ඇතා කියලා කියන්නේ පුරාණයේ විසූ හිපපොටේමස්, රයිනෝසිරස්, මහිමාතංග යන සත්ව පරපුරට අයිති, පයේ ඇගිලි 5ක් හා ඌරු හොටක් මෙන් හොටක් ඇති සත්වයෙක්ගේ ක්‍රම විකාශයෙන් පහළවුන සත්වයෙක් කියලයි මානව විද්‍යාඥයෝ නිගමනය කලේ. අවුරුදු දස දහස් ගනනකට පෙර විසූ ඇතුන්ට තිබුනේ දිගු හොඩවැල වෙනුවට දික් වූ නාසයක් බවත්, මිනිස් අත් අඩංගුවට පත්වුනාට පස්සේ කලින් කරනු ලැබූ වැඩ වලට වඩා බර වැඩ කරන්නට සිදු වුන නිසා අවුරුදු දහස් ගණනක පරිණාමයෙන් පසු ඒ නාසය ක්‍රමයෙන් දික්වී දැන් තිබෙන හොඩවැලට පරිවර්තනය වූ බව ඔවුන්ගේ විශ්වාසයයි.
ලෝකයේ ඇතුන් වාසය කරන්නේ රටවල් කිහිපයක විතරයි. ඉන්දියාව, බුරුමය, මලයා අර්ධද්වීපය, ඉන්දු චීනය, ලංකාව, සුමාත්‍රාව හා අප්‍රිකාවේ සහරා කාන්තාරයට දකුණින් පිහිටි සැවනා ප්‍රදේශයේ වනාන්තරවලද ඇත්තු ජීවත් වෙනවා. ඇතුන් කුල වශයෙන් ගත්කල දහයක් බවයි පැරණි පොත පතේ සදහන් වෙන්නේ.
1. 1 කාලාවක
2. 2 ගංගෙය්‍ය
3. 3 පණ්ඩර
4. 4 තම්බ
5. 5 පිංගල
6. ගන්ධ
7. මංගල
8 හෙම
9 උපොසථ
10 ජච්චන්ත (මේ දහයේ අඩුපාඩු තියෙනවා නම් මා නිවැරිදි කරන්න)
මේ කුලවලින් අදහස් කරන්නේ එක් එක් ඇතාගේ ඇති ශක්ති ප්‍රමාණය බවයි සදහන් වෙන්නේ. ලංකාවේ ඇතුන් ඉන්දියාවේ ඇතුන්ට වඩා කීර්තිමත්ය. සුන්දරය යන රොබට් නොක්ස්ගේ කියුම ලෝකයේ ලස්සනම ඇතුන් සිටින්නේ ලංකාවේය යන කියුම සනාථ කරයි. දේශගුණය, පිහිටීම, ස්වභාවික හේතූන් විසින් ස්වරූපයෙන් ගතිගුණ වලින් එකිනෙකාට වෙනස් වෙති. අප්‍රිකාවේ මහා වනාන්තරවල වෙසෙන ඇතුන්ගේ හා ආසියාවේ වනාන්තරවල වෙසෙන ඇතුන් උස මහතින් මෙන්ම පෙනුම අතිනුත් වෙනස්කම් දක්වති. අප්‍රිකානු ඇතෙකුගේ සාමාන්‍ය උස අඩි 14ක් පමණ වුවත් අඩි 12 අගල් 8ක් පමණ වන ඇතුන්ද නැතුවා නොවේ. අප්‍රිකානු ඇතුන්ට වඩා ආසියාතික ඇතුන් ප්‍රමාණයෙන් කුඩාය. බරින් මෙන්ම උසින්ද අඩුය.
ආසියාවේ ඇතෙකුගේ සාමාන්‍ය උස අඩි 10ක් පමණ ද ඇතින්නකගේ උස අඩි 9ක් හෝ එයට වඩා මදක් හෝ උස් වෙයි. ආසියාවේ ඇතුන්ගේ දළ අප්‍රිකානු ඇතුන්ගේ දළ වලට වඩා කුඩාය. බරින් අඩුය. දළයක වැඩිම බර රාත්තල් 65ක් පමණ වෙයි.
ආසියාවේ ඇතෙකුගේ සාමාන්‍ය උස අඩි 10ක් පමණ ද ඇතින්නකගේ උස අඩි 9ක් හෝ එයට වඩා මදක් හෝ උස් වෙයි. ආසියාවේ ඇතුන්ගේ දළ අප්‍රිකානු ඇතුන්ගේ දළ වලට වඩා කුඩාය. බරින් අඩුය. දළයක වැඩිම බර රාත්තල් 65ක් පමණ වෙයි.
ඉන්දියාවේ මෙන්ම ලංකාවේද දළ ඇතුන් ඇත්තේ අතලොස්සකි. අප්‍රිකාවේ නම් ඇතින්නියන්ට දිග දළ ඇත. ඉන්දියාවේ ඇත් පරපුරෙන් අඩක් පමණම දළකාරයන්ය. ලංකාවේ ගණන එයට වඩා හාත්පසින්ම වෙනස් වෙති. ආසියාතික ඇතින්නියන්ට දළ නොමැතිමුත් අප්‍රිකාවේ ඇතින්නියන්ගේ දළ නම් ඇතුන්ගේ ප්‍රමාණයටම වැඩේ. ආසියානු රටවල ඇතුන්ගේ කන් පෙති කුඩාය. වටකුරුය. එසේ වුවත් හැඩහුරුකම අතින් එතරම් ප්‍රියමනාප බවක් නොදක්වන අප්‍රිකානු ඇතුන්ගේ කන්පෙති කුළුපොතු තරම් වෙයි. අප්‍රිකානු ඇතුන්ගේ කන් එතරම් විශාලවීමට හේතුව නම් ස්වභාව ධර්මයෙන් ලැබුණු පුදුම හාස්කමක් ලෙස සැලකිය හැකිය. කාන්තාර අසල උෂ්ණ ප්‍රදේශවල වාසය කරන උන්ගේ ලේ කැකෑරීමට ඉඩ නොදී සම තත්වයකින් තබා ගැනීමට අප්‍රිකානු ඇතුන්ගේ විශාල කන්පෙති උන්ට ආධාර උපකාර වෙති. ඔවුන් ඒවායින් සිරුරේ වැඩි කොටසකට නිතරම පවන් සලා ගනු ලබයි.
ඉන්දියාවේ හා ලංකාවේත් අප්‍රිකානු ඇතුනුත් අතර පැහැයෙන්ද අසමානකම් ඇත. අප්‍රිකාවේ ඇත්තු වියළි දුහුවිල්ල ඇග වැදීම නිසා දිලිසෙන අළුපැහැයෙන් යුතු වෙති. නමුත් වර්ෂා කාලයේදී ඔවුන්ගේ සම කලු පැහැයෙන් දිලිසෙයි. අනෙක් සෘතුවලදී කෘමී සතුන්ගෙන් ආරක්ෂා වීම සදහා ඔවුහු දූවිලි ඇග තවරා ගත් විට ඔවුන්ගේ පැහැය දුර සිට බලන්නෙකුට හදුනාගත හැක්කේ සුද හෝ ලා අළු පැහැය වශයෙනි. ඉන්දියානු ඇතුන් අප්‍රිකානු ඇතුන්මෙන් නොව රතට හුරු පැහැයක් ගනී. ඉන්දියානු ඇතුන් වඩාත්ම රතු පැහැයක් ගැනීමට හේතුව ඇග සිසිල් කර ගැනීම සදහා රතු පැහැති බොරලු පස් ඇග පුරා විසුරුවා ගැනීමයි. ඒ නිසාම ඔවුන් දුර සිට බලන්නෙකුට පෙනෙන්නේ රතු පැහැයට හුරු සමක් ඇතියවුන් ලෙසිනි.
මිනිසුන් ඇතුන් හීලෑ කරගැනීමට පටන් ගත්තේ මීට අවුරුදු දහස් ගණනකට පෙර සිටය. මුලින්ම ඇතුන් හීලෑ කරගන්නට ඇත්තේ යුධ කටයුතු සදහා යැයි සිතිය හැකිය. මේ සදහා මුලින්ම පුහුණු කරනු ලැබුවේ ඉන්දියාවේය. ඇතුන් හීලෑ කොට ඔවුන් නොයෙක් විධියේ වැඩ වලට යොදාගත් මුල් රටවල් අතර ඉන්දියාව සියම බුරුමය චීනය කැම්බෝඩියාව යන රටවල් මුල් තැනක් ගෙන ඇත. ක්‍රි.ව. 255දී රෝමන් වරුන් හා කාතේජියන්වරුන් අතර ටියුනිස් යුද්ධයේදී රෝමන්වරුන් සතුවූයේ කඩුව හා හෙල්ලය පමණකි. ඔවුන් ඇතුන් ගැන අසා හෝ දැක හෝ තිබුනේම නැත. කාතේජියන්වරුන් විසින් මෙහෙයවනු ලැබූ ඇත් සේනාවෙහි වූ ඇතුන්ගේ හිස හා පිට යකඩ තහඩු වලින්ද ආවරණය කරන ලදී. කන් හා දළද වර්ණාලේප කොට තිබුනි. ජීවිතයේ පළමුවරට ටියුනිස් යුද්ධයේදී ඇතුන් සටන් වදිනු දුටු රෝමන්වරු මර බියෙන් හිස් ලූ ලූ අත පලා ගිය නිසා කාතේජිවරුන් ඒ සටනේ ජය ලැබූහ. කාතේජියන්වරු යුධ පිණිස මේ ඇතුන් අල්ලා ගනු ලැබුයේ ටියුනීසියාවේ වනාන්තර වලිනි. පුරාණයේ ඊජිප්තුවේ සිට මොරොක්කෝව දක්වාද, කෙන්යාවේ සිට දකුණු ඇල්ජීරියාව දක්වාද වූ ප්‍රදේශයන්හි ඝන වනාන්තර ආශ්‍රිතව ජීවත් වුන බවට සලකනු ලබූවත් වර්තමානයේ නම් ඇතුන් ජීවත් වන්නේ එම ප්‍රදේශවලට උතුරෙන් වූ වනාන්තරවලයි.
ඉන්දියාවේ හා වෙනත් රටවල පමණක් ලොව ලංකාවේද මුලින්ම ඇතුන් ප්‍රයෝජනයට ගනු ලැබුවේ යුධ කටයුතු සදහා බව සිතන්නට ඉතිහාස කරුණු අපට අනුබල දෙනවා. පෙර අපේ රජදරුවන් ගේ යුධ සේනාවෙහි ඇත් අස් රිය පාබල යන සේනාංක පිළිබද නොඇසූවෙකු අප අතර නැති තරම්. යුද්ධය පිළිබදව මෙන්ම අතීතයේ ඇතුන් ප්‍රයෝජනයට ගනු ලැබුයේ මංගල සම්මත වාහනයක් ලෙසිනි. මේ පිළිබදව රජදරුවන් සතුව සිටි මගුල් ඇතුන් දෙස් දෙයි. රටේ රජු මියගිය පසු රජකමට සුදුස්සා තෝරා ගනු ලැබුයේද මගුලැතු විසිනි. රජ මියගිය පසු මගුල් ඇතු ස්වර්ණාභරණයෙන් සරසා මැති ඇමති ගනයා පිරිවරා රට පුරා සැරිසරයි. මගුලැතු වැදි යම් කෙනෙක් වේ නම් රටේ රජකම ලැබීමට සුදුස්සා ඔහුය.
ඉතිහාසයේ බෞද්ධ සාහිත්‍යෙය්, ගැමි ජනකතාවල හා ජන කවි වල මගුල් ඇතුන් ගැන ගෝමර ඇතුන් ගැන සද්දන්ත කුළයෙහි ඇතුන් ගැන සදහන් වන කොතෙකුත් කතා ඇත.
මතු සම්බන්ධයි....
මතු සම්බන්ධයි....
නොදන්න කරුනු ගොඩාක් පිරුනු දැනගන්න ඕන දේවල් ගොඩාක් තිබුනා මට නම්... ඉතිරි කොටසත් දාන්නකෝ....
ReplyDeleteජයවේවා
සමාවෙන්න ඕනෑ කතා දෙකක් මගෑරුනාට. මගේ රීඩර් එකේ අප්ඩේට් වෙලා නෑ වගේ.
ReplyDeleteඒක නෙමෙයි අක්කෝ. ඔයා අහලා තියේද හෙන්රි බේකර්ස් කියලා සුද්දෙක් ගැන ? ඔවු ඔවු අර බේකර්ස් ඇල්ලට නම වැටුනෙත් ඒ සුද්දා නිසා ලු නේ. ඒ සුද්දාලු හොයා ගත්තේ.
ඔය සුද්දා ඉස්සර විනෝදාංශයට කලේ අලි ඇත්තු මරණ එක. මේ විනෝදාංශයත් ජයරම කෙරීගෙන ගිහින් තියෙනවා. ඔය සුද්දගේ තුවක්කු බටේ ඉස්සරහට අහුවෙච්ච එක අලියෙක්වත් ඇතෙක්වත් බේරිලා නෑ කියනවා.
කාලයක් ගියාට පස්සේ බේකර්ස් මැරෙනවා. සමහරු නම් කියන්නේ ඇතෙක් ගහලා මලා ය කියලා. ඒක නම් එච්චර විස්වාස නෑ.
මේ සුද්දා මැරෙනකොට අලි ඇත්තු 1000ක් විතර නිකරුනේ මරා දාලා තිබුනා.
ඒ මනුස්සයා මේ කල අපරාදෙට මිනිහව වලලපු සොහොනට හෙනත් ගහනවා ලු. හැම අවුරුද්දකම සොහොන් කොතට හෙන ගහනවා ලු. !!
ගොඩක් වටින විස්තර ටිකක් අක්කේ. අක්කා ලියන දේවල් මාරම වටිනවා. මෙවුවා කොහෙන් හොයාගන්නවද කියලා දන්නේ නෑ. :)
ReplyDeleteඅලින්ට ලමයින්ට නලියන්ටමයි හිත....
ReplyDeleteනියම වැඩක් අයියා..
නොදන්න කරුණු ගොඩක් දැණගත්තා.ස්තූතියි.
ReplyDeleteඔන්න මමත් ආවා මේ පැත්තට....ඇත්තු ගැන මෙච්චර විස්තර මම අදමයි ඇහුවේ....බොහොම ස්තුතියි...ඔය අප්‍රිකානු රටවල ඉන්න ඇතුන් ට කියන්නේ මැමත් කියලා නේද?
ReplyDeleteහිතුමතේ...
ReplyDeleteස්තුතියි අදහස් වලට
මධුරංග...
ඔයා කියන්නේ අර පොළොන්නරුවෙදි මැරිලා වැටුනු කෙනා ගැනද දන්නේ නැහැ. අලි 1000ක කතාවක් මටත් මතකයි. ටිකක් මතක් කරලා බලන්න ඕන. ඒත් මේ සුද්දා ගැන නම් අහලා තියෙනවා. විස්තර හොයාගත්තොත් පෝස්ට් එකක් දාන්නම්කො
මේ විස්තර පරණ පොත්පත් වලින් තමයි. අනෙක්වා මගේ අම්මාගෙන් දැනගත් කරුණු. මම කිවුවානේ අම්මා ගුරුවරියක් කියලා.
Red Riding Hood
ReplyDeleteඔය කතාව ඉස්සර අපේ අම්මා මට නිතර කියනවා. මොකද මටත් එක විදියක ඉන්නවා කියන එක ඒ දවස්වල දන්නේම නැහැ.
නදී
ReplyDeleteතවත් අලි ඇතුන් ගැන කරුණු තියෙනවා. ඒත් ලියන්න වෙලාව හොයාගන්නත් ඕන. අනික දිග ලිපි ලියනකොට ටිකක් කම්මැලිත් හිතෙනවානේ. කියවන අයටත් එහෙම නැතෑ නේද?
සයුරි
ReplyDeleteඔව්. මෙහේ වගේ නෙමෙයි අප්‍රිකාවේ අලි ඇත්තු ගජරාමෙට දඩයම් කරනවා. දඩයක්කාරයෙකුගේ බිරිද පොතේ සමහර දේ බොහෝම අපූරුවට විස්තර කරලා තියෙනවා. ඒවා සත්‍ය අත්දැකීම්.
"කාළාවකඤ්ච ගඞ්ගෙය්යංට පණ්ඩරං තම්බපිඞ්ගලං ගන්ධ මඞ්ගල හෙමඤ්ච උපොසථඡද්දන්තිමෙදස" කියලයි ධර්මප්‍රදීපිකාව කියන්නේ.....
ReplyDelete