ජීවන කතරෙ බෝ බාධා ඇතිවෙනවා
හමු වී වෙන්වීම ලෝ දම පවසනවා
ඇතිවූ වියෝවෙන් මගෙ හද කකියනවා
තවමත් නුඹ ගැනම මා සිත විමසනවා
මගෙ සිහිනයේ නුඹ රජවී ඉන්න ඇතී
ඒ සිහිනයේ මා රැජිනගේ තැන ගන්න ඇතී
පෙර සසරෙදිත් මේ ලෙස රිදවන්න ඇතී
පුරුදු ලෙසම මා තනිකර යන්න ඇතී
පායන සදේ නුඹ ඇති දැයි සෙව්වාට
නුඹ සිහිවෙලා නෙතු කදුලින් පිරුනාට
මගෙ තනි නොතනියට නුඹ නැති බව දැනෙන විට
සිත සනසා ගනිමි සුසුමින් ලය පිරෙන විට
සිදුවූ වරද යළි කිසිදින නොමවන්න
හමුවූ දෙනෙත් කවදාවත් නොදකින්න
නිමවූ සෙනෙහසේ අරුමය නොපතන්න
සිතුවෙමි සිතමි සැමදා තනිවී ඉන්න
දකිනා හැම මොහොතකම පුරහද අහස් ගැබේ
ඉමිහිරි අතීතය සිහිවෙයි සිතට මගේ
පායන විලස රන් තරුවක් ගුවන් ගැබේ
ආලෝකමත් වේවා ජීවිතය ඔබේ
ලස්සන ප්‍රාර්ථනාවක්. තමන්ට හිමි නැතත් සතුටින් ඉන්න ලැබෙන්න කියන එක ගොඩක් වටිනවා.
ReplyDeleteමධු...
ReplyDeleteආදරය කියන්නේ ලබාගැනීමම නෙමෙයි. පරිත්‍යාගයක්