අපේ ගමේ ළමයි දෙදෙනෙක් සිටියා. නුදුරු ගෙවල් දෙකක විසූ ඔවුන් හැදින්වූයේ ලැන්තෝ හා ලිතෝ යන නම් වලිනි. “හාවා, “තොප්පියා යන නම් වලින්ද ඔවුහු හැදින්වූහ. ඒ නම් වලින් ඔවුන් හැදින්වූයේ ඇයිදැයි මම නොදනිමි.
ලැන්තෝ සහ ලිතෝ නැණ නුවණින් ශක්තියෙන් වයසින් සහ උසින් බොහෝ දුරට සමාන වූහ. ඔවුහු දෙදෙනා පවුල්වල බාලයන් වූහ. ලැන්තෝගේ පියා මිනිරන් පතලකත්, ලිතෝ ගේ පියා රන් ආකරයකත් රක්ෂාව කලහ. එබැවින් කිසිවෙකුට තමන් ගැන පුරසාරමි කීමට දෙයක් නොවීය. යහඵවන් අතර වූ එක් වෙනස් කමක් නම් ලිතෝ තම විරුද නාමයට අකමැති වූ මුත් ලැන්තෝ එය හිතවත් කමේ ලාංජනයක් ලෙස සිතීමය.
“මට කිසි දෙයක් නැහැ. අලුත් තොප්පියක් හදා දෙන්න. තාත්තාට ඇත්තේ පරණ හම් තොප්පියකැයි කියමින් අලුත් තොප්පියක් සාදා දෙන ලෙස මවට ලිතෝ ඇවිටිලි කලේය.
ඇතැම් අය ලැන්තෝට “ හාවා කීම බොහෝ විට අරගලවලට හේතු විය. උඹට හොද හාවෙක් දෙන්නම් කියමින් ලැන්තොට පලමුව පොරට පනින්නේ ලිතෝය. ලිතෝ එතරම්ම ලැන්තෝට හිතවත් විය.
ඔවුන් දෙදෙනා රණ්ඩු කර ගත්තත් ඒ තරහ වැඩි වෙලා පවතින්නේ නැත. ඔවුහු පෙර ලෙසම මිතුරුව එකටම ජීවත් වෙති.
පවුල්වල බාලයන් වූ මොවුන් නිතරම කෙළි සෙල්ලමෙන් කාලය ගත කලහ. බොහෝ විට ගෙවලට පැමිණෙන්නේ අදුරු වැටුණායින් පසුවය. එසේ එන දිනවල “ මුං මුඵ දවසම රස්තියාදු වී ගෙදර එනවා යි දෙමාපියන් බැණ වැදුන වාර අපමණය.
ශීත සෘතුවේදී ඔවුනට කොහේවත් යෑමට නොහැකි විය. වෙනදාමෙන් පන්දු ගැසීමටවත් කදු නැගීමටවත්, මාළු ඇල්ලීමටවත් හිම මිදීම නිසා අසීරු විය. ගීස්ම සෘතුවේදී කළ කී දෑ කථා කරමින් කාලය ගත කරන්නට මේ නිසා ඔවුනට සිදු විය.
අලුත් අවුරුද්නේ ශාස්තු කීම එක් චාරිතුයකි. දිනක් එම චාරිතුය අනුව ගැමි ගැහැණියක් ලිතෝගේ ගෙදරට ආවාය. ලිතෝගේ අක්කා වන මරුෂ්කා මේ පලාපල ගැන තදින්ම විශ්වාස කලහ. ගැහැණුන්ගේ මේ පලාපල ඇසීම දැකීමට ළමෝ පිුය කරති. එහෙත් ඔවුහු පැමුණුනොත් ගැහැණු ඔවුනට බැන පලවා හරිති. මෙදින ද මරුෂ්කා ලිතෝට බැන ටොකු ඇන එලවා දැම්මාය.
මරුෂ්කාගේ කටහැකර කම නිසා කිසිම තරුණයෙක් ඇයට ආදරය නොකළ බැවින් විවාහ වන වයසද ඉක්ම ගොස් තිබිණ. එබැවින් ඇය පසුතැවිල්ලෙන් සිටියාය. “ගැහැණියගේ වාසනාව බැලීමට නියම කුමයක් තිබේ. ශාස්ත කාරිය කීවාය. “ඒ මොකක්දැයි තව එකියක් ඇසුවාය.
තමන්ට ලැබෙන්නේ කොහොම පුරුෂයෙක් දැයි බැලීමට නම් කළ යුත්තේ මධ්‍යම රාතියේ සියල්ලන් නින්දට ගිය පසු පලාවක් පියස්සේ එල්ලා තැබීමයි. අනෙක් අය නැගිටින්නට පෙර එය ගලවා එහි ඇතිවී ඇති සළකුණු පරීක්ෂා කළ යුතුය. එම සළකුණුවලින් සියල්ල පෙනේ යයි ශාස්තු කාරිය කීවාය.
“ඒ කොහොමදැයි තව එකියක් ඇසුවාය.
“හිසකේ ගසක් පනාවේ තිබුණොත් ඒ අවුරුද්ද ඇතුළත විවාහයක් සිදුවන්නේය. එසේ නොතිබුනොත් එයින් හිමියෙකු නොලැබෙන බව හැගෙන්නේ යයි කීවාය. හිසකේ ගසින් තමන්ට ලැබෙන සැමියා කොයි වගේදැයි දැනගැනීමට හැකි යයිද ඈ කීවාය.
උදුන උඩ සිටි ලැන්තො හා ලිතෝ මේ කතාව සම්පූර්ණයෙන්ම අසා ගෙන සිටියහ. මරුෂ්කා තම වාසනාව මේ ආකාරයෙන්ම අත්හදා බලාවි යයි දෙදෙනාටම සිතිණ. තමන්ට බැණ පලවාගත් එකේ පලිය ගැනීමට සිතූ ඔවුහු ඇයට රිදීමක් කිරීමට ඉටා ගත්හ. එදින ලිතෝද ගෙදර නොගොස් ලැන්කෝ සමග නතර වූයේය.
මරුෂ්කා සියල්ලන් නින්දට ගිය පසු දොර ඇර අටුවට නැග ශාස්ත කාරිය කී අයුරින්ම පියස්සෙහි පනාව එල්ලුවාය. ඇය පසුපස හොරෙන් ගිය ළමෝද ඈ කළ සියල්ල දුටුවෝය. ඉන්පසු පනාව එල්ලූ තැන ලකුණු කර පැමිණි යහඵවෝ දෙදෙන පැලට ආහ.
ඉක්බිති ශිතලෙන් හෝ බියෙන් වෙව්ලූ මරුෂ්කා ටික වේලාවකින් නිදා ගත්තාය. ළමයි පමාවූයේ ඈ නිදාගන්නා තෙක් පමණි. ඈ නිදාගත්තාට පසු ඔවුහු පියස්සේ එල්වා තිබූ පනාවෙන් අශ්ව වලිගයක් පීරූහ. ඔවුනගේ නිර්භීතකම නිසා මෙය කෙළේ අටුව උඩ සිටමය. මේ ඔළමොලකමින් පසුය ඔවුන් නිදාගත්තේ.
නියම කතාවක් !!!!
ReplyDelete