන්න තිබුණා.

පිළිතුරෙන් ඔබ ලැජ්ජාවට පත් වුණා නම් අමුත්තන්ගෙන් පිරුණු කාමරයක ඔබ මිනිසුන්ගෙන් ප්‍රශ්න ඇසිය නොයුතුව තිබුණාකියූ මහලු පුද්ගලයා  එතැනින් පිටව ගියේය.  මිනිත්තු කිහිපයකින් පසුව යළි පැමිණියේය.

පිළිගැනීමේ නිලධාරිනිය සිනාමුසුව
ඔව්!කීවාය.

මගේ කනේ මොකක්දෝ වැරැද්දක් තියෙනවාමහළු පුද්ගලයා කීවේය.
හිස වනමින් ඔහු පිළිගත් ඇය ඔහු තමාගේ උපදෙස් අනුගමනය කරනු දැකීමෙන්
  ආඩම්බරයට පත් වූවාය. පෙර සිනාවෙන් ම ඔබේ කනේ තිබෙන වැරැද්ද මොකක්ද සර්?” කියා ප්‍රශ්න කළාය.

මට ඒකෙන් මුත්‍රා කරන්න බැහැයැයි මහලු පුද්ගලයා පිළිතුරු දුන් විට මුළු කාමරයම සිනා හඬින් පිරී ගියේය. 

(මෙය මට ලැබුණු ඊමේල් පණිවුඩයක්.  හැබැයි වෙනත් බ්ලොග් එකක හරි කොහේ හරි තිබුණ එකක් වෙන්නත් පුළුවන්.  මේකේ මුල් ලිපිය දාපු කෙනා මට කමා කරන්ට ඕනෑ වැරැද්දක් වෙලා නම්.)

Thursday, October 18, 2012

මගේ හද කතරක්

දෙමාපිය සෙනෙහසේ
සීත පිණි බිදු රැදුනු
ඔබේ හද සියපතට
මගේ සෙනෙහසේ වැහිබිදු
බර වැඩියි - අගුණයි.

පිපි කුසුම් සුවද විද
සකුණ ගී මියැසි මැද
සිහින් දොල පාරක්ව
නිසසලේ එකතුවුනු
සාගරය ගැඹුරුයි,

තුරුලතා සනසමින්
වසන්තය පුබුදමින්
මද පවන සේ ඇවිත්
සිහිල සදනට බැදුනු
මගේ හද කතරක්.

නෙතු පෙරුම් පුරන සද....!!!!


පෙරුම් පිරූ නෙතු යලි දැකගන්නට
පෙරුම්පුරාගෙන යළි හමුවන්නට
බලාපොරොත්තුව
බලා හිදී......
ඈත අහස්කුස දෑස යොමා
හද රිදවන කදුලැලි පිසලන්නට
සතුටු කදුඵ නෙතු
යලිත් රදන්නට
බලාපොරොත්තුව
බලා හිදී...
නැවුම් දිනෙක නුඹ 
දකින තුරා

Monday, October 15, 2012

ගැහැණිය මැවුවේ දෙවියායි


බොහෝම කාලෙකට කලින් ත්‍රිවාස්ත්‍රි කියලා දෙවිකෙනෙක් ලෝකය මැවුවයි කියලා තමයි සංස්කෘත කතාවක සදහන් වෙන්නේ.  මුලින්ම ඔහු මැවුවේ පණ නැති වස්තුලු.  ඒවා අතර සූර්යයා, චන්ද්‍රයා, තාරකා, කදු පංති, වනාන්තර ආදිය ඇතුලත් වෙනවා.  මිනිසාව මැවුවේ මේ හැමදේම මවලා ඉවර වෙලා තමයි.

එකෙත් හැටි ඉස්සර වෙලාම මවලා තියෙන්නේ පිරිමියාවලු.  එක තැනක සදහන් වෙනවා පිරිමියාට තනිකමක් දැනෙනවා කියපු නිසා කාන්තාව මැවුලා කියලත්. කොහොම වුනත් කාන්තාව මවන කොට මේ දේවල් ආධාර කරගත්තා.

·                                 හදේ වටකුරු හැඩය,
උරගයන්ගේ ඒ මේ අතට නැවෙන්නට ඇති හැකියාව,
වැල් වර්ග වල එතීමේ ගතියත්,
තණ පත්‍රවල ඇති සියුම් ගුණයත්,
මල් පෙත්තක ඇති සිනිදු බව,
බට දන්ඩක ඇති සිහින්කම,
කොළ වල ඇති පැහැපත් බව,
මුවන්ගේ තියුණු නෙතග බැල්ම,
හිරු රැස්වල ඇති කාන්තිය,
පිණි බිදුවල ඇති සිසිලස,
            සුළගේ සසල බව
            හාවාගේ අහිංසක ගුණය
            මොණරාගේ උඩගුකම
            පිහාටුවල මෘදු ගුණය
            දියමන්තියේ දැඩි බව
            පැණි වල රසය
            දිවියාගේ රුදුරු ගුණය
            ගින්නෙහි ඇති උණුසුම
            හිම වල දැඩි ශීත ගුණය
            වාචාලයන්ගේ දොඩමළු ගතිය
            කොබෙයියන්ගේ කූකූ රාවය.

ඔන්න ඉතිං කෙනෙකුට හිතලා බලන්න පුළුවන් තමන්ගේ හාමිනේට හෝ හාමිනේ වෙන්න ඉන්න කෙනාට මේවයින් කීයක් විතර පිහිටලා තියෙනවද කියලා. 

මේ විදියට මවපු ගැහැණිය පුරුෂයාට බාර දුන්නාලු.  ඉතින් කාන්තාවගේ ඇසුර පිරිමියාට හරිම සතුටක් ගෙනාවා.  කාලයක් මේ විදියට සතුටින් හිටපු පුරුෂයා එක දවසක් ඇයව මැවූ දෙවියා වෙත ගිහින් “දෙවියනි ඔබ විසින් මවා මට භාර දෙන ලද ඒ සුන්දර වස්තුව මගේ ජීවිතය කාලකන්නි කරනවා.  එයා නිතරම කියවනවා.  මටත් උසුළු විසුළු කරනවා.  දැන් මගේ ඉවසීමේ සීමාවත් පැනලා.  මම නිතරම හුදකලා වෙලා ඉන්න උත්සාහ කලත් ඇය ඒකට ඉඩක් දෙන්නෙම නැහැ.  නොයෙකුත් නිෂ්පල දේ කියමින් කෑ ගසමින් හැම වෙලාවෙම මට කරදර කරනවා.  මගේ ඇගේ එල්ලීගෙනම ඉන්නවා.  මේ විදියට කාලය ගෙවන්න මට නම් තවත් බැහැ.  ඒ නිසා ඔබම ඇයව ආපසු බාරගන්න......

පුරුෂයා මේ විදියට බැගෑපත් වෙලා කිවුවම ත්‍රිවාස්ත්‍රි දෙවියන් ඇය නැවතත් බාර ගත්තා.  නමුත් හරියටම ගතවුනේ සතියයි.  යළිත් පුරුෂයා ඇවිත් “අනේ දෙවියනේ, මා මේ දින කිහිපය ගත කලේ පුදුම තරමේ පාලුවකිනුයි.  එයා මගෙත් එක්ක සෙල්ලම් කරපු විදිය, කතා කරපු විදිය, නිතරම මට මතක් වෙනවා. 

ඉර බැහැලා ගියාම ඇති වෙන අදුරත්, ඉන් ඇතිවෙන කනස්සල්ලත් එයාගේ මිහිරි කතාවෙන් හා සැලසිලි වදනින් පහකර මාව සතුටට පත් කලා මට මතක් වෙනවා.  මේ හැම දේම මතක් වෙනකොට මම කොහොම ඉවසගෙන ඉන්නද?

ඉතින් ඔන්න දෙවියා නැවතත් ගැහැණිය මිනිසාටම බාර දුන්නා.

ගැහැණිය එක්කගෙන ගිය පුරුෂයා මාසයක් ගතවෙනවාත් එක්කම නැවතත් දෙවියා ගාවට ආවා. 

“අනේ දෙවියනේ, මේ ගැහැණියව තේරුම් ගන්නට නම් මට කොහොමටත් බැහැ.  ඇත්තටම ඇය මාව සතුටට පත් කරනවා.  නමුත් ඊටත් වඩා මාව දුකට පත් කරනවා.  අනේ දෙයියනේ ආපහු ඈව ඔබ වහන්සේම බාර ගන්න.  කියා සිටියා.  

ඒ වෙලාවෙදි දෙවියන්ට හොදටම තරහා ගියා. 

“වහාම ගෙදර පලයන්!!!!තට ගැහැණිය නැවත් බැහැ ඇතුවත් බැහැ.  යි කියමින් නොපෙනී ගියා.

එදා ඉදලා මිනිහා ගැහැනිය භාර දීමට කෙනෙකු නොමැති නිසා මේ අද දක්වාම ඈ එක්ක අකමැත්තෙන් වුවත් ජීවත් වෙනවා. 

(මිනිහාට හොදම වැඩේ නේද??????)

Saturday, October 13, 2012

ලින්කන්ගේ ජීවිතයෙන් බිදක්!!!

ලී කොටවලින් තනන ලද කුඩා මඩුවක 1809 දී උපත ලැබූ පුද්ගලයෙකි.  ඔහු බොහෝ දුක්ඛිත ජීවිතයක් ගත කල කෙනෙකි.  ඔහුගේ නැගිටීම පිළිබද කතා පුවත ඇත්තම කිවුවොත් සුරංගනා කතාවක් බදුයි.  අවසානයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සොළොස් වන ජනාධිපතිවරයා බවට පත්වූයේ මේ කියන තැනැත්තායි.  ඔහු අන් කිසිවෙකු නොවේ ඒබ්‍රහම් ලින්කන්ය. 

ඔහු 1860 දී ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට පත්විය.  විසින් අනුගමනය කරන ලද වහල් සේවා විරෝධී ප්‍රතිපත්තිය නිසා සිවිල් යුද්ධයකටත් මං පෑදුනා.  අන්තිමේදී එයින් ජයග්‍රාහකයා වූ ඔහු නැවතත් 1864 දී ජනාධිපති පදවියට පත් කරන ලද්දේ වී නමුත් සාහසිකයෙකුගේ වෙඩි පහරින් මරුමුවට පත්විය.

ලින්කන්ගේ ජීවිතය බෙහෙවින්ම කාර්යබහුල එකකි.  නමුත් ඔහු තුළ පැවතියේ පුදුමාකාර රසිකත්වයකි.  1864 දී පවත්වන ලද මැතිවරණ ව්‍යාපාරයේදී පිටර් කාර්ට් රයිට් ගේ ප්‍රධානත්වයෙන් දේශනා මෙහෙයක් පැවැත්වූවා.  ඒ අවස්ථාවේ පීටර් කාර්ට් රයිට් කථා කරමින් “ස්වර්ග රාජ්‍යයට යාමට කැමති අය නැගිටින්න... යයි ඉල්ලීමක් කලා.  ලින්කන් හැර අන් හැම දෙනෙක්ම නැගී සිටියා.

යළිත් පීටර් කාර්ට් රයිට් කථා කලා.  “එහෙනම් අපායට යන්න කැමති නැති අය නැගිටින්න යි යළිත් ඉල්ලා සිටියා.  ඒ අවස්ථාවේදීත් ලින්කන් හැර අනෙක් සියල්ලම නැගී සිටියා. 

“ලින්කන් විතරක් මගේ ඉල්ලීම්වලට කන් නොදී සිටීම ගැන මට හරිම පුදුමයි....ඔහු ස්වර්ගයට යන්නත් කැමති නැත්නම්, අපායට නොයන්නත් කැමති නැත්නම් ඇත්තටම කොහේ යන්නද කැමති? යි උපහාසයෙන් මෙන් ඇසුවා.

ඒ අවස්ථාවේදී ඒබ්‍රහම් ලින්කන් ඉතාමත් සන්සුන්ව නැගිට්ටා.  “මම මන්ත්‍රී මණ්ඩලයට යනවා. .......යි කියා යන්නට ගියා.

එක්තරා අවස්ථාවකදී සීමාන්තික අමද්‍යප ව්‍යාපාරිකයෙකු විසින් ග්‍රාන්ට් සෙනෙවිදුන්ගේ “විස්කි බීමට විරුද්ධ වෙන්න ඕනෙ කියලා ලින්කන්ගෙන් ඉල්ලීමක් කලා.  ඔහු කරපු දීර්ග කතාවට ඇහුම්කන් දීපු ලින්කන් මේ විදියට කිවුවා. 

“ග්‍රාන්ට් සෙනවිතුමා පාවිච්චි කරන විස්කි වර්ගය මොනවද කියලා දැනගන්න.  ඒ වර්ගයේ විස්කි මගේ සෙනවිතුමන්ලාටත් සපයන්න මම කැමතියි.  ඒ කතාව එතැනින්ම අවසන් වුනා.

වරෙක ලින්කන්ට වසූරිය රෝගය වැළදුනා.  හැබැයි එය ඉතා තදින් ඔහුට බලපෑම් කලේ නැහැ.  ඒ දවස්වල එම රෝගය බෝවෙයි කියලා බයට කිසිම කෙනෙකු ධවල මන්දිරය පැත්තටවත් ආවේ නැහැ.  ඒ ගැන සදහන් කල ලින්කන් මේ විදියට කිවුවා.

“නරක නෑ.  දැන් කාටත් අමාරුවක් නැතිව දෙන්නට පුළුවන් දෙයක් මා ළග තියෙද්දිත් කවුරුවත් මා ළගට එන්නේ නෑ නොවැ!!!!

යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට ලින්කන් හමුවීමට දේවගැතිවරයෙකු ප්‍රමුඛත්වයෙන් යුතු නියෝජිත පිරිසක් ආවා.  තමන් ඉදිරිපත් කරපු කරුණු සනාථ කරන්නට ඒ දේවගැතිතුමා දිගින් දිගටම ආගමෙන්ම කරුණු උපුටා දක්වන්නට පටන් ගත්තා.  ලින්කන් ඒ අවස්ථාවේදී දේවගැති තුමාව නිහඩ කරවූයේ මෙසේයි.

“මහත්වරුනි, කෙළින්ම සර්වබලධාරීන් වහන්සේ වෙතින් කෙනෙකු හමුවීමට නියෝජිත පිරිසක් එනවා නම් ඒ කලාතුරකිනුයි.....තවත් කථා කිරීමෙන් පලක් නැතැයි සිතූ දේවගැතිතුමා නිහඩ වුනා.

ඒබ්‍රහම් ලින්කන්ගේ විරුද්ධපාක්ෂිකයෙකු වූ ඩග්ලස් නැමැත්තා කුඩා මිනිසෙක්. එක්තරා අවස්ථාවක ඔහුගේ ශරීරයේ හැඩනිල ගැන කථා කිරීමට  පටන් ගත් ලින්කන්ගේ මිතුරන් කිහිපදෙනෙකු “ඇත්තටම කෙනෙක්ගේ කකුල් දෙක කොයි තරම් දික් වෙන්න ඕනෙද? යන ප්‍රශ්ණය ඇහුවා.  ලින්කනුත් ඒ අවස්ථාවේදී එතැනට ආපු නිසා ඔහුගෙනුත් මේ ගැන විමසුවා. 

ඔහු කිවුවේ, මං හිතන විදියට නම් මිනිහෙකුගේ කකුල් දෙක ඔහුගේ ඇගේ ඉදන් බිම තෙක් දික් වුනාම ඇති .....කියලයි.

තවත් අවස්ථාවෙක ඩග්ලස් ලින්කන්ව දුර්මුඛ කරන්නට සිතාගෙන කිවුවා , මම පළමුවෙන්ම ලින්කන් හදුනා ගත්තේ විස්කිත්, සුරුට්ටුත් තව නොයෙක් දේත් විකුනන සිල්ලර වෙළද සේවකයෙකු වශයෙනුයි.....

නමුත් ලින්කන් දුන් පිළිතුරින් සිනාවට ලක්වුනේ ඩග්ලස්මයි.

“ඇත්ත තමයි ඩග්ලස් මහතා කියන එක.  මම සිල්ලර කඩයක වෙළෙද සේවකයෙකුව සිටි බව ඇත්ත.  හැබැයි කපු පුළුන්, ඉටිපන්දම්, සුරුට්ටු ආදියත් සමහර විට විස්කිත් වික්කෙ නැත්තෙ නැහැ.  මට මතකයි ඒ දවස්වල ඩග්ලස් මහත්තයා මගේ හොද ගණුදෙනු කාරයෙක්.  බොහෝ වෙලාවට මම කවුන්ටරයේ එක පැත්තක ඉදගෙන අනෙක් පැත්තේ හිටපු ඔහුට විස්කි විකුණා තියෙනවා.  ඒ වුණත් දැන් අපි දෙදෙනා අතර ඇති වෙනස නම් කවුන්ටරයේ මා හිටපු පැත්ත දැන් මා අතහැර දමලා තිබුණත් ඩග්ලස් මහත්තයා එයාගේ පැත්ත තවම අත්හැරලා නැති එකයි......ලින්කන් කියා සිටියා.

ඇමෙරිකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී එක්තරා යුද්ධ නිලධාරියෙක් නියෝගයකට අකීකරු වුනා.  “මට හිතයි එයාට හොද පාඩමක් උගන්වන්න!!! හොද ලියුමක් ලියලා.....ස්ටෑන්ටන් නම් ලේකම්වරයා කෝපයෙන් යුතුව කියා සිටියා.

“ලියන්න ලියන්න දැන් තරහා ඇවිස්සිලා තියෙන වෙලාවේ ඉක්මනින්ම ලියන්න!! නිර්දය ආකාරයෙන් පහර දීලාම ලියන්න.  මිනිහා සහමුලින්ම නැති කරලා ලියන්න.  ලින්කන් කියා සිටියා.  ස්ටෑන්ටන්හට තව වරක් කියන්නට අවශ්‍ය වුනේ නැහැ.  එය දරුණු ලියමනක් වුනා.  සිත පෑරෙන ආකාරයෙන් එය ලියා තිබුනා.  ජනාධිපතිවරයා හට ස්ටෑන්ටන් එය කියෙව්වා.

“අන්න හරි!! එහෙම තමයි හොද ලියුම!!!
“මේක කා අතේද අරින්නේ? ලේකම් නැවතත් ඇහුවා.

“ඒක අරින්න එපා ඔබේ හිතේ තිබුණු අමාරුව දැන් ඉවරයි නේද?  වුවමනා කරන්නේ එච්චරයි.  ඔය වගේ ලියුම් කාටවත් යවන්නේ නැහැ.  ඇත්තටම මම යවන්නේ නැහැ... ඒ ලියුමේ වගතුග එතැනින්ම නිමාවට පත්වුනා.

දවසක් ලින්කම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරික වැඩක යෙදී ඉන්න අතරේ සහයෝගය දුන් අය සමග කතා කරමින් සිටියා. 

“ලින්කන් මහත්මයාණෙනි! ඔබතුමා කල කතාව බොහෝම හොදයි.  එහෙත් අල්ලන්න බැරි යම් යම් දේවල් තිබුනා.  ඒ වෙලාවේ ලින්කන්ට හිනාගියා. 

“එහෙනම් ඉතින් මට ඔබ ගැන බොහොම කනගාටුයි.  මගේ බල්ලෙක් හිටියා.  ඌටත් මැස්සන් සම්බන්ධයෙන් තිබුනේ ඔය අපහසුවමයි..

තවත් අවස්ථාවෙක ලින්කන් තමන්ගේ ‍ඵෙතිහාසික කතාවක් කරන්නට ගෙටිස්බර්ග් නම් ස්ථානයට යනකොට ඔහු එක්ක ගිය ෆ්‍රයි නම් සෙනවිතුමා

“ජනාධිපතිතුමනි ඉක්මන් කරන්න නැත්නම් අපි කෝච්චියට නගින්න බැරිවේවි... කිවුවා.

“මේ ගැන මට ඇගෙන්නේ හරියට අර මරන්න ගෙනිච්ච අපරාධ කාරයා කී විදියටමයි!  එදා ඔහුව එල්ලා මරනු බලන්නට රැස්කකා හිටිය විශාල ජනකායක්.  අනිතිමට හිරකාරයා කෑගහලා කිවුවා “ගොයියෝ එය තරම් ඉක්මන් වෙන්න වුවමනාවක් නැහැ.  මං යනකන් එහෙ සෙල්ලම පටන්ගන්නේ නැහැ කියලා.. ඒ කතාවට සෙනවිතුමාටත් හිනා පහල වුනා. 

ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ සපත්තු ඔප දමමින් ඉන්න වෙලාවක ඉංග්‍රීසි ජාතික දේශපාලකයෙක් ඔහු හමුවෙන්නට ආවා. 

“මොනවා ජනාධිපතිතුමනි! ඔබේ සපත්තු පිහින්නෙත් ඔබමද? පුදුමයෙන් වගේ ඇහුවා. 

“ඔව් ඔබ පිහින්නේ කාගේ සපත්තුද? යනු ලින්කන්ගේ පිලිතුර වුනා.   

මෙවැනි හාස්‍ය උපදවන කතා කීමට සමත් වුන අන් ජනාධිපතිවරයෙක් නැති තරම්.  ඒ වගේම අදටත් ඔහුගේ නම ජනතාව අතර අමරණීයයි!!!!