ඉතාමත් ශ්‍රෙෂ්ට ජාතික වීරුවෙකු වූ ගැමුණු රජු පිළිබද සැගව ඇති තොරතුරු ද නැත්තේ නොවේ. ගැමුණු කුමාරයා තම පියාණන් වූ කාවන්තිස්ස රජ්ජුරුවන් හා ඇතිවූ භේදයක් නිසා කොත්මලයට පලා ගියේය. ඔහු කොත්මලයේ කඩදොර නම් ගමෙහි ඌරුපැලැස්සේ නමැති ගමරාළගේ ගෙදරය නවාතැන් ගත්තේ. ගමමහගේ පමණක් නොව මේ ගමරාළද අලුත පැමිණි තරුණයාට අතිශයින් ප්‍රිය කරන ලද්දේ ඔහු පැමිණි පසු ගෙදරට කිරි උතුරන්නට මෙන් වීම නිසා යැයි කියති. ගැමුණු කුමාරයාට ගමරාළගේ ගෙදරදී නම් කොට තිබුණේ එද්දලයා කියාය. හිත්-දළයා යන්නෙහි විකෘතියක් වන්නටද බැරි නැත. ගැමුණු කුමරු සහජයෙන්ම දළදඩු ගතිපැවතුම් ඇත්තෙකු විය. අයුක්තියක්, අසාධාරනයක් ඉදිරියෙහි ඔහු කගවේනෙකු මෙන් නැගී සිටියේය. තම පියාට පවා විරුද්ධව රජ සැප හැර දමා ගම ගෙදරක ජර දුක් විදින්නට සිද්ධ වූයේද මේ දළදඩු ගති නිසාමය. ගැමියන් හිත්-දළයා යැයි උසුරුවන ලදැයි කීම එඩිතර බුද්ධියට කරගන්නා නින්දාවක් නොවේ.
ගැමුණු කුමාරයා ඌරුපැලැස්සේ ගෙදර ගමරාළ ලග නැවතී සිටියදී ගමමහගේට ආධාර සදහා දරකඩා ගෙනැවිත් හෙලූ තැනට දර පනා හෙළ යැයි කියනු ලැබේ. ඔහු වැපිරූ කුඹුර රජතලාවෙල නමින් හැදින්වෙයි. සාමාන්‍යයෙන් අස්වැද්දීමට අමාරු වූ ප්‍රදේශයක මේ කුඹුර පිහිටා ඇත. මේ අමාරුකම් නිසාම ගොවිරාළ තම ගෙදර සිටින කොලුවාට කුඹුර භාරදුන් බවට සැකයක් නැත. සූර වීර කොලුවා ඇසූ දුටු අය පුදුමයෙන් පුදුමයට පත් කරමින් කුඹුර අස්වද්දනු ලැබීය. ජන කතාවන් ගෙන් නම් කියැවෙන්නේ දෙවියන්ගේ හාස්කමින් මේ කළ හැකි වූ බවයි. සූර වීර මිනිසුන් විසින් ස්වශක්තියෙන් කරන ලද දෙයට එකල සිටි මිනිසුන් විසින් දේවත්වයෙක් ගන්වන ලද්දේ එයින් වඩාත් ගෞරවයක් ලබාදෙනු පිණිස මිස ගර්භාවට බදුන් කරනු පිණිස නොවේ. එහෙත් අවාසනාවකට මෙන් පුද්ගලයෙකුගේ දක්ෂභාවය දෙවියකුට පැවරීම නිසා යටකී පුද්ගලයාගේ වීර වික්‍රමාන්විත භාවයට වඩා පසුකල මිනිසුන් දෙවියන් කෙරෙහි ඇති භක්තිය ඔප මට්ටම් කර ගැනීමට ඇදී යනු පෙනේ. මේ කුඹුරට වතුර ගැනීම සදහා කුමාරයා කැපූ ඇල රජඇල නමින් හැදින්වෙයි.
මේ සියල්ලටම වඩා රසවත් සිද්ධිය වන්නේ කුඹුර වැපිරීමට වී සෙවීමය. වී වපුරා හමාර වී තිබුන හෙයින් කොයි කා ළගවත් වී නොතිබුණේය. මේ නිසා එද්දළයාට ලැබුණේ බොල් වී පමණෙකි. එද්දළයා ගේ කුඹුර අස්වැද්දීම සිහින ලොවක රජවිමකැයි ගමරාළ සිතීය. බොල් වී වලින් කුඹුරු වපුරන්නට නොහැකි බව ගොවියෝ මැනවින් දනිති. එද්දළයාට ලැබුණේ බොල් වී පමණක් බවද ඔහු දැන සිටියේය. එහෙයින්ම ඔහුට එද්දළයා පිළිබදව ඇතිවූයේ ශෝකයත් අනුකම්පාවත් මුසුවූ දයාවකි. ගමරාළට එසේ වුවද එද්දළයාට නම් එසේ නොවීය. තමාගේ කුඹුර අස්වැද්දීම පිළිබද ඔහුගේ හැගීම් උණුසුම් සහගතය. පුර පසලොස්වක දිනක හධ අහසට නැගීම සත්‍යයක් විය හැකිවාක් මෙන්ම තමාගේ කුඹුරද අස්වද්දනු ලැබීම ඔහුට සහතිකය. වාසනාවකට දෝ එද්දළයා වැපුරූ බොල් වී පැල වී තිබුණේය. පැලවුණා පමණක් නොව හාත්පස ප්‍රදේශයේ වූ හැම කුඹුරකටම වඩා ඉහළින් සරුසාර බවක්ද පළ කලේය. ගොවීන්ගේ ඇස් ඇරුණේය. කන් පෑදුනේය. එද්දළඝයා පිළිබදව තමන් කෙරෙහි පැවති හැගීම් වෙනස් කර ගන්නට ඔවුනට සිදුවෙතැයිඇතැම්මු සැක කලහ. මේ කුඹුර අස්වැද්දීම පිළිබද සිද්ධිය අස්වාභාවික දෙයක් හැටියට ඔවුහු සැලකූහ. ගමරාළ පමණක් නොව ගමමහගේද කොලුවාට තුබූ ආදරය සිය දහස් ගුණයෙන් වැඩි වන්නට වූයේය. ඇත්ත වශයෙන්ම ඔවුන්ටග් ආදරය වැඩී වැඩිවත්ම අසල්වැසි ගොවීන්ගේ ආදරයද ලියැලුවේය.
ගැමුණු කුමාරයා ඌරුපැලැස්සේ ගමයාගේ ගෙදර නැවතී සිටියදී දිය නෑමට භාවිතා කල පීල්ලට නාග පීල්ල යැයි දැනුදු භාවිතා කරයි. ඔහු මේ පීල්ලෙන් දිය නෑමට පැමිණි විට ඇදුම් උනා තැබූ ගලට සලුගල යැයි නම් කොට තිබේ. සලුගල නමැති මේ ගල තවමත් ඒ ප්‍රදේශයේදී දැක්ක හැකිය.

මේ කතා ටික සිද්ද උනේ ගැමුණු කුමාරයා කොත්මලේට පනලා ගිය අවස්ථාවෙදි වෙන්ටෑ.
ReplyDeleteඔය වගේ කොත්මලේ කතා ගොඩක් තියෙනවා. ඒ ටිකත් හිමිහිට ලියන්න. කියවන්න එන්නම්.
ප.ලි. - මල්මි සින්ඩි වලට දැම්මේ නැද්ද. මේ බ්ලොග් එක සින්ඩි වල රෙජිස්ටර් කරන්න. එතකොට ගොඩක් කට්ටිය කියවන්න ඒවි.
http://www.lankablogger.com/
http://sindiya.com/
http://blogs.sinhalabloggers.com/
http://http//www.seegiri.com/syndi/
http://hathmaluwa.org/
මතු සම්බන්ඩයි නම් කුතුහලය ටිකක් අවුස්සන්න වෙනව ඉවර කරද්දි මට හිතෙන හැටියට
ReplyDelete