Thursday, October 11, 2012

කෙල්ල හොයාගන්නේ සුවදින්ලු!!!!!


දැන් මම කියන්න හදන්නේ ගද සුවද ගැන.  සුවද නම් ඉතින් කාටත් ඉමහත් සතුටක් ප්‍රබෝධයක් ලබා දෙන කාරණාවක්නේ.  ගද නිසා ඇති වෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් තත්වයක්.  මොනවා වුනත් අපිට වඩා ගද සුවද දැනෙන කට්ටියක් ඉන්නවා ඒ තමයි සතුන්.  ඒ අතින්නම් අපි බොහෝ සතුන්ගේ අහලකින්වත් තියන්නට බැහැ.  ඔවුන් ඒ තරමටම සංවේදියි. 

මේ අතිශය සංවේදී ඉන්ද්‍රියයන් නිසා ඔවුන්ගේ ආරක්ෂාව, වර්ගයා බෝ කිරීම, වගේ සේවාවන් ගණනාවක් මනා ලෙස ඉටු කරගන්නවා.  ඇතැම් කෘමී සතුන්ගේ ඇස් පෙනීමටත් වඩා මේ ගද සුවද දැනීමේ හැකියාව තියුණු නිසා ජිවිතය ගෙනයාමට බොහෝ සෙයින් උපකාරී වෙනවා.

ඔවුන් තමන්ගේ සහකාරිය හෝ සහකාරයා සොයා ගන්නේ පෙනුම නිසා නෙමෙයි.  සුවදෙනුයි.  ඇතැම් කෘමී සතුන් තමන් වෙතට සහකරුවෙක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක ශරීරයේ ග්‍රන්ථියකින් සුවදක් පිටකරනු ලබනවා.  මේ සුවදට වශී වෙලා තමයි ඔවුන් තමන්ගේ සහකාරිය සොයාගෙන දුරු කතර ගෙවාගෙන එන්නේ.  එක්තරා අවස්ථාවකදී මේ ගැන කරනු ලැබූ පර්යේෂණයකින් හෙළි වුනේ මෙම ඉන්ද්‍රිය ගලවාගෙන එය ගැහැණු සතා අසලම තැබූ විට පිරිමි සතුන් රොක් වෙන්නේ ගැහැණු සතා වටේ නොව අර ඉහතින් සදහන් කල ඉන්ද්‍රිය වටායි. වසර ගණනාවක්ම පර්යේෂණ කිරීමෙන් පස්සේ මහාචාර්ය ඇජෙල්ප් බියුටෙනාඩිටි සමත් වෙලා තියෙනවා මේ ගැහැණු සතුන් විහිදුවනු ලබන සුවද කෘත්‍රිම ආකාරයෙන් නිපදවන්න.  ඔහු ඒවා වීදුරු නලයකට ගල්වා බැලූ කල පිරිමි සතුන් එය වටා රොක්ව ඇති ආකාරය දකින්නට ලැබී තිබුනා. 

එක් කෘමි විශේෂයක් තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ ඇමතුමක් ලෙස ගනන්ගත හැකි සුවද විහිදුවන්නේ පිරිමි සතුන්.  ඇතැම් අවස්ථාවලදී එක් ගසකින් තවත් ගසකට යමින් ගස්වල කදවල් සිඹිමින් යන ඔමර මැස්සන් කවුරුත් දැක ඇතුවාට සැකයක් නැහැ.  ඔවුන් ඒ ආකාරයෙන් ගස්වල කද සිඹිමින් යන ගමන්ම එම ගස්වල යම් සුවදක් තවරනවා.  ඹමර මැස්සියන් මේ සුවද හදුනනවා.  මේ ආකාරයෙන් ගැහැණු සතුන් ගසෙන් ගසට යන විට අර සුවද දැනුනම තමන්ට සහකාරයෙක් එනතෙක් ඒ ගස වටා කැරකෙමින් සිටිනවා.  ඔමර මැස්සොත් නොවරදවාම සුවද තැවරූ තැන්වලට එනවා.  හුගක් කෘමී සතුන්ට ඉතාමත් සියුම් ආකාරයෙන් සුවද සගවා ගැනීමට හැකි ඉන්ද්‍රියයන් තිබේ.  හිසෙන් එන සිහින් කෙදි  මෙන් ඇති ස්පර්ශක මිනිසුන්ගේ නාසයට බොහෝ සෙයින් සමානයි.  නමුත් ඒවා පිහිටා තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමට නම් නොවෙයි.  සුවද හදුනා ගැනීමට පමණයි.  බැහැයි මේ කෘමී වර්ග වලට විශේෂ වූ වෙනස් වෙනස් සුවද තියෙනවා.  ඒවා තමන්ගේ වර්ගයාටම පමණක් ආවේනික වූ සුවද වෙයි.

මී මැස්සන් ගැන යමක් සදහන් කරනවා නම් ඔවුන් දකින දකින හැම මලකින්ම හිතුමතේ රොන් ගන්නේ නැහැ.  ඔවුන් එක් එක් මල් වර්ග තමන් අතර බෙදා වෙන් කරගෙන තියෙනවා.  මෙසේ බෙදාවෙන් කරගන්නට ඔවුන්ට ඒවායේ ඇති සුවද මහත් රුකුලක් වෙලා තියෙනවා.  ඒ සදහා ඔවුන්ට තියුණු ලෙස සුවද දැනීමේ ඉවක් තියෙනවා.  ඉන් ඔවුන් මහත් ළුල ප්‍රයෝජන ගනු ලබනවා.   

ටිකක් ඈතකට පියඹා ගිය මී මැස්සෙකුට තමන් රොන් ගන්නා ආකාරයේ මලක් හමුවූ විට නැවතත් මීයට පැමිණ නටනවා.  මේ නැටුම එම රොන් ඇති මල ඇති දුරත් එහි දිශාවත් අනිකුත් මී මැස්සන්ට කියාපාන ලකුණුය.  මේ නැටුම කරන අතරතුරේදී මි මැස්සෝ ඇවිත් උන්ගේ සියුම් ස්පර්ශය කර රොන් ඇති මල කුමන වර්ගයකට අයත් එකක්ද කියලා සොයා ගන්නවා.  මේ විදියට දැනගන්නේ නටන මී මැස්සාගේ සිරුරේ තැවරිලා තියෙන පරාග වලිනුයි.

කෘමීන්ට වගේම ආහාර සොයාගන්නට ක්ෂීරපායී සතුන්ටත් සුවද උදව් වෙනවා.  මාළුවන්ටත් සුවද හදුනාගන්නට ඉතා තියුණු හැකියාවක් තියෙනවා.  පරීක්ෂණ කිරීමට උන්ගේ ඇස් ඉවත් කලවිටත් සුවදින් තමන්ගේ වර්ගයේ මාළුන් සොයා කෑම සොයා ගැනීමට ඔවුන්ටත් හැකියාවක් තියෙනවා.  ආදාටද බල්ලාට වගේම තියුණු ඉවක් හා සුවදක් දැනීමේ හැකියාවක් තියෙනවා. 

මේ හැම දෙයක්ම සතුන්ට තිබුනත්  වැඩේ කියන්නේ මිනිහාට ඕක නොදැනෙන එකනේ!!!!!!


(පැරණි ලිපියකින් කරුණු සොයාගත්තා)

No comments:

Post a Comment

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!