Monday, September 5, 2011

මධුරංග අසල්වැසියෝ කියලා ලිපියක් දාලා තිබුණා.  ඒකට ඊයෙ මම බෙහෙත් ගන්න ගිය වෙලාවෙදි අහපු දේවල් ටිකක් ලියන්න හිතුවා.  මම සිංහල බෙහෙත් ගන්නයි ගියේ.  වෙදමහත්තයා අපි හොදින් දන්න කෙනෙක්.
අපේ ගෙදර ඉදන් කි.මී. 4ක් විතර දුරයි වෙද ගෙදරට. 

වෙදමහත්තයා බොහෝම සුහදව කතා කලා අපිත් එක්ක. මට ඇල්වතුර පාගන්න එපා කිව්වා ටික දවසක් යනකං.  එහෙම කියලා එයා කිවුවා රෙදි සෝදන අතර තුරේ ගෙදරට කවුරු හරි ආවොත් ඒ අයට සංග්‍රහ කරන්නත් වෙනවා. ඉතිං තෙත ඇදුම් ඇදගෙන වැඩි කාලයක් ඉන්න හොද නැහැ කියලා.  එහෙම කියපු වෙද මහත්තයා මෙහෙමත් කිව්වා.

“අපි නම් ඉතිං දරුවෝ ඔය අහල පහල උං එක්ක වැඩි ආස්සරයක් නැහැනේ. උන්ව ලංකර ගත්තම බොහෝම කරදරයි. ඕනෑ එකටයි එපා එකටයි හැමදේකටම ගෙට රිංගනවා.  අපට ඕනෑ බොහෝම නිස්කලංකේ ඉන්න.  මම ඒකනේ ඔය ගෙදරවත් බෙහෙත් කරන්නේ නැත්තේ.  කසිප්පු බීගෙන එක එකා ගෙට රිංගන්න ගත්තම හරිම කරදරේ. උං මඩ ගාගෙන ගෙට එන්නයි. අහල පහල ගෑණු එක්කවත් අපි කතාවට යන්නේ නැහැ. මලකරදරේ......“

ඔන්න ඉතිං ඒ වෙද මහත්තයා......මම ඉතිං එයාගේ කතාව ඉවර වෙනකංම ඔලුව වැනුවා.. ගෙදර එනකොට බෙල්ලටත් බෙහෙත් කරන්න වෙලා. මං ඒ තරමටම ඔලුව වනලානේ.  ඒත් අපි නම් තාමත් අදහන්නේ ගමයි පන්සලයි, පාසැලයි, වෙල්යායයි. ඔය වගේ කතාවක්. එකමුතු කමක් ගැන. දැන් සිංහලයෝ අතර එහෙම දෙයක් නැතුවද මන්දා.... 

අනික වෙද මහත්තයෙක් ගමේ ගොඩේ මිනිස්සු එක්ක ඇයි හොදයියක් නැහැ කියන්නේ.  ඒක ටිකක් සිංහල කමට පරස්පර විරෝධියි වගේ නේද?  (මේ මං හිතන විදයනේ).  හැබැයි මේ වෙදමහත්තයා ගමේ කෙනෙක් නොවෙයි.  එයා ගෙවල් හදාගෙන ආව කෙනෙක්. ඒත් ඉතිං කොහෙන් කොහොම ආවත් වෙද මහත්තයා ලංකාවේ ඇත්තෙක්නෙ නේද?  

අපි නම් දන්නේ තාප්ප සංස්කෘතියක් ගැන නෙමෙයි.  කරදරයක් උන වෙලාවට දුර ඉන්න නෑයො ඒන්නේ අල්ලපු ගෙදර මනුස්සයා ආවට පස්සෙනේ. ඕපදුප හොයන්න යන්න ඕනේ නැහැ. ඒත් අපි අපේ මනුස්සකම් අමතක කරන්න හොද නැහැ.  මම නම් ගමේ කම අගේ කරනවා තාමත්.  මමත් ඉන්නේ තරමක් ගම්බද පරිසරයක. ගහ කොල පිරිච්ච බොහෝම නිස්කලංක.  ඒත් පාරට ගියහම දකින කා එක්කත් හිනා වෙන එක එතරම් අමාරු දෙයක් නෙමෙයි නේද? ඕක ඉතිං සල්ලි වියදම් වෙන කාරණාවක් නෙමෙයිනේ.  ඒ වෙදමහත්තයා බෙහෙත් ශාලාවේදී ඇරෙන්න ගෙදරදී නම් වෙදකම් කරන්නෙම නැතිලු.  මේ ලග ඉන්නවා සර්ප වෙද මහත්තයෙක්. උන්දෑ බොහෝම වයෝවෘද්ද කෙනෙක්. ඒත් ඕනම මහ රෑක ගියොත් අදටත් නෑ බෑ නොකියා වෙදකම් කරනවා.  ඒක නේද අපේ කම කියන්නේ...........


(මගේ අදහසේ වැරැද්දක් ඇත්නම් නිවැරිදි කරනවාට අමනාපයක් නැහැ. )

2 comments:

  1. ඔයා කියන කතාව සහතික ඇත්ත.
    වෙදෙක් කියන්නේ සමාජයත් එක්ක ගැටෙන කෙනෙක්. ඒ වගේම තමා ගොඩක් දෙනෙක් සුවපත් කරන්න ඉන්න කෙනෙක්. ඒ නිසා ඒ කෙනා මෙහෙම කෙනෙක් වෙන එක එච්චරටම හොද නෑ.

    ReplyDelete
  2. මධුරංග....

    අපේ සිංහල සිරිත් විරිත් අමතක කරන එකත් හොද නැහැ. එහෙම නේද? කොච්චර දියුණු උනත් අපි සිංහලයෝ....

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!