බිරිදට දරුවනට සෙනෙහස බෙදනවිට
අප දෙදෙනාට ඉඩ නැත නුඹ සෙනෙහසට
නිදුකින් හිදිමි ලද නිවහන පියස කොට
නුඹ පොඩි පුතුය මතු භවයෙත් හැදු අපට
දිව සැප දිව භොජුන් නුඹ වෙත නොදුන්නට
අත පය සවිය නැතිවද දිවි ගෙවන්නට
සිහිනෙන් දකිමි නුඹ කල සෙල්ලම් කවට
ආසයි පොඩි උන්ගෙ පොඩි දග දකින්නට
උගතකු කළා පින්බර පුතු මදිවාද
පෙරකළ විදි දුක් ගැහැට අමතක වීද
මව්පිය සෙනෙහසෙහි අඩුවක් දැනුනාද
අප දෙදෙනා බලන්නට එන්නේ කවදාද
දෙමවුපියන්ට සලකන්නේ නැති මහලු මඩම් වලට දාන එවුන්ට හරියන්නම එපා !!!!
ReplyDeleteඅපි එහෙම හිතුවට එයාලගේ දෙමවුපියෝ ඒ දරුවන්ට අහිතක් හිතන්නේ නෑනේ. තව තවත් හරියන්නමයි කියලා කියන්නේ. අන්න එහෙමයි දෙමවුපියන්ගේ ආදරේ.
ලස්සන කවි සිතුවිල්ලක් අක්කේ.