Saturday, November 12, 2011

ඉතින් කුමකට....!!!!!

වසා දෙන - ගසා ඇණ
තිබෙද්දී.......
හඩා වැලපෙයි
විලාප නගයි
පස් කමින්
යටි ගිරියෙන් කෑ ගසා

ඉන්න කල නැත පිහිට
අහිමි වූ කල හැඩුම කුමකට.....!

රැස්වහුන් මහ පිරිස දෙස
බලා හොර ඇසින්
යළි යලිත් වැලපෙයි
දෙඅත්ලෙන් ගසා පොළවට
මළ මිනියට පණ එතැයි
සිතා
වියරු වැටුණකු සේ.....

ප.ලි. ටික දවසකට කලින් අපිට පාර්ටියකට එන්න කිවුවා. ගෙදර අයිති කෙනාගේ ළගම නෑයෙක් තවත් ලගම නෑයෙක් ගෙ ගෙදරට ඇවිත් හිටියා. හරියටම කිවුවොත් අල්ලපු ගෙදරට. ඇයව එක්කගෙන ගිහින් තිබුනේ අසනීප නිසා සාත්තු කරන්න. කිව්වේ බඩේ ගෑස් කියලා. ඇය කාන්තාවක්.  අමාරුවෙන් කෑගැහුවත් කවුරුත් ඇය බොරු කරනවා කියලයි කිව්වේ.  ඇය විවාහකයි. හැබැයි දරුවෝ නැහැ.  සල්ලි පොලියට දීලා තමයි ජීවත් වුනේ.  මහත්තයා රැකියාවක් කලා.
ඒත් මම ගිය ගෙදර කාන්තාව ඇගේ සල්ලි මිටි ගැනත් තවත් නොයෙක් දේත් කිවුවා මිසක් ඇය ගැන වැඩි තැකීමක් කලේ නැහැ. හවස අපි ගෙදර එන වෙලාවේ ඔවුන්ගේ නිවසේ වාහනයෙන් තවත් යාලුවෙක් එයාගේ ගෙදර ඇරලවන්න යන්න ලෑස්ති වුනා. අර කලින් කියපු කාන්තාවගේ ස්වාමියාත් ඒ වාහනේම යයි කියලා ඔහුට හොරෙන් තමයි යාලුවා ඇරලවන්න ගියේ.  අපි ගෙදර ඇවිත් ටිකක් රෑ වුනහම ආරංචි උනා අර කාන්තාව මළා කියලා.  මට ලොකු කළකිරීමක් / පිළිකුලක් ඇතිවුනා.  මේක කියවන ඔයාලට කොහොමද මන් දන්නේ නැහැ.  නිවසක් , සල්ලිකාර ඥාතීන් සියල්ල සිටිද්දී අර කාන්තාවගේ සිරුර තිබ්බේ කොළඹට නුදුරු රෝහලක් ඉදිරිපිට මල් ශාලාවක...!!!!

2 comments:

  1. ඉන්නකන් සලකන්නේ නැතුව මලාට පස්සේ කදුළු හූර හූරා ඇඬුවට වැඩක් නෑ. මෙහෙම මිනිස්සුත් ඉන්නවා කියලා හිතෙනකොට දුක හිතෙනවා.

    ඔහොම සමහර දෙමවුපියන්ටත් දරුවෝ කරනවා මම් දැකලා තියෙනවා.

    ReplyDelete
  2. ඇත්ත මලේ. මේ අපේ යාළුවගේ පුංචි අම්මා ඒ කියන්නේ අම්මාගේ නංගි නැතිවුනේ. ඉතිං අනිත් අය ගැන කුමන කතාද?

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!