බොහෝම කාලෙකට කලින් ත්‍රිවාස්ත්‍රි කියලා දෙවිකෙනෙක්
ලෝකය මැවුවයි කියලා තමයි සංස්කෘත කතාවක සදහන් වෙන්නේ. මුලින්ම ඔහු මැවුවේ පණ නැති වස්තුලු. ඒවා අතර සූර්යයා, චන්ද්‍රයා, තාරකා, කදු පංති,
වනාන්තර ආදිය ඇතුලත් වෙනවා. මිනිසාව
මැවුවේ මේ හැමදේම මවලා ඉවර වෙලා තමයි.
එකෙත් හැටි ඉස්සර වෙලාම මවලා තියෙන්නේ
පිරිමියාවලු. එක තැනක සදහන් වෙනවා
පිරිමියාට තනිකමක් දැනෙනවා කියපු නිසා කාන්තාව මැවුලා කියලත්. කොහොම වුනත් කාන්තාව
මවන කොට මේ දේවල් ආධාර කරගත්තා.
·
හදේ වටකුරු හැඩය,
උරගයන්ගේ ඒ
මේ අතට නැවෙන්නට ඇති හැකියාව,
වැල් වර්ග
වල එතීමේ ගතියත්,
තණ පත්‍රවල
ඇති සියුම් ගුණයත්,
මල් පෙත්තක
ඇති සිනිදු බව,
බට දන්ඩක
ඇති සිහින්කම,
කොළ වල ඇති
පැහැපත් බව,
මුවන්ගේ
තියුණු නෙතග බැල්ම,
හිරු රැස්වල
ඇති කාන්තිය,
පිණි බිදුවල
ඇති සිසිලස,
සුළගේ
සසල බව
හාවාගේ
අහිංසක ගුණය
මොණරාගේ
උඩගුකම
පිහාටුවල
මෘදු ගුණය
දියමන්තියේ
දැඩි බව
පැණි
වල රසය
දිවියාගේ
රුදුරු ගුණය
ගින්නෙහි
ඇති උණුසුම
හිම
වල දැඩි ශීත ගුණය
වාචාලයන්ගේ
දොඩමළු ගතිය
කොබෙයියන්ගේ
කූකූ රාවය.
ඔන්න ඉතිං කෙනෙකුට හිතලා බලන්න පුළුවන් තමන්ගේ
හාමිනේට හෝ හාමිනේ වෙන්න ඉන්න කෙනාට මේවයින් කීයක් විතර පිහිටලා තියෙනවද
කියලා.
මේ විදියට මවපු ගැහැණිය පුරුෂයාට බාර
දුන්නාලු. ඉතින් කාන්තාවගේ ඇසුර පිරිමියාට
හරිම සතුටක් ගෙනාවා. කාලයක් මේ විදියට
සතුටින් හිටපු පුරුෂයා එක දවසක් ඇයව මැවූ දෙවියා වෙත ගිහින් “දෙවියනි ඔබ විසින්
මවා මට භාර දෙන ලද ඒ සුන්දර වස්තුව මගේ ජීවිතය කාලකන්නි කරනවා. එයා නිතරම කියවනවා. මටත් උසුළු විසුළු කරනවා. දැන් මගේ ඉවසීමේ සීමාවත් පැනලා. මම නිතරම හුදකලා වෙලා ඉන්න උත්සාහ කලත් ඇය ඒකට
ඉඩක් දෙන්නෙම නැහැ. නොයෙකුත් නිෂ්පල දේ
කියමින් කෑ ගසමින් හැම වෙලාවෙම මට කරදර කරනවා.
මගේ ඇගේ එල්ලීගෙනම ඉන්නවා. මේ
විදියට කාලය ගෙවන්න මට නම් තවත් බැහැ. ඒ
නිසා ඔබම ඇයව ආපසු බාරගන්න......
පුරුෂයා මේ විදියට බැගෑපත් වෙලා කිවුවම ත්‍රිවාස්ත්‍රි
දෙවියන් ඇය නැවතත් බාර ගත්තා. නමුත්
හරියටම ගතවුනේ සතියයි. යළිත් පුරුෂයා
ඇවිත් “අනේ දෙවියනේ, මා මේ දින කිහිපය ගත කලේ පුදුම තරමේ පාලුවකිනුයි. එයා මගෙත් එක්ක සෙල්ලම් කරපු විදිය, කතා කරපු
විදිය, නිතරම මට මතක් වෙනවා.
ඉර බැහැලා ගියාම ඇති වෙන අදුරත්, ඉන් ඇතිවෙන
කනස්සල්ලත් එයාගේ මිහිරි කතාවෙන් හා සැලසිලි වදනින් පහකර මාව සතුටට පත් කලා මට
මතක් වෙනවා. මේ හැම දේම මතක් වෙනකොට මම
කොහොම ඉවසගෙන ඉන්නද?
ඉතින් ඔන්න දෙවියා නැවතත් ගැහැණිය මිනිසාටම බාර
දුන්නා.
ගැහැණිය එක්කගෙන ගිය පුරුෂයා මාසයක් ගතවෙනවාත්
එක්කම නැවතත් දෙවියා ගාවට ආවා.
“අනේ දෙවියනේ, මේ ගැහැණියව තේරුම් ගන්නට නම් මට
කොහොමටත් බැහැ. ඇත්තටම ඇය මාව සතුටට පත්
කරනවා. නමුත් ඊටත් වඩා මාව දුකට පත්
කරනවා. අනේ දෙයියනේ ආපහු ඈව ඔබ වහන්සේම
බාර ගන්න. කියා සිටියා.
ඒ වෙලාවෙදි දෙවියන්ට හොදටම තරහා ගියා.
“වහාම ගෙදර පලයන්!!!!තට ගැහැණිය නැවත් බැහැ
ඇතුවත් බැහැ. යි කියමින් නොපෙනී ගියා.
එදා ඉදලා මිනිහා ගැහැනිය භාර දීමට කෙනෙකු නොමැති
නිසා මේ අද දක්වාම ඈ එක්ක අකමැත්තෙන් වුවත් ජීවත් වෙනවා.
(මිනිහාට හොදම වැඩේ නේද??????)
වලකට වැටුනු මිනිහෙකුට ගැහැණියක් ලැබුණොත් ඌ ගොඩ එනු නියතය.
ReplyDeleteගොඩ ඉන්නා මිනිහෙකුට ගැහැණියක් ලැබුණොත් ඌ වලට වැටෙනු නියතය.
දයියා
ReplyDeleteඅදහස කාගේ වුනත් ටිකක් විතර ඇත්ත තමයි.
දුක තමා :D
ReplyDelete