Thursday, September 1, 2011

කිරි දෙන අම්මාට පුංචි කතාවක්

අපි දැන් බොහෝම දියුණු තාක්ෂණික මෙවලමින් පරිපූර්ණ වූ අවදියක සිටින්නෙමු.  ඒත් සමගම සමාජයේ මුල් බැසගෙන සිටි ඇතැම් සම්මුතීන්ද වෙනස් වන්නට වුණා. ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවීමත් සමගම තදබදයද වැඩි වෙන්නට පටන් ගත්තා.  කාන්තාවන් තම දරුවන්ට මව් කිරි දෙන්නට මැලිකමක් දක්වන්නට පටන් ගත්තා.  තමන්ගෙ රූපය රැකගැනීමේ අරමුණ නිසා තමන්ගේ දරුවා දෙවැනි තැන්හි ලා කටයුතු කරන්නට ඔවුන් පසුබට වුනේ නැහැ.  මේ තත්වයේ බයානකම ප්‍රථිපලය වුනේ දරුවන්ට කිරිපිටි ටික පිටරටින් එනතුරු කටබලියාගෙන සිටින්නට වීමයි.  කිරිපිටි ටික ගෙදරක අත්‍යාවශ්‍යම අංගයක් කරගන්නට කාන්තාවන් උනන්දු වීමයි.

1867දී දොස්තර ඔලිවර් වෙන්ඩල් හෝල්ම්ස් මව්කිරි වල ඇති වටිනාකම මීට සියවස් ගණනාවකට පෙර පෙන්වා දුන්නා.  නමුත් තම රූපය කෙරෙහි වඩාත් සැලකිල්ලක් දැක්වූ මව්වරු මේ කීම ගැන එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ.  විශේෂයෙන්ම ඇමෙරිකන් කාන්තාවන් තමන්ගේ රූපයට මුල් තැනක් දුන් බැවින් ස්වභාවයෙන්ම දරුවාට ලැබිය යුතු සම්පතක් වූ මව් කිරි දරුවන්ට නොලැබී ගියා.  නමුත් දැන් දැන් එහි වටිනාකම බොහෝ දෙනා අවබෝධ කරගෙන ඇත.  මව්කිරි දරුවන්ගේ කායික හා මානසික නිරෝගී භාවයට මෙන්ම කායික මානසික වර්ධනයටද බෙහෙවින් බලපාන බව සොයාගෙන තියෙනවා.  මව් කිරි වල අගය පෙන්වාදීමට මීට අවුරුදු බොහෝ කලකට පෙර චිකාගෝ නුවර පිහිටවූ “ජාත්‍යන්තර සංවිධානය..පසු කාලයක කාගේත් සැලකිල්ලට බදුන් වුණා. මේ සංගමය පිහිටුවීමට මුල් වුනේ මව් කිරි දෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට නැවත පිටි කිරි දීමට වෛද්‍යවරුන් නියම  කිරීම නිසයි.  

මේ කාරණය සම්බන්ධයෙන් කාර්මික ඉංජිනේරුවෙකුගේ බිරිදක් වන “ක්ලෙමන්ට් තොම්ප්සන්..මහත්මිය මේ ආකාරයෙන් පවසා ඇත.  “මම දරුවන් තුන්දෙනකු ලැබූ මවක්.  මට ලැබුණු හැම දරුවෙක් සම්බන්ධයෙන්ම මම උපදෙස් ගත්තේ එකම වෛද්‍යවරයාගෙන් නොවෙයි. එක එක වෛද්‍යවරුන්ගෙන්.  මව්කිරි දීමට අපහසු වු විට ඒ අය දරුවන්ට පිටි කිරි දෙන්න නියම කරනවා.  වෛද්‍යවරයෙකුගේ බිරිදක් වූ ගෙගරි වයිට් මහත්මියටද එකල මේ තත්වය බලපෑ බව ඇය පවසා තිබුනි. ඇයගේ සැමියා වෛද්‍යවරයෙකු වුවද ඔහුගෙන් ඇයට අනුබලයක් ලැබුනේ නැත. එයට හේතුව වූයේ ඔහු මේ පිළිබදව දැනුවත්ව නොසිටීමයි.
පසුව මේ කාන්තාවන් දෙදෙනා එක්විය. මොවුන්  දෙදෙනාම වෛද්‍ය උපදෙස් නොතකා සිය දරුවන් මව් කිරෙන් පමණක් පෝෂණය කරන්නට තීරණය කර තිබුණා. ඔවුන් සිය අත්හදා බැලීම් අනුව මව්කිරි දෙන්නට පටන් ගත්තා.  ඉන්පසු  ඔවුන් චිකාගෝ නගරයේ උතුරු කරයේ ප්‍රභූවරුන් විවේක සුවයෙන් ගත කරන උද්‍යානයකදී ප්‍රසිද්ධියේම තම දරුවන්ට මව් කිරි දෙන ලදී.  කිසිම දිනෙක මෙවැන්නක් නොදුටු  හැමෝම එතැනට රැස්විය.  ඉහත දැක්වූ “ලා ලි චි මව්කිරි දීමේ ජාත්‍යන්තර සංවිධානය.... බිහිවීමට අඩිතාලම වැටුනේ එපරිද්දෙනි.  එය කිරි දෙන මව්වරුනට අත දීමට උපන් සංවිධානයකි. දැනට මේ සංවිධානය මුඵ ලොව පුරාම ව්‍යාප්තව පවතී.  එහි ශාඛා සංවිධාන දහසකට ආසන්න සංඛාවක් ඇති අතර එහි සාමාජිකත්වය ලැබූ පිරිස අතිමහත්ය.

මේ සංවිධානයේ සාමාජිකත්වය දරන කාන්තාවන් තම දරුවන්ට මව්කිරි දියයුතුම යයි බලකිරීමක් නොකරයි.  මෙහිදී කෙරෙන්නේ මෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබදව දැනුවත් කිරීමයි.  මේ සංවිධානය මගින් ප්‍රසිද්ධ කල “ද වුමන්ලි ආර්ට් ඔප් බ්‍රෙස්ට්පීඩිං නම් ග්‍රන්ථය බොහෝ දෙනා අතර ඉක්මනින් ප්‍රචලිත විය.  
එළකිරි හා පිටිකිරි නොබොන දරුවන්ගේ අවශ්‍යතාවය සදහා මව්කිරි සැපයීමේ ක්‍රියාවලියක්ද මෙම සංවිධානය මගින් පවත්වාගෙන ගියේය.  අධික මව් කිරි ඇති අම්මාවරුන්ගේ කිරි එකතු කර ඒවා ශීතකරණයක තබා මව්කිරි අවශ්‍ය දරුවන්ට සැපයීම මෙමගින් කෙරුනි.  පසුව මෙම මව්කිරි සංවිධානයට විද්‍යාත්මක සහනයක්ද ලැබුනි.  එවකට ඉංග්‍රීසි වෛද්‍ය සගරාවකට ලිපියක් ලියමින් දොස්තර මිචිල් නිව්ටන් හා නීල්ස් නිව්ටන් කියා සිටියේ මෙසේය.

“ප්‍රාථමික යුගයේදී මිනිසාට සතුටක් ලැබුනේ මෛථුන සේවනයේ යෙදීමෙනි.  කාන්තාවන් දරුවන්ට කිරි දීමෙන් මෙම සතුට ලබා ගත්හ. නමුත් ඇතැම් කාන්තාවන් දරුවන්ට කිරි දීමෙන් සතුටට පත් වූයේ නැත. පිරිමියාට මෙන්ම සමතැන් ලබාගැනීමට තැත් කිරීමේදි කාන්තාව අතින් බොහෝ දේ මගහැරී යන්නට විය.  මෛථුන සේවනයේ යෙදීමේදීත් දරුවාට කිරි දෙන අවස්ථාවේදීත් කාන්තාවන්ගේ පියොයුරු තුඩු ඉලිප්පීමක් සිදුවේ.  එයින් ඇයට එක්තරා අන්දමක කිතියක් ඇති කරනු ලබන අතර ඇතැම් කාන්තාවන්ට රාගාධික සිතුවිලි පහලවන අවස්ථාද නැතුවා නොවේ.  මව් කිරි බී වැඩෙන දරුවන් පිටි කිරි බී වැඩෙන දරුවන්ට වැඩිය රෝගාබාධ වලට ලක්වීමට ඇති ඉඩකඩ අඩුය.  එමෙන්ම මවගේ උනුසුමට වී වැඩෙන දරුවා මානසික හා කායික වර්ධනයක් ද ලබා ගනී.  දරුවන් ලැබීම නිසා කාන්තාවන්ගේ මාස් ශුද්ධිය ඉක්මන් වීමෙන් ඔවුන්ද යම්කිසි සහනදායී තත්වයකට පත්වන බව විද්‍යාඥ මතයයි.  මව් කිරි දීම නිසා පියොයුරු පිළිකාවලට ගොදුරු වීමේ අවදානමද අඩුවේ.  දරුවා මව්කිරි බීමෙන් ලබන ආස්වාදය හා ඒ නිසා ඇතිවන සෙනේබර සිතුවිලි කිරිපිටි ලබාදෙන මවකට ලැබෙන්නේ නැත.  එමෙන්ම ඉතාම පිරිසිදු ගුණදායී ආහාරයක් ලෙස මව් කිරි වෛද්‍යවරුන්ද නිර්දේශ කරනු ලබයි.  






පැරණි ලිපියකින් කරුණු උපුටා ගන්නා ලදී.

1 comment:

  1. දැන් අම්මලා ඉස්සර අම්මලා වගේ නෙමෙය්. තමන්ගේ රූපේ කැත වෙයි කියලා ළමයාට කිරි දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි ගමනක් යනකොට මගදී ළමයට බඩගිනි වෙලා මවුකිරි දෙන්න වෙයි කියන බයට පිටි කිරි බොන්නත් දීලා තව කිරි එකක් බෝතලයක දාගෙන යනවා. පවු හැදෙන අනාගත පරපුර !!!!
    ඉස්සර නම් අම්මලා ඔහොම නෑ. කාලේ වෙනස් වෙන්න වෙන්න අම්මල මොඩ් වෙනවද මන්දා.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!