Friday, July 15, 2011

නිල් නයා 2වන කොටස

2 වන කොටස.......
පසු දින උදේ ඔවුන් නිදි අතර මරුෂ්කා ඉක්මනින්ම නැගිට, අටුවට නැග පනාව ගත්තාය.  එය හිසකේ ගස්වලින් පිරී තිබුණි.  අක් ඹමරු හිසකේ දුටු ඇය ඉතා සතුටින් පිනා ගොස් තමන්ට ලැබෙන සැමියා ගැන යෙහෙළියන්ට කීමට පනාව රැගෙන දිව්වාය. 

හිසකේ දුටු යෙහෙළියෝ මෙහෙම හිසක් ඇති කෙනෙකු ඔවුන් දැක නැති බවත්, මේවා මිනිසෙකුගේ හිසකේ නම් වන්න බැරි බවත් කියා, අශ්ව කෙදි වගේ කියමින් සිනාසුනහ.  “එහෙනම් ඔබ විවාහ වන්නේ ගොඵ බූකෝට යයි කියමින් ඔවුහු සරදම් කලහ. 

මෙයින් කෝප වූ ඇය ඔවුන්ට බැන යන්නට ගියාය.  ඊටපසු ඇයට ඇගේ යෙහෙළියෝ “ගොඵ බූකෝගේ පෙම්වතිය යයි නම් තැබූහ. 

තම යෙහෙළියන් තමන්ට සරදම් කල බව මවට කීමට ආ විට ලිතෝ හා ලැන්තෝ ඇයට සරදම් කිරීමට පටන් ගත්හ.  මෙයින් තවත් කෝප වූ ඇය ඔවුනට බනින්නටත් අඩන්නටත් පටන් ගත්තාය.  ඇය ඔවුන් දෙදෙනාට ටොකු ඇන්න නිසා මේ අතවරය සිදුවූ අන්දම මවට වැටහිණ.  එම නිසා මරුෂ්කාගේ මව කොල්ලන් එතැනින් එලවා ගත්තාය. 

“ලැජ්ජා නැති වල් සත්තු,  කෙල්ලොත් එක්ක හැසිරෙන්නෙ ඔහොමදැයි කියමින් ඇය කොල්ලන් දෙදෙනාට බැන්නාය.  කොල්ලන් දෙදෙනාගේ සරදම් ඉසිලීමට මරුෂ්කාට නොහැකි වූවාය.  ළමයි දෙන්නා “උඹ තමයි ඉස්සර වෙලාම බැන්නේ,  “ නැහැ , නැහැ, උඹ තමයි පටන් ගත්තේයි කියමින් වාදර කරන්නට වූහ.  මෙය ඇසුනු මරුෂ්කා එය කාගේ වැඩක්දැයි දැනගත්තාය.

“උඹලා දෙදෙනාටම නිල් නයා හමුවෙයන්.  යයි සාප කල ඇය අශ්වයා මැරීමට උදැල්ලක් ගෙන අශ්වයා ලුහුබදින්නට විය.  මෙය දුටු ඇගේ මව ඇයට බැණ වැදී “ උඹ මුඵ ගෙදරම මූසල තැනක් කරන්න හදනවා, යි කියමින් උදැල්ල උදුරා ගෙන ඈ ගෙදර එක්කර ගෙන ආවාය.

“ කවුරුත් මා ගණන් ගන්නේ නැහැ. මා ඉපදුනාට වඩා නොයිපදුනානම් හොදයිථ කියමින් මරුෂ්කා ඉකි බින්දාය. 

මෙතැනින් පිටවීම සුදුසු යැයි සිතු ලැන්තෝ හා ලිතෝ උදුනට නැග ඉතා සතුටින් සිටින අතර මරුෂ්කා ගැන කණගාටු වූවෝය.  නමුත් දැන් ඔවුනට කල හැක්කක් නොවීය.  මරුෂ්කා කී නිල් නයා ගැන ඔවුනට අමතක කල නොහැකි විය.  “ නිල් නයෙක් උඹ දැකලා තියෙනවාදැයි එකෙක් අනෙකාගෙන් අසමින් නිල් නයා ගැන කතා කරන්නට විය.

නිල් නයා ගැන වැඩිමහල්ලන්ගෙන අසා දැනගැනීමට ඔවුන් සිතුහ.  මේ ගැන ඇසූ විට වැඩිමහල්ලන් ගෙන් නොයෙක් බැනුම් අහන්නටද සිදු විය.  “උඹලාට තඩි බෑ විට නිල් නයා පෙනෙයි.  යනුවෙන් කරන සරදම් නිසා මේ පිළිබදව ඔවුනගේ කුතුහලය වැඩි විය. 

“මේ නයා කොහොම එකෙක්ද? මිනිස්සු කතා නොකරන්නේ මූ පුදුම එකෙක් විය යුතුයි. ළමෝ සිතූහ.  ලැන්තෝගේ පියා වෙරිමතින් පැමිණි දිනෙක නිල් නයා දැක ඇති දැයි ලැන්තෝ ඔහුගේ පියාගෙන් ඇසුවේය.  වෙරිමතින් සිටින විට බොහෝ සේ කතාකරන කෙනෙකු වුවද මෙම පැනයෙන් ඔහුගේ මුහුණ නරක් විය.  ඔහු මොනවදෝ කියමින් ලැන්තෝට සාප කලේය.  මෙවැනි දේවල් නැවත කතා නොකරන ලෙස ළමයින්ට අවවාද කලේය.  එහෙත් බොහෝ වේලාවක් නිශ්ශබ්බව සිටි ඔහු ගං ඉවුරට ගොස් මේ ගැන කතා කරමුයි කීවේය. 

ගං ඉවුර බලා ගිය ලැන්තෝගේ පියා “ මම මේ කතාව උඹලට කියන්නේ මෙය නොකිව්වොත් මේ නිල් නයා මොකා දැයි සෙවීමට නුඹලා නොයෙක් දගකාරකම් කරාවි.  හොදට කට පරිස්සම් කර ගත යුතුයි. කියමින් ඔහු කතාව පටන් ගත්තේය.

අපේ කාලේ නිල්පාට දිලිසෙන නයෙක් හිටියා.  අගල් හතකට වඩා දිග නැති උගේ බරක් නැහැ.  ඌ යනකොට තණකොළයක් වත් නැමෙන්නේ නැහැ. ඒ බර නැති කම නිසයි.  අනික් නයි වගේ බඩගාන්නේ නැහැ.  දකුණු පැත්තෙන් රන් දුමක්ද, වම් පැත්තෙන් කලු දුමක්ද පිට කරමින් නගුටින් පැන පැනයි ඌ යන්නේ.  ඌ අල්ලන්න කාටවත් බැහැ. 

තනිවම සිටිද්දී නයා දුටුවහොත් එය බොහෝම වාසනාවක්, දකුණු පැත්තෙන් විහිදෙන රන්දුම වැටෙන තැන් රන් වෙනවා.  එවායින් අහුලා ගත් එක් කෑල්ලක් වත් බිම වැටුනොත් සියල්ලම ගල් බවට හැරෙනවා.  උවමනාවට වඩා ඒවා ගන්න ලැබෙන්නෙත් නැහැ.

දෙන්නෙක් එකට යනවිට හමුවුනොත් මහා නස්පැත්තියක් ඇති වෙයි.  එහෙම වෙලාවට නයා හමුවුනොත් එන කණ්ඩායම අතර සණ්ඩු ඇති වෙනවා.  මගේ පියා පෝරකයට ගියෙත් නිල් නයා නිසයි.  පියා ඇතුලු කිහිපදෙනෙක් එනවිට මේ නිල් නයා මුණගැසුනා.  එහිදි ඔවුන් අතර කෝලාහලයක් ඇතිවී දෙදෙනෙක් මැරුණා.  පස්දෙනෙක් පෝරකයට නියම වුණා.  රත්රන් හැමදාම ඇත්තේ නැහැ.  බොහෝ විට නිල් නයා හමුවන්නේ එක්කෙනෙක් දෙදෙනෙක් සිටින විටයි.  එවිට ඇති වන්නේ කලබලයක්. ඒ නිසා නිල් නයා ගැන කතචා කරනවාට ගැමියන් කැමති නැහැ.

මේ ඕනෑම තැනකදී නිල් නයා හමුවෙන්න පුඵවන්.  ඌ මිනිසෙකුගේ ආකාරයෙනුත් එනවා.  වැල්ලේ ගියත් පා සටහන් ඇති වන්නේ නැහැ.  තණ කොළ උඩ ගියත් ඒවා නැමෙන්නේවත් නැහැ.  මේ ගැන දැනගත හැකි පළමු ලක්ෂණයත් එයයි.  දකුණින් රන් රශ්මිය විහිදෙනවා.  වමතින් කලුපාට වලාකුඵ පිටවෙනවා.  දෙදෙනෙක් සිටින විට ඌ ගැන කතා කරන්නට එපා.  තනියම සිටින විට කතා කලාට කමක් නැහැ.  මේ ගැන කාටවත් කියන්න එපා, යි අවවාද කරමින් ඔහු කතාව නිම කලේය.

ලැන්තෝ හා ලිතෝ තනිව සිටින විට පමණක් නිල් නයා ගැන සිතීමට ඉටා ගත්හ.  දෙදෙනෙක් ඉන්න විට නයා හමුවුවහොත් වනදේ බැලීමේ කුතුහලය ඔවුන්ටත් ඇති විය. 

‍මේ අතර හිම දියවී යෑම නිසා ජලය ගලා යන්නට විය.  ළමයි දිය ඇලි, පොකුණු, ආදිය කැනීමෙන් කාලය ගත කලහ.  මේ අතර දෙදෙනා දිය ඇලි දෙකක් හෑරුවෝය. 

“කුඩා නිල් නයා
උඹ පිබිදිලාද
දිය පාර දිගේ
වල්ගෙන් පැන පැන වරෙන්
යනුවෙන් සිංදුවක් ගය ගයා සතුටු වූහ.  ටික වේලාවකින් නිල් රෝදයක් වැනි දෙයක් පෙරළි පෙරළී ඔවුන් දෙසට එන්නට විය.  තණකොළ ගසක් වත් නොසැලී මුද්දක් වගේ ලිතෝ දෙසට ආවේ රන් රැස් විහිදුවමිනි.  මෙන්න නිල් නයා යි ලිතෝ ලැන්තෝට කෑගැසුවේය.  ලැන්තෝ එය දුටුව මුත් නයා පැමිණියේ ලිතෝ දෙසටය. එවිට නිල් නයා අතුරුදන් විය.

ලිතෝ නවත්වපන්, මොනවද උඹ කරන්නේ අමාරුවේ වැටෙන්ට හදනවද  ඕක තමයි කලබලවලට මුලයයි කියමින් ලැන්තෝ ලිතෝව තල්ලු කර දැම්මේය. 

“ඒ පැත්ත කොටන්ට එපා අනික් පැත්ත කොටමු.  අනිත් පැත්ත කොටමු. අනෙක් පැත්තටයි රැස් වැටුනේ ලිතෝ කීවේය.  ඒකට මම ඉඩ දෙන්නේ නැහැ. 

No comments:

Post a Comment

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!