බර වැඩිද මන්දා
දුවේ නුඹගේ සටහනක් මත
වැටී බොදවී වියැලිලා තිබුණා
පුංචි කරදහි තීරුවේ නුඹ
ඇන්ද රූපය ඇයිද මෙලෙසින්
පොත් මිටිය අතරේ රුවාගෙන
සෙමෙන් ඉකිබින්දේ
කොතෙක් හැඩුවත් පුංචි දෝණී
අම්මා යළි නෑ නුඹ ලගට එන්නේ
මෙලෙස අප අතහැර ගියේ
වෙන කැදැල්ලක් තනන්නයි විගසින්
පිදූ සෙනෙහස රකින්නට බැරිවී
ඇය පලාගොස් නුඹට මට රහසින්......!
කවදාහරි ඒ අම්මට තේරේවි එයා කරපු වැරැද්දෙ බරපතලකම. මොකද දුවෙක්ට අම්මා කෙනෙක් අනිවාර්යෙන්ම එයාගේ හෙවනැල්ල වගේ ඉන්ඩ එපැයි !!
ReplyDeleteදරුවෙක් වැදූ පමණින්ම ඇය මවක් වෙනවාද කියන එක ගැටළුවක්
ReplyDeleteඅම්මලා කියලා කියන්න බැරි ගැහැණු...
ReplyDeleteමධු...
ReplyDeleteඇත්තමයි මල්ලි, දරුවෙක්ට අම්මා තරම් හොද යෙහෙළියක් කොතැනකවත් නැහැ.
හසිත,
ReplyDeleteඔයාගේ කතාව හරියටම හරි.
නිම්ෂා
ReplyDeleteමේ වගේ අය එදා වගේම අදත් හෙටත් ඉදීවි. අහන දකින දේවල් වලින් මගේ හිතට නැගුන අදහසක් මේ. ඒත් අම්මා කෙනෙක් දාලා ගියාට පස්සේ දරුවෙකුගේ ඇත්ත තත්වය මේකයි.
හ්ම්ම් ලස්සනයි වගේම දුකයි
ReplyDeleteපිණිබිදු
ReplyDeleteස්තුතියි ඔයාට!!!