“අපි රැවටුනා. අපි දැක්කේ නයා අප දෙසට එනවා පමණයි. දැන් නියම තැන සොයා ගැනීම අමාරුයි. මේ සිද්ධිය අපි අමතක කරමුයි දෙදෙනාම සිතා ගත්හ.
එහෙත් දෙදෙනාටම නයා අමතක කල නොහැකි විය. දවසකට පසු නයා එක්කෙනෙකුට පමණක් හමුවනවා නම් කොපමණ හොදදැයි දෙදෙනාම සිතූහ. අප නයා ගැන කතා කලත් මොකද හැබැයි එක පැත්තක ඉදලයි අප දෙදෙනාම ඌ බැලිය යුත්තේයි ලැන්තෝ යෝජනා කලේය. අපි කෝලාහල නොකර ඉන්න වගබලා ගන්න ඕනෑ. මෙහි පුයෝගයක් තිබෙනවා දැයි බැලිය යුතුයි. මේ ඔවුන් බැසගත් නිගමනයට මෙසේ තීරණය කරගත් ඔවුහු පෙරදින ගිය ස්ථානයටම උදලුත් රැගෙන ගොස්
“නිල් නයා
උඹ පිබිදිලාද
දිය පාර දිගේ
වල්ගෙන් පැන පැන වරෙන්
යයි ගීතය ගයමින් සෙල්ලම් කරන්නට වන්හ. ඔවුන් දෙදෙනා එක් පසෙකින් සිටගෙන සිටින විට වලෙහි සිටි නයා තණබිස්සට පැන දකුණින් රන් රැස් විහිදුවමින් යහලුවන් දෙදෙනාගේ කකුල් අතරින් පැන ගිය අතර ගහක අත්තක් උඩට පැන අතුරුදහන් විය. ඌ කකුල් අතරින් පනින විට එක් කකුලක රත්රන් සහ අනෙක් කකුලේ ලොකු තාර පැල්ලමක් ඇති විය. දකුණු පැත්තේ රත්රන් පැල්ලමත් වම් පැත්තේ තාර පැල්ලමත් ඇති බව කිසිවෙක් නොදත්හ. දුවගෙන ගිය ඔවුහු නයා පැන ගිය ගසේ අත්තක් දෙස බැලුවෝය. අත්තෙහි එක පැත්තක් රන් පැහැයටත් අනෙක් පැත්ත කලු පැහැයටත් පෙරලී තිබුණි. ඒ අසල තිබුණු ගල් පවා රන් බවට පෙරළි තිබුණි.
රත්රන්වල බර නොදත් ලැන්තෝ රන් කුට්ටි බවට පෙරලී තිබුනු ගලක් උස්සා ගත්තේය. එහි අධික බර නිසා උසුලාගෙන යෑම අසීරුවිය. කෑල්ලක් වත් බිම වැටුණොත් සියල්ලම ගල් බවට හැරෙනු ඇති බව පියා කී බව සිහිවූ ලිතෝ පොඩි කෑලි ගැනීමට ලැන්තෝට කීවේය. ලිතෝ පොඩි කෑලි ගත්තත් එයත් ඉතා බර විය. ලැන්තොගත් ගල මේ අනුව කොහොමවත් රැගෙන යා නොහැකි බව සිතූ ලිතෝ බැරි නම් බිම දමන්න නැතිනම් කකුලක් උඩ වැටිලා තුවාල වේවි යයි කීවේය. .
මම මේක බිම දැම්මොත් ගල් බවට පෙරලෙයි. ලැන්තෝ කීවේය. “බිම දාපන්, බිම දාපන් ලිතෝ කීවේය.
ලැන්තෝ තර්ක කරන්නට විය. අන්තිමේදී එය දබරයකට පෙරලිනි. ඔවුන් දෙදෙනා හොද හැටි ඇඩෙන තෙක් ගහගෙන පසුව බැලූ විට දුටුවේ රත්රන් බවට පෙරලී තිබුනු ගල් නැවතත් ගල් බවට පෙරලී ඇති බවයි. රන් බවට පෙරලී තිබුනු අත්තද පෙර ලෙසම අත්තක් බවට හැරී තිබුනි.
මේ සියල්ලම නයාගේ පුයෝග යයි කියමින් ඔවුහු දෙදෙන නිවෙස් කරා ගියෝය. මැටි පාට හා තාර පාට වී ඇති කලිසම් කකුල් නිසා ගෙදර යාම අසීරු විය. මේ නිසා නිල් නයා අමතක විය. දිනක් ළමයි දෙදෙන එකතුවී චෙරි එකතු කිරීමට ගොස් පිට්ටනියේ වාඩි වී චෙරි ගණන් කලහ. එකකුවත් නිල් නයා ගැන නොසිතීය. පිට්ටනිය හරහා එන ගැහැනියක් ඔවුන්ට පෙනුනි. බොහෝ ගැහැණු දර කැඩීමටත් ගොයම් කැපීමටත් ගොස් සිටින බැවින් මේ ගැහැණිය ගැන ඔවුන් සැලකිල්ලක් නොදැක්වීය.
නමුත් ඔවුහු මේ ගැහැණියගේ පුදුම දෙයක් දුටුහ. ඇගේ ගමනින් තණකොළ එක ගහකුදු නොතැලිණි. ඇය ඇවිදිනවා නොව පාවෙනවා සේ ළමුන්ට පෙණින. තවත් ටිකක් පරීක්ෂාවෙන් බැලූ ඔවුනට ඇගේ දකුණු පසින් රන් රැස් හා වම් පසින් කලු රැස් එල්ලි තිබුණි.
“අපි පස්ස හරවමු. අපි ඒ දෙස නොබලා සිටිමු. ඇය නැවතත් අපි කොටවයි. කතිකා කරගත්හ. ඒ අනුව ඔවුහු ඇස් තදකර පියා පිටුපස හරවා සිටියහ. ක්ෂණයකින් කවුදෝ දෙදෙනාම උස්සනවා සෙන් දැනුනි. නමුත් ඇස් හැර බැලූ විට සිටියේ පෙර සිටි තැනමය. ඒ වුවද තණ කොළ ඉස්සී එන්නාක් මෙන් දැනුණි. ටිකක් විපරම් කළ ඔවුන්ට රන් වලල්ලක් හා කඵ වළල්ලක් දක්නට ලැබිණ. ඔවුහු පා නගා යෑමට තැත් කලහ. නමුත් රන් වළල්ල ඔවුන්ට ඇය ,ඈතින් දමා ඇති නිසා බේරී යාම අසීරුය. ගැහැණිය හී.....හී......ගාමින් සිනාසුනාය.
මා විසින් වලල්ල ගන්නා තෙක් කාටවත්ම බේරෙන්න බැහැ. අපි නුඹට එන්න කිව්වේ නැහැ.
“මම මේ ආවේ නුඹලා දෙදෙනා අතුරින් වැඩ නොකර රත්රන් ගැනීමට තැත් කරන්නා කවුරුන්දැයි බලා ගනු පිණිසයි. ගැහැනිය කීවාය.
“අපිට යන්න ඉඩ දෙන්න. අපි නැවත ඕකට මහන්සි වෙන්නේ නැහැ. අපි දෙවරක් ඔය නිසා දබර වුණා. අපිට රත්රන් එපා යි කියමින් බැගෑපත්ව ඉල්ලා සිටියෝය.
“නමුත් හැම දබරයට නොවෙයි. චෝදනා හරියි. උඹලා කෝලාහල කරගෙන ඇත්තේ කෑදර කමින්වත් ආත්මාර්ථකාමීත්වයෙන් නෙමෙයි. තම තමන් බේරීමේ හුදු චේතනාවෙන්. නැවතත් නුඹලා පරීක්ෂා කිරීමේ අදහසිනුයි මම ආවේ යයි ඈ පිළිතුරු දුන්නාය.
ගැහැණිය කලු කුඩුත්, රන් කුඩුත් මිශු කර රන් ගලක් සාදා එය දෙකට කඩා ළමයින් දෙදෙනාට දුන්නාය.
“උඹලා දෙදෙනා එකිනෙකාට වන යහපතක් පාර්ථනා කරනවා නම් තමන් අත ඇති කෑලි පිරිසිදු රත්රන් වලට පෙරළෙයි. සුලුවෙන් සිතුවොත් එය ගලක් බවට පෙරලෙයි. ඈ කීවාය. බොහෝ දිනක සිට ළමයින්ගේ සිත් තුළ පැවතුනේ මරුෂ්කාට කළ කොළොප්පම ගැනය. ඒ ගැන ඔවුහු කණගාටු වූහ. මරුෂ්කා ඔවුනට කිසිවක් නොකී බැවින් ඇය කෙරේ අනුකම්පාවක්ද ඇතිවූ නිසා දෙදෙනාම ඇයගේ විවාහ මංගල්‍යය නොබෝ දිනකින් සිදුවේවායි සිතූහ.
මොවුන් ඒ ගැන සිතන විටම ගල් දෙක පිරිසිදු රන් බවට පෙරලී තිබුණි. ගැහැණිය ඔවුන් ගේ පාර්ථනාව ගැන සතුටුවී පටියකින් බැදි පසුම්බි දෙකක් ඔවුන්ට දුන්නාය.
“මේක පුරවා ඇත්තේ රත්රන් කුඩු වලින්. වැඩිහිටියන් මේවා කොයින්ද කියා ඇසුවොත් නිල් නයා දුන්නා යයි කියන්න. ඊට වඩා කිසිවක් නොකියන්න.
ගැහැනිය වළලු වටය උඩ සිටගෙන රන් වළල්ල දකුණටත්, කලු වලල්ල වමටත් දමාගෙන පිට්ටනිය දිගේ පෙරලි පෙරලී ගියාය. ළමයි බැලූ මුත් එහි ගැහැණිය නොව නිල් නයා විය. රන් වළල්ල හා කලු වලල්ල රන් හා කලු වලා බවට පෙරලී ඇති බව දැක්කහ.
ස්වල්ප වේලාවක් නැවතී සිටි ඔවුහු පසුම්බි සාක්කුවල දමාගෙන ගෙදර යාමට පිටත් විය.
“අපට ඇය රන් කුඩු හුගක් දුන්නේ නැහැ, ලැන්තෝ කීවේය.
“අපිට ලැබෙන හැටි තමයි ඒ. ලිතො පිළිතුරු දුනි. ටික දුරක් යන විට ලිතෝගේ සාක්කුව බරවනවා දැනුනි. ඔහු පසුම්බිය ගෙන බලනවිට එය විශාල වී තුබුණි. ලැන්තෝගේ පසුම්බියත් විශාල වෙලාද ඔහු ඇසුවේය.
“නැහැ, මගේ එක තිබුණ වගේමයි“ ලැන්තෝ පිළිතුරු දුනි. දෙදෙනාටම සමව නොලැබීම ගැන ලිතෝ බලවත් ලෙස කණගාටු වූයේය.
“මගේ එකෙන් උඹට ටිකක් දෙන්නදැයි ලිතෝ ඇසුවේය. අකමැත්තක් නැත්නම් දමන්නැයි ලැන්තෝ කීවේය. ලිතෝ තම පසුම්බියෙන් රන් කුඩු අහුරක් ගන්නා විට කලු පැහැ ගැන්විය.
“ඔන්න තවත් පයෝගයක්, ලැන්තෝ කීවේය. ලිතෝ රන් කුඩු ස්වල්පය ගෙන ලැන්තෝගේ පසුම්බියෙහි හෙලීය. එවිට එහි පැහැය වෙනස් නොවිනි.
නිල් නයා තමන්ට රත්රන් ගොඩක් දී නැත්තේ තමන්ගේ තන්හාව නිසා යැයි ලැන්තෝ සිතුවේය. මට මේ ලැබෙන හැටි යැයි සිතන විට ලැන්තෝගේ පසුම්බියද පිරිණ. තම පසුම්බි දෙමාපියන්ට දුන් ඔවුහු නිල් නයා කි සියල්ල කීය. දෙමාපියෝ බොහෝ සතුටු වූහ. මරුෂ්කා ගැන සාකච්ජා කිරීමට අසළ ගමකින් මගුල් කපුවෝ ආහ. මනමාලයා දුඹුරු අක්ඹමරු හිසකෙස් ඇති කෙනෙක් වූහ. ඔහු ළමයින්ට ඉතා කරුණාවන්ත විය. එබැවින් ඉක්මනින්ම ඔමු ළමයින් සමග මිතුරු විය.
නැවත ඔවුන් නිල් නයා ගැන කථා කලේ නැත. තමන්ට ලැබෙන්නට තිබුණු දෙයක් ලැබුණු බව පමණක් මෙනෙහි කළහ.
රුසියන් ගත් කතුවරයෙකු වූ බෂෝව්ගේ කෙටිකතාවක් ඇසුරින්
සිතුවිලි පෙළගැස්මකි
No comments:
Post a Comment
කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!