Friday, August 12, 2011

බුලත් කොලේ කතාව

බුලත් කොලය අපි කවුරුත් හොදට දන්නවානේ.  අපි බුලත් විට කනවා. තව විශේෂ අවස්ථාවලදී බුලතට සිංහල අපි මුල් තැන දීලයි කටයුතු කරන්නේ. වැඩිහිටියන්ට ආචාර කරනකොට, මගුලක තුලාවකදී, මළගෙදරකදී , මේ කොහේ බැලුවත් බුලත් නැතිවෙන්නේ නැහැ. ඒ තරමටම බුලත අපේ ජීවිත වලට සමීපයි.  

මේ බුලත් කොළය හැදෙන්නෙ වැලක. ඒ බුලත් වැල හැදුනේ මෙන්න මෙහෙමයි.
සක්‍ර දෙවියෝ නොයෙක් වෙස් අරගෙන රටේ තැනින් තැන මිනිස්සු අතර ඇවිදීම පුරුද්දක් කරගන හිටියා.  දවසක් ඔහු මහඵ මිනිසෙකුගේ වෙස් අරගෙන ගමකට යෑමට කැලයක් මැදින් ගියා.  කැලේදී ගලක් උඩ හිටපු හාවෙක් දැක්කා.  

“අනේ හාවෝ මට හරිම බඩගිනියි. මට කන්න මොනවා හරි දෙන්න පුඵවන්ද කියලා ශක්‍ර දෙයියෝ ඇහුවා.
“අනේ මා ලග නම් මොකුත් නැහැ මම මගේ මස් දෙන්නම් ඔතන ගිණි මැලයක් ගහන්න. මම අර ගල උඩට ගිහින් ගින්නට පනින්නම් එතකොට මගේ මස් කන්න.  හාවා පැවසුවා.  

ඉතින් සක් දෙවිදු ගිණි මැලයක් ගැහුවා.  හාවා ගල උඩට ගිහින් ගින්දරට පැන්නා.  පනිනකොටම සක්‍ර දෙවියෝ නියම වෙස් ගෙන හාවා දෑතින් වඩාගෙන දිව්‍ය ලෝකෙට ගෙන ගියා.  හාවාගේ කරුණාගුණය පෙන්වීමට සදා සිහිවටනයක් බවට පත් කිරීමට හාවාගේ රූපය හදේ ඇන්දා.  
මේ රූපය ඇදලා ඉවර වුනහම ඒ පිහාටු පින්සලය පොළවට දැම්මා.  දිව්‍ය ලෝකෙ ඉදලා පොළවට වැටුන පින්සලය මහ පොළව දෙබෑ කරගෙන නාග ලෝකයට ගියා.  නාග ලොවේ නාග රජුගේ ඇගේ පින්සලය වැදුන නිසා නා රජු එතනම මැරුණා.

සතියක් පමණ දුකින් පෙඵන නාග ලොව වැසියෝ කදුඵ සළමින් නා රජු භුමදානය කලා.  ටික දවසක් ගත වුණා.  සොහොනෙන් වැල් වගයක් ඇදෙන්න පටන් ගත්තා.  මේ වැල් උඩට උඩට ගිහින් පොළෝ තලයට ඇදුනා.  පොළවට ඇදිලා නැට්ටේ කොළ හැදෙන්න පටන් ගත්තා.
එක් ගැමියෙක් මේ කොළයක් කඩාගෙන කෑවා.  ඒක හරි රසයි.  මත් ගතියක් දැනුනා.  මත් ගතිය නිසා ඇගත් තරමක් ප්‍රාණවත් උනා.  මේ ආරංචිය පැතිරුණා.  කවුරුත් මේ කොළය කන්න පටන් ගත්තා.  නාග ලොවින් ආ නිසා නාග වල්ලි බුලත්“ කියා කොළය නම් කළා.
දෙකට නමන බුලත් කොළය නාග පෙනයකට සමාන බව මිනිස්සු දුටුවා.  ඒ නිසා බුලත් කොළය කෑමට පෙර දෙකට නවා නැට්ටත් තුඩත් කඩා ඉවත දමන්න පුරුදු වුණා.
  
නාග රජුගේ සොහොනෙන් ඇතිවූ නිසා තමයි එහෙම අගිස්ස කඩන්නේ. මොකද මිනිස්සු තාමත් හිතනවා බුලත් කොලේ දෙකෙලවරේ නයි විස ඇති කියලා. 

අදත් මේ සිරිත අප අතර පවතිනවා.  

8 comments:

  1. ඔන්න ඒකත් කියල දුන්න බබාලට..

    ReplyDelete
  2. blog achieve eka hide wela..ohh..onna den penenewa.blog achieve eka udata gattanam hari.normal page eke pennenne ne.

    ReplyDelete
  3. නාග වල්ලි කියන්නේ බුලත් වර්ගයක් කියලයි මං අහලා තියෙන්නේ.
    ඒ බුලත් වර්ගයේ කොළය මැද සුදු පාටින් ලස්සන රටාවක් තියෙනවා.

    ආහ් ....ප්‍රශ්නයක්. !!!!!
    එතකොට ඇයි බුලත් කොළයක් කනකොට දෙකෙලවර කඩා දාලා කන්නේ ?

    ReplyDelete
  4. ශක්‍රයා විසි කරපු පින්සල නා රජුගේ කටට වැටිලා නා රජුගේ ශරීරයෙන්ම බුලත් වැල හටගත්තා කියලා කතාවක් තියෙනවා.

    නා රජුගේ ශරීරයෙන් හටගත්තු නිසාත් නා ලොවේ ඉදන් මිනිස් ලෝකයට බුලත් රැගෙන ආවේ නා රජෙක් විසින් දෙකොළවරින් සපාගෙන නිසාත් බුලත් කන්න කලින් දෙකෙළවට කඩා දමන සිරිත ඇතිවෙලා තිබෙනවා.

    ඒත් ඒකේ විද්‍යානුකූල පසුබිම නම් බුලත්වල ගසන කෘමි නාශක වගේම දූවිලි ආදිය එහි නැට්ටේ සහ තුඩේ රැඳි තිබෙන නිසා ඒ දෙකලවර කඩා දැමීම සුදුසු බවයි

    ReplyDelete
  5. "කවුරුත් මේ කොළය කන්න පටන් ගත්තා. නාග ලොවින් ආ නිසා නාග වල්ලි බුලත්“ කියා කොළය නම් කළා"

    කවුරුත් මේ කොළය කන්න පටන් ගත්තා. නාග ලොවින් ආ නිසා නාග වල්ලි බුලත්“ කියා කොළය නම් කළා.

    ReplyDelete
  6. ස්තුතියි හැමෝටම. දන්න හැමදේම කමෙන්ටුවක් විදියටවත් දාන්න. ඒක කාටත් හොදයි

    ReplyDelete
  7. ශෝක් කතාවක් නේ ...

    ReplyDelete
  8. ශෝක් කතාවක් නේ ...

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!