ලෝකයේ වෛද්‍ය විද්‍යාවට අනුව කරපු පර්යේෂණ වලින් සොයාගෙන ඇති කරුණු අනුව මිහිපිට තියෙන දරුණුම වේදනාව කිසිම දිනෙක පිරිමියෙකුට දැනගන්න ලැබෙන එකක් නැහැ. මම එහෙම කියන්නේ ඇයි දන්නවද දරුවෙක් බිහි කරන මවක් විදින වේදනාව ලෝකයේ උහුලන්නම බැරි වේදනාව ලෙස වෛද්‍යවරු පිළිගෙන තියෙන නිසා. පියෙක්ට දරුවෙක් කුසේ දරාගෙන ඉන්න පුළුවන් වෙයි. නමුත් ස්වභාවික විධියට දරු උපතක් සිදු වෙන්නේ නැහැනේ.
පිරිමියෙක්ට නම් ඉතිං උහුලන්න වෙන දරුණුම වේදනාව පිළිස්සීමක් එහෙමත් නැත්නම් පපුවේ අමාරුවක් වගේ දෙයක් තමයි. නමුත් එවැනි වේදනාවක් කිසිම වෙලාවක ප්‍රසව වේදනාවට සමාන වෙන්නේ නැහැ.
කෙනාගෙන් කෙනාට වේදනාව ඉසිලීමට ඇති හැකියාව වෙනස්වෙනවා. එකම සිද්ධියක් දෙදෙනෙකුට දැනෙන විදිය වෙනස්නේ. කෙනෙක්ට එය සුළු වේදනාවක් වෙනකොට අනෙකාට එය අධික ලෙස පීඩා ගෙන දෙන කාරණාවක් වෙන්න පුළුවන්.
ඩොලෝමීටර් නම් යන්ත්‍රයක මාර්ගයෙන් වේදනාව මනින්න පුළුවන්. ඒ අනුව තමයි සොයාගෙන තියෙන්නේ ගැහැණුන් ඉතා ධෛර්යයසම්පන්නව දරුණු වේදනාවන්ට මුහුණ දීමට සමත් බව. (මට නම් ආඩම්බරත් හිතෙනවා.)
මහත් ශක්තියක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න පිරිමින් සියුමැලි කාන්තාවන් ඉදිරියේ වේදනාව ඉසිලීමේ ශක්තියෙන් පරාජයට පත්වීම පුදුමයි නේද? ඒක පුදුමයක් උනාට ලෝකයේ පිළිගත් ඇත්ත ඒකයි.
වේදනාව උහුලන්නට අපහසු කාන්තාවන් දරු ප්‍රසූතියකදී වේදනා නාශක හෝ සිසේරියන් සැත්කමක පිහිට පැතුවත් බොහෝ දෙනා ස්වාභාවික වේදනාවේ රස විදීමටත් කැමැත්තක් දක්වන බව සොයාගෙන තියෙනවා.
වසර ගණනාවකට කලින් ගැබිනි මවුවරු සහභාගී කරගෙන කරපු පරික්ෂණයකදී ප්‍රසව අවස්ථාවේදී වේදනා නාශක ඖෂධවල පිහිට පතා ඇත්තේ සුඵ කොටසක් බව පෙනුනා. අනෙක් අය ස්වාභාවික විදියට වේදනාවේ රස විද ගැනීමට කැමති නිසා ඖෂධ අනවශ්‍ය බව පවසා තියෙනවා.
ආදරය පිළිබද ඇතිවන හැගීම හා තමන් විදින දරුණුම වේදනාවට පස්සේ තමා කරන බලවත්ම හපන්කම ලෙස සැලකෙන දරු සිගිත්තෙකු බිහි කිරීමත් පිළිබද හැගීම නිසා තමන්ට දැනෙන වේදනාව ඉන් අඩු කිරීමට සමත් වන බව තවත් සොයාගැනීමක් අනුව හෙලි වුනා.
මේ කරුණුත් එක්කම මගේ අත්දැකීම් කිහිපයක් කියන්නත් හිතුනා. මගේ පුතා ඉපදුන දවසේ මගේ ඇදට එහා පැත්තේ ඇදේ කුරුණෑගල පැත්තේ ඉදන් කොළඹට ආපු ගෑනු ළමයෙක් හිටියා. එයාටත් එතකොට විසි පහක් විතර ඇති මගේ හිතේ. මමත් ඒ ළමයාත් එකටමයි ලේබර් රූම් හිටියේ. වැරදීමකින් මගේ පුතාව මාරුවෙලා මට ගෙනැත් දුන්නේ අර කාන්තාවගේ දරුවා. ඒත් සැනෙකින් මම ඒ මගේ බබා නොවන බව අදුනගත්තා. ඇත්තටම බලන කොට නර්ස් නෝනාට වැරදීමක් වෙලා තමයි මට ඒ බබා දීලා තියෙන්නේ. එයා ගැහැණු දරුවෙක්.
ඉතිං මගේ බබා ඉපදිලා දවසෙන් අසනීප වුන නිසා බේබි රූම් දැම්මා. අර කාන්තාවත් මගේ එහා පැත්තේ ඇදේ දින දෙකක් හිටියා. ඒත් ඒ වෙනත් කරුණක් නිසා. එයා හිටියේ එයාගේ බබාව හදාගන්න පොරොන්දු වුන අය එනකන්. ඒ අය ආවහම අර පුංචි පැටියව ඒ අම්මා හදාගන්න දුන්නා. ඉන්පස්සේ එයාගේ අයියා එක්ක ආපහු ගමට ගියා. ඒත් ඒ ඇස්වල කදුළු මම හොදටම දැක්කා. ඒ කාන්තාව විවාහක කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා. ඒකේ ප්‍රථිපලය තමයි අර පුංචි පැටික්කි. මට මේ සිද්ධිය මතක් වෙනකොට තවමත් ඇස්වලට කදුළු උනනවා.
ඒ එක්කම තවත් අම්මා කෙනෙක් ආවා. ඇය නම් කොළඹ කාන්තාවක් මයේ හිතේ. ඇගේ දරුවා පිරිමි දරුවෙක්. ඒත් අවාසනාවට ඒ අම්මා මත්ද්‍රව්‍ය වලට (හෙරෝයින් වලට) ඇබ්බැහි වුන කාන්තාවක්. ඇත්තමයි මම වාට්ටුවේ හිටියේ පුදුම බයකින්. හිතාගන්න බැරි බයක් හිතට දැනුනේ. ඇය වැසිකිලියට ගිහින් මත්ද්‍රව්‍ය ඉරුවේ. දරුවා වාට්ටුවේ දමලා පැනලා යන්න කිහිප වාරයක්ම උත්සාහ කලා. දරුවාගේ පියා කියලා මිනිසුන් කිහිප දෙනෙක් වාර ගණනාවක් ඇවිත් ඇයව බැලුවා. මත්ද්‍රව්‍ය නැති වෙලාවට ඇය ගැහෙනවා මම මගේ ඇස්වලින් දැක්කා. දින දෙකකින් ඇයත් ඇගේ දරුවා හදාගන්න දුන්නා. හැබැයි සල්ලි වලට. ඇය දරුවා විකුණුවා.
වේදනාව කටුක විදියට දැනුනට ඒක එක එක්කෙනා රස විදින්නේ වෙනස් විදියට බව පැහැදිලි වෙනවනේ නේද? මේ ලිපිය ලියන්න හිතුවෙත් තවත් දිග කතාවක් කියන්න තියෙන නිසා. ඒක තව ටික දවසකින් එහෙමත් නැත්නම් හෙට ලියනවා. ඒකත් බලන්නකෝ. එතකන් ගිහින් එන්නම්.
hmmm.. aththa thamai...
ReplyDeleteඔබ කියන කතව ඇත්ත..ලොකයෙ ලොකුම වෙදනව දරන්නෙ අම්ම කෙනෙක්..එත් ඒ වෙදනව තත්තා කෙනෙක් ශරිරිකව නොවිදිනව වෙන්න පුලුවන් නමුත් ඉන් ඉදිරියට එ දරු පෙටියව උස්‌මහත් කරන්න ලොකෙට වටින පුද්ගලයෙක් කරන්න තාත්තා කෙනෙක් මෙරෙන තුරු දුක් විදිනවා නෙද?
ReplyDeleteඅම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්න විඳින වේදනාව තරම් ලොකු වේදනාවක් මේ මිහිපිට නැහැ.අම්මා කෙනෙක් ඒ වගේ වේදනාවක් විඳලා දරුවෙක් බිහි කලත් අන්තීමේදි ඒ දරුවම අම්මව මහලු මඩම් වලට ගිහින් දානවා.
ReplyDeleteතරිදු
ReplyDeleteස්තුතියි
මුදී
ඔයාගෙ කතාව ඇත්ත. ඒත් අම්මා ඒ අවස්ථාවේ විදින වේදනාව සදාකාලික මතකයක්.
මධු...
හරියට හරි.. අම්මා විතරක් නෙමෙයි පසු කාලයේදී ලැබෙන නැන්දම්මාටත් පුතා ලේලි හෝ දුව බෑනා එකතු වෙලා කරන්නේ ඒ දේම තමයි. ( ඒත් හැමෝම නෙමෙයි)