Sunday, September 18, 2011

මකුණා වැදගත් සතෙක්

දඩුවම් දීම හා විදීම ගැන ප්‍රබලම සත්ව වර්ගයා මිනිසා බව චාල්ස් ඩාවින් හා බර්ට්‍රම් රසල් ඉදිරිපත් කල නිගමනය පරිනාමවාදීත්වයට වඩා ලංව තියෙන්නේ දඩුවම් ඉතිහාසයටයි.  වැරද්දක් කරන්නේත් වරදක් කරන බව දන්නේත් මිනිසාමය.  ඒ නිසා වරදට දඩුවම් ලැබෙන බව දන්නේත් මිනිසාමයි.  ආදි කාලයේ සිංහල සමාජයේ හා ලෝකයේ වෙනත් රටවල වද32ක් මගින් දඩුවම් කර පිටුදැකීමක් කලද අද එහි නීත්‍යානුකූල බවක් ඇත. 

මහා බ්‍රිතාන්‍යෙයේ ක්‍රි.ව. 1423-1453 කාලයේදී කිරුළට හිමිකම් කියූ 6 වැනි ලෝයුස් රජ අපූරු දඩුවමක් තම රාජ පුරුෂයෙකුට ලබාදී ඇත. එය එක්තරා ආකාරයට පුදුමයට කරුණකි. වරක් ලෝයුස් රජතුමා රාජ සභාවට පැමිණ සුඵ මොහොතකින් ඒඅසල සිටි රාජ පුරුෂයා කලබලයට හා මහත් චකිතයට පත්ව ඇත.  ඊට හේතුව වී තිබුණේ රජුගේ රාජකීය සේලයේ ඉහලට යමින් සිටි මකුනෙකු දැකීමයි.  ඔහු කිසිදු කතාවකින් තොරව රජුගේ සේලයෙන් අල්ලා මකුණා ඉවතට ගැනීමට තැත් කරද්දී රජු පිටුපස බැලීය.  මේ ලද අවසරයෙන් ඔහු
වහා ක්‍රියාත්මක වී මකුණා අල්ලා ඉවතට ගත් නමුත් රජුට ඒ ගැන ඉවෙන් වගේ දැනී “එම්බල..කිසිදු ගරුසරුවකින් තොරව තා මගේ රාජකීය සලුවෙන් යමක් සොරා ගත්තේ නොවේද? දඩුවම් නියම කිරීමට කලින් නිදහසට කරුණු කියව...නමුත් වචනයකුදු කතා නොකල සේවකයා අත අතෙහි සිටි මකුණා පෙන්වීය.


“හ්ම්...තා රාජකීය මකුණෙකු සොරකම් කොට තිබෙනවා පමණක් නොවෙයි එය ප්‍රසිද්ධියේ පෙන්වීමෙන් මටද නින්දා කලා..... (මදැයි කොලා).  ඇමතිය වහා මොහුට දඩුවම් දෙව. මෙසේ පැවසූ ලෝයුස් රජු සැනෙකින් එම සේවකයා රාජ සේවයෙන් හා නගරයෙන්ද පිටුවහල් කොට දැමීය.


රෝමයේ ජුලියස් සීසර්ගෙන් පසු සිහසුනට පත්වූ ඔරිලියන් රජු ( ක්‍රි.පූ. 270-276) තම දේවියගේ නිදි යහනේ දිවයන මකුණෙක් දැක ඇයට වෙනම මාලිගයක් හා විශේෂ සේවක මණ්ඩලයක් ද ලබා දෙන ලදී.  කලින් සිටි සේවක මණ්ඩලයේ සෑම සේවිකාවකටම මේ මකුණාගේ දිවීම වෙනුවෙන් උඩුකය නිරුවත්ව තබා ගැනීමට නියම කරන ලදී.  ඔරිලියන් රජතුමා මකුණා දැකීමෙන් කෝපවී කළ ඇදුම් තහනම නිසා රජමැදුරේ ඇතැම් දෙනා මකුණු රජ නමින් අන්වර්ථ නාමයක්ද රජතුමාට යොදන ලදී.


තවත් ග්‍රීක කුමාරිකාවක් තම බිළිදු කුමරුගේ ගතෙහි මකුණෙකු ඉන්නවා දැක කෝපයට පැමිණ කුමරුන් බලාගැනීමට පත්කර සිටි සේවිකාවට සෑම දිනකම මකුණන් 10 බැගින් තම්බා කෑමට නියම කර තිබේ.  පසුව මේ සේවිකාව රජ අණ ඇසීමෙන්ම කලබලයට හා බියට පත්ව සැනෙකින් මරණයට පත්වීලු.


ඕලන්දයේ නිදහස් සටනින් පසු යුගයේදී මේ සිදුවීම සිදු විය.  1636 දී අග්‍රාණ්ඩුකාර පදවියට පත් ඇන්තනි වෑන් ඩීමන් සිය නාවික හමුදාවේ යුධ ශක්තිය මැන බැලීමට චාරිකාවක යෙදුනේය.  මේ අවස්ථාවේදී එක් නාවිකයෙක් සිය උඩු කබාය ගලවාගෙන යමක් සොයමින් සිටිනු දක්නට ලැබුනි.  ඔහුගෙන් මේ ගැන විමසනු ලැබිනි.  එම නාවිකයා සොයා ඇත්තේ මකුණෙකි.  ඇන්තනි වෑන්ඩිමන් හට ඇතිවූ කෝපය මත වහා යාත්‍රාව ගිනිබත් කරන්නටත් නැව්පතියන් සියලු දෙනා තනතුරුවලින් නෙරපා දමන්නටත් වෙනත් කිසිදු රැකියාවකට බදවා නොගන්නටත් එවේලෙහිම අණ කරන ලදී.  වසර 5ක් තිස්සේ රැකියාවක් නොලැබීමෙන් ඉබාගාතේ ඇවිදිමින් සිටි මේ නාවිකයන් ගැන අනුකම්පා කල එක් ඕලන්ද ලේඛකයෙක් වූ පිලිප් ටැස්මන් රජුට කවි කොලයක් මාර්ගයෙන් මොවුන් ගැන ලියා යවා රාජකීය අනුකම්පාව ලබා දී තිබේ.  ඇත්තෙන්ම ඉන් මහත්සේ කම්පනයට පත්ව ඇති 8 වැනි විලියම් රජු සිගමනට පත්ව සිටි නාවික පිරිසට හා ඔවුන්ගේ දරුවනට රජයේ වියදමින් සියලු අඩුපාඩු හා ඌනතා සපුරාලීමට අණ කොට ඇත.


පූටු නම් චීන කවියාගේ නිබන්දනයක දැක්වෙන පරිදි “ටායිට් සුං නම් රජු චිනයේ සමස්ථ ආසියාවේම බලවතා කළ මහා අධිරාජයා වුවත් මකුණන් කෙරේ දැක්වූ අකමැත්ත රාජකීය විරෝධයක් නැගී ඒම දක්වා මුල්වී ඇත.  වරක් සිය බිසවගේ වස්ත්‍රය මත එකට ගුලිව සිටි මකුණන් කිහිපදෙනෙකු දැක ඇය එවෙලෙහිම රජවාසලින් පලවා හැරීමට පියවර ගෙන ඇත.  මේ බව ඇසීමෙන් ඇගේ පිය රජතුමා වහා උරණව රජමැදුර වටලා ටායු සුං ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට තැත් කලත් එය ව්‍යර්ථ විය. හේතුව නම් රජු සැගව පලාගොස්  ඇතැයි ආරංචිවීමෙනි.  හැම දිනකම මකුණෙකු රජ මැදුරට ගෙනඒමත් එය රජතුමා බලාඉද්දීම අනුබව කිරීමත් පිළිබද නියම වූ දඩුවමක් ගැන “නිසිමින් චෙං... (ක්‍රි.ව. 962-1003) රජ සමයේ ආරංචි වේ.  


මේ රජුට එක්තරා රට වැසියෙකු දී තුබු තෑග්ගක  තිබී ඇත්තේ මකුණන් වන අතර එම තෑග්ග සහිත භාජනය විවෘත කරද්දී උන් රාජකීය ඇදුම් පැළදුම්  අතරට රිංගා ගෙන ඇත.   මෙම අපහාසයට වන්දියක් වශයෙන් එම පුරුෂයා අල්ලා ඉදිරිපත් කරන්ට රාජපුරුෂයන්ට අණ ලැබී ඇත.  ඉන්පසු මේ පුරුෂයාට සෑම දිනකදීම රජු ඉදිරියේ මකුණන් ආහාරයට ගැනීමට සිදුව ඇත.  ඒ හැම දිනකම රජු ඔහුට මෙවන් වගාලාපයකින්ද සංග්‍රහකිරීමට අමතක කර නැත.  “බලව තා රාජකීයත්වයට කල අපහාසයට පිළිතුරක් පෙරලා එය රස විදින්නට සිදුව ඇත.


බ්‍රිතාන්‍යයේ 1787 දී සිදුව ඇති මේ ආකාරයේ සිදුවීමක්ද ඇත.  “මිනිස්කම කුණු දඩුවම් අතර ඇත. 3 වන ජෝර්ජ් රජතුමා රජවී වසර දෙකකට පසු 1787 අප්‍රේල් මස එක් ඉරිදා දිනයක රජමැදුරේ බෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් තිබුනි.  ප්‍රංශ ආණ්ඩුකාරයෙකු සමගින් පැමිණීමට නියමිත වූ 10 දෙදෙකුගෙන් සමන්විත පිරිසට රජ මැදුරේ පිළියෙල වී ගත් භෝජන සංග්‍රහය ගැන රෝර්ජ් රජුගේ විශේෂ අවධානය යොමුව තිබුනි.


නියමිත වේලාවට ආ අමුත්තන් සතුටු සාමීචියෙන් පසු භෝජන සංග්‍රහයට අසුන් ගත්හ.  මේ වෙලාවේ රජතුමාගේ නෙතට එකවිටම අසුව ඇත්තේ මේසය මත ඇති පලතුරු බන්දේසියේ සැගවෙන්නට තැත්කල මකුණන් පිරිසකි.  මහත්සේ කෝපයට පත් රජතුමා ආහාර පිළියෙල කල සියලුම අරක්කැමියනට හිස මුඩුකර ගැනීමට හා පුරා සතියක්ම ආහාර අනුභවයෙන් වැලකී සිටීමටද අණ දෙන ලදී.  මේ අතර සිටි අරක් කැමි කාන්තාවන් 6 දෙනාද දඩුවමට ලක්විය.  ඔවුනට ලැබුනු දඩුවම වූයේ ජීවිතාන්තය දක්වා අවිවාහකව සිටීමයි.  නමුත් නීතියට අපනත නොවූ එක් තරුණවෙක් රාජ සේවයෙන් හා නගරයෙන්ද එවේලෙහිම පිටුවහල් කරන ලදී.  මේ කලබැගෑනියෙන් පසුව නිලධාරීන් දෙදෙනෙකු පත් කොට මාලිගයේ සෑම තැනකම මකුණන් තවත් සිටිනු ඇත්දැයි පරීක්ෂා කිරීමට නියම කරන ලදී.  මොවුන් සෑම රැයකම හා උදේකම යහන්ගබඩා ඇතුලු රජ මැදුර පරීක්ෂා කර බලා මකුණන් නැති බවට සහතිකයක් දිය යුතු විය.  එමෙන්ම රජ මැදුරින් පිටතට ගෙනයන යමක් රජ මැදුරට පෙරලා ලැබෙන හැම දෙයක්මත් පරීක්ෂා කිරීම මේ නිලධාරින්ගේ රාජකාරියේ කොටසක් විය.


මකුණන් ජීවිත රහස් හෙලිකරන බවට ආදි මිසර ජාතිකයන් අතර විශ්වාසයක් තිබී ඇත.  මේ හේතුවෙන් රාජකීය මළසිරුරු තැන්පත් කර ඇති පිරමිඩ තුල පනැති මකුණන් යෙදීමෙන් ඒ මල ආත්මය තනි නොවන බවත් ඉන් කවදා හෝ දිනෙක පෙර ජීවිතය ලබන බවත් විශ්වාස කලහ.  මේ හේතුව නිසා මිසර රැජිනන් මකුනන්ට විශේෂ කැමැත්තක් දක්වා තිබේ.  එවැනි එක් රැජිනක් විසින් රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසී මකුණන් තැන්පත් කර ගැනීම සදහා සේවිකාවන්ද යොදා ගන ඇත.  එම සේවිකාව රැජිනගේ උපදෙස් අනුව මකුණන් ඇගලුම් හි තැන්පත් කොට ඇත.  නමුත් මේ කාරණය සම්බන්ධයෙන් කිපුනු මිසර රජදරුවන් ගැනද නොයෙක් ජනප්‍රවාද නැතුවාම නොවේ.


ස්පාටර් නමැති දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපතක එයිගස් නමින් පාලකයෙකු 17 වන සියවසේ සිට ඇත.  මේ රජු මකුණන්ට ඉමහත් ලැදියාවක් දක්වා තිබේ.  රට වැසියන්ට පවා මකුණන් මැරීම තහනම් කරන නීති රීති පනවා ඇත.  යම් ලෙසකින් රටවැසියෙකු මකුනන් මැරී යයි සැලවී නම් වහාම එම පුද්ගලයා අල්ලාගෙන ඒමට අණ කල රජු අත පය කපා මරණයට පත් කර ඇත.  මෙම මකුණන් රට පුරා නිදහසේ විසීම මිනිසාට හා රටේ අභිවෘද්ධියට හේතුවක් වන බවට විශ්වාසයක් ස්පාර්ට රාජ්‍ය පාලකයා තුල තිබී ඇත.  ඇතැම් විට මකුණන්ගේ අගය ජනතාවට පැහැදිලි කරදීම සදහා දේශන සංවිධානය කිරීමටද මේ රජතුමාගේ ඇමති මණ්ඩලයට සිදුව ඇත.  


මකුණන් සිටීමෙන් හා උන් ලේ බීමෙන් සිරුරේ අපිරිසිදු රුධිරය පහව යන බවට දකුණු ඉන්දියානුවන් අතර විශ්වාසයක් තිබුනේලු. (ඒත් මම නම් මකුණන්ට කැමති නැහැ. )
 

4 comments:

  1. අපෝ මාත් මකුණන්ට කැමති නෑ. ඕක කට්ටිය ඉන්නවනම් අපේ හොස්ටල් එකට ආවට වරදක් නෑ. හික්ස් :)

    මම මේ මකුණු කතා ටික ඇහුවෙත් අදමයි. මාරම දෙවල් නේ මකුණන් කරලා තියෙන්නේ. අර ජූලියස් සීසර් කරපු වැඩේ නම් මරු. මකුණෙක් ඉදලා ඔහොම නම් ඊට ටිකක් ලොකු සතෙක් හිටියනම් කෝමට හිටීද !!!!

    ReplyDelete
  2. බලාගෙන ගියහම //මකුණා වැදගත් සතෙකි තමා// , මෙච්චර කතා මේ ඇහුවමයි මකුණො ගැන.

    ReplyDelete
  3. මධු.../හරී..../

    මකුණා වැදගත් නිසා කොහොමද නිකමට වගේ එකෙක් දෙන්නෙක් ඇති කලොත්

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!