Sunday, September 4, 2011

තවත් බේබදු අම්මා කෙනෙක්

මගේ කකුලක අමාරුවක් නිසා ඊයේ මම බෙහෙත් ටිකක් ගන්න කියලා ත්‍රීවිලර් එකකින් ගියා. මොකද මට ඇවිදගන්නත් අමාරුයි මේ දිනවල. ත්‍රීවීලර් රියදුරා අපේ අසල්වැසියෙක්. දෙදරු පියෙක්. පිණිබිදුගේ පළමු බේබදු අත්දැකීම කියෙව්වම මම මේ ටික ලියන එක ටිකක් ඉක්මන් කලා.

අපි යන අතරතුරේදි ත්‍රීවීල් එකේ අයියා කියපු කතාව තමයි මේ.  එයා කෝට්ටේ පෙරහැර බලන්න ගිහින් ඊයේ පෙරයිදා. එතනදී හයර් කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉතින් බොහෝම වාසියිලු. ඔන්න හයර් දෙකක් විතර ගියාට පස්සේ තවත් තරුණ අම්මෙකුයි දුවලා දෙන්නෙකුයි ත්‍රීවීලර් එකට මගදි අත දාලා. මෙයා ඉතින් වාහනේ නවත්ලා. හයර් එක යන්න ඕන තැන එහෙම කියලා දරුවෝ දෙන්නා එක්ක මේ කාන්තාව ත්‍රීවීලයට ගොඩවෙලා.  ආපහු මෙයාලට යන්න වෙලා තියෙන්නේ පෙරහැර එන පාරෙන්මයි. ඉතින් මේ අම්මා රියදුරාට කියලා තියෙනවා “අනේ අයියේ මගේ ඔලුව කැරකෙනවා. පුළුවන්නම් තරහා නැතිව බබාලා දෙන්නට පෙරහැර පෙන්නන්න කියලා. ඉතින් මේ අයියාත් ළමයි දෙන්නට පෙරහැර පෙන්නුවාලු.  ඉන් පසුව එයා ආපහු හයර් එක යන්න පිටත් වෙලා.


ඔන්න ඉතිං ටිකක් දුර යනකොට “අයියේ මට වමනේ යන්න එනවා...කිව්වලු. ඉතිං මේ ත්‍රී වීල් එකේ අයියා වාහනය පාර අයිනට කරලා නවත්තලා අර කාන්තාවට වමනේ දාන්න සැලැස්සුවාලු.  එතකොටයි එයා දන්නේ මේ අම්මන්ඩි හොදටම බීලා කියලා.  වමනේ දැම්මට පස්සේ ගෑණිට කල්වනාවත් නැතිලු. ඉතිං අර දරුවෝ දෙන්නාගෙන් ලොකු ගෑණු ළමයා කිව්වාලු “බලන්නකෝ අංකල් අපේ අම්මට පිස්සුනේ...කියලා.  කොහොම හරි දැන් ගෙදරට යන්න පාර කියාලා තියෙන්නේ අර වැඩිමල් ගෑනු දරුවා තමයි. එයාගේ වයස අවුරුදු 09ක් අනෙත් ළමයාට 07ක් විතරලු.  කොහොම හරි අදාල තැනට ගෙනිච්චහම ගේට්ටුවෙන් වාහනය චෙක් කරනවලු. මොකද මේ ස්ථානය අපේ රටේ අපි බොහෝම ගරු බුහුමන් කරන පුද්ගලයන් වාසය කරන මහල් නිවාසයක්. ඒකයි චෙක් කරන්නේ. ඉතිං අර ගෑණු දරුවා එතන හිටිය අයට කතා කලාම ඒගොල්ලන් ඇතුලට යන්න දීලා.


මෙයාලගේ ගේ තිබෙන්නේ අර මහල් නිවාසයේ දෙවැනි තට්ටුවේලු. ඉතින් මාර ප්‍රශ්ණේ. මේ ගෑණු පරානෙ ගෙනියන්නේ කොහොමද කියලා. මොකද කෙලින් කටින් ඉන්න බැරි තරමට වෙරිලු.  පස්සේ අර ත්‍රීවීල් එකේ අයියා ලොකු ගෑණු දරුවාගේ උදව්වත් ඇතිව මේ ගැණු පරානේ ගෙදරට ගෙනිහින් කාමරේ ඇතුලටම දැම්මලු.  ඇදේ නිදි කරවලා කකුලුත් උස්සලා තියන්න වෙලා තියෙන්නේ මේ ත්‍රීවිල් අයියාට.  පසුව ගෑනු ළමයා තමයි හයර් එකට සල්ලි දීලා තියෙන්නේ. එතකොටත් වෙලාව රෑ 12.30යිලු.  මේ අයියා අහලා තියෙනවා දරුවාගේ විස්තර තාත්තා වැඩ කරන්නේ උඩහ පලාතේ. මාස තුනකට සැරයක්ලු ගෙදර එන්නේ.  ඇවිත් සතියක් විතර නිවාඩු ඉදලා යනවාලු.  


ඒ අයියාට තේරුන විදියට මේ කාන්තාව මෙහෙම නිතර බොනවා ඇතිලු. අර දරුවන්ටත් මේක සාමාන්‍ය දර්ශනයක් වගෙයිලු.  ඒත් ඉතිං මේක මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු කෙනෙකුගේ හයර් එකක් වුනානම් අර ළමයි දෙන්නාටත් බුදු සරණයි නේද? ගෑණු දරුවන් ඇහේ කුණ වගේ ආරක්ෂා කරන්න ඕන කියලයි අපේ අම්මලා නම් කියන්නේ.  ඒ පුංචි පැටවුන්ගේ කල දවස මොනවගේ වෙයිද කියලා හිතන්න පුඵවන්ද? බැරිවෙලාවත් අනතුරක් වුනොත් කවුද වැරදි කාරයා.  මේ අම්මා බොන්න බැරිනම් අරක්කු බැරල් එකක බැහැල හිටියත් කමක් නැහැ.  අරයට මෙයාට ඇගිල්ල දිගු වෙන්න කලින් ඒ අම්මා තමන් නිවැරිදි වුනානම් කෙතරම් වටිනවද නේද? මොකද ඊයේ අකුරැස්ස විභාග මධ්‍යස්ථානයකදී වයස  10ක දැරියක් දූෂණයට ලක්වෙලා ප්‍රවෘත්ති වලට දකින්න ඇතිනේ. මං හිතන්නේ තමන් කෙසේ වෙතත් තම දුවා දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.  මේ අපේ අනාගත පරපුරනේ.  හොද වෙලාවට අර ත්‍රීවීලර් රියදුරා හොද කෙනෙක්.  දෙදරු පියෙක්.  ඒ හින්දා කරදරයක් නැතිව ගෙදර ගියා. 


7 comments:

  1. බුදු අම්මේ මම නම් වයින් බීලා පිස්සු නැටුවෙ නෑ හොඳේ.

    ReplyDelete
  2. පිණිබිදු

    ඔයා බිව්වේ ගෙදරට වෙලා වගකිමක් ඇතිව. ඒත් මේ නොදරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්නෙ නේද? මාත් බීලා තියෙනවා. බැහැයි පමණ දැනගෙන

    ReplyDelete
  3. අම්මෝ මෙහෙමත් වගකීමක් නැති අම්මලා.පොඩි දරුවො දෙන්න ගෙත් ජීවිත විනාස කරල තමා එයා නම් පස්සබලන්නෙ.සංසාරේ.

    ReplyDelete
  4. බොන කවුරුත් පොඩ්ඩ පොඩ්ඩ තමයි පටන් ගන්නේ. අන්තිමට නැතුවම බැරි දවසක් ඒවි. එදාට ගෑණු පිරිමි බේද නැහැ. :D

    ReplyDelete
  5. අප්පෝ පුදුම අම්මා කෙනෙක් නේ. පොඩ්ඩක්වත් අර අහිංසක දුවලා ගැන හිතුවනම්.... පවු නේද ඒ ළමයි !!!!

    ReplyDelete
  6. ChAnDiKa

    ඔව් පුංචි දෙයින් පටන් ගෙන අන්තිමට මහා විනාශයක් වෙනකන්ම දන්නේ නැහැ.

    ReplyDelete
  7. මධුරංග....

    මාත් දැකපු ලොකුම දේ තමයි පුංචි කෙලි පැටව් දෙන්නගේ ජීවත අනතුරේ බව. ඔන්න ගෑනු ගන්නකොට හොදට හිතන්න ඕන කාරණා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!