Wednesday, November 23, 2011

නැපෝලියන්ටත් අනතුරු අගවලා


වර්ෂය 1815යි. හරියටම මාර්තු මාසයේ 22 දා උදා හිරු පායන්නට ආසන්නයේ තිබියදී ටීලරිස් මාලිගයේ තමන්ගේ පෞද්ගලික කාමරයට වී රාජකාරී කටයුතු කිහිපයක නියැලෙමින් සිටියේ නැපෝලියන් අධිරාජයායි.  මේ කාමරයේ පිටතින් ලුවිස් මැතිව් මෝල් නම් නයිට් වරයා ආරක්ෂාව සදහා යොදවා සිටියේ කිසියම් පුද්ගලයෙකුගේ පැමිණිම ගැන බලාපොරොත්තුවක් නොමැති නිසාමය.  උදේ කාමරයේ තිබුණු නිහඩ නිසල බව බිදිමින් එක්වරම ලුවිස් මැතිව් ඉදිරියේ පෙනී සිටියේ හිසේ සිට දෙපා දක්වා රතුපාටින් යුතු ලෝගුවක් හැදගත් උස පුද්ගලයෙකි.  මේ පුද්ගලයා තමන්ගේ ගොරෝසු කටහඩින් නැපෝලියන් අධිරාජයා දැක ගැනීමට තමන්ට උවමනා බව පැවසීය.  

“ඒක කොහොමවත් ඉෂ්ට කරන්ට පුළුවන් දෙයක් නොවෙයි.  මොනම අන්දමේ කෙනෙකුටවත් කාමරයට ඇතුලු වීම තහනම් කරලයි තියෙන්නේ.  මැතිව් කීවේ බොහෝම බයාදු කටහඩකිනි.  එනමුත් 

“කරුණාකරලා නැපෝලියන්ට කියනව රතු ලෝගුවක් ඇදගත්තු කෙනෙක් ඇවිල්ල ඉන්නවයි කියලා.....

පිටතින් ඇහෙන බහින්බස් වීමට කන් දුන් නැපෝලියන් කාමරයේ දොර විවෘත කලා.  එකෙනෙහිම රතු ලෝගුවක් හැදගත් පුද්ගලයා දැක මහත්සේ බියට පත්වූ ආකාරය මැතිව් පසුව කියා තිබුනේ  එය මරණීය බියකට සමාන කරමිනුයි.

එයින් පස්සේ නැපෝලියන් අධිරාජයා හා රතු ලෝගු කාරයා අතර ඇතිවූයේ කිසිම පුද්ගලයෙකුට අහන්නට නොලැබෙන අන්දමේ කතාවකි.

“මම උඹ ලග පෙනි හිටින තුන්වෙනි දැක්මයි මේ.  මෙතැනින් එහාට මම කිව්ව දේ නෑසීමේ ප්‍රතිපල දැකගන්නට පුළුවන් වෙයි....මේ කතාව අවසානයේදී අමුත්තා නැපෝලියන්ට තර්ජනය කර ආපසු ගියේය.  එම වසර අවසාන වීමට පෙර නැපෝලියන් වෝටර්ලු  සටනින් පරාජය වී ශාන්ත හෙලේනාවේ සිරකරුවෙකුව දුක්ඛිත ඉරණමකට මුහුණ පෑවේ රතු ලෝගුව හැදගත් පුද්ගලයාගේ ශාපය මත බව බොහෝ අයගේ මතව වුනා.

ටීලරීස් මාලිගය තුලදී එසේ රතු ඇදුමෙන් සැරසුන පුද්ගලයා පෙනී සිටියේ නැපෝලියන් අධිරාජයා ඉදිරියේ පමණක් නොවෙයි.  ඔහුගේ ශාපය 14 වෙනි ලුවී, මේරි ඇනටොනයිට් බිසව, මාර්ෂල් මැක්මැහෝන්, ජනාධිපති ග්‍රේව්, බොලැනාගර් ජනරාල් ආදීන්ටද නොයෙක්වර උපදෙස් , ඛේදජනක තත්වයන් ඇති කලේය.  මෙම පුද්ගලයා හා ටීලසිස් මාළිගය අතර ඇති සබදතාවය කුමක් දැයි තවමත් නිශ්චිත නැත.  නමුත් 42 වැනි සියවසේදී රතු ගඩොල් හා රතුඋළු වලින් නිර්මාණය කළ මෙයට කාගේ හෝ භූත ආත්මයක් එක්වෙන ලදැයි බොහෝ දෙනෙකු සැක පහල කලහ.

මේ මාලිගය තුළදී බිහිවූ කිසිම කුමරෙක් හෝ කුමරියක් රාජාභිෂේක වරම් ලැබීමේ තොරවූවා පමණක් නෙවෙයි දරුවෙකු නොමැති නිසා ඇයව බිසව් තනතුරින් පහ කිරීමේ ශෝකාන්ත පිලිද  කදුළු රැදි දෙනෙතින් නැපෝලියන් අත්සන් කලේද මෙහිදීය.  පසුව ඔස්ටීරියාවේ පළමුවෙනි ප්‍රැන්සිස් රජුගේ දියණියක් වූ මේරි ලුවිස් සමග 41 වන වියේදී යලිත් විවාහ ජීවිතයට ඇතුලත් වන විට ඇගේ වයස යන්තම් 18 ලැබුවා පමණි.


ඔවුන්ගේ විවාහයේ ප්‍රථිපලයක් ලෙස ලත් දරුවා පවා රජකමට හිමි නොපෑ අතර වයස අවුරුදු 21 දී ක්ෂය රෝගය වැලදීමෙන් මිය ගියේය.

රතු ලෝගුවක් හැදි අමුත්තා පැමිණීමෙන් පසුව නැපෝලියන් සිය ජීවි‍තයේ ලත් සියලුම වරප්‍රසාද වලට පමණක් නොව මේරි ලුවිස්ගේ ආදරණිය උණුසුමත් අහිමි විය.  ශාන්ත හෙලේනාවේ 1821 මැයි 05 වැනි දින ඔහු අවසන් හුස්ම හෙලන විට ඇය වෙනත් කෙනෙකු හා යුග දිවිය ආරම්භ කොට සිටියාය.  

“මගේ අළු සේන් නදී තීරයේ මිහිදන් කරන්න.  ෂමා සදා ආදරය කරන ප්‍රංශ ජනතාවගේ මධ්‍යයේ එය සදා තිබෙනු ඇත.......යනුවෙන් නැපෝලියන් අධිරාජයා සිය අන්තිම කැමැත්තේ සදහන් කලේ ඈත දුරු රටක අද්භූත පුද්ගලයෙකුගේ ශාපය මත මිය ගියත්, තම දේශයට ඇති ලැදියාව මොනවට පැහැදිලි කරමිනි.

5 comments:

  1. ඔබතුමාගේ/ඔබතුමීගේ මේල් එඩ්‍රස් එක මට පොඩ්ඩක් එවන්න පුළුවන්ද . මගේ මේල් එඩ්‍රස් එක viyamana.art@gmail.com

    ReplyDelete
  2. නැපෝලියන් ගැන මේ කතාවත් අහන්න ලැබුනේ අක්කා ගෙන්මයි. ඔන්න අක්කේ අප්ඩේට් ලෙඩේ හරි වගේ. සිංඩියේ අප්ඩේට් වෙලා තිබුනා.

    ReplyDelete
  3. සුශාන් ප්‍රියනාත් රත්නායක

    ඔන්න මම මේල් ඇඩ්ඩ්‍රස් එකක් එව්වා.


    මධුරංග

    මටත් මේ ලිපිය අහම්බෙන් දකින්න ලැබුනේ. ඒත් මට හිතුනා ඒක වටීවි කියලා. අප්ඩේට් කතාව මම බැලුවා. ඊයේ නම් තිබුනේ නැහැ තමයි. ඒත් මලේ මට මේ සම්බන්ධව දැනුම හරිම අඩුයි. ඉදිරියේදී ඒ අඩුපාඩුත් හදාගන්නයි බලාපොරොත්තුව. දැනුවත් කරනවට ඔයාට ස්තුතියි.

    ReplyDelete
  4. ස්තුති කරන්න ඕනේ නෑ හලෝ !!! අක්කලා මල්ලිලා කවදැයි ස්තුති කරගත්තේ. උදවුවක් ඕන නම් සිතක සංකල්පනා මේල් ඇඩ්‍රස් එකට මේල් එකක් දාන්න.

    sithakasankalpana@gmail.com

    ReplyDelete
  5. මැක්බත් කතාවේ මැක්බත්ට දර්ශනය වෙන මායාකාරියන් තුන්දෙනාව මතක් වුණා

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!