Thursday, November 3, 2011

කොහොමද කොල්ලා හැඩයිද?


 
 තමන්ගේ මහත්තයා ලස්සනයි කියනවාට කවුද අකමැති නේද? ඒත් වරක් හොලිවුඩ් නගරයේ එක්තරා ලේඛිකාවක් කිවුවේ, හොලිවුඩ් නගරයේ ඉන්න නළුවන් නළු කමට දක්ෂ වුනාට තමන්ගේ පවුල් සංස්ථාව නිසියාකාරයෙන් පවත්වාගෙන යන්නට අදක්ෂ බවයි.  තමන්ගේ ස්වාමියා ලස්සන වෙනවාට වඩා අවලස්සන වෙන එක හොද බව සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විවාහ කරගත් කාන්තාවක් වරක් පැවසුවා. 

ඇත්තටම මේ කියමන ගැන මොනවද හිතන්නේ? වෙලාවකට මට නම් හිතෙනවා කාරණාව ඇත්ත තමයි කියලා. කඩවසම් පිරිමි, නළුවන් වැනි අය එක්ක පවුල් සංස්ථාව ගෙන යන කාන්තාවන්ගෙන් ඇහුවොත් මේ කතාවේ ඇත්ත නැත්ත හොදින්ම වටහා ගන්න පුළුවන්.  ඇත්තටම ලස්සන කඩවසම් තරුණයෙකුගේ ආදරයෙන් කාන්තාවක් අමුතුම ලොවකට කැන්දාගෙන යන බව ඇත්ත.  ඒක අමුතුම ආකාරයේ සිහින ලොවක්නේ.  ඒත් බොහෝ වෙලාවට ඒක සිහිනයක්ම විතරයි.  ඊට වඩා සාමාන්‍ය පෙනුමැති කෙනෙක් එක්ක විවාහ වෙන එක බොහෝ දුරට ස්ථිර එකක් වනවාට කිසිදු විවාදයක් නැහැ.  මෙහෙම කිවුවම පෙනුම තියෙන පුරුෂ පක්ෂය මා එක්ක තරහා ගන්ට කාරි නෑ ඕං.

කඩවසම් පිරිමින් කාන්තා පක්ෂයට ඉතා අසාධාරණ ලෙස සලකන බව ලෝකප්‍රකට රහසක්. එහෙම කෙනෙකුට තමන්ගේ පෙනුම පවත්වාගෙන යන්න වෙහෙසෙනවා මිස අන් අය ගැන වෙහෙසීමට හෝ අන් අය ගැන සිතීමට වෙලාවක් නැති තරම්.  ඔවුන් එක්ක හවුල් ජීවිතයක් ගත කරන්නට අපහසු වන්නෙත් මේ නිසාමයි.  කඩවසම් පිරිමියෙක් හා ‍එයාගේ බිරිද අතර ඇත්තේ බොහෝ විට එකම සමානාත්මක හැගුමක් විතරයි.  ඒ දෙදෙනාම ඔහුට ආදරය කිරීමයි.

ඒ වගේම තමයි හුගාක් වෙලාවට මෙහෙම අය ගැන විශ්වාසයක් තියන්නට නොහැකි  වීම.  තමන්ගේ රූපය ගැන හිත හිතා ඉන්න මෙවැන්නන් ලග පෞරුෂත්වය බොහෝ විරලයි.  එයාලා හරියට පියරු බබාලා වගෙයි මට නම් හිතෙන්නේ.  හැබැයි ඔවුන්ගේ පෙනුම ස්ත්‍රී නෙත් සිත් ඇද බැද ගන්නා කාන්දම් වගෙයි.  සාමාන්‍යයෙන් කෙල්ලෝ වැඩි හරියක් කැමතියි තමන්ගේ පෙම්වතා හෝ සැමියා කරගන්න මෙහෙම අයව. 
නමුත් සාමාන්‍ය පෙනුමක් තියෙන පිරිමි මීට බොහෝ දුරට වෙනස්. ඔවුන්ට කාන්තා සිත් ඇද බැද ගන්නට ඉනාවක් නැහැ.  ඒ සදහා මහන්සි විය යුතුයි.  ඒ නිසා ඒ අය බොහෝ විට කරුණාවන්තයි.  (නොවන අයත් ඉන්නවා).  අවංකයි.  තමන්ගේ හිතට හරියන කෙනා මුණ ගැහුනාම ඇගේ ආදරය ආරක්ෂා කරගන්නට මහන්සි වෙනවා.  ඒ නිසාම දෙදෙනාගේම ජීවිත සාර්ථකයි.

මේ නිසා මොලේ තියෙන කෙල්ලෝ හොයන්නේ කඩවසම් කොල්ලන්ව නෙමෙයි.  සාමාන්‍ය පෙනුමක් තියෙන අවංක නිහතමානි ගතිගුණ තියෙන පිරිමියෙක්ව.

මෙහෙම කොල්ලෙක් ගැන ඇත්තටම විශ්වාසයක් තියන්නත් පුළුවන්නේ.  නැත්තම් ඉතිං මුළු කාලය පුරාවටම තමන්ට වෙන්නේ පිච්චි පිච්චි ඉන්නනේ. ටිකක් හිතලා බලන්න.  මං කියන්නේ හැමෝම ගැන නෙමෙයි.  නමුත් බහුතරය එහෙමයි. එහෙම සාමාන්‍ය පෙනුමක් තියෙන කෙනෙක් හොද ආදරවන්තයෙක් වෙනවා.  ආදරය රදා පවතින්නේ සමානව අදහස් හුවමාරු කරගැන්මෙන්නේ. දීම වගේම ගැනීමත් සමාන වෙන්න ඕනේ.

කඩවසම් පිරිමි තමන් ගැනම උවමනාවට වඩා වෙහෙසෙන්නට යෑමෙන් වෙන්නේ තමන්ට අවශ්‍ය වෙලාව ආවහම ස්ථිර ආදරවන්තියක් හොයාගන්න අමාරු වෙනවා.  බොහෝ විට මහළු විය පැමිණි විට හුදකලා ජීවිතයක් ගත කරන්න වෙන්නේ මේ හේතුව නිසාමයි.  හුගාක් වෙලාවට මෙවැනි අයට ඇත්තේ රුවැති මුහුණක් විතරමයි (තරහා ගන්ට කාරි නෑ) කියලා දැනගන්නා තරුණියන් ඔවුන්ගෙන් ඈත් වෙන්න බලනවා. අනෙක් කරුණ තමයි සෙල්ලක්කාර කම.  මොකද මෙහෙම අයට ඉක්මනින් කාන්තාවන් ආකර්ෂණය වෙනවානේ.  ඇත්තම කිවුවොත් වෙලාවකට හිතෙනවා ගෑණු ටිකක් මෝඩයි කියලත්. පස්සේ තමයි වැටහෙන්නේ තමන් ගත්ත තීරණයේ බරපතලකම. සමහර වෙලාවට ඒ වෙනකොට තමන්ගේ ජීවිතයත් විනාශ කරගෙන. පෙනුම වගේම අවංක කම කාරුණික බව, තියෙනවා නම් අර පෙනුම තවත් වටිනවානේ.  ඔන්න කෙල්ලනේ හොදට හිතලා බලන්න වටින කාරණාවක් මේක. හැබැයි මේක මම ඉරිසියාවට ගොතපු කතාවක් හෙම නෙමෙයි ඕං......!!!!!

5 comments:

  1. මට ඕකේ අනිත් පැත්ත හිතුනා. කෙල්ල ගොඩක් ලස්සන උනාම කොල්ලා හැමතිස්සෙම ඉන්නේ සැකෙන්. ඇයි ඉතින් කොල්ලා වේ කොල්ලෙක් එක්ක යාවි ය කියලා.
    (බඳින්න කලින්)

    අර බණ කතාවකත් තියෙනවා ලස්සන කාන්තාවක් කසාද බැන්ඳ බමුණට රෑට නින්දකුත් නෑලු. ගෑනිව මුර කරන්න තියෙනවා කියලා.


    අද තමා අක්කේ විවේකයක් ලැබුනේ කියවන්න.

    ReplyDelete
  2. ඒත් කෙල්ලක් ටිකක් ලැජ්ජාවත් බයත් නිසා පහුබහින ගතියක් තවමත් තියෙනවා. කොල්ලන්ගේ එහෙම අඩුයි නේද? මේ මට හිතෙන විදිය. ඔයා බෝඩිමක් හොයා ගන්නකෝ. එතකොට ටිකක් ලේසිනේ.

    ReplyDelete
  3. ලස්සන කෙල්ලෙක් උනොත් කොහොම වෙවිද එතනදිත් දෙන්නම එක්කෙනෙක්ට ආදරේ කරනවා කියලා හිතෙන්නේ නැද්ද යාලු...

    ලස්සන කෙල්ලෝ හොයන කොල්ලොත් ඉන්නවා මම හිතන්නෙත් කොල්ලොත් එහෙමයි ඔනාවට වඩා ලස්සන ඕනෙම නැ.. ( මම කැත නිසා කිවා නෙමේ ඔන්න)

    ReplyDelete
  4. දේවා ගේ අඩවිය

    ඔයා කියන දේත් හරි. දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනෙ මං හිතන්නේ.

    ReplyDelete
  5. කෝ ඉතින් තාමත් පඩි ලැබුනේ නෑනේ. එතකොට පොඩ්ඩක් හොයලා බලනව. එතකන් ගෙදර ඉදන්ම යන්න කියලා හිතන් ඉන්නේ අක්කා.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!