Saturday, June 9, 2012

පලාගිය සෙනෙහසක්....!!!!!


පුංචි දෑසට ඉනූ කදුලැලි
බර වැඩිද මන්දා
දුවේ නුඹගේ සටහනක් මත
වැටී බොදවී වියැලිලා තිබුණා

පුංචි කරදහි තීරුවේ නුඹ
ඇන්ද රූපය ඇයිද මෙලෙසින්
පොත් මිටිය අතරේ රුවාගෙන
සෙමෙන් ඉකිබින්දේ
කොතෙක් හැඩුවත් පුංචි දෝණී
අම්මා යළි නෑ නුඹ ලගට එන්නේ

මෙලෙස අප අතහැර ගියේ
වෙන කැදැල්ලක් තනන්නයි විගසින්
පිදූ සෙනෙහස රකින්නට බැරිවී
ඇය පලාගොස් නුඹට මට රහසින්......!


8 comments:

  1. කවදාහරි ඒ අම්මට තේරේවි එයා කරපු වැරැද්දෙ බරපතලකම. මොකද දුවෙක්ට අම්මා කෙනෙක් අනිවාර්යෙන්ම එයාගේ හෙවනැල්ල වගේ ඉන්ඩ එපැයි !!

    ReplyDelete
  2. දරුවෙක් වැදූ පමණින්ම ඇය මවක් වෙනවාද කියන එක ගැටළුවක්

    ReplyDelete
  3. අම්මලා කියලා කියන්න බැරි ගැහැණු...

    ReplyDelete
  4. මධු...

    ඇත්තමයි මල්ලි, දරුවෙක්ට අම්මා තරම් හොද යෙහෙළියක් කොතැනකවත් නැහැ.

    ReplyDelete
  5. හසිත,

    ඔයාගේ කතාව හරියටම හරි.

    ReplyDelete
  6. නිම්ෂා

    මේ වගේ අය එදා වගේම අදත් හෙටත් ඉදීවි. අහන දකින දේවල් වලින් මගේ හිතට නැගුන අදහසක් මේ. ඒත් අම්මා කෙනෙක් දාලා ගියාට පස්සේ දරුවෙකුගේ ඇත්ත තත්වය මේකයි.

    ReplyDelete
  7. හ්ම්ම් ලස්සනයි වගේම දුකයි

    ReplyDelete
  8. පිණිබිදු

    ස්තුතියි ඔයාට!!!

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!