Saturday, September 17, 2011

අනගාරික ධර්මපාල තුමා
















       

 දම්පල්        හිමි              සමිද
ඔබ දෙසු දහම්  මන           නද
පැතිරුනි ලක                 නිබද
පිබිදුනා ඉන් සිහල බොදු   හද

ගෙරි මස් නොකව් සිහලුනි සිත නැතිව                   දයා
රහ මෙර නොබොව් පරදෙස්නට ගැතිවු                 නියා
පිබිදෙව් සිංහලුනි බේරා ගනිව්                                ගයා
දහම් සේවයට ඔබ රට වටම                                   ගියා

නොරටින් එන හැම දෙයක්ම පිළිගෙන ගයතී               උදාන
මත් පෙත්තක සුර පුර දැක වැනසෙන මේ තරුණ           රෑණ
මුදවා බොදු හඩ නගමින් යළි මේ රට                    බබලවන්න
දම්පල් හිමියනි නැවතත් මේ සිරිලක              ජනිත       වන්න

6 comments:

  1. අද මෙහෙ තිබ්බ බුද්ධගයාව බේරගත්ත අනගාරික ධර්මපාලතුමා ඇතුලු පිරිසව සිහිකරලා බුද්ධගයා මහ පෙරහරක්.ගොඩක් ලස්සනයි.හැමසැරේම සැප්තැම්බර් 17 වෙනිදා එතුමාගේ උපන්දිනේ වෙනුවෙන් මේ පෙරහැර අනුරාධපුර නගරය පුරා පැවැත්වෙනව.

    ReplyDelete
  2. අනගාරික ධර්මපාල තුමා අනුව ගියපු කෙනෙක් මම් ටීවි එකෙන් දැක්කා. සමාජයට හොදක් කරපු හොද මිනිස්සු.

    ReplyDelete
  3. නදී...

    අනගාරික ධර්මපාල තුමා සිහිකරලා පවත්වන පෙරහැරට ඉස්සර මමත් සහභාගී වෙලා තියෙනවා.

    ReplyDelete
  4. මධු....

    ඔය කියන කෙනාව මමත් දැක්කා. එයා ධර්මපාල තුමාගේ ඥාති වෙන කෙනෙක්ලු.

    ReplyDelete
  5. ඔය කියන්නෙ අනගාරික ධර්මසේකර ගැන වෙන්න ඕනේ?

    ReplyDelete
  6. අනගාරික ධර්මසේකර වෙන්න ඕනේ. මෙතුමා 1971 කැරැල්ලේදී ජවිපෙ ප්‍රබල නායකයෙක්ව සිටි කෙනෙක්.

    ඒ වගේමයි වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබලයෙක් විදිහට සිටි අයෙක්. වර්තමානයේ කොස් ගස මූලික කරගත් දේශීය ආර්ථිකයක් ගොඩනගනන් මෙතුමා වෙහෙසෙනවා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!