සුරාව, මත්පැන්, ඔය විධියට හදුන්වන නොයෙකුත් නම් ඇති මත් වතුර මුලින්ම ලෝකයේ ඇතිවුනේ කෙසේද කියලා හොයන්න හිතුනා. මේ ගැන විග්‍රහ කෙරෙන ලස්සන කතාවක් ජාතක පොතේ ( කුම්භ ජාතකය) සදහන් වෙලා තියෙනවා. මේ කතාව බුදුන් වහන්සේ විශාඛා මහා උපාසිකාවට දේශනා කලා කියලා සදහන් වෙනවා.
එක් දිනෙක කසී රට හිටපු සුර නම් වැද්දෙක් හිමාලය වනයට ගියා. මේ වනයේ ඇවිදින වැද්දාට කරු තුනක් බෙදී වැවුණ ඉතා විශාල ගසක් දකින්නට ලැබුනා. මේ කරු තුන මැද්දෙහි ගසේ කද හෑරිලා හැදුන විශාල බෙනයක් තිබුනා. වැසි ජලය පිරිලා තිබුණ මේ බෙනයට ඒ අසලින් වැඩී තිබුන අරලු , නෙල්ලි ගස් හා මිරිස් වැල් ආදියේ ඇට වැටුනා. ඒවගේම කිට්ටුවෙන් තිබුණ ඇල් වී යායෙන් කරල් කපාගෙන ආ ගිරවුන් ඒවා එම විශාල ගසේ අතුවල හිදගෙන කන විට ඇල් වී ඇටත් ගසේ බෙනයට වැටුණා. ඉතින් අරළු, නෙල්ලි, මිරිස්, හා වී ඇට මිශ්‍ර මේ බෙනයේ ජලය දිනපතා හිරු රැස් වැටීමෙන් පැසෙන්නට වුනා.
ග්‍රීස්ම කාලයේදී පිපාසයෙන් ජලය සොයා යන ගිරව්, සැලළිහිණි, වලි කුකුලු ආදී පක්ෂීහු ගසේ වූ මෙම බෙනයට ඇවිත් දිය බොන්න පුරුදු වුනා. එසේ දිය බිව් සැනෙකින් ඔව්නු ක්ලාන්ත වූවාක් මෙන් මත් වූ ඔවුහු ගස මුලට ඇද වැටෙනවා. උන් ඉන් පිටත්ව යන්නේ මත් ගතිය හිසෙන් සම්පූර්ණයෙන්ම පහව ගියාට පස්සෙයි.
මේ සියල්ල බලා සිටි සුර නැමති වැද්දා ගසේ වූ බෙනයේ ඇත්තේ වස වර්ගයක් නොවන බව දැනගත්තා. වස වර්ගයක් නම් ඒවා බොන පක්ෂීන් හා වෙනත් සතුන් මැරී වැටිය යුතුයි. නමුත් මත්වී වැටී සිටි ඔවුන් නැවත ඉන් පිටත්ව ගිය නිසා ඒ මත් දියරයක් වෙන්නට පුළුවන් කියලා වැද්දාට හිතුනා.
වනයේ ගසේ ඇති මේ දියරය මුලින්ම දුටුවේ සුර නම් වැද්දා නිසා එම දියරයට සුරා යනුවෙන් නම් තැබුවා.
ඔවුන් ගෙනා සුරා එරට රජුත් පානය කලා. සුරා පානය කල හැම අවස්ථාවකම ඉන් මත් වූ රජු අධික ප්‍රීතියට පත් ව හිමාලයට නිතර යාමට දුර වැඩි නිසා සුරාව සිය රාජධානියෙහිම නිපදවීමට කටයුතු යෙදුවා. මෙසේ රාජ්‍යය පුරා පැතිරී සුරාව වැසියන් විසින් පානය කොට මත්ව ප්‍රීතිවීම හේතුවෙන් දිනපතා වැඩ කටයුතු ඔවුන්ගෙන් අතපසු වූ නිසා නොබෝ කලකින්ම ඒ රාජ්‍යය ඉතාමත් දිළිදු තත්වයකට පත්වුනා.
පසුව සැවැත් නුවරට ගිය සුර වැද්දා හා වරුණ තාපසයා එහිද සුරාව තනන්නට වුනා. ඒ අවස්ථාවේ බළලුන් විසින් සුරාව බොන ලදුව මත්ව වැටී සිටිද්දී ඔවුන් වෙත ලගා වූ මීයන් බළලුන්ගේ අවයව කඩා කෑම හේතුවෙන් ඔවුන් මරණයට පත්වුනා. බළලුන් මිය ගිය නියම හේතුව නොදැන සුරාව බී බළලුන් මියගිය බව අසා දැනගත් රජු සුර වැද්දා හා වරුණ තාපසයා වස හදන අය යැයි සිතා ඔවුන්ගේ හිස් ගසා මරා දැමූවා. නමුත් සුරා බී මත්ව වැටී සිටින විට මීයන්ට අවයව කඩා කන්නට අසු නොවූ බළලුන් මත් ගතිය හිසෙන් පහව ගියාට පස්සේ යළිත් කලින් සිටියාක් මෙන් නැගිට ගිය බව ආරංචි වූ රජ තුමා ඒ මධුර පානයක් බැව් තීරණය කොට සුරා පානය කරන්නට වුනා.
මේ විදියට සුළු වශයෙන් ආරම්භ වුන සුරාව මහජනයාට මොනතරම් විපත් ළගා කලත් මුළු ලෝකය පුරාම එය නොයෙක් මාදිලියෙන් නොයෙක් වර්ග වලින් විවිධ නම් යොදාගෙන විවිධාකාර රසයන්ගෙන් යුක්තව නිෂ්පාදනය වන්නට පටන් ගත්තා. මේ වනවිට මගුලක්, මරණයක්, බණක්, පිරිතක්, දානයක් මෙකී නොකී ඕනෑම අවස්ථාවකට ඒ ඒ අවස්ථාවේ හැටියට නම් කරගෙන සුරාව ඉදිරියට විත් එබිකම් කරනවා. අද වෙනකොට කාන්තාවන් අතරත් සුරාව ජනප්‍රිය වෙලා.
ඒ උනාට අක්කා සුරාව කියන්නේ ඒ තරම්ම හොද දෙයක් නම් නෙමෙයි. ඔය සුරාව හන්දා ගොඩක් පවුල් දුක් විඳිනවා. ඒ වගේම කොච්චරනම් සල්ලියක් නාස්ති වෙනවා කියලද ?
ReplyDeleteමේ කතාවේ චුට්ටයි අහලා තිබ්බේ. ඒකත් අපේ පන්සලේ හාමුදු නමකගෙන්. සම්පූර්ණ කතාව අහගත්තේ අදමයි.
මධුරංග අයියා මුණු පොතේ දැම්ම ලින්ක් එක නිසයි මේ පැත්තට ගොඩවුනේ.. හොඳ ලිපියක්.. :D
ReplyDeleteඔන්න ඔහොමලු ඉතින් රටවල් පිටින් වැනසෙන ගිනි වතුරක් ආරම්භ වුනේ නේ?? :D
ම්ම්....මම නම් ඔය සුරාව සූදුවට අකමෑතිම කෙනෙක්. ඈත්තටම ඔය බොන මිනිස්සු හරිම මෝඩයි. බිව්වා කියල කිසිම වාසියක් ලෑබෙනවද? නෑ නෙ. මත් වතුර හෑදිච්ච හෑටි දෑනගත්තෙ අදනෙ. මොකක් උනත් ඒ ගෑන සතුටුයි
ReplyDeleteමධුරංග
ReplyDeleteසහතික ඇත්ත. ඒත් මතට තිත කෙසේ වෙතත් තිතට මත කියන අය කොතරම් නම් ඉන්නවාද?
Ice (අයේෂා කුලතුංග)
ReplyDeleteස්තුතියි මධුට... ඒවගේම ඔයාටත් මෙහෙම කමෙන්ට් කරන කොට අඩුපාඩු හදාගන්නත් ලියන කෙනාට ශක්තියක් විදියටත් ඒක ලොකු උදව්වක්.
හිම හංසි
ReplyDeleteබොන අය මෝඩයි කියන කතාව නම් සහතික ඇත්ත.