ඔන්න ඊයේ හවස මගේ පොඩි කෙල්ල දුවගෙන ඇවිත් කිවුවා අපේ නිවසට ටිකක් එහායින් වත්තක කපපු ටිකක් ලොකු වලකට නයෙකුයි පොළගෙකුයි වැටිලා කියලා. සෙනග සූ ගාලා එනවලු ඒක බලන්න. දෙන්නම තඩි සයිස්ලු.
සමහරු නයාට බිත්තර දානවලු. පොළගව කුලප්පු කරනවාලු. කියන විදියට නම් දේ දෙන්නා වළට වැටිලා තියෙන්නේ අර පරණ නයි පොළොං වෛරය පිරිමහන්න ගිහින්ද කොහෙද? ඉතිං පස්සේ සත්තු වත්තෙන් ඇවිත් මේ දෙන්නව කුදලගෙන ගිහින් තියෙනවා.
මට ඉතිං නිකන් ඉන්න ගමන් හිතුනා නයි නටවන එක ගැන පුංචි පුංචි දේවල් ටිකක් ලියන්න. අකමැත්තක් නැත්නම් කියවලාම බලන්නකෝ. ඔයාලගේ අදහසුත් එකතු කලාට වරදක් නැහැ.
නයි නැටවීමේ කලාව එහෙමත් නැත්නම් ශාස්ත්‍රය ආරම්භ වෙලා දැනට ශත වර්ෂ ගණනාවක් ගත වෙලා උනාට මුලින් තිබුණාට වඩා වෙනස් වෙලා තියෙන්නේ ඉතාම සුළු වශවෙන් බවයි කියවෙන්නේ. එදා පටන්ම අද දක්වාත් ඔවුන්ගේ ඇදුම් පැළදුම් වල කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. නයි නැටවීමට වාදනය කරන නලාවත් ඒ විදියටම තියෙනවා. අනෙක් කාරණය නයි දාන පෙට්ටියත් ඒ ආකාරයෙන්මයි.
මේ නයි නැටවීම කලාවක් වශයෙන් මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ භාරතයේලු. අදත් නයි නැටවීම පුහුණු කිරීම පරම්පරාවෙන් පරම්පරාවට එන ශිල්පයක් ලෙස දැක්වෙනවා. මේ නයි නටවන්නන්ගේ නිවෙස් වල බැලූ බැලූ තැන්වල දක්නට ලැබෙන්නේ නාගයන්. “මාදාරිස් යන නමින් හදුන්වන නයි නටවන්නෝ ගුජරාටි ප්‍රාන්තයේත්, රාජස්ථාන්හිත් දක්නට ලැබෙන සුපුරුදු දර්ශනයක්. ගුජරාටිවල “ධනාස්කන්තා නමින් හදුන්වනු ලබන ප්‍රදේශයේ හැම ගෙදරකම නයි නටවන්නෝ සිටිනවා. මේ ප්‍රදේශය නයි නටවන්නන්ගේ වාසභූමිය වී ඇත්තේ මීට වසර සිය ගණනකට පෙර සිටයි.
තමන්ගේ පරම්පරාවේ අය පාසැල් යැවීම චාරිත්‍ර කඩකිරීමක් ලෙස සලකන මාදාරිස්වරු පිරිමි දරුවන්ට වයස අවුරුදු 5 පිරුණු විට නයි ඇල්ලීම, දත් ගැලවීම, තොණ්ඩු සකස් කිරීම, හා නලාවක් සකස් කිරීම, වගේ දේවල් පුහුණු කරනවා. වයසින් වැඩෙන කොට වනයේ තනිව ඇවිදිමින් නයි සෙවීමට යොදවනවා. තනිව නයි ඇල්ලීමට කොතරම් පුහුණු වුවත් අවුරුදු 14ක් සම්පූර්ණ වෙනකන් එසේ කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. තනිවම නාගයෙක් අල්ලාගෙන වනයෙන් පිටට එන දරුවෙක් වෙනුවෙන් මුළු ගමම එක්වී උත්සවයක් සංවිධානය කරනවා.
“බන්සුරි නැතහොත් බීන් යන නමින් හදුන්වන නයි නටවන නලාව වියලි ලබු ගෙඩි වලින් තමයි හදන්නේ. අනෙක් කාරණාව තමයි මිහිරි නලා සාදන්නට වැඩි පුර දස්කම් දක්වන්නේ කාන්තාවන්ලු. (ඒකෙත් තැන ඔන්න අපට ඈ...)
පිරිමි නයි නැටවීම සදහා නගරය කරා එනවිට කාන්තාවෝ නිවසට වී බන්සුරි සාදමින් හෝ නාගයින් තැබීමට බට පොතු වලින් කූඩා වියමින් සිටිනවා.
නයි නැටවීම කරන අයගේ අදහසේ හැටියට එකෙකුට එකෙක් නොදෙවෙනි විෂ ගතියෙන් යුතු නයි වර්ග 52ක් විතර ඇති බව සදහන් වෙනවා. “ෂ මවුන්ට් අබූ නම් ගුජරාටි ප්‍රාන්තයේ ඇති වනාන්තරයේ මේ කියන වර්ග 52ම වෙසෙන බව කියනවා.
නාගයින්ගේ විෂ කොතරම් දරුණු වුනත් ඔවුන්ගේ එක් දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි බන්සුරි නලා හඩට ඇති ගිජු බව. අනෙක් කරුණ නම් මන්ත්‍රවල තියෙන වචනවල බලයටත් මේ නාගයින් දමනය වෙනවාලු. වනයේ තියෙන නොයෙකුත් කොළ පොතු එකතුවීමෙන් හදන ඖෂධ වර්ග හා මන්ත්‍රවලින් ඕනෑම දරුණු නයෙක් දෂ්ට කලත් විෂ නතර කරන්නට දක්ෂ අය නයි නටවන්නන් අතර සිටිනවා.
මේ මොන තරම් දස්කම් තිබුනත් වැඩිපුරම නයි නටවන්නෝ මිය යන්නේත් නයි විසෙන්මයි. ඒ වුනාට ඔවුන් නයින්ට පීඩා කිරීමක් කරන්නේ නැහැ. මියගිය පුද්ගලයා පෙර සිට පතා ආ දෙයක් ලෙස ඔවුන් ඒ කාරණය සලකනවා. නයි ශුද්ධ වූ වස්තුවක් විදියට සලකා නාග දේවතා පූජා පැවැත්වීමේ සිරිතක්ද ඔවුන් අතර පවතිනවා.
අල්ලා ගන්නා නයා මාස 3කට වඩා තමන් ලග තබා නොගන්නා නයි නටවන්නා නාගයා අල්ලා ගත් ස්ථානයට ගොස් නැවතත් නිදහස් කරනවා. තමන් ලග තබාගත් කාලය ඇතුලත දී ඉරිගු, පිරි, කිරි, බිත්තර, පමණක් නොවෙයි මස් මාංශ පවා ආහාරයට නයින්ට දෙනු ලබනවා. අපිට බඩගින්නේ ඉන්න පුළුවන්. ඒත් නයෙක් බඩගින්නේ තියන්න අපි සූදානම් නැහැ. ඒ මොවුන් කාගේත් පාහේ කටින් නිතර පිටවන වචනයක්.
නාග දේවතාවෙක් මිය ගිය විට කොවිලට ගොස් ස්ත්‍රෝත්‍ර කියමින් උත්සව සහිතව මිහිදන් කිරීමද සිරිතක් වෙලා තියෙනවා. නයි අල්ලන මේ ගම්වල මිනිස්සු තමන්ගේ පැරණි චාරිත්‍රවලම එල්බගෙන සමාදානයෙන් ජීවත් වුනත් තරුණ පරම්පරාව ඒ සිරිත් විරිත් වලින් මිදෙන බව ඇතැම් අවස්ථාවලදී පෙනෙන්නට තියෙනවා.
ඒ නයි නැටවීම කෙසේ වෙතත් අපේ අතර ඉන්න සමහර උදවියත් අපට නයා අරිනවා ඒක කවුරු කවුරුත් දන්නවා ඇතිනේ. ඒ නිසා කල්පනාවෙන්. නයා අරින අයට වඩා නයි නටවන්නෝ හොදයි කියලා හිතෙන්නේ එතකොට තමයි.
වටින විස්තර ටිකක්.....අපේ රටෙත් ඉන්නවනේ හොද නයි නටවන්නෝ...නයා අරිනකොට මෙහෙන් නටවල ඉවරයි....හික් හික් ....
ReplyDeleteඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඒක නම් ඇත්ත. මෙහේ තරම් නයි නටවන අය ඉන්දියාවෙත් නැතුව ඇති. නයා අරින අයත් එහෙට වඩා මෙහේ දක්ෂයි.
නයි ගැන කියෙව්වම මටත් පුංචි පුංචි දේවල් ටිකක් මතක් උනා. මම් පොඩි කාලේ අහලා තියෙනවා නයින්ට සද්දයක් ඇහෙන්නේ බිම දිගේ එන ඒවා විතරයි කියලා.
ReplyDeleteතව දෙයක් තමා නාග මානික්‍යය !!!
ඒක තියෙන්නේ කලාතුරකින් එක නය්ක්ට විතරයි ලු. ඒ මානික්‍යය තියෙන නාගයා රෑට කෑම හොයා ගන්නේ ඒ මැණිකේ එලියෙන් ලූ. එතකොට එක පාරටම ගොම ගොඩක් මැණික උඩට හලන්න ඕනා.
එහෙම හැලුවම මැණික ගොම වලින් වැහෙනවා.නාගයාට ගොම ගොඩෙන් මැණික හොයා ගන්න බෑ. මැණික නැති උනා කියලා දැන ගත්තම නයා පෙනේ පොලවේ ගහගෙනම මැරෙනවා !!!
ඊට පස්සේ මැණික අරගෙන යන්න තියෙන්නේ.
එහෙම මැණිකක් ගන්න පුලුවන් උනොත් ක්‍රමේ කිව්ව එකට මටත් ගානක් ඕනා.
@මධූ
ReplyDeleteඒත් නයා පවුනේ. මම නම් පෙනේ නොපෙනේ වගේ බලාගෙන ඉන්නවා. ඒත් මලේ මම තිරිවානා ගලකට රැවටුනොත් තමා වැඩේ