Thursday, September 8, 2011

වෙච්ච ඇබැද්දියක්!!!!!!

ඔන්න ඉතිං දවසක් හොදින් හැද පැළදගත්තු අම්මා කෙනෙකුයි දුවෙකුයි ගෙදර යන්න බස් රියකට ගොඩවුණා.  මේ ගෑණු ළමයා ටිකක් ඇහැට කණට පේන දැරිවියක්. අවුරුදු දහඅටක විතර.  මේ දෙන්නටම වාඩිවෙන්න සීට් තිබුණේ නැහැ. අම්මාට විතරයි ඉදගන්න ලැබුනේ.  එයාට ලැබුනේ ජනේලය අයිනේ අසුනක්. දුව ඒ සීට් එක ලගින්ම හිටගෙන හිටියා.

අම්මාගේ ළග වාඩිවෙලා හිටියේ අවුරුදු විසි හතක අටක විතර තරුණයෙක්.  මේ අතර අර තරුණයා ටිකක් පහත් වුණා. ආයිත් පහත් වුණා.
ඔන්න ටිකක් දුර යනකොට දුව අමුතු විදියට බලන්න ගත්තා.  ටික වෙලාවකින් මේ ගෑණු ලමයා එක පාරටම කෑගහල උඩ පැන්නා.  කවුරුත් පුදුමයෙන් ඇහුවා මොකද? මොකද? කියලා.

“කවුද මගේ කකුල කෙනිත්තුවා යටින් අත දාලා....ළමයා මෙහෙම කියනකොටම ඇගේ අම්මා නැගිටලා ළග හිටපු තරුණයාගේ කම්මුල අත ගෑවා.  ඇය හයියෙන් මෙහෙමත් කීවා.

“උඹටත් අම්මෙක්, සහෝදරියක් එහෙම ඇති නේද, උඹලා වගේ වනචර යක්කු එක්ක කොහොමද අද රටේ කෙල්ලෙක් තනියෙන් පාරක යවන්නේ.  එතකොට අර ගෑණු ළමයා බොහොම අසීරුතාවකට පත්වුණා. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුණා.  කොහොම හරි ඉදිරි අසුනේ හිටපු මැදිවයසේ පුද්ගලයෙක් මේ දැරියටත් ඉදගන්න තමන්ගේ අසුන පිරිනැමුවා.  ගුටි කාපු තරුණයාට කරකියා ගන්න දෙයක් නැහැ. ඔහු අනිත් අයගේ මුහුණ බලන්න බැරිකමට බිම බලාගෙන වගේ හිටියා.

මේ අතර බස් රථයේ හිටපු අනෙක් මගීන් ඉහතකී තරුණයාට රවන්න ඔරවන්න පටන් ගත්තා. එකිනෙකා කසුකුසු ගගා ඔහුට ඇණුම් පද කිව්වා.  තමන්ගේ නිර්දෝෂී බව කියන්න වත් ඔහුට ඉඩක් ලැබුණේ නැහැ.  ඔහුට කියාගන්න පුළුවන් වුනේ “මම මොකවත් කලේ නැහැ.... කියලා විතරමයි.

කොහොම හරි ඊටත් පිටිපස්සේ ආසනයේ හිටපු අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්ට නින්ද ගිහින් හිටියේ. එයා හදිසියෙම ඇහැරිලා එයාගේ කකුල් දෙක ගාව තිබුණ මල්ල දිග ඇරලා බැලුවා. පස්සේ බස් එකේ සීට් අස්සේ නැතිවෙච්ච දෙයක් හොයනවා වගේ හොයන්න පටන් ගත්තා.  හොයලා හොයලා අන්තිමට

“ඔන්න ඔන්න නෝනා....කියලා මේ පුද්ගලයා සීට් එක යටින් අත දමලා නොනගෙ කකුල් දෙක ලගින්ම කකුඵවෙක් ඇදලා ගනිපි.

“හරි වැඩේ නෙවැ. මගේ ගෑණිට දරුවෙක්  ලැබෙන්න ඉන්නවා. ඉතින් එයැයි කකුළුවෝ කන්න ආසයි කියපු නිසා මේ කකුළුවෝ දෙතුන් දෙනා ගෙනියන්නේ. මට නින්ද ගිය පොඩ්ඩට උන් එළියට පැනපි. එතකොටයි බස්රියේ හිටපු හැමෝටම කාරණය තේරුම් ගියේ.

“අපරාදේ මේ මහත්තයාට දොස් කිව්වේ. ඒ කියන්නේ කකුළුවා තමයි අර ළමයාගේ කකුල අල්ලලා තියෙන්නේ. අපොයි නෝනෝ ඔහොම හොයා බලන්නේ නැතිව වැඩ කරන්න එපා. තව ඩිංගෙන් මහ විනාශයක් නෙවැ වෙන්නේ. බස් එකේ පිරිස එක්කාසු වෙලා මේ මහත්තයාට තඩි බෑව නම් එහෙම.

බසයේ මගීන් අර ගෑණු ලමයාගේ මව්ට දොස් කියන්නට විය.
“අනේ මට සමාවෙන්න.....කාන්තාව අර තරුණයාගෙන් සමාව ඉල්ලීය.  ලැජ්ජාව ඉවසාගත නොහැකි තැන අම්මාත් දුවත් අතරමගදීම බසයෙන් බැස ගියහ.


(සැබෑවටම අශීලාචාර අය ඉන්නවා. නමුත් හරියට නොදැන කෙනෙකුට දොස් කියන්න
හොද නැහැ නේද???

2 comments:

  1. බස් එකේ යන කකුලුවෙක් ගැන මම් ඔය ඇහුවමයි. අම්මෝ අර කොල්ලාට පොලෝ පලාගෙන යන්න හිතෙන්නැති නේ !!!
    පවු අප්පා අර කොල්ලා.

    ReplyDelete
  2. මධූ...

    මේ ඇත්තටම වෙච්ච සිද්ධියක්.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!