Tuesday, September 6, 2011

ටිකක් හිනාවෙමු 1

එක් පුංචි දියණියක් තමන්ගේ ගෙදරට පැමිණෙන එක් එක් පුද්ගලයා විධියට ඇද පැළද ගෙන ඔවුන් අනුකරණය කරන්ට පුරුදුව සිටියා. ඇගේ දෙමාපියන්ද මේ සියල්ල නැරඹීමට බොහෝ සේ කැමැත්තක් දැක්වූවා. මන්දයත් ඇය ඒ ආකාරයෙන්ම අනුන් අනුකරණය කල නිසා.  

දිනක්  මේ පුංචි දියණියගේ නැන්දා කෙනෙක් නිවසට පැමිණියා.  ඔවුන් ආවේ භෝජන සංග්‍රහයකට ආරාධනාවක් ලැබුණු නිසයි.  ඇගේ පියා අමුත්තන් සමග කතා කරමින් සිටින අතර ඔවුන් දුටුවා මේ පුංචි දියණිය සෙල්ලම් හරකෙක් ලණුවක බැදගෙන  එම නිවසේ හරක් බදින මනුස්සයා වගේ ඇදගෙන දුව පැන සෙල්ලම් කරන හැටි.  මෙය දුටු කුඩා දියණියගේ නැන්දා  ඇගේ සුරතල් දෙස බලා සතුටින් දිවගොස් ඇයගේ මුහුණ සිප ගත්තා.  එවිට මේ කුඩා දැරිය,

“අයියෝ....තාත්ති මේ බලන්නකෝ ලොකු නැන්දා හරක් බදින මිනිහා ඉඹින හැටි......කියා කම්මුල පිස දමමින් කෑ ගැසුවා.



3 comments:

  1. හික්ස් :)
    මම් හිනාවෙලාම මලා !!!!

    ReplyDelete
  2. මධු...

    මම ඒක නිකන් කිවුවේ. මෙන්න මෙයැයි හිනාවෙලා මැරිලත්ලු....

    ReplyDelete
  3. ඔන්න මම් අර කලින් කියනවා කියලා හිතපු කතාව කමෙන්ට් කලා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!