මම ලිපියක දැක්කා අපේ සමාජයේ විවාහ ජීවිතයෙන් හෙම්බත් වෙලා එහෙමත් නැත්නම් පරාජිත හැගීම් ඇති කරගත් පිරිමි ඉතා බහුල වෙමින් පවතිනවා කියලා. නිකමට වගේ හිතුනා මේ ගැනත් මට හිතෙන දේවල් ටිකක් ලියන්න.
මේ කියන කරුණට ප්‍රධානම හේතුව බිරිදලු. අනේ මන්දා. කාන්තාවන් බොහෝම දෙනෙක් තම තමන්ගේ වගකීම් ගැන අවබෝධයක් නැති අය කියලා තමයි කියන්නේ. ටිකක් විමසිල්ලෙන් බැලුවොත් හොදයි වගේ. ඔය කියන අඩුපාඩු මටත් තියෙනවා වෙන්න පුළුවන්නේ නේද?
පුංචි කාලේ ඉදලම ගැහැණු ලමයින් හැදෙන්නේ දෙමාපියන් බාරයේ. තරුණ වියට ආවහම එයා තමන්ට ගැලපෙන සහකරුවෙක් සොයා ගන්නවා. ඒ අවස්ථාවේදී ඇය ඇත්තටම කල්පනා කරන්නේ දෙමාපියන්ගෙන් තමන්ට ලැබුනු සීමිත නිදහස ටිකක් වෙනස් කරගෙන සමාජයේ නිදහසේ හැසිරෙන්නට පුළුවන් කියලයි. ඒ එක්කම ඇයට තවත් වැදගත් දෙයක් අවශ්‍ය වෙනවා. ඒ මොකක්ද දන්නවද? තමන්ගේ සැමියා එක්ක බොහෝම සැහැල්ලුවෙන් විනෝදයෙන් හා විශේෂයෙන්ම සාමයෙන් තම ජීවිතය ගෙන යන්නට.
ගෙදරක දෙමාපියන්ගේ රැකවරණය යටතේ හැදෙන ගැහැණු දරුවෙක් අසීමිතව සිහින දකිනවා තමන්ගේම කියලා ගෙයක් දොරක්. ඒ ගෙදර සියලුම වැඩ කටයුතු තමන් අතින්ම කෙරෙනවා බලන්න. ඒ ගෙදර ගෘහණිය වෙන්න. කොටින්ම කිවුවොත් ගෙදරක තනි අයිතිකාරිය වෙන්නට. එහෙමත් නැත්නම් ලොක්කි වෙන්න.
දරුවන් හදාවඩා ගෙන හොද මවක් විදියට ජීවත් වෙන්නත් ඇය බොහෝම කැමැත්තක් දක්වනවා. මෙවැනි මානසික චිත්‍ර මවන ගමන් තමයි ඇය තමන්ට ගැලපෙන කෙනා සොයාගන්නේ. නමුත් විවාහ වුනාට පස්සේ මුලදි ඇති වූ හැගීම් ක්‍රියාවට නංවන්න යනකොට විවිධ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඉතිං කළකිරෙනවා විතරක් නෙමෙයි බොහෝ විට නැන්දම්මා ඒ නිවසේම ඉන්නවා නම් ඔන්න ඉතිං නයා මුගටියා වෙනවා. ඇයි ඉතිං නැන්දම්මාට තාමත් ඕනේ එයාගේ විදියට පුතා හදාගන්න. (විශේෂයෙන්ම කියන්න ඕන මගේ නැන්දම්මා මට අම්මා වගෙයි. බොහෝම කරුණාවන්ත හොද අම්මෙක්. ඒ විතරක් නෙමෙයි නෑනලා පවා. ) මෙහෙම කියන්නේ බයට එහෙම නෙමෙයි. ඒක තමයි මගේ පසුබිමේ ඇත්තම තත්වය.
සමහර අය මෙම විචිත්‍ර ලෝක වල ජීවත් වෙලා හැබෑ ලෝකෙට අවතීර්ණ වුනාම දරාගන්න බැරිව විශාල අවුල් හදාගන තමයි නතර වෙන්නේ. ශාරීරික අතෘප්තිකර ආශාවන්ට වහල් වෙලා විවාහ වෙලා තමන්ගේ මුඵ ජීවිතයට නීරස කරගන්න අවුල් කරගන්න කටයුතු සලස්වා ගන්නවා.
ටික කාලයක් ගතවෙන කොට තම සැමියාට කලට වේලාවට තේ ටික, ආහාර ටික සකසා දීම වගේ දේවල් ටික ටික අමතක කරලා දානවා. ඇදුම් පැළදුම් සුද්ධ පවිත්‍ර කිරීම් වලට කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. උදේ පාන්දර අවදි වෙලා තමන්ගේ ස්වාමියා රැකියාවට යන්න කලින් කළ යුතු කටයුතු ටික අමතක කර බොහෝ වෙලාවක් නිදි පැදුරට වෙලා ඉන්න උත්සාහ කරනවා. හවස රැකියාව නිම වෙලා ගෙදර එන සැමියාට දකින්නට ලැබෙන්නේ අතු පතු ගාලා ලස්සනට පිළිවෙලට තියෙන නිවෙසක් නොවෙයි, එහෙන් මෙහෙන් ඇදලා හොදටම අවුල් වෙච්ච අපිළිවෙල නිවෙසක්. සමහර කාන්තාවන් කෙදිරිගාමින් ඇදේ වකුටු වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් සැමියා ගෙට ගොඩවෙන කොට සෙටියේ ඇළ වෙලා ඉන්නවා.
තත්වය මේ විදිය නම් කායික මානසික පීඩාවන්ට ගොදුරු වන සැමියාටත් කේන්ති යාම සාධාරණයි නේද? එයින් පස්සේ ඇතිවන ප්‍රථිවල සමහර විට බයානක වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කරුමේ කියලා හිත හදාගෙන මේ පිළිවෙලටම ජීවත් වෙනවා. අවසානයේදී දරුවනුත් අර අපිළිවෙල ජීවිතයට හුරු පුරුදු වෙනවා.
හොදට හිතලා බලන්න. විවාහ ජීවිතය මහා සාගරයකට උපමා කලානම් එහි ගමන්ගන්නා නැව ඔබේ සැමියා නේද? ඒ නැව පදවන නැවියා ඔබයි. ඒ කියන්නේ ගෙදර බිරිද, එහෙමත් නැත්නම් අම්මා. එහෙමනම් නැවියාට අවශ්‍ය පිළිවෙලට මේ නැව හසුරුවන්නට පුළුවන් බව බොහෝ කාන්තාවන් තේරුම් ගන්නේ නැහැ. අවංකකම, පරිත්‍යාගශීලි බව, බුද්ධිමත්කම වගේ කරුණු කාරණා එකතුවුනානම් ඔබත් හොද නැවියෙක් නේද?
ගෙදර දොරේ වැඩ කටයුතු කලට වේලාවට නිමකිරීමට හොදින් සිහියේ තබාගත යුතුයි. හැබැයි මෙහෙම කියලා සැමියාට ඒ වගකීම් වලින් මගහරින්නට දෙන්න හොද නැහැ. මොකද එතකොට තමන් නිකම්ම ගෙදර වැඩකාරියක් වෙනවානේ. මේ වැඩ වලට පුළුවන් ආකාරයෙන් ඔහුගේ දායකත්වයත් ලබා ගන්නට තරම් ඔබ දක්ෂ විය යුතුයි. තම සැමියාගේ අවශ්‍යතාවයන් සපුරාලන්නට ඇය නිරන්තරයෙන්ම වගබලා ගත යුතුයි. එහෙම උනොත් තමයි ඔහුගේ අවධානය ආදරය වැඩිපුර ඔබ වෙත ලැබෙන්නේ.
ඇතැම් කාන්තාවන් කරන වරදක් තමයි සමහර සුළු කරුණු පවා සිය සැමියාගෙන් වසන් කර තබාගන්නට උත්සාහ කරනවා. ඇත්තටම ඒක වරදක්. එය සුදුසු අවස්ථාවක් බලා කීම තමයි නුවණට හුරු කාරිය. ඒත් ඇතැම් කරුණු නොකියා ඉන්නත් වගබලා ගන්න ඕන. මොකද සමහර අවස්ථාවලදී ඔබ බුද්ධිමත්ව කටයුතු නොකලොත් කරදරේ වැටෙන්නත් පුළුවන් නිසා.
ඇතැම් පවුල්වල මුල් කාලයේ බොහෝම සතුටින් සමගියෙන් කාලය ගත කරනවා. දරුවෙක් ලැබුනායින් පසුව මේ තත්වය බොහෝ දුරට වෙනස් වෙනවා. ඒ වෙලාවට කාන්තාවන් කියන්නේ දරුවාගේ කටයුතු එක්ක සැමියාගේ අවශ්‍යතාවයන් යම් පමණකට මග හැරෙන බවයි. ඇත්තටම දරුවෙක් ලැබුනායින් පසුව අම්මා කෙනෙක් බොහෝම කාර්ය බහුලයි තමයි. ඒත් උත්සාහ ගත යුතුයි කලින් තිබුණ සමගිය ආදරය පවත්වාගෙන යන්න.
අනෙක් කාරණාව සැමියා යම් දෙයකට එක වචනයක් කියද්දී බිරිද වචන දහයකින් විතර පිලිතුරු දෙන්න යනවා. ඉතිං අහල පහල ඉන්න තමන්ගේ දරුවනුත් බය කරගෙන ඇතිවෙන්නේ විශාල බහින්බස් වීමක්. සහජයෙන්ම කට පාලනය කර ගැනීමේ අසීරුතාවයක් කාන්තාවන්ට ඇති නමුත් මේ වගේ අවස්ථාවලදී කල යුතු හොදම දෙය කටපියාගෙන සිටීමනේ. කණ ඇහෙන්නේ නෑ වගේ ඉන්න පුළුවන් නම් මං හිතන්නේ බොහෝම හොදයි. අපේ ගෙදර නම් ඔහොම වෙලාවට මහත්තයා අහනවා
“ඇහුනද මං කියන දේ?
“ ආ මොකද්ද කිවුවේ.....නෑ මට ඇහුනා
“එහෙනම් කණ ඇහෙන්නෙ නෑ වගේ ඉන්නේ
“ඔවු..උඋඋඋඋඋ එහෙම ඉන්න එක හොදයි වගේ
ඉතිං ඔන්න බුම්මගෙන පැත්තකට වෙනවා. වැඩේ හරි ලේසියි. නැත්නම් ළමයින්ට හිතාගන්න බැහැ අම්මාගෙ පැත්ත ගන්නවාද? නැත්නම් තාත්තගේ පැත්ත ගන්නවාද? කියලා. ඒ වෙලාවට බලන්න පොඩි උන්ගේ මුණු දිහා. කොයිතරම් අසරණ වෙලාද බලන් ඉන්නේ.
තවත් ප්‍රධානම දෙයක් තමයි කාන්තාවන්ගේ තරගකාරී බව. අල්ලපු ගෙදර මොනවා හරි වෙනසක් උනොත් ඊටවඩා ලොකු දෙයක් අපේ ගෙදරත් වෙන්න ඕන කියන මතය. අසීමිත ආශාවන්. මේ නිසා තමන්ගේ ස්වාමියාගේ හිස මත පැටවෙන්නේ අනවශ්‍ය බරක්නේ. අර සිංහල කියමනක් තියෙනවානේ ඇගිල්ලේ තරමට ඉදිමුම හොදයි කියලා. මේ තරගකාරී සමාජයක් උනාට අනිත් අය කරන හැමදේම අපි කල යුතු නැහැ. අපට පුළුවන් දේ විතරක් හිතට ගැනීම තමයි හොද.
තවත් කාරණාවක් තමයි තමන්ගේ සැමියා කා එක්ක හරි කතා කලොත් ඔන්න ඉතිං ඒ මනුස්ස දුවගේ නම ඈදලා මුලින්ම කතාව හදන්න පටන් ගන්නේ බිරිද? ඒක හොද නෑ මං හිතන්නේ. බොහෝ පවුල්වල මේ අඩුපාඩුව තියෙනවාමයි. මේ නිසාම වැරදි කරන අයත් බොහෝ ඉ න්නවා. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කල යුතුයි. කොයි සංස්ථාව හොදින් පවත්වාගෙන ගියත් වැඩක් නැහැ, පවුල් සංස්ථාව අවුල් කරගෙන නම්. ඒ නිසා සැමියයි බිරිදයි කියන දෙන්නාම මේ සංස්ථාව බොහෝම කල්පනාවෙන් රැකගතයුතු වෙනවමයි.....!!!!
ammapa sahathika aththa.kate masuran danna watinawa (NH)
ReplyDeleteහැම ගැහැනියක්ම අක්කා වගේ උපේක්ෂාවෙන් හැම දෙයක් දිහා බලනවා නම්.... මේ ලෝකේ පවුල් ආරවුල් ගොඩක් අඩු වෙයි නේ.
ReplyDeleteමම දකින විදිහට ගම්බද කාන්තාව නගර වල කාන්තාවන්ට වඩා හොදයි. මොකද එයාලා උදෙන්ම අවදි වෙලා ගෙදර දොරේ වැඩ කරනවා. කිසිම නිදහසක් නැතුව !!! පවු කියලත් හිතනවා. එහෙම උනත් එයාලා ඒ දේවල් සතුටින් කරන්නේ.
නමුත් නගර වල ගොඩක් ඈයෝ මෙහෙම මහන්සි වෙලා වැඩ කරන්නෞනොත් කාන්තා නිදහස කියලා බෝඩ් එකක් ගේ ඉස්සරහා එල්ලන් ඉදිවි !!! :)
Anonymous
ReplyDeleteඅදහස් දැක්වූවට ගොඩක් ස්තුතියි
මධුරංග
නගරේ කාන්තාවන්ට පහසුකම් වැඩියි.