Friday, June 14, 2013

අපූරු දෙවොලක්.......



නිහැඩියාවකින් පස්සේ පරණ පොතක තිබුණ ලිපියක් දැකලා එහි තිබුන විස්තර සටහන් කරන්නට හිතුනා.  බලන්න මේ ගැන ඔබත් අහලා තියෙනවාද කියලා.

ඉන්දියාවේ රාජස්තාන්හි බිකනාර් කියන නගරයෙන් සැතපුම් 16ක් විතර ඈතට වෙන්න දෙවොලක් පිහිටා තිබුණා.  (තිබුනා කිවුවේ දැන් තියෙනවාද යන්න නොදන්නා නිසයි)ග  ඒ දෙවොලේ පූජාවස්තුවක් විදියට මීයන්ට සලකනවා කිවුවොත් පුදුම හිතෙනවාද? මේ දේවාලයේ ඉතාමත් පරිස්සමෙන් උන් ආරක්ෂා කිරීමට නීතියකුත් පනවා තිබුනාලු.  ඒ කාලයේ උන්ගේ කෑම බීම සදහා පමණක් රු. 20,000ක පමණ මුදලක් වැය කල බවයි සදහන් වෙලා තිබුනේ.

මේ දේවාලයට වන්දනාවේ එන බැතිමතුන් මෙහි ගැවසෙන මීයන්ට කිසිදු කරදරයක් හිරිහැරයක් නොවන්නට වග බලාගත්තාලු.  එක විදියකින් එය දේවාලයේ තියෙන නීතියක් නිසා.  ඇගේ මීයෙක් යන එකත් සුබ ලකුනක් විදියටවි මේ දේවාලයට වන්දනාවේ එන මිනිසුන් හිතාගෙන ඉදලා තියෙන්නේ.  බැරිවෙලාවත් කෙනෙක් මීයෙක් මැරුවොත් එහෙම ඒ වෙලාවෙම එයට නිසි දඩුවම් ලැබෙන බවටයි මෙහි වැසියන්ගේ විශ්වාසය.

කාලයකට පෙර බික්නාරිහි රජ පවුලක් හිටපු බවත් ඒ රජ පරම්පරාවේ කර්නි දේවි නම් කුමරිය ආගමට ලැදි කාන්තාවක් විදියටත් සදහන් වෙනවා.  මර්වාර්හි දීප කුමරු සමග මේ කුමරිය විවාහ වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 27 දීයි.  නමුත් ඒ විවාහය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ.  ඒ නිසා එම කුමරිය තමන්ගේ බාල නැගණිය  විවාහ කරගන්න යැයි තමන්ගේ ස්වාමියාගෙන් ඉල්ලා සිටියලු.   පසුව මේ කුමරු ඇගේ කීමට එකග වෙලා ඇයගේ නැගණිය විවාහ කරගෙන බොහෝම සතුටින් ජීවත් වුනා කියලයි කියන්නේ.

මේ කර්න දේවි කුමරිය ඇයගේ අවසන් කාලයේදී ආරාමයක් හදාගෙන ආගමට බොහෝම ලැදියාවෙන් කටයුතු කල අතරම දුගී මගියන්ට අසරණයන්ට පිහිට වුනා.  ඇය මිය ගිය දිනයේ ඇගේ මල සිරුරින් නිකුත්වුනාය කියන ගිනි දැල්වලින් ඇගේ ශරීරය පිළිස්සි ගිය බවක් සදහන් වෙනවා.  එදා ඉදන් ඒ ප්‍රදේශයේ වැසියන් ඇය ශාක්ති කියන දෙවියන්ගේ අවතාරයක් ලෙසින් විශ්වාස කරන්නට පටන් ගත්තා.

ඉන් වසර ගණනාවක් ඉකුත් වුනාට පස්සේ බික්නාර්හි රජ කල එක්තරා රජ කෙනෙකුට දෙව් කුමරියක් සිහිනෙන් පෙනී කියා සිටියේ දෙවොලක් තනා එහි මීයන් ඉතා ආරක්ෂා සහිතව ඇති කරන ලෙසයි.  ඉන් පස්සේ ඒ රජු දෙමහල් ගොඩනැගිල්ලක් සාදවා එහි මැද ඇති කුටියක  කුඩා කුටියක් හදලා එහි මුදුන රනින් සෑදූ කුඩයකින් අලංකාර කලාලු.

ඉන් පස්සේ දෙවොල ගංගායිං මහාරාජ්‍ය විසින් කිරිගරුඩින් අලංකාර ලෙස කැටයම් කරලා හදවලා තියෙනවා.  පසුව දිනපතාම එම දෙවොලට එන බැතිමතුන් කර්ති දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලා පුද පූජා පවත්වනවා.  ඉතින් මීයන්ගේ පාරාදීසයක් වෙලා තියෙන්නේ මේ දෙවොලයි.