Wednesday, February 13, 2013

ලොව වටා අපූරු මංගල සිරිත් විරිත්


ලංකාවේ විවාහ උත්සව ගන්න ආකාරය අදට වඩා කාලෙකට පෙර වෙනස් මුහුණුවරක් ගත්තා.  දැන් හැම දෙයක්ම නවීකරණය වෙමින් යන නිසා බොහෝ සිරිත් විරිත් අභාවයට යමින් පවතිනවා විතරක් නෙවෙයි.  අලුත් පරම්පරව ඒ ගැන දැනුවත් නැහැ.  මංගල සිරිත් ගැන කතා කරන්නත් විශේෂ හේතුවක් වුනේ දැනට සති 1 ½කට විතර කලින් මම අපේ පවුලේම දියණියකගේ විවාහ උත්සවයකට සහභාගී වුනා.  එතැනදී දැකපු ඇතැම් දේවල් මට නම් විකාරයක්ම වුන නිසා.

මනමාලයාගේ මව්පියන් අතර එතරම් හොද සමගියක් තිබුනේ නැති බව පෙනෙන්නට තිබුණා.  ඒ විතරක් නෙමෙයි ඒ කාන්තාව විදේශයක ගෘහ සේවිකාවක් විදියට කාලයක් හිටපු කෙනෙක්.  ඉතින් ඇය හරියටම කිවුවොත් ඩයනා කුමාරි වගේ තමයි ඇවිත් හිටියේ.  අවස්ථාවේ හැටියට ඇය ප්‍රධාන චරිතයක් වුනත් ඒ අවස්ථාවට සුදුසු ආකාරයේ ඇදුම් ගැන ඇයට අවබෝධයක් නොතිබුණ ගානයි.  ඒත් පුදුමේ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේත් එහා කෙලවරට වෙන්න ඉපදුනු කාන්තාවක් සිංහල සිරිත් විරිත් නොදන්නා කමයි.

ඒකෙන් වැඩක් නැහැ.  මම කියන්න යන කරුණු ටික කියලා ඉමුකෝ.  අපේ රටේ විවාහ සිරිත් බොහෝමයක් ඉන්දියාවේ සිරිත් විරිත් වලට සමාන කමක් පෙන්නුම් කලා.  දැනුත් ඇතැම් අවස්ථාවලදී එහෙමයි.  හුගාක් රටවල විවාහයක් සිදුවන්නේ දෙදෙනාගේ කැමැත්ත අනුවනේ.  ඒ අවස්තාවලදී දායාදය හා මගුල් කපුවන් පැත්තකටම තල්ලු වෙනවා.  අද කාලයේ නම් අන්තර්ජාලය/ කොම්පියුටරේ මේ හැම දෙනාටම ඉදිරියෙන් ඉන්නවා.  අපේ රටේ වෙල්ලස්ස ප්‍රදේශයේ තරුණයින් මනමාලියන් තෝරාගත්තේ තමන් විසින්මයි.  ඒ අවස්ථාවලදී දැවැදි ප්‍රශ්ණ මතුවන්නේ නැහැ.

විජය කුවේණිගෙන් පැවැත එන තැන් සිට මතක්කර ගත්තොත් මේ විදියට තමන්ගේ කැමැත්තට අනුව විවාහ වුන රජවරු කිහිපදෙනෙක්ම මතකයට නංවා ගන්නට පුළුවන්.  විජය කුවේණි, කාවන්තිස්ස- විහාර මහා දේවිය/ පණ්ඩුකාභය පාලි යන කුමර කුමරියන් ගේ විවාහයන් මේවාට උදාහරණයි. 

බ්‍රහ්ම විවාහයක් කියලා කියන්නේ දියණියගේ පියා විසින් හොද උගත් සිල්වත් තරුණයෙක් සොයාගෙන ඔහුට සත්කාර කරලා තමන්නට පුළුවන් ආකාරයෙන් ඇදුම් පැළදුම් ආදිය සරි කරලා ඔහුට තමන්ගේ දියණිය සරණපාවා දිමටයි. 

අසුර විවාහය කියන්නේ තරුණයා විසින් තරුණියගේ නෑදෑයින්ට තමන්ට හැකි ආකාරයෙන් ධනය දී ඇය විවාහ කර ගැනීමයි.

රාක්ෂ විවාහයකදී අදහස් කරන්නේ තරුණියකගේ නෑදෑයින් තලා පෙලා පීඩාවට පත්කොට ඇයගේ අකමැත්තෙන් ඇය හඩවා බලෙන් පැහැරගෙන යාමයි. 

නිදාගෙන මත්වී සිටින කන්‍යාවක් පැහැරගෙන ගොස් විවාහ කරගැනීම පෛශාව විවාහය ලෙස හැදින්වෙනවා. 

පුරුෂයාගේ අන්‍යෝන්‍ය බැදීම මත සිදුවන විවාහයක් ගාන්ධර්ව විවාහය ලෙස හැදින්වෙනවා. 

මේ මොකවුනත් ඉස්සර කාලේ ලංකාවෙත් මංගල්‍යයක් ගන්නකොට විශාල වශයෙන් උත්සව පැවැත්වූයේ නැහැ.  ගිවිස ගැනීමේ සිරිතක් තිබුණෙත් නැහැ.  මනාලිය තමයි මනාලයාට ඇදුම් සපයන්න ඕන.  මේ විදියට ඇදුම් ගත් මනාලයා තමන්ගේ මිතුරන් එක්ක මනාලියගේ ගෙදරට යනවා.  විවාහය ස්ථිර කිරීමට මනාලයා එක් රැයක් මනාලියගේ නිවසෙහි ගත කල යුතුයි.  පසුව ඇය කැන්දාගෙන යන දිනය එනකන් ආපහු යයි.  මනාලිය කැන්දාගෙන යාමේදී ඇය ඉදිරියෙන් ගමන් කල යුතු අතර මනාලයා ඇයගේ පිටුපසින් ගමන් කල යුතුයි. එයිනුත් දින කිහිපයකට පස්සේ මනාලයාගේ ගෙදර පවත්වනු ලබන උත්සවයකදී මනාලයා මනාලිය ඇදි වස්ත්‍රෙයන් එක් කොනක් ගෙන ද මනාලිය අනික් කොන ගෙන සිටිද්දී දෙදෙනා තෙමෙන්නට වතුර වැක්කිරීම එහි ප්‍රධාන අංගයකි.  මේ විදියට වතුර ඉසීමෙන් අදහස් කරන්නේ දෙදෙනාගේ සමගිය තහවුරු කිරීමකි.  මේ ආකාරයන්ට වඩා වෙනස් විවාහ දෙකකි දීග විවාහය හා බින්න යනු තවත් විවාහ ක්‍රම දෙකකි.  තරුණියක් පාවා දීම දීග විවාහය වන අතර මනාලයා මනාලියගේ නිවසෙහි පදිංචියට පැමිණීම බින්න විවාහයයි. 

කෙන්යාවේ නම් තත්වය මීට වඩා වෙනස්.  එතැනදී වෙන්නේ තරුණයා මනාලියගේ පියාට හරක් අට දෙනෙකුත් එළුවන් දස දෙනෙකුත් එරට නිෂ්පාදනය කරන බීර බැරල් විස්සකුත් දායාදය වශයෙන් දිය යුතුයි. 
බෝර්නියෝවෙහි ඇති විවාහ අමුතුම මගක් ගනු ලබනවා කියලයි ආරංචිය.  තමන් කැමති තරුණියගේ පියාගේ කුඹුරක තරුණයා මහන්සියෙන් නොමිලයේම වැඩ කරනු ලබනවා.  මේ ගැන තරුණියගේ පියා විරුද්ධ වන්නේ නැත්නම් තරුණයා තමන් විසින් වගා කර ලබා ගන්නා ආහාර ඇගේ නිවසට ගෙන ගොස් අනෙක් සියල්ලන්ම බලාගෙන සිටිද්දී ඇය සමග බෙදාගෙන භුක්ති විදිනවා.  තරුණියට වැරදිලාවත් නිවුන් සොයුරියක් සිටින්නේ නම් තරුණයා විසින් මොවුන් දෙදෙනාම විවාහ කරගනු ලබනවා.  (දැන් අපේ කට්ටිය හිතනවා ඇති බොර්නියාවේ ඉපදුනා නම් කියලා)

ඉතාලි දණ්ඩ නීති මාලාවේ තියෙනවාලු යම් කාන්තාවක් කෙනෙකු විසින් පැහැරගෙන ගොස් විළිබිය නැති කරයිනම් ඒ පුද්ගලයා වරදකරු වන අතර ම ඒකී පුද්ගලයා විසින් එම කාන්තාව විවාහ කරගන්නවා නම් ඒ විවාහයෙන් පසුව ඔහු සිදුකල වරද අහෝසි වන බව.

ඔය ප්‍රංශ රටෙත් පිටිසරට වෙන්න තියෙන විවාහ සිරිත් විරිත් නගරයට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා.  එහිදී තමන් කැමති තරුණියගේ නිවසට ගොස් ඇය විවාහ කරගන්නට තමන් කැමති බව තරුණයා විසින් පළ කල යුතුයි.  පසුව ඔහුට රාත්‍රි භෝජනයට ආරාධනා කරනු ලබනවා.  මෙසේ ආරාධනයක් ලැබෙන තුරු තරුණයා ඉවසිල්ලෙන් බලා සිටිය යුතුයි.  මේ සංග්‍රහයේදී සුප් පුරවන ලද විශාල බදුනකට චීස් කෑලි කිහිපයක් දමා ඔහු ඉදිරියේ තැබුවා නම් තරුණියගේත් ඇගේ දෙමාපියන්ගේත් හිත දිනා ගැනීමට තරුණයා සමත්ව ඇති බව පැවසෙනවා.  බැරිවෙලාවත් චීස් කැබලි ඒ සුප් බදුනේ තිබුනේ නැත්නම් තරුණයා ඉතා උවමනාවෙන් කෑම මේසයට වාඩි වෙන්නට පෙර කුස්සියේ එල්ලලා තියෙන තමන්ගේ කෝට් සාක්කුව බලනවා.  එසේ කරනු ලබන්නේ එහි ඔට් නම් ධාන්‍ය වර්ගය දමා තියෙනවාද කියලයි.  එයින් අදහස් වන්නේ ඔහුට තරුණිය පාවා දීමට දෙමාපියන් අකමැති බවයි.

ස්ත්‍රීන් අඩු පීජෝ නගරයේ පිරිමින්ගේ සංඛ්‍යාව විශාලයි.  ඒ නිසා එය පිරිමි උදවියගේ රජදහනක් වෙලා.  නමුත් එහිදී පිරිමින් මුහුණපාන ප්‍රධාන ගැටළුව තමයි තමන්ට කැමති කාන්තාවක් සොයා ගැනීමට අසීරු වීම.  කාන්තාවන් බිරින්දන් වීමට උනන්දු කරවීම සදහාම පීජෝ නගරයේ පිරිමි හැම අවුරුද්දකම විවාහ උත්සව පවත්වනවා.  මෙහිදී පවත්වන සමහර ක්‍රීඩා මාරාන්තික ඒවායි. 

යම් තරුණියකගේ ආදරය පතන තරුණයෙක් දූපතේ උත්සවයට පැමිණීමට ආරාධනා ලැබූ තරුණියකට තමන් සමගින් නැටීමට ආරාධනා කරනු ලබනවා.  මේ නැටුමෙන් පස්සේ තරුණයා තරුණියට හාදුවක් දෙන්න උත්සාහ ගන්නවා.  මෙහිදී තරුණිය ඊට ඉඩ දී ඇති තරම් ඇයගේ තොල් පෙති ඉරීමට ඉඩ දෙනවා නම් එය විවාහයට කැමැත්ත ප්‍රකාශ කිරීමක්ලු.

තවත් ඔය නැගෙනහිර අප්‍රිකාවේ තරුණයෙක්ට තරුණියක් අවශ්‍ය වුනාම ඔහු ලස්සන කුරුල්ලන් පනහක් අල්ලා ගත යුතුයි.  එයින් පස්සේ කුරුල්ලන් ගේ පා වල නූල් ගැටගහලා ඒවායේ කෙළවර කුඩා කොකු සවිකර ඒවා විශාල තොප්පියක අමුනනවා. පස්සේ මේ තොප්පිය පැළදගත් තරුණයා ගම මැද්දේ ගමන් කරමින් කුරුල්ලන් බිය ගන්වා පලවා හරිනු ලබනවා.  කුරුල්ලෝ තොප්පියත් උස්සාගෙන පියාසර කරනවා.  කුරුල්ලන් රැගෙන යනු ලබන මේ තොප්පිය විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මොන යම් හරි තරුණියක් සිටින නිවසක් උඩින් යනවා නම් එහි වාසය කරන තරුණිය කැමති වුවත් නැතත් අර තරුණයා එක්ක විවාහ ගිවිස ගත යුතුලු. 

දැනුත් මේ සිරිත් විරිත් තියෙනවාද කියලා නම් සැකයි.  මොනවා වුනත් හොද වෙලාවට මේ කාලේ මේ පැත්තේ ඔයවාගේ දේවල් නොවෙන්නේ නේද?  එහෙම වුනානම් තරුණියකට තියා විවාහක කාන්තාවකටවත් ඉන්න හම්බවෙන එකක් නැහැ. 

Wednesday, February 6, 2013

කොහොමද රැවුල වැවුවොත්


 
 
හැම දෙනාටම සුබ නව වසරක් වේවා!!!! මොකද දන්නවද කාලෙකට පස්සේ අදනේ මම මේ පැත්තට ආවේ.  ඇහැරුනේ පරක්කු වෙලා.

කාලෙකින් ආව නිසා මට හිතුනා රැවුලෙන්ම පටන් ගත්තොත් හොදයි කියලා.  ඒකයි 2013 අවුරුද්දේ මුල්ම ලිපිය රැවුල ගැන ලියන්නේ. 

රැවුලට ආදරේ කරන අය වගේම අකමැති අයත් බොහෝම ඉන්නවානේ.  මම වැටෙන්නේ ඒ අකමැති අයගේ ගනයට.  හේතුව තමයි මට රැවුලක් නොමැති කම සහ වැවීමට ඇති නොහැකියාව.  පුළුවන්කමක් තිබුණා නම් නිකමට හරි ඒ ගැන හිතන්න තිබුනා.  ඔහොම කියනකොට අනවශ්‍ය කතන්දර එහෙම එපා. 

එක විදියකට බලනකොට රැවුල කපන කොට පුංචි අනතුරු දායක බවක් තියෙනවා.  නොසැලකිල්ලෙන් එහෙම නැත්නම් කලබලේට රැවුල කපන්න ගියොත් ඉතින් මුහුණත් කපාගෙන තමයි නතර වෙන්න වෙන්නේ.  නමුත් එහෙම කියලා නොකපාම ඉදලා වැවුනහමත් අනතරුදායකයි.  ඔස්ට්‍රියානු ජාතික හැන්ස්  ස්ටීයන්නින්ග් නම් පුද්ගලයාගේ රැවුල අඩි 8යි අගල් 19ක් වුනාලු.  අවාසනාව කියන්නේ මේ පුද්ගලයා පඩිපලෙක් බසිමින් සිටිද්දී තමන්ගේම රැවුල පෑගීම නිසා අකාලයේ මරණයට පත්වෙලා.  ඉතින් භයානකයි නේද?

නිකමට හිතලා බලමු අවුරුදු 15 – 16 වෙනකොට රැවුල කපන්න පටන්ගන්නා කෙනෙක් අඩි 28ක් විතර කපලා දානවා කියලයි සදහන් වෙන්නේ.  පැයවලින් ගත්තොත් 3350ක් තරම් කාලයක් ගතවෙනවාලු.  ඒ කියන්නේ දින නම් 140ක් විතර.  ඒත් දැන්නම් ඒතරම් කාලයක් ගත නොවේවි.  නවීන උපකරණ බොහෝමයක් තියෙන නිසා.

එක්තරා අවස්ථාවක තෝමස් කුවිබල් නම් කවියා කියලා තියෙනවා රැවුල කපන්න තමන් වැය කරපු කාලය හරියටම වෙනත් වැඩකට යෙදෙව්වා නම් භාෂාවන් 7ක් විතර ඉගෙන ගන්න තිබුනා කියලා.  වෙන්නත් ඇති නේද?

ඇතැම් පුද්ගලයින්ට නම් රැවුල කියන්නේ ආඩම්බරයක් වගේම ආභරණයක්.  ඒ ඉතින් තම තමන්ගේ ආකල්ප තමයි.  කාන්තාවනුත් එහෙමයිනේ නේද?  පුජකවරු නම් ඇතැම් අවස්ථාවලදී රැවුල වැවීම හෙළා දැකපු අවස්ථා තිබිලා තියෙනවා.  1700න් පසු කිසිම පාප් කෙනෙක් රැවුල වවා නැතිලු.  (වැරදි නම් නිවැරිදි කරන්න) 

ඉන්දියාවේ වගේම තුර්කියෙත් පැරැන්නෝ රැවුල වැව්වේ නම්බුකාර කම පෙන්වීම සදහායි.  මෙය ලංකාවටත් අදාලයි හොදේ.  එය සම්මත සිරිතක් වුනා.  මේ විදියට බලන කොට රැවුලටත් බොහෝම ප්‍රිය උපදවන ඉතිහාසයක් තියෙනවා.  ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් නම් පුද්ගලයා ග්‍රීසියට ආවේනික සිරිතක් උල්ලංඝනය කරමින් රැවුල කපා දැම්මා.  ඉස්සර කාලේ රෝමවරු රැවුල කැපීමට කැමැත්තක් දක්වලා තියෙනවා.  රැවුල වැවූ පලමු පාලකවරයා ලෙස සදහන් වෙන්නේ හැඩ්රියන්.  නමුත් ඔහු එසේ කිරිමට බලපැ හේතුවක් තිබුනා.  ඔහුගේ මුහුණ පුරා තිබුණ යුධ කැලලි වසා ගැනීමට රැවුල වැවූ බවයි සදහන් වෙන්නේ.

මහම්මත් තුමාගේ උප්පත්තියට පෙර පර්සියාවේ රජවරු තෙල් ගාලා පීරලා රැවුල විචිත්‍ර ආකාරයෙන් සරසන්නට පුරුදු වෙලා තිබුණා.  හරියටම කිවුවොත් අද කාලයේ කොණ්ඩා සැරසිලි වගේලු.

ඉස්සරකාලේ රජ කෙනෙක් රැවුල වවන කොට ඔහුව අනුගමනය කරන්නට අනෙක් අයත් පෙළඹුනා.  රුසියාවේ පීටර්  ද ග්‍රේට් නම් ප්‍රසිද්ධියට පත් වූ රජ රැවුලට බද්දක් අය කරමින් තමන්ගේ භාණ්ඩාගාරය තරකර ගැනීම සදහා නීති පනවා තිබුනාලු.  මේ නීතිය උල්ලංගනය කල අය අල්ලා හමත් සමගම රැවුල බූ ගා දැමුවේ දඩුවමක් ලෙසයි.  මේ දඩුවම් වලින් මිදීමට ඇතැම් පුද්ගලයින් රට හැර ගියා.  රැවුල නොමැති නම් දිව්‍ය ලෝකයට යන්නට නොහැකි බව විශ්වාස කල අය ඉවත් කරපු රැවුල සුරක්ෂිත ආකාරයෙන් පෙට්ටියක දමා තබන්නට නියෝග කර තිබුනා. 

ලින්කන්ට රැවුල වවන්නට යයි ඉල්ලා සිටියේ කුඩා දැරියක් බවත් සදහන් වෙනවා.  ඒත් වැඩිපුර තරහා යන නොනලා ඉන්න  නිවෙස්වල නම් රැවුල නොවවා ඉන්න තරමට ඇගට ගුණයි මගේ හිතේ.  ගිහින් එන්නම්!!!!!