රෝම අධිරාජ්‍යයේ අවසාන පාලකයා නීරෝ නම් විය. රෞද්‍ර පාලකයෙක් වූ නිරෝ තමන්ගේ අවසානය වනතෙක්ම සිය රාජ්‍යය එක්තැන් කිරීමේ කාර්යය ගෙන ගියේ රුදුරු වෙසක් ගනිමිනි. ඔහු කෙතරම් කෘෘර පාලකයෙක් වුවද බොහෝ කාර්යයන්හි නිපුනත්වයක් දැක්වූ පුද්ගලයෙකි.
කෙසේ වෙතත් නීරෝට තිබූ මේ දුෂ්ට ගතිගුණ සිය පරම්පරාවෙන් ලැබුනු දායාදයන් ලෙස සැලකූහ. අතිශය රූමත් කාන්තාවක් වූ ඔහුගේ මව ඉතාමත් දුෂට ගතිගුණ වලින් හෙබි කාන්තාවකි. ඇය නමින් ඇග්රිපිනා නම් වූවාය. තමන්ගේ විනෝදය පතා සිය ගණනක් මිනිසුන් අති අමානුෂික ලෙස වධ හිංසාවන්ට ලක්කොට ඉන් මහත් ආස්වාදයක් ලැබූ කාලිගුල්ලා නම් අධිරාජයාගේ සොයුරිය ඇයයි. නීරෝගේ බාප්පාටත් වස පානය කිරීමට දී මරණයට පත්කරනු ලබන්නේ ඇයයි.
එපමණක්ද නොවේ මිනිසුන් කිහිපදෙනෙකුම මරණයට පත්කල ඔහුගේ පියාටත් තිබුනේ එවැනිම දුෂ්ට ගතිගුණයන්ය. ඔහු මියයන විට නීරෝගේ වයස යන්තම් අවුරුදු 3 සම්පූර්ණ වූවා පමණි.
සිය පියාගේ මරණින් පසු කරණවෑමියෙකුගේ භාරයේ වැඩුනු නීරෝ ඉපදුනේ ක්‍රි.පූ. 37දිය. ඇග්රිපිනා , ක්ලෝඩියස් අධිරාජයා සමග විවාහ වීමෙන් පසු නීරෝ තමන්ගේ දරුවෙකුමෙන් හදා වඩා ගන්නට ක්ලෝඩියස් අධිරාජයාව කැමති කරවාගත් ඇය, ඔහුගේ පුත්‍රයා වූ බ්‍රිටැනිකස් වෙනුවට නීරෝ ඔටුන්න හිමි කුමාරයා බවටත් ක්ලෝඩියස් අධිරාජයා ලවා ප්‍රකාශ කරවා ගැනීමට සමත් වූවාය. එම කරුණු කෙසේ වුනත් ක්ලෝඩියස් කෙරේ දැඩි විශ්වාසයක් නොතැබූ ඇග්රිපිනා ඔහු තමන්ගේ අදහස වෙනස් කිරීමට පෙර මරා දැම්මාය. ඉන්පසුව තමන්ගේ දහසය හැවිරිදි පුතු රෝමයේ අධිරාජයා ලෙස ප්‍රකාශ කළාය.
රෝම අධිරාජ්‍යය බ්‍රිතාන්‍යයේ සිට මොරොක්කෝව දක්වාත්, අත්ලන්තික් මුහුදේ සිට කැස්පියන් මුහුද දක්වාත් විහිදී තිබුණා. රෝමය තමයි එහි මධ්‍යස්ථානය වුනේ. එහි මුළු බලයම එක්තැන් කල අසහාය පාලකයා වූ නීරෝගේ බලය රදා පැවතුනේ විශාල හමුදාවක් මතයි. සෙනෙට් සභාව බල රහිත වූ අතර මහජනයාගේ පැත්තෙන් ගත්තහම ඔවුන්ට කිසිම බලයක් තිබුනේ නැහැ. සියලුම නීති සම්පාදනය කලේත්, පාලනය කලේත්, ප්‍රධාන විනිසුරුවරයා වූයේත්, පූජකයා වූයේත් නීරෝමයි. කොටින්ම කිවුවොත් ඒතන තිබුනේ වන් මෑන් ෂෝ එකක්ලු.
ක්ලෝඩියස්ගේ පුතා බ්‍රිටැනිකස් තමන්ගේ පියාගේ කිරුළට හිමිකම් කීමට උත්සාහ ගනීවි කියලා හිතපු නීරෝ ඔහුව මරා දැමීමට තීරණය කලා. බ්‍රිටැනිකස්ට වස දාපු මද්‍යසාර පොවලා දාහත් හැවිරිදි ඔහුව මරණයට පත්කලා. මේක තමයි නීරෝගේ පළමු මිනී මැරුම ලෙස රෝම ඉතිහාසයේ වාර්තා වෙන්නේ.
නමුත් ඔහුගේ මරණින් පස්සේවත් නීරෝට සම්පූර්ණ බලයම ක්‍රියාවේ යොදවන්නට හැකියාවක් තිබුනේ නැහැ. තමන්ගේ මව වූ ඇග්රිපිනා රෝම අධිරාජ්‍යෙය් අග රාජිනිය ලෙස කටයුතු කිරීමට උත්සාහ කළ නිසයි මෙවන් තත්වයක් උදාවුනේ. තමන්ගේ මෑනියන් මෙලෙස හැසිරීම තමන්ගේ කටයුතු වලට බාධායක් විදියට හිතපු නීරෝ එය වලක්වන්නට දුෂ්ට උපායක් කල්පනා කලා. මුහුදු බඩ ප්‍රෙද්ශයක පවත්වන උත්සවයකට තමන්ගේ මෑණියන්ට ආරාධනාවක් කල නීරෝ එහිදී ඇය ඉතාමත් සතුටට පත්කොට කලින් කරන ලද කුමන්ත්‍රණයක් මගින් සාගරය මැදදී විනාශ වෙලා යන විදියට විශේෂයෙන්ම හදපු ඔරුවකට ඈව නංවා නිවෙස කරා එව්වා. රාත්‍රියේදී ගැඹුරු දියේ ගමන් කරමින් තිබු එම ඔරුව හදිසියේම විනාශ වෙලා ගියා. නමුත් වෙරළට පීනා ආ ඇග්රිපිනා, එය නීරෝ තමන්ට ඇටවූ උගුලක් කියලා තේරුම් අරගෙන පසුදා උදෙන්ම තමන් ඒ දරුණු අනතුරින් බේරුනු බව සිය පුතුට දන්වා යැවුවා. නමුත් පසුව නීරෝ තමන්ගේ මෑණියන්ව මරා දැම්මා. මේ විදියට තමන්ගේ මෑණියන්ව මරා දැමීමෙන් නීරෝ කොයිතරම් කෘෘර පාපතරයෙක්ද කියලා මුළු ලොවටම පෙන්වා දුන්නා.
නීරෝගේ තරුණ ජීවිතයත් අපූරු සිද්ධීන්ගෙන් පිරුණු එකක් වුනා. ඔහුට අවුරුදු 15දී ක්ලෝඩියස්ගේ දහතුන් හැවිරිදි දියණිය වූ ඔක්ටාවියා කුමරිය සමග විවාහ වුනා. ටික කාලයකින්ම ඔහු ඒ කුමරිය පිළිකුල් කොට රාජ්‍යෙයන් පිටුවහල් කරනු ලැබුවා. ඉන්පසුව ඇයවත් මරා දමනු ලැබුවා. දෙවන වරට ඔහු විවාහ වුනේ පොපයා නම් වූ කුමරියයි. තමා පමා වෙලා මාලිගයට පැමිණි අවස්ථාවක ඉන් කෝපයට පත්වූ නීරෝ ඇගේ ජීවිතයත් සදහටම නිහඩ කලා. ඔහුගේ තුන්වන බිරිද කලින් විවාහ වෙලයි හිටියේ. ස්ටාටිලා නම් වූ ඇයව ලබා ගැනීම සදහා ඇගේ නීත්‍යානූකූල ස්වාමියාව මරා දමන්නට නීරෝ පසුබට වුනේ නැහැ.
නීරෝගේ පාලන කාලයේදී නිකුත් කරපු තඹ කාසියේ ඔහුගේ රූපය සටහන් වෙලා තියෙනවා. ( හැබැයි මේ කතා අහනකොට රූපය දකිනවා තියා ඒ පැත්ත බලාගෙන බත් කන්නවත් හිතෙන්නේ නැහැ නේද?) ඒ අනුව වැඩුනු ගවයෙකුගේ ගෙල වගේ ග්‍රිවයකුත්, ඉදිරියට නෙරා ගිය පළල් නළල් තලයකුත් දැඩි මුඛයකුත් ඔහුට තිබුනා. ඔහුගේ දෙනෙත් අළු පැහැයක් ගත් අතර කෙස් දිය රැළි වගේ කැරළි ගතියකින් යුක්තව පිහිටා තිබුනා. ඇතැම් කාසිවල දගරයක් වගේ රැවුලක් තිබුන බවකුත් සදහන් වෙනවා.
නීරෝගේ රාජ්‍ය පානලයේ මුල් කාලය ඉතාමත් සමෘද්ධිමත් හා සාමකාමී ලෙස ගතවූ බව සදහන් වෙනවා. ඔහුගේ ගුරුතුමන්හා උපදේශකයා වූ සෙනිකා ගේ උපදෙස් අනුව යමින් රාජ්‍යය තුල බදු ප්‍රමාණය අඩු කලා. දුප්පත් මිනිසුන්ගේ තත්වය නගාසිටුවීමට කටයුතු කලා. දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් විදේශයන්හි ආණ්ඩුකාරයන් විදියට පත්කලා. එසේම නීරෝත් ඉතාමත් උනන්දුවෙන් හා උද්යෝගයෙන් යුතුව කටයුතු කලා.
නීරෝගේ අනෙක් දක්ෂතා ගැන කතා කරනවා නම් ඔහු කුඩා කාලයේ ඉදන්ම කලාව කෙරෙහි විශේෂ නැඹුරුවක් දැක්වූ පුද්ගලයෙක්. චිත්‍ර ඇදීමේදී මහත් දස්කම් දක්වා ඇති ඔහු ප්‍රතිමා නෙලීමට හා සංගීතය කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වූවා. සාහිත්‍ය කෙරෙහි ඇල්මක් දක්වපු ඔහුගේ අතින් නිර්මාණය වූ කාව්‍ය රචනා ඉතා උසස් මට්ටමක වූ බව කිව යුතුමයි. ඔහු සංගීතය ඉගෙන ගත්තේ රෝමයේ සිටි දක්ෂතම සංගීතඥයාගෙනුයි.
ඔහු මාලිගාවේ උයන් වතුවල නිතරම විවෘත රගමඩල සාදවා ඒවායේ නොයෙකුත් වැයුම් ගැයුම් කිරීමට මහජනතාව පෙළඹෙවුවා. ඒවගේම සංගීත වැඩසටහන්වලට ඔහු නිතර ඉදිරිපත් වුනා.
කලාව හා සාහිත්‍ය පමණක් නොවෙයි ක්‍රීඩාව කෙරෙහිත් ඔහුගේ දක්ෂතා පැහැදිලිවම පෙනෙන්නට තිබුනා. ඔහු අශ්වරථ ධාවනයෙහි හසලයෙක් වුනා. පසු කාලයක පමණ ඉක්මවා වියදම් කිරීමට පෙළඹුන ඔහු නගර, නැව්, ගොවිපළ ආදී වටිනා දේ පරදුවට තබමින් සූදු කෙළියටත් යොමු වුනා. සිය ගණන් රිය මැදිරි ඇති අසුන් යොදාගෙන විනෝද ගමන් යන එක පුරුද්දක් කරගත්තා. මේ විදියට විය පැහැදම් කිරීම නිසා ඔහුට හමුදාවේ නිලධාරීන්ට වැටුප් ගෙවීමට හැකියාවක් තිබුනේ නැහැ. අන්තිමේදී ඔහු කලේ බොහෝ පොහොසතුන්ගේ දේපළ හා ධනය රාජසන්තක කිරීමයි. එක අවස්ථාවක අප්‍රිකාවේ හා රෝමයේ ඉඩම් හිමි ධනවතුන් හය දෙනෙකු මරා දමා ඔවුන්ගේ දේපොළ කොල්ලකනු ලැබුවා. පූජනීය ස්ථානවල තිබුණ වස්තුව සොරා ගත්තා.
ක්‍රි.පූ. 64 ජුලි 18 වෙනිදා රාත්‍රියේ දී රෝම නගරයේ ඇති කඩ සාප්පු සමූහයකින් ආරම්භ වෙච්ච ගින්නක් මොහොතකින් මුළු නගරයම වෙලා ගත්තා. නීරෝ රෝම නගරය දැවෙද්දී ඒ දිහා බලාගෙන වීණාව වාදනය කරමින් බොහෝම විනෝදයෙන් කාලය ගත කලා. මේ ගින්න සතියක් පුරාම පැතිර ගියා.
පසුව විනාශ වුන රෝම නගරය නැවත ගොඩනගන්නට ඔහු මහත් උනන්දුවකින් කටයුතු කලා. මංමාවත්, ගොඩනැගිලි, උයන්වතු, පොකුණු මිදි වතු ආදිය තනා රෝම නගරය“ නීරෝ පොලිස් යනුවෙන් නම් කලා. ඉතාමත් අලංකාර විදියට තනා නිම කරන ලද නගරය සුරපුරක් විදියට තමයි දිස්වුනේ. නගරය මැද අලංකාර විදියට මාලිගාවක්ද තනා නිම කලා. අඩි එකසිය විස්සක් පමණ විශාල තමන්ගේම ප්‍රතිමාවක් මේ මාලිගාවට පිවිසෙන දොරටුව ඉදිරියේ ඉදි කලා. ඔහු මේ මාලිගාව හා ප්‍රතිමාව ඉදිකිරීමෙන් පසුව ඒ දිහා බලාගෙන බොහොම විවේකී සුවයෙන් කල් ගෙවූ බව තමයි සදහන් වෙන්නේ.
මේත් එක්කම නීරෝ අධිරාජයාට මහජනතාවගෙන් එල්ලවන චෝදනාවන් වැලැක්වීමට හැකියාවක් තිබුනෙත් නැහැ. නීරෝ උවමනාවෙන්ම නරගයට ගිනි තිබ්බා කියලා ඔවුන් ප්‍රසිද්ධියේම චෝදනා කරන්නට පටන් ගත්තා. ඔහුගේ අලුත් මාලිගාව හදන්නට මෙසේ කල බව තමයි ඔවුන් කිවුවේ. මුළු රාජ්‍යය පුරාම නොසන්සුන්තා ඇති වෙන්නට පටන් ගත්තා. ඔහු මේ වරද ක්‍රිස්තු භක්තිකයන් පිට පැටෙව්වා. එසේ වරද පැටවූ පසු ඔවුන්ට බොහෝ සේ වද හිංසා පැමිණෙවුවා.
මේ විදියේ අමානුෂික ක්‍රියාවන් නිසා ජනතාව බොහෝම කලකිරීමෙන් තමයි හිටියේ. ඔහුට බොහෝ සතුරන් ඇතිවුනා. නීරෝගේ රාජ්‍ය පාලනයේ අවසාන කාලය ඉතාමත් භයානක හා අමානුෂික මුහුණුවරක් ගත්තා. තමන්ගේ වටේ සිටින අය කෙරෙහි අංශු මාත්‍රයක හෝ සැකයක් ඇතිවුවහොත් ඔවුන්ට විවිධ වධ දී මරා දමන්නට කටයුතු කලා. ඇතැම් පුද්ගලයින්ට සිය දිවි නසා ගන්නට අණ කලා. තමන්ගේ උපදේශකයා හා ගුරුවරයා වූ සෙනිකාගේ තත්වයත් මීට වඩා වෙනස් වුනේ නැහැ. නීරෝ විසින් ඔහුගේ වැලමිට කපා දැමීමට අණ දුන්නා.
සෙනෙට් සභිකයින්, ආරක්ෂක භටයින් මේ ආදි සියලුම තනතුරු වලට අයත් වූවන් මේ වදහිංසා වලට ලක්වුනා. ඔවුන්ට තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට හැකියාවක් හෝ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.
මේ කෘෘරකම් විදගන්නට අපොහොසත්වුනු වැසියන් ඔහුට විරුද්ධව සටන් පාඨ හැම තැනකම ඇලෙව්වා. අවසානයේදී ගවුල් නම් ස්ථානයේදී රෝම හමුදා අධිරාජයාට විරුද්ධව කැරළි ගැසුවා. මේ කැරැල්ලට අප්‍රිකාවේ හා ස්පාඤ්ඤයේ හමුදාවන් පවා එකතු වුනා.
රෝම නගරය හමුදාව විසින් අල්ලා ගත්තාට පස්සේ තමන්ව ආරක්ෂා කරන්නැයි මාලිගාවේ ආරක්ෂක භටයින්ගෙන් නීරෝ ඉල්ලා සිටියත් ඔවුන්ද ඔහුව හැර ගියා. මහජනයාගෙන් තමන්ට සමාවක් ඉල්ලා දෙන ලෙස කියමින් ලියවිල්ලක් සකස් කල නීරෝ එය ප්‍රකාශ කිරීමට මහජන ගැලරිය වෙත යාමට බියක් දැක්වූවා.
පසුව අසුපිට නැග රහසේම පලාගිය නීරෝ තමන්ගේ මාලිගාවේ සේවය කල වහල් මිනිසෙකුගේ නිවසට ගොස් එහි සිටියවුන්ගෙන් තමා වැළලීමට එම නිවස පිටුපස වලක් කපන ලෙස ඉල්ලීමක් කලා. ඔවුන් එසේ කරන අතර තමයි නීරෝ පොදු ජනතාවගේ හතුරෙක් විදියට සලකලා සෙනෙට් සභාව විසින් තීන්දුවක් දුන් බව දන්වමින් හසුන් පතක් පණිවුඩ කරුවෙකුගේ මාර්ගයෙන් ඔහුට ලැබෙන්නේ. තමන්ගේඉනේ හංගාගෙන හිටිය කිනිස්ස දිහා බලාගෙන හිටියත් ඔහුට ඉන් ඇන ගැනීමට තරම් ධෛර්යයක් තිබුනේ නැහැ.
ඒත් එක්කම අසුන්ගේ කුර හඩක් ඇසීමෙන් තමන් සැගව සිටින ස්ථානය තමන්ගේ සතුරන් විසින් දැනගෙන සිටින බවත්, තමාව පාවා දී ඇති බවත් තේරුම් ගත් නීරෝ අතේ තිබුණ කිනිස්සෙන් තමන්ගේ බෙල්ලට ඇණගත්තා. මහා අධිරාජයෙකු, සංගීතඥයෙකු, ප්‍රතිමා ශිල්පියෙක්, ක්‍රීඩකයෙක් සංගීතකරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් නීරෝ රෝම ඉතිහාසයේ නොමැකෙන නමක් සනිටුහන් කරමින් සදහටම මෙසේ දෙනෙත් පියා ගත්තා.
හරිම ලස්සනට වටිනා ආකාරයට ලියලා තියෙනවා.., රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කලා කියලා අහලා තිබුණත් ඊට හේතුභූත වෙච්චි කාරණාව අදයි දැනගත්තේ..,
ReplyDeleteතව දෙයක්,
ඇගිපිරිනාගේ සොහොයුරා කලිගුල්ලා නොව කලිගියුලා නේද?
ඒ මට මතක හැටි..!
ස්තූතියි..!
Lishan
ReplyDeleteස්තුතියි ඔයාට මම හරියටම සොයා බලලා ඒක වෙනස් කරන්නම්.
වටිනා විස්තර සහිත ඉදිරිපත් කිරීමක්.
ReplyDelete