Thursday, October 18, 2012

මගේ හද කතරක්

දෙමාපිය සෙනෙහසේ
සීත පිණි බිදු රැදුනු
ඔබේ හද සියපතට
මගේ සෙනෙහසේ වැහිබිදු
බර වැඩියි - අගුණයි.

පිපි කුසුම් සුවද විද
සකුණ ගී මියැසි මැද
සිහින් දොල පාරක්ව
නිසසලේ එකතුවුනු
සාගරය ගැඹුරුයි,

තුරුලතා සනසමින්
වසන්තය පුබුදමින්
මද පවන සේ ඇවිත්
සිහිල සදනට බැදුනු
මගේ හද කතරක්.

No comments:

Post a Comment

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!