ඩොට් ඇන්ඩ් කැරී ඉතිරි කොටස

ඇය මට මෙතෙක් කියා දී ඇති කතාවලින් මතක් කළ හැක්කේ ඒවා කුඩා දරුවකුගේ හදවත උලුප්පන සුඵ, අහිංසක ගැහැණියකගේ ආත්මයක් තුලින් කියැවුනු ඒවා ලෙසටය.  ඇය මට නගරයේ සිද්ධීන් කියා දුන්නාය.  ගවමඩුවෙන් පැන ගොස් උදෑසක එක්තරා මෝලක් ඉදිරිපිටට වී එහි ලී වලින් සාදා ඇති හුලං බදන යන්ත්‍රය ක්‍රියා කරන හැටි බලන එළදෙනෙක් ගැන හෝ දේවස්ථානයේ සීනු කුලුණයට තිබී හමු වූ කිකිළි බිජුව ගැන (මෙහි බිජු ලෑමට ගියේ කොයි විදියේ කිකිළියක් දැයි කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැක) හෝ තද වැස්සට අසු වී වේලීම සදහා අව්වේ දමා තිබියදී මගියකු විසින් සොරා ගෙන යන ලද සිය ස්වාමියාගේ යට කලිසම ගැන, එසේත් නැතිනම් ලීග දහසක් දිවගොස් ආපසු ලබාගන්නා ලද බල්ලෙකු ගැන හෝ කතා ඈ මට කියා දුන්නාය.  ඈ මට මේ සරල කතා කියා දුන්නේ කොයි ආකාරයෙන්ද යත් ඒවා මගේ මනසේ අමතක කළ නොහැකි ආකාරයේ රූ සටහන්  මවා පෑය.

උත්කෘෂ්ට වූත් අත්භූත ජනක වූත් කාව්‍ය සංකල්පනා ඇති කලේය.  සැදෑ යාමයන්හි මගේ මව් මට කියාදුන් සමහර කවීන්ගේ අව්‍යාජ නිර්මාණයන් මේ ගැමි ගැහැණියගේ ප්‍රබන්ධ තරම් රසයක් සුවදක් හෝ ගැම්මක් මා තුළ ඇති නොකලේය.

එක් අගහරුවාදා දිනක, මුඵ උදය කාලයම මහඵ ඩොට් ඇන්ඩි කැරී ගේ කතා වලට සවන් දී සිටි මට අපේ මෙහෙකරුවා සමග අසල තිබෙන කැළයට ගොස් පලතුරු ඇහිදගෙන ආවායින්  පසු හවස්වරුවේ ද ගොස් ඇය හමුව්‍මට සිතක් උපන්නේය.  ඊයේ සිදුවූ දෙයක් මෙන් මට ඒ සියල්ල හොදින් මතකය.  මා අපේ රෙදි කාමරයේ දොර අරින විට අපේ ඇදුම් මහන්නිය ඇගේ පුටුව අසල බිම වැතිර සිටියාය.  ඇගේ මුහුණ පොළව දෙසට හැරී තිබුණු අතර දෑත් විහිදී තිබිණ.  එක් අතක ඉදිකටුවක් හා අනෙක් අතේ මගේ කමිසයක් විය.  නිල් මේස් පැළද සිටි ඇගේ එක් කකුලක් මා සිතන විදියට ඇගේ දිගු කකුල පුටුව යටට වී තිබුණි.  ඇගේ ඇස් කණ්නාඩි ඈතට විසිවී ගොස් බිත්තිය අසල දිලිසුනි.

දරුණු ලෙස යටිගිරියෙන් කෑ ගසමින් මම දිව ගියෙමි.  මිනිස්සු ඉහළ මාලයට දිව ආහ.  මිනිත්තු කිහිපයකට පසු මහඵ ඩොට් ඇන්ඩ් කැරී මියගොස් ඇති බව මට දැනගන්නට ලැබුනි.

මගේ ළමා සිතට කොතරම් සංවේගදායි බියජනක හැගීමක් ඇති වූවාදැයි කිව නොහැක.  මම පහළ මාලයට බැස ඇදුම් අදින කාමරයේ ඇදිරි මුල්ලක වූ කවිච්චියක් තුලට කිදා බැස එහි දනින් වැටී හඩන්නට පටන් ගතිමි.  මෙසේ මා එහි බොහෝ වේලාවක් සිටින්නට ඇත.  මන්ද, ඉන්පසු එතැනට කලුවර දැනුනි.  හදිසියේ පහනක් කාමරය තුලට ගෙන එන ලදී.  එහෙත් කාමරය තුලට පිවිසිවුන් මා එහි සිටිනවා දුටුවේ නැත.   මගේ පියාත් මවත් වෛද්‍යවරයාට කතා කරනවා ඔවුන්ගේ කටහඩ වල් තුලින් හදුනා ගතිමි.  ඔහු කැදවාගෙන ඒම සදහා මගේ මව්පියන් කිසිවෙකු යවන්නට ඇති.  අනතුර පිළිබදව ඔහු විස්තර කරමින් සිටියේය.  ඊට වඩා වැඩි යමක් මට නොතේරුණි.  ඉන්පසු වාඩිගත් ඔහු විස්කෝතුවක් හා වයින් වීදුරුවක් පිලිගත්තේය.

ඔහු දිගටම කතාකරගෙන ගියේය.  ඔහු කී දෙය මා මියයනතුරුත් මා හදවතේ සටහන් වී ඇත.  කතාවේදී ඔහු යොදා ගත් වැකි ඒ ආකාරයෙන්ම නැවත ඉදිරිපත් කළ හැකැයි මම විශ්වාස කරමි.  “දුප්පත් ගෑණි.........ඔහු කීවා.  ඈ තමා මෙහි මගේ මුල්ම ලෙඩා.  මා මෙහි පැමිණි මුල් දිනයේද ඈ ඇගේ කකුල කඩා ගත්තා.  රථයෙන් බැස මට මගේ අත් දෙක සෝදාගැනීමටත් ඉඩ ලැබුනේ නැහැ.  මාව නොපමාව කැදවාගෙන යෑමට ඔහු එනවිට මන්ද, එය එතරම් බරපතල ඇබැද්දියක් නිසා.........එතරම් බරපතලයි.  ඇය එවකට අවුරුදු දාහතක් වයසැති රූමත් කෙල්ලක්.  ඉතාමත්ම රූමත්.  ඇත්ත වශයෙන්ම රූමත් කෙල්ලක්.  එය විශ්වාස කල නොහැකියි නේද?  මා මෙය කිසිවෙකුටත් කියා නැහැ.  මාත් මේ දිස්ත්‍රික්කය තුල නොසිටින කෙනෙකුත් හැරෙන්නට වෙනත් කිසිවෙකු මෙය දැන සිටියේත් නැහැ.  දැන් ඇය මිය ගොස් ඇති නිසා එය සගවා තබන්නට අවශ්‍යතාවයක්ද නැහැ.

ඒ දිනවල නගරයට තරුණ උප ගුරුවරයෙක් පැමිණ සිටියා.  ඔහු රූමත් තරුණයෙක්.  රූපයේ හැටියට සාජන් මේජර්වරයෙකු වගෙයි.  කෙල්ලන් සියල්ලලෝම මේ තරුණ ගුරුවරයා පිටුපස වැටිලයි හිටියේ.  ඒත් ඔහු ඔවුන් දෙස බැලුවේ අවඥා සහගතවයි.  ඇරත් නිතරම ඇදේ වැරදි පැත්තෙන් බිමට බසින කාලේ ශ්‍රාබු නමැති මුල් ගුරුවරයාට බියෙනුයි ඔහු හිටියේ.

ඒ වනවිටත් මහඵ ශ්‍රාබු දැන් ඔබේ ගෙදර මියගොස් සිටින ඇදුම් මහන්නිය ලස්සන හෝඊටන්ස් මෙනවිය සිය ඇදුම් අලුත් වැඩියා කරවා ගැනීමේ කාර්යයේ යොදාලයි සිටියේ.  අනතුරින් පසුවයි ඇයට ඩොට් ඇන්ඩ් කැරී යන විහිඵ නාමය දී තිබෙන්නේ.  තරුණ උප ගුරුවරයා මේ ලස්සන කෙල්ල දැකීමෙන් සතුටට පත්වුණා.  ගැහැණුන් පරිභවයට ලක් කරන්නා විසින් ඇය ලෙහෙසියෙන්ම චාටු කරගනු ලැබුවා.  ඈ ඔහුට ආලය කලා. ඔවුන්ගේ මුල් හමුවීම ඇගේ මැහුම් වැඩවලින් පසු එක් රාත්‍රියක පාසැල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ දී සිදුකිරීමට කටයුතු යොදා ගත්තා.

ඈ එදා ගෙදර යන ආකාරයක් පෙන්වා පහළ මාලයට බැස්සා.  ශ්‍රාබූන්ගේ නිවස හැර යනවා වෙනුවට හිනි පෙළ දිගේ ඉහළට ගොස් සිය පෙම්වතා එනතුරු ඉහළ මාලයේ ඇති පිදුරු බිස්සක සැගවී ගත්තා.  ඔහුද ඉක්මනින් ඇය වෙත පැමිණියා.  ඔහු කොතරම් ඇයට ආදරේදැයි පැවසීමට උත්සාහ ගන්නවාත් සමගම ඉහළ මාලයේ දොර ඇරගෙන මුල් ගුරුතාමා පෙනී සිටියා.

“සිගිස්බර්ට් ඔබ මෙහි මක්කරනවාද?  තරුණ ගුරුවරයාට හිතුනා තමා හසු වූ බව.  බුද්ධියේ කෙළවර දක්වාම හිත යෙදවූ ඔහු “ශ්‍රාබු මහත්මයාණෙනි............මා මෙහි පැමිණියේ මේ පිදුරුවල වැතිරී මදක් ගිමන් හරින්න ........ යයි මෝඩ ලෙස පිළිතුරු දුන්නා.  

මේ ඉහළ මාලය පිහිටා තිබුණේ ඉතා උස් තැනක.  එය විශාලය.  එමෙන්ම තද අදුරකින් වැසී තිබුණා.  සිගස්බර්ට් මේ අවස්ථාවේ තරුණිය හැකිතාක් ඇතුලට තල්ලු කරමින් “පස්සට වෙන්න...හැංගෙන්න. මගේ රක්ෂාව නැතිවේවි.  ඔබට ඇහෙනවද????? ඔබට හැංගෙන්න බැරිද???? යන්න මිමිණුවා.

මේ මිමිනිල්ල ඇසුණු මුල් ගුරුවරයා. “එහෙනම් ඔබ මෙහි ඉන්නේ තනියම නොවේ.....යයි කීවා.

“ඇත්ත වශයෙන්ම ශ්‍රාබු මහත්මයා මා තනිවමයි ඉන්නේ.
“ඇත්තටම ඔබ තනිවම නොවෙයි.  ඔබ කාටදෝ කතා කරනවා.  
“මම දිවුරනවා. මං ඉන්නේ තනවමයි කියා ශ්‍රාබු මහත්තයා.
“හොදයි මා ඉක්මනින් සොයා ගන්නම්...... කියා ඔහු දොර වසා යතුර දමා ඉටි පන්දමක් ගෙන ඒමට ගියා.

මෙවැනි අවස්ථාවලදී බොහෝ විට සිදුවෙනාකාරටය තරුණයාද බිය සුල්ලකු වූවා.  සිහිමද ගතියෙන් මෙන් තද වියරුවකින් “ඔහුට සොයා ගැනීමට බැරිවෙන ආකාරයට සැංගියන්.  නැත්නම් මගේ ජීවිතයේ ඉතිරි කාලයේ බඩගින්නේ  ඉන්නට සිදුවෙයි.  නුඹ මගේ අනාගතය විනාශ කර දමාවි.  මා කියන්නේ හැංගියන් යනුවෙන් කියා කෑ ගැසුවාය.

නැවත දොරේ යතුර කැකැවෙනවා ඔවුන්ට ඇසුනා.  ඒ විශාල කාමරයේ වීථිය දෙසට මුහුණලා තිබූ දොර දෙසට හෝර්ටන්ස් දිව ගියා.  ඉක්මනින් එම දොර ඇරී ඇය පහත්, එහෙත් ස්ථිර ස්වරයෙන් මෙසේ කීවා.
“ඔහු ගියායින් පසු ඇවිත් මාව ඇහිද ගන්න......ඇය පැන්නා.

මහලු ශ්‍රාබූට කිසිවෙකු දකින්නට ලැබුනේ නැහැ.  ඔහු පහල මාලයට බැස ගියේ විශ්මයට පත්වෙමින්.  මීට පැය කාලකට පසු සිගිස්බර්ට් මගේ ගෙදරට පැමිණ මේ විස්තරය කීවා.  දෙමහල් ගොඩනැගිල්ලක ඉහලම තට්ටුවේ සිට පැන ඇති හෙයින් නැගිට ගත නොහැකිව තරුණිය බිත්තිය අසල වැටී සිටියා.  මා ඔහු සමග ඇය සිටි තැනට ගියා.  ඔහු දරුණු ලෙස ඇඩුවා.  ඒ අවාසනාවන්ත කෙල්ල මගේ ගෙදරට ඔසවාගෙන ගියා.  ඇගේ දකුණු කකුල තුන් පොළකින් කැඩී වැඩුනු ඇට මස් පසාරු කරගෙන ගොස් තිබුනා.  ඈ කෑගැසුවේ නැහැ.  වේදනාව වීර්යයෙන් යටපත් කරගෙන සිටියා.  ඈ කීවේ“  මට දඩුවම් ලැබුණා.  හොදටම දඩුවම් ලැබුණා.  යන්න පමණයි.

මා ඇගේ දෙමාපියන්ට පණිවිඩයක් යවා ගෙන්වා ගත්තා.  පාරේ ගිය රථයක් මගේ ගේ දොරකඩදී මේ තරුණිය යටකරගෙන ගොස් ඇය අබල දුබල කර ඇති බව මා  ඔවුන්ට කීවා.  කතාව පිළිගත්තා.  පුරා මාසයක් පොලීසිය ඒ රියදුරා සෙවීමේ ප්‍රථිපල විරහිත කාර්යයේ යෙදී සිටියා.
අන්න ඒ නිසයි මා කියන්නේ මේ ගැහැනිය සිය උතුම් ක්‍රියාවන් තුලින් ඉතිහාසයට එක් වුනු ස්ත්‍රීන්ගේ නාමාවලියට ඇතුලත් කල යුතු වීර කාන්තාවක්ය කියා.

ඒ තමා ඇගේ එකම ආදර සිද්ධිය.  ඇය කන්‍යාවක් ලෙස මිය ගියා.  ඈ විශ්වාසයේ සංකේතයක්.  උදාරතේමයක් ඇති තැනැත්තියක්.  අති උත්තම කාන්තාවක්.  ඔබට දැන් සිතාගත හැකියි යම් යම් හේතූන් මත ඇය ජීවත්ව සිටින තාක් කිසිවෙකුටත් නොකී මේ කතාව මේ අවස්ථාවේ ඔබට කියන්නේ ඈ කෙරෙහි ඇති මගේ දැඩි භක්තිය නිසායි.

වෛද්‍යවරයා නිහඩ විය.  අම්මා ඇඩුවාය.  පියා තේරුම් ගත නොහැකි කිසිවක් කීවා.  ඉන්පසු ඔවුහු කාමරයෙන් පිටව ගියහ.

ඉහල මාලයේ සිදුවන බරට අඩි තැබීම් හා පඩි පෙල දිගේ කෙරෙන පුදුම සහගත ශබ්දයන්ට කන්දෙමින් මම තවදුරටත් දණගසාගෙන ඇඩුවෙමි.  ඩොට් ඇන්ඩ් කැරී ගේ සිරුර ඒ වනවිටත් ඔවුහු ගෙයින් පිටතට ගෙන යමින් සිටියහ.  


(ගී ද මෝපසාංගේ ඩොට් ඇන්ඩ් කැරී නමැති කෙටි කතාවේ සිංහල අනුවාදයයි)