එක් එක් අය මිනිසුන්ට බොහෝ දේවල් කියනවා. සමහර දේ සතුටට වගේම හිතේ දුක දැනුනමත් අනෙක් අයට කියනවා. ආදරයට කියනවා. අනාදරයට කියනවා. මේ කියන හැම දේම කියන්නේ ගොඩාක් හේතු ඇතිව. මොන හේතුවක් උඩ කාරණාවක් අනෙක් කෙනෙකුට කීවත් සමහර දේ අහේතුවට හිටින වාර අනන්තයි.
එක් අවස්ථාවක මගේ හිතට වදදෙන ඉතාමත් වැදගත් කතාවක් මගේ ලගින්ම ආශ්‍රය කරන මිතුරියකට කිව්වා. අනේ ඉතින් එයා මගේ හිතේ දුක අඩුවෙන්න බොහෝ දේවල් කියලා මාව සනසවන්න උත්සාහ කලා. ඇත්තටම ඇය මගේ හිතේ අමාරුව අහලා දුක් වුන හැටියට මටත් ඇය ගැන විශාල දුකක් ඇතිවුනා.
ඉතිං ටික දවසකට පස්සේ මට මේ සිද්ධිය අමතක වෙලා ගියා. ඉන් පස්සේ බලාපොරොත්තු නොවුන මොහොතක මට හිසේ අමාරුවක් හැදුනා. ඒකට හේතුව වුනේ ටික දවසකට කලින් මම හිතේ අමාරුවට කියපු කතාව මගේ මිතුරිය හැමෝටම කියලා තිබුන නිසා. අඩුවකට තිබුනේ ඒ සිද්ධිය පත්තරේ පල නොවුන එක විතරයි.
මට මතක් වෙන්නේම ඇන්ටන් චෙකොප් කියන රුසියානු කෙටිකතා කරුවා එයා ලියාපු වැලපීම නැමැති කෙටිකතාවේ “අශ්ව කරත්ත කාරයා තමන්ගේ හිතේ අමාරුව කියා සැනසුමක් ලැබුවේ තමන්ගේ අශ්වයාටයි. අපට ඉතිං අශ්වයෙක් තියා බූරුවෙක් වත් ඉන්න එකක්යෑ. ගෙදර ඔන්න බල්ලෙක් නම් ඉන්නවා.
මම හිතාගත්තා මීට පස්සේ හිතේ අමාරුවක් හැදුනම මනුස්සයෙකුට නොකියා සතෙකුට කියන එක හොදයි කියලා. ගමේ ඉන්න හරකෙකුට එහෙමත් නැත්නම් අහල පහලින් යන එන බල්ලෙකුට කියන්න. මොකද හේතුව ඔහේ කියන දෙයක් අහන් ඉදලා වල්ගේ වනනවා මිසක් හිතේ අමාරු ඔළුවේ අමාරු කරන්නේ නැති නිසා.
ඔය සමහරු තමන්ගේ හිතේ දුක පූසන්ට ගිරවුන්ට එහෙමත් කියන්නේ. එතකොට පොඩ්ඩක් හරි හිත සැහැල්ලු වෙනවැති මොකද සත්ටුන්ට කතා කරන්න බෑනේ.
ReplyDeleteප.ලි. - අක්කා මේ පෝස්ට් එක සෙන්ටර් එලයින් (Center Align) කලාද ? ඒක තමා මුළු ඡේද ඔක්කොම මැද්දට වගේ ඇවිත් තියෙන්නේ. :)
මම අපේ පවුලේ එකම ළමයා අක්කේ,ඒනිසා මම තනියමමයි හැදුනේ,මට ඒ කාලේ ප්‍රශ්නයක් එහෙම ආපුවහම මම කරන්න මටම තනියම කතාකරන එක..( දැන් කියලත් වෙනසක් නැහැ :D ), එහෙම කරන්නත් නියම තැනක් අපේ ගෙදර තිබ්බ..ඒ තමයි කොන්ක්‍රීට් එක ( ඒ කාලේ ගෙදර හදලා තිබ්බෙත් නැහැ ..)
ReplyDeleteහවසට කවුරුත් උඩට එන්නෙත් නැහැ,මම විතරයි ඉන්නේ..මම මටම තනියම කතා කර කර ඉන්නවා...මට නම ඒකෙන් ලොකු සහනයක් ලැබුනා..
මගේ නං ලොකුම යාළුවා මම, හිතේ අමාරු මං කියන්නෙ එයාට විතරයි
ReplyDeleteඅර වගේ යාළුවො නම් අපෙත් එකෙක් ඉන්නවා. කාටවත් කියන්න එපා කිව්වොත් හැමෝටම කියනවා. මමත් හිතාගෙන ඉන්නේ මොනවා වුනත් ඒ වගේ උන්ට නම් කියන්නෙ නෑ කියල.
ReplyDeleteමධු...
ReplyDeleteපෝස්ට් එක එතරම් දිග නොවෙන හින්දා සෙන්ටර් කලා.
chammA
ReplyDeleteහරියටම හරි. මමත් මගේ පවුලේ එකම ළමයා. ඒ දවස්වල අහල පහල ළමයි එක්ක සෙල්ලම් කරනවා තියා කතාකරන්නත් මට අවසර නැහැ. මම ගියෙත් ගමේ ස්කෝලෙට නෙමයි. ඒ නිසා වැඩිය දන්න කියන අය ලගක හිටියෙත් නැහැ. ඉතිං මමත් හැදුනේ ඔය විදියට තමයි. ඉද හිටලා ගොං කං කරනවා. හොදම යාලුවා කියලා එකෙක් දෙන්නෙක් විස්වාස කරලා මොනවා හරි කිව්වම පෝස්ට් එකේ තියෙන දේ තමයි වෙන්නේ. ඉතිං තනියම හිතලා හිත හදාගන්න එක හරිම හොදයිනෙ නේද?
හරී....
ReplyDeleteඇත්තමයි තමන් හිසට තම අතමය සෙවනැල්ල.. කියන්නේ කට කහනවටයෑ නේද?
kasun
ReplyDeleteඑහෙම කෙනෙකුට කියනවට වඩා හොදයි ඒක පත්තරේ වාටියේ වගේ දාන එක. මොකද ඔය දෙකෙන්ම වෙන්නේ එකම දේනෙ නේද?
අක්කා පෝස්ට් එක දිග නොවුනට කමක් නෑ. දිග පෝස්ට් එකක් දැම්මම උඩින් පල්ලෙන් Scroll කරන් යන එකෙක් පෝස්ට් එක දිග වැඩියි කියලා කියවන්නේ නෑ.
ReplyDeleteඒ නිසා කොච්චර දිග පෝස්ට් එකක් උනත් පොඩි එකක් වගේ වෙන්න හදන්න පුලුවන් නම් හොදයි.
අකුරු සයිස් එක පොඩි නම් කරන්න එපා අක්කේ. මම ඉතින් වය්සක එකා නේ. :)
ම්ධු...
ReplyDeleteඔයා කියලා දෙන හැමදේම අගේ කරනවා. මමත් ගොඩක් දේ තාම ඉගෙනගනිමින් ඉන්නේ. ඒ නිසා මේ දේවල් ගොඩක් වටිනවා.
අද තමයි මේ පැත්තට ගොඩ වැදුනේ
ReplyDeleteතමන්ගේ හිතේ තියෙන දේවල් තව කාට හරි කියන්නේ එයාව ගොඩක් විශ්වාස කරලනේ. ඒ විශ්වාසේ බිදවැටුනාම නම් හිතට ගොඩක් දුකයි තමයි.
හිතට දරන්න බැරි දෙයක් දැනුනම කොලේක පිලිවෙලට ලියන එක තමයි මගේ තියරිය නම්.ඒකෙන් හිතට ගොඩක් සහනයක් මට දැනෙනවා ...........:)
ජය වේවා......!!!!!!!!!!!!!
සුදු මැණිකේ....
ReplyDeleteකොලේක ලියුවත්, හිතේ තියෙන දේ තමන්ම කියාගත්තත් හොදම දේ තමයි කාවවත් විශ්වාස කරලා නොකියන එක. ස්තුතියි ඔයාට