Tuesday, September 6, 2011

සාමයේ සංකේතය

           
 
හතර වටින් කඵ කරගෙන වැස්සක් ආවා.
පරවි ජෝඩුව ඉගිලිලා ඇවිත් පන්සලේ බණ මඩුවෙ
ජනෙල් පඩිය උඩ වැහුවා.
වැස්ස වහින අතරේ දෙන්නත් එක්ක කුටු කටු ගගා
පෙම් බස් දොඩන්න පටන් ගත්තා.
වැස්ස පායලා, අවු රැල්ල වැටුණා. දෙන්නාගේ කටු කුටුව
ඉවරයක් නැහැ.

             මේ වෙලාවේ.....වෙනත් පරවි කිරිල්ලියක් කෑම අහුලමින් 
පස්ස පැත්ත නටව නටව මිදුල දිගේ ගියා.
              
             පරවි ජෝඩුව කර උස්සලා ඒ දිහා බැලුවා. පරවි බිරිද
පරවියා දිහා රවල බැලුවා.  පරවියා බිම බලා ගත්තා.

             ‍“හොරගෙඩියා වගේ බිම බලාගත්තු හැටි....

             “හ්ම්.....!

             “ඒ කාලේ පස්සෙන් ගිය හැටි මතක් වෙන්න ඇති

             “හ්ම්.....!

             “කවුද දන්නේ, මට හොරෙන් දැනුත් යනවද කියාලා.....

             පරවියා කතා නොකර බිම බලාගත්තා.  පරවි බිරිදට ටිකෙන් ටික
කේන්තිය වැඩි වුණා.

             “තමුසේ හිතන්නේ මම මුකුත් දන්නේ නැහැ කියලද?
පරවියා බිම බලාගෙනම හිටියා.

             “ඇයි කතා නැත්තේ.......!

              පරවියා බිම බලාගෙනම හිටියා මිසක් ඔඵව ඉස්සුවේ නෑ. කතා කරන්න
දෙයක් නැති හින්දයි කතා නොකලේ. කේන්තිය වැඩි කමට පරවි බිරිද පරවියාගේ
ඔඵවට දෙපාරක් කෙටුවා.  ඒත් පරවියා වචනයක්වත් කතා කලේ නැහැ.

             “මූට මෙච්චර රිදිලත් ගානක්වත් නැති හැටි,  ඔය තරම් බය තිබුණම ඇති.
පරවි බිරිද කිවුවා.

             “බයකට නෙමෙයි යෝදියේ....., සාමයේ සංකේතය කිය කියා මට 
පුඵවන්ද රංඩු කරන්න.
             මෙහෙම කියන ගමන් පරවියා බිරිදගේ පිහාටු අස්සේ ඔඵව හංගගෙන
ඇඩුවා.

ලොකු අයට පුංචි කතන්දර39 පිටුව  (සාමයේ සංකේතය - රෝහණ බැද්දගේ)

3 comments:

  1. ඒකනේ සාමයේ සංකේතය කොහොමද රණ්ඩු කරන්නේ.
    හික්ස් :)
    සාමයේ සංකේතය උනත් තමන්ගේ ගෑනිට බයයි නේ :)

    ReplyDelete
  2. කොහොමද නෝනලාට තියෙන පවර් එක

    ReplyDelete
  3. අනේද කියන්නේ.....
    මොකටද ඉතින් ඒ හරිය.
    නොනලා දාන ගෑස්, මහත්තයාගේ වචන ස‍්එට් එකකින් නිට්ටාවට සුවයි !!!!! හික්ස් :)

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!