Tuesday, November 22, 2011

උණුවතුර ළිං


එක්තරා කාලයක ඉතාමත් උණුසුම් කාලගුණයක් පැවතුනා ත්‍රිකුණාමල ප්‍රදේශයට.  මේ ප්‍රදේශයේ වැසියෝ වතුර නැතිව බොහෝම දුකසේ තමයි කාලය ගතකලේ.  ගස් කොළන් වේලිලා ගියා.  පොළව ඉරි තැලුනා.  නොයෙකුත් වසංගත රෝග පැතිරෙන්න පටන් ගත්තා.  ඒ එක්කම දරුවෝ මේ කාලගුණික තත්වය හා ලෙඩ රෝග දරා ගන්නට බැරිව අකාලයේ මිය යන්නත් පටන් ගත්තා.  මේ කාලය හුගාක් අගහිග කම් පිරුණ දුර්භීක්ෂ කාලයක් වුනා.

මේ කාලයේදී එක් හිමි නමක් මේ පළාතට ලගා වුනා.  අවු රශ්මියෙන් බොහෝ කෙඩෙත්තුවට පත් වුන උන්වහන්සේගේ උගුර කට වේලිලා ගියා.  

උන් වහන්සේ නිවසක් කරා ලගා වුනා. 

“මට උගුර තෙමාගන්න වතුර පොදක්....... උන්වහන්සේ බැගෑපත් වුනා.

“අපට තියෙන්නේ එක වතුර කලයයි.  ඒක දෙන්න බැහැ.....ගෙදර ඇත්තෝ කිවුවා.

උන්වහන්සේ ගෙයින් ගෙට ගියා.  හැම තැනකින්ම ලැබුනේ එකම පිළිතුරක්.  
“මේ වතුර ඔබට දුන්නොත් අපි මැරෙයි....අපට දෙන්න බැහැ.

මේ විදියට ගෙයින් ගෙට වතුර පොදක් ඉල්ලමින් යන හිමි නම ඊළගට දුටුවේ කුඩා පිරිමි දරුවෙක්.  පොල් කටුවට වතුර පොදක් ගෙන බොන්න හදනකොටමයි ඔහුට ඒ බැගෑපත් හඩ ඇසුනේ.

“ආ...මෙන්න මේ වතුර ටික බොන්න....කුඩා දරුවා අත තිබූ පොල් කටුව දිගු කලා.

පොල් කටුව අතට ගත් හිමි නම එය පානය කලා.  අඩියේ රැදුන වතුර බිංදුව අර කාෂ්ටක පොළවට හැලුනා.  

මහම මහ පුදුමයක්.  පොළව පලාගෙන මතු වුනේ උල්පත් හතක්....!!!!

උල්පත් වලින් බුබුළු නගමින් මතුවූ දිය බීමට ගම්මු එතැනට රැස්වුනා.  ඒ වුනාට ඒ වතුරට අත තැබීමටවත් පුළුවන් කමක් තිබුනේ නැහැ.  වතුර දුම් දමමින් උතුරන්නට පටන් ගත්තා.  ලගපාතක ඉන්නට බැරි තරම් රත්වූ වතුරයි උල්පත් වලින් මතුවුනේ.

හිමි නමට වතුර පොදක් දුන් ළමයත් වතුර ටිකක් ගැනීමට අත දැමුවා.  වතුරෙන් ඔහුගේ අත සිසිල් වුනා.  මේ කුඩා දරුවා උල්පත් මැදට ගියා.  ඇති තරම් දිය බිවුවා.  නෑවා.  ඔහුට පමණක් එම වතුර සිසිල් වුනා.

අදටත් මේ උණුවතුර ළිං ත්‍රිකුණාමල ප්‍රදේශයේ තියෙනවා.  අදත් මෙහි ඇති වතුර උණුසුම් බව අපි කවුරුත් දන්නා කරුණක්.

9 comments:

  1. lassana kathawak...thawa liyanna....

    ReplyDelete
  2. Anonymous

    ස්තුතියි...!!

    ReplyDelete
  3. මල්මි,
    මේ කතාව නම් ඇහුවෙ අදමයි...

    උණුවතුර ලිං බලන්න ගියාට, අතීත කතාව දැනගත්තෙ දැන්..

    ස්තූතියි මේක ලිවුවට...
    තවත් දේ ලියමු

    ReplyDelete
  4. 'සුළඟ'

    ඇවිත් අදහස් දක්වන එක හුගාක් වටිනවා. ස්තුතියි.

    ReplyDelete
  5. උනුවතුර ලිං වල අතීත කතාව කියලා දුන්නට ගොඩක් පින් !!!
    ලස්සන කතාවක්.


    ඒක නෙමෙයි අක්කේ.
    මගේ රීඩර් එකේ අක්කගේ බ්ලොග් පෝස්ට් අප්ඩේට් වෙන්නේ නෑ නෙව. පොඩ්ඩක් බැලුවා නම්... එහෙම උනේ නෑ කියලා නොකියවා නම් ඉන්නේ නෑ අක්කේ. :)

    ReplyDelete
  6. මධුරංග

    අප්ඩේට් වෙන්නේ නැති කතාව ඇත්ත මං හිත්න්නේ. සමහර සිංඩිවලත් නැහැ. මම චෙක් කලා. ඒත් මං ඒකට හේතුව දන්නේ නැහැනේ. මට තේරෙන්නේ නැහැ.

    ReplyDelete
  7. අදමයි මේ කථාව ඇහුවේ ...මම ගියා බලන්න උණු වතුර ලිදක් සූරිය වැව පැත්තේ..මේ වගේම සීන් එකක් වෙන්ටෑ ....

    ReplyDelete
  8. ඔබ නොදු‍ටු ලොවක්.....

    සමහර විට මේ කතා මුඛ පරම්පරාවෙන් ආ දේවල් නිසා වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් අපි දැනට මේ කතාව දැනගමුකෝ නේද?

    ReplyDelete
  9. ත්‍රිකුණාමලයේ උණු වතුර ළිං අසළින් පැරණි බෞද්ධාරාමයක කොටස් මතු කරගෙන තිබෙනවා. දැන් එතැන විහාරයක් ඉදි කරමින් යනවා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!