මේ තොරතුරු ලොකු පොඩි කාටත් වැදගත් වෙයි කියලයි මට හිතෙන්නේ. මීට වඩා වෙනත් අදහස් එහෙම තියෙනවා නම් ලිපියේ අගට කමෙන්ටුවකින් එකතු කලාට වරදක් නැහැ. ඒක කාගෙ කාගෙත් දැනුම වැඩි කරගන්න රුකුලක් වේවි.
මොහොතින් මොහොත ගත වෙලා දවස් සති මාස විදියට අවුරුද්ද ගෙවිලා යනවා කියලා අපි කවුරුත් දන්නවා. ඒත් මේ අවුරුද්දට තියෙන මාස දොළහ එක එක රටවල් අනුව විවිධ විදියට නම් කරලා තියෙනවා. අපේ සිංහල ක්‍රමය අනුවත් මාස දොලහට විවිධ නම් ලැබිලා තියෙනවා. ඒවා අපි භාවිතා කලාට ඒ නම ලැබෙන්න හේතුව නොදන්නවා වෙන්නත් පුළුවන්.
අපි මාස දොලහ ඉංග්‍රීසියෙන් නම් ජනවාරි, පෙබරවාරි ආදී වශයෙන් නම් කරනවා. අපි නිතර භාවිතා කරන්නෙත් ඒ නම් තමයි. නමුත් සිංහල ක්‍රමයට අනුවත් මේ දොලොස් මහ අදුන්වන විදියක් තියෙනවා. ඒ දුරුතු, නවම්, මැදින් ආදී වශයෙනුයි.
ඔය ඉංග්‍රීසි විදියට වගේ නෙවෙයි අපේ සිංහල මාස් ක්‍රමය සකස් වෙලා තියෙන්නේ ඒ ඒ මාස වලදී කෙරෙන කාලගුනික දේශගුණික විපර්යාස නිසා රට අභ්‍යන්තරයේ කෙරෙන විවිධ වැවිලි හා වෙනත් කර්මාන්තයන් ගැන සලකා ගෙනයි.
දුරුතු මාසේ රාත්‍රී කාලය තද සීතලකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි දවල් කාලයේදී අවු රශ්මියේ අඩුවකුත් නැහැ. මේ නිසාම පරඩැල් පුළුස්සන මාසය යනුවෙනුත් අපේ ගැමියන් විසින් දුරුත්ත හදුන්වනු ලබනවා. මේ දුරුතු මාසයේ තියෙන කටුක දේශගුණය නිසා විවිධ වසංගත රෝග පැතිරීමේ අවදානමක්ද තියෙනවා. මේ මාසයේදී මිනිසාට වගේම ගස් කොලන් වලටත් සතා සීපාවුන්ටත් විවිධ අතවරයන්ට මුහුණ පෑමට සිදුවෙනවා. දුරුතු මාසයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ජනවාරි කියලා. ඒ ජනවාරි යන නාමය හැදිලා තියෙන්නේ ජානුස් කියන ග්‍රීක දෙවියෙක් මුල් කරගෙන කියලයි කියන්නේ.
මේ විදියට සීතල දුරුත්තේ ඇතිවන පීඩාවන්ට සහනයක් ලැබෙන්නට පටන් ගන්නේ නවම් මාසයේදීයි. ගමනට බිමනට වගේම විවිධ කාර්යයන් සදහාත් සුභ පල ගෙනදෙන නැකැත් යෙදෙන මාසයක් හැටියට මේ නවම් මාසය පිළිගනු ලබනවා. අනෙක් විදියකට කියනවා නම් “මාස යනුවෙනුත් නවම් මාසය නම් කෙරෙනවා. අළුත් අළුත් කර්මාන්තයන් ආරම්භ කරන නිසා “නවකම් යන වචනය කෙටි වෙලා නවම් යන වදන ව්‍යවහාරයට එකතු වුන බවක් කියනවා.
ඉංග්‍රීසියෙන් පෙබරවාරි කියලා කියන්නේ පෙබ්රුවා නම් දෙවගන මුල් කරගෙනලු.
මාර්තු මාසය ගැන කියවෙද්දි , මාර්තු මාසයට “ඔජිමෝදය කියලත් කියනවා. උදාවන වසරට හා ගෙවී යන වසරට මැදිවන නිසා මැදින් යන වචනය භාවිතා වන බව පැවසෙනවා.
කොහොම වුනත් මැදින් මාසය එතරම් කලබල සහිත මාසයක් නම් නෙමෙයි. ඒවගේම තමයි මැදින් මාසයේදී ඉතාමත් තද අවු රශ්මියක් තියෙන්නේ. යල කන්නය වපුරා හා හා පුරා එන අවුරුද්ද කන්නට අපේ ගම් වල උදවිය සැරසෙන්නේ මේ මැදින් මාසයේ ඉදලමයි.
“මාර්ස් කියන රෝම දෙවියෙක් නිසා බටහිර ලිත් මෙම මාසය March නැතිනම් මාර්තු කියලා නම් කලා.
බක් මාසය අපට සෞභාග්‍යෙයෙන් පිරුණු මාසයක්. තද අව් රශ්මියක් ඇතත් බක් මාසයේ අකුණු ගැනත් ගැමියන් අතර කතා බහක් ඇත. කෙසේ වෙතත් මල් මාසය යනුවෙන්ද බක් මාසය නම් කොට ඇත්තේද ගැමියන් විසින්මය. මද වශයෙන් වැසි ලැබෙන අතර බක් මාසය සියල්ල විවෘත කෙරෙන මාසයකි. අප්රි නම් දෙවියා නිසා මෙය අප්‍රේල් යයි නම් ලැබීලු.
“වීසා නම් නැකත මුල් වීම නිසා ආරම්භ වුන වෙසක් මාසය මුළු ලෝකයාටම ඉතාමත් සුව පහසුව දනවන හොද කාලයක් ලෙස හැදින්විය හැකිය. අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ තෙමගුල සිදු වූයේද මේ වෙසක් මාසයේදීය. වෙසක් මාසයේදී මහ වැසි ඇද හැලේ. මේ මාසයේදී ගස් කොළන් මලින් හා ඵලින් බර වෙයි. තවත් විදියකින් කියනවා නම් “ මේයා නම් ග්‍රීක දෙවගන නිසා මැයි යනුවෙන් නම් කෙරුනු බව සදහන් වෙයි.
තද අව්වක් හා තද වැස්සක් නැති මාසයක් ලෙස පොසොන් මස හැදින්විය හැකිය. නෙළුම් මලට ඇති පර්යාය නාමයක් අනුව “පුසුන් යන ශබ්දයෙන් පොසොන් යන්න පසු කාලීනව සැදුනු බව කියති. වෙලාවකට වැස්ස හා වෙලාවකට අව්ව වශයෙන් පොසොන් මාසයේදී කාලගුණය වෙනස් වෙයි. මුළු රට පුරාම උණුසුම් කාලගුණයක්ද පතුරවයි. “ජූනෝ නම් දෙවගනක් නිසා ජුනි යනුවෙන් හැදින්වුන බවක්ද කියවේ. එමෙන්ම අප රටට බුද්ධාගම ලැබුනේද පොසොන් මාසයේදීය.
දෙවියන් වෙනුවෙන් රට පුරාම උත්සව පැවැත්වෙන්නේ ඇසළ මාසයේදීයි. බෝසතානන් මව් කුස පිළිසිද ගත්තේත්, පළමු ධර්ම දේශනාව කරන ලද්දේත් ඇසළ මාසයේදීය. ඇතැම් පොත පතක සදහන් වන්නේ ආෂාඨ නැතිනම් පාළියෙන් ආසාලහ කියා හෝ ඇති වචනයක් බිදී විත් ඇසල යන්න සැදුනු බවකි. නිරිත දිග මෝසම් සුළග තිබුනද මේ කාලය වියළි කාලගුණික තත්වයක්ද පෙන්නුම් කරයි. ජුලි මාසය ශ්‍රේෂ්ඨ නරපතියෙකු වන ජුලියස් සීසර් නමින් නම් වී ඇත.
නිකිණි මාසයේදී විශේෂයෙන්ම සදහන් කල යුතු යමක් නැත. මේ මාසය ගැන මොනවා හෝ අදහසක් ප්‍රකාශ කිරීමත් නිකිණි සොයන්නා හාම වැඩකි. නික්ඛමානී නැතිනම් නික්මිය යුතුය යන්නෙන් නිකිණි යන නම සැදී ඇත. හිමාලයේ තාපසයින් සිය ගම් බිම් බලා නික්මෙන්නේ මේ කාලයේදීය. එතරම් වැස්සක් නැති ගොයම් පැසෙන කාලයක් ලෙසද මේ මාසය හැදින්විය හැකිය. වැටකේ මල් පිපෙන්නේ මේ කාලයටයි. ඔගස්ටස් සීසර්ගේ නාමයෙන් අගෝස්තු යන්න සැදී ඇත.
බිනර මාසයේදී ඉහත සදහන් මාස දෙකේදීම පැවති උනුසුම නැතිව යන්නට පටන් ගනී. බිනර මාසයේ වැසි වැටේ. බඩ ඉරිගු හා කුරහන් ගොවිතැන් සරුසාර වන කාලයෙකි මේ. ලතින් භාෂාවෙන් කියැවෙන හත්වැන්න යන තේරුම දෙන සැප්තැම්බර් යන නම විදේශීය ලිත් කාරයන් විසින් මේ මාසයට දෙන ලදී. ඈත අතීතයේදී හත්වැනි මාසය ලෙස නම් කොට ඇත්තේ සැප්තැම්බර් මාසයයි.
වප් නමින් හැදින්වෙන්නේ බිජුවට වැපීරීමයි. සමහර ගොවියන් ගොවිතැන් කටයුතු සදහා සූදානම් වන්නේ මේ මාසයේදීය. තද අව්වක් හෝ සීතලක් නැති හොද කාළගුණික තත්වයක් ඇති කාලයෙකි මේ. භික්ෂූන් වහන්සේලාට වස් විසීම සදහා බුදුන් විසින් කියූවේ මේ මාසයේදීය. අපරදිග ලිත් වලට අනුව අටවැන්න නිසා ඔක්තෝබර් යනුවෙන් නම් තබන ලදී.
සංස්කෘත භාෂාවෙන් “ඉල්වල යන වචනය නිසා මේ මාසය ඉල් නමින් හැදින්වී ඇත. රෙහෙණ පසුවූ විට මුවසිරස නැකතේ පිහිටා ඇති තරු පහට මත්තෙන් ඇති තරුවල “ඉල්වල කියනු ලැබෙයි.
මේ මාසයේදී සද පිරෙන හෙයින් පුරා සද දවසේ මේ ඉල්වල නම් තරු සදුට ලංවෙයි. මේ නිසා මෙනමින් හැදින්වූ බව පැවසේ. සුළග හා වර්ෂාවත් තද ලෙස පවතින කාලයෙකි.
නව වැනි මාසය යන ලතින් වදන නිසා නොවැම්බර් ලෙස හැදින්වෙයි. පැරණි සිංහල ලිත් ක්‍රමය අනුව නව වැනි මාසය උදුවප් ලෙස හැදින්වෙයි. මෙයට හේතුව නම් පෙර අතීතයේ ඉදන්ම අපි මාස් ක්‍රමය වහරන්නේ බක් මාසයේ සිට හෙයිනි. උදු වපුරනු ලබන්නේ මේ මාසයේ නිසා උදුවප් ලෙස හැදින්වෙයි.
දෙසැම්බර යනු ලතින් භාෂාව අනුව දසවැනි මාසයට කියන නමකි. එය ඩිසෙම් යන ලතින් වචනයෙන් බිදී ආවකි. ලංකාවාසීන් වන අපට දෙසැම්බරය වැදගත් මාසයකි. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීම, මෙහෙණි සස්නේ ආරම්භය ආදී කාරණා නිසාය.
මේ දේවල් ටික නම් මාත් දැන ගත්තේ අදමයි.
ReplyDeleteගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ දේවල් බෙදාගත්තට.
සෑහෙන්න වැදගත් ලිපියක්... ඇත්තටම මේ වගේ ලිපි සර්වකාලීනයි... ගොඩාක් ස්තුතියි මහන්සි වෙලා කරුණු හොයලා මේ වගේ ලිපියක් පළ කලාට... ජයවේවා !!!
ReplyDeleteස්වභාදහම් ගොවිතැනට අවතීර්ණ වන්නට වෙරදරන මට මහත් රුකුලක් මේ ලිපිය. ස්තුතියි ඔබට.
ReplyDeleteස්වභාදහම් ගොවිතැනට අවතීර්ණ වන්නට වෙරදරන මට මහත් රුකුලක් මේ ලිපිය. ස්තුතියි ඔබට.
ReplyDelete