Sunday, September 11, 2011

වැඩිහිටි නිවාසයේදී

 
                                   
                                    බිරිදට දරුවනට සෙනෙහස            බෙදනවිට
                                    අප දෙදෙනාට ඉඩ නැත නුඹ       සෙනෙහසට
                                    නිදුකින් හිදිමි ලද නිවහන පියස            කොට
                                    නුඹ පොඩි පුතුය මතු භවයෙත්   හැදු       අපට

                                    දිව සැප දිව භොජුන් නුඹ වෙත    නොදුන්නට
                                    අත පය සවිය නැතිවද දිවි              ගෙවන්නට
                                    සිහිනෙන් දකිමි නුඹ කල සෙල්ලම්         කවට
                                    ආසයි පොඩි උන්ගෙ පොඩි දග        දකින්නට

                                    උගතකු කළා පින්බර පුතු                    මදිවාද
                                    පෙරකළ විදි දුක් ගැහැට              අමතක   වීද
                                    මව්පිය සෙනෙහසෙහි අඩුවක්           දැනුනාද
                                    අප දෙදෙනා බලන්නට එන්නේ          කවදාද

 

1 comment:

  1. දෙමවුපියන්ට සලකන්නේ නැති මහලු මඩම් වලට දාන එවුන්ට හරියන්නම එපා !!!!
    අපි එහෙම හිතුවට එයාලගේ දෙමවුපියෝ ඒ දරුවන්ට අහිතක් හිතන්නේ නෑනේ. තව තවත් හරියන්නමයි කියලා කියන්නේ. අන්න එහෙමයි දෙමවුපියන්ගේ ආදරේ.
    ලස්සන කවි සිතුවිල්ලක් අක්කේ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!