ටිකක් හිනාවෙමු 2

එක් ගුරුතිමියක් ඇගේ පංතියේ ළමුන්ට කතාවක් කියා දී ඒ කතාවේ එන චරිතයක් තමන්ට කැමති ආකාරයට අදින්න කීවා.  චිත්‍රය ඇද අවසන් දරුවන්ට එය රැගෙන තමන් සමීපයට එන ලෙස කීවා.  පළමුව පොතක් රැගෙන ආවේ සමීරයි.  ඔහුගේ පොත අතට ගත් ගුරුතුමිය “සමීර ඉක්මනට ඇදලා ගෙනැත් තියෙනවා. බොහොම හොදයි...කියා තිබෙනවා.  ඉන්පසු ගුරුතුමිය පොත දිග හැරියා.  මහත කාන්තාවකගේ රූපයක් ඔහු ඇද තිබුණා.  මේ කවුද?  ගුරුතුමිය සමීරගෙන් ඇසුවා.

“ඒ කතාවේ මෙහෙම මහත කෙනෙක් ගැන මම ඔයගොල්ලන්ට කියා දුන්නේ නැහැ නේද???? ගුරුතුමිය කිවුවා.
ගුරුතුමිය දෙස විමතියෙන් බලා සිටි දරුවා “නෑ ඒකට කමක් නෑ. මගේ පැන්සලෙන් ඇදෙන්නේ මහත අය විතරයි. ඉතින් මම මගේ අම්මිව ඇන්දා. කිසිම ගානකට නැතිව සමීර උත්තර දුන්නා.