Tuesday, August 30, 2011

කතරගම ගමන

පහුගිය දවස් දෙක තුනේ පොඩි වෙනසකටත් එක්ක අපි කරතගම පැත්තේ ගියා. මෙහේ වගේ නෙමයි ඒ පැත්තට වැහි පොදක ලකුණක් වත් නැහැ. ගස් කොලන් හොදටම වේලිලා.  

අපි යන ගමන් බූන්දල ජාතික වනෝද්‍යානය පැත්තෙත් ගියා.  විශේෂයෙන්ම අලි ඉන්නවද බලන්නයි අපට උවමනාව තිබුනේ. අලි බෙටි නම් තිබුණා. ඒත් හොඩවැලක් වත් දකින්න ලැබුණේ නැහැ.  ඒ පලාතේ ගස් කොලන් වේලිලා ගිහින්. මුවෝ, හාවෝ, මොනරු වගේ සතුන් නම් දැක්කා. උන්ගෙනුත් වැඩිහරියක් හිටියේ මොනරු.  දෙවියන්ගේ අඩවිය නිසාද කොහෙද මොනරුන් නම් හොදින් හිටියා. වැඩි පිරිසක් දකින්නත් ලැබුණා.  ගස් කොළන් පවා වේලිලා නිසා සතුන් කොහොම මොනවා කාලා ජීවත් වෙනවද කියලා හිතුනා.  සමහර තැන්වල වතුර තිබුණු ජලාශ හිදිලා ගිහින්. 
දිය කාවෝ, කොක්කු වගේ කුරුල්ලන් නම් ගොඩක් හිටියා.  ඒත් නම් වශයෙන් අපි දන්න කුරුල්ලනුත් බොහෝම අඩුවෙන් තමයි දැක්කේ.  රටේ සංවර්ධනය දකිනකොට හිතට සතුටක් දැනුනත්, අතර මගදී ගහ කොළ වලට වෙන විනාශය ගැන නම් එතරම් සතුටක් නැහැ.  අනාගතයේදී ගමක් කියලා දකින්න දෙයක් ඉතිරිවේදැයි සැකයකුත් හිතට ආවා. කාටවත් දොස් කියනවා නෙමෙයි.  හිත රිදෙන කෙනෙකු ඉන්නවා නම් සමා වෙන්න ඕනෑ. මගේ දැනුමේ හැටියටයි මෙහෙම ලියවෙන්නේ. සතා සීපාවා ගැන ගහ කොළ ගැන මම යහමින් හිතන නිසා.
කතරගම නගරය හා ඒ අවටත් විශාල දියුණුවක් දකින්න ලැබුණා. පාර තොට ගැන හොද පැහැදීමක් ඇතිවුනත් කොළඹ නගරයට ආසන්නව ඇති මහා මාර්ග ගැන හිතන කොට ලොකු දුකක් දැනුනා. මොකද පුංචි වැස්සකටත් ඒවා වාරි මාර්ග වෙන නිසා.  දවසක් වැස්සොත් ඉස්සන් කොටු හදන්න පුඵවන් තරමට ඒවා දියුනු වෙලා නිසා.  මම මේ ආපහු කියන්නේ හිත රිදෙනවා නම් මට සමාව දෙන්ට ඕනෑ හොදේ.

අපි 27 වෙනිදා රෑ ඕං ගියා කිරි වෙහෙර වදින්ට.  මල් පූජා කරන්න ඕනෙ නිසා තෙල් මල් ගන්න පොඩි කඩපිලකට ගොඩවුණා.  මලක් රුපියල් විස්සයි.  ඒකනම් කමක් නැහැ කියමුකෝ. ඒකත් එක්කෝ දහයක් නැත්නම් 20ක් ගන්න ඕනේ.  දහයක් නොගත්තොත් ඒ ඇත්තිට ගණන් හදාගන්න අමාරුලු.  මම ඉතිං මල් 7ක් අරගෙන එයාට ගාන හදලා දුන්නා. මං ඉතිං ගණන් කාරිනේ. අනික ඒ අක්කා පවුනේ.  මයේ අප්පේ එතන හිටිය සෙනග කන්දරාව. ලොකු පිං කමක් නිසා බොහෝම දෙනෙක් එතැනට රැස් වෙලා හිටියා.  ඒත් මම නම් හිත පිරෙන්න වැද පුදා ගත්තා.  ඒ එන ගමන් කතරගම දේවාලයටත් ගියා. අපිත් ඕං පූජා වට්ටියක් හිසේ තියාගෙන ගියා. හත්වලාමේ පූජා වට්ටි තියන් පෝලිමේ යන්නත් වුණා. පෝලිමේ කෙලවර හොයන්න ත්‍රී වීල් කටුවකින් තමයි ගියේ. ඒ තරමට බැති මත්තු. එහෙම වෙන එක හොදයි ඒත් .......පූජා බිමෙන් එලියට එන්නේ බෝතලේ කටේ තියාගන්න බලාගෙන නිසා භක්තියේ තරම හිතා ගන්න අමාරුයි. ඔන්න ඉතිං අපේ පූජා වට්ටියත් දීලා දෙවියන් වැදලා අපිත් පල්ලම් බැස්සා.  අපේ නඩේ 15ක් විතර. සතුටුයි කියන්න අපි නම් මස් මාංශයෙන් තොරවෙලයි ගියේ. 

ඕං පහුවෙනිදා පාන්දරම .....පාන්දරම කිව්වට 9.00ට විතර අපි ගියා වැඩිහිටි කන්ද වදින්න.  කන්ද පාමුල තියෙන කඩ පොඩියකට ගොඩවැදුනා තෙල් මල් ටිකක් ගන්න. බොලේ තෙල් කාලක් රු 100ක්.  මෙහේදි අපි ඕකෙන් දෙකෙන් පංගුවයි නේ දෙන්නේ.  අපේ අප්පෝ......තෙලුයි හදුන්කූරුයි කපුරු පැකට් 1 ගත්තේ. ගාන රු. දෙසියගණනක් වුනා. බැරි අමාරුකම් තියෙන කෙනෙකුට අපේ රටේ ප්‍රසිද්ධ ස්ථාන වැද පුදාගන්ට නම් පොළියටවත් සල්ලි හොයාගන්න වෙයිනේ.  ඕං බලන්න ඉතිං සිංහලයා සිංහලයාවම ගසා කන හැටි.  ඔන්න ඉතිං අපි වැඩිහිටිකන්ද වැදපුදා ගෙන ආපහු එනිං ගමන පිපාසාව නිසා කඩේකට ගොට වැදුනා. සීතල බීම එකක් බොන්න. දෙයියන්ට ඔප්පු වෙච්චාවයි අපි මෙහේ බඩී කියන බීම බෝතලයක් එහේ රුපියල් 100ක්. මයේ හිතේ දුර යන්ට තියෙන නිසා වෙන්න ඇති ගාන වැඩි. නේද ඈෑෑ....මං හිතුවෙම අක්කාට ගාන වැරදිලා කියලා.  බලනකොට මටයි වැරදිලා තියෙන්නේ.  

ඔන්න ඉතිං අපි ආපහු ගෙදර එන දවසේ උදේ 9.00 ට විතර පිටත් වෙලා කිරින්දෙ විහාරෙත් වැද පුදාගෙන ඇඹිලිපිටිය හරහා තමයි එන්න පිටත් වුණේ.  මගක් දුරදි අපි වැවක් ලග නාන්න නතර වුණා. අපි නාන අතරේ දුටුවා බොහෝම ඉහලින් සප්පායම් වුන දෙන්නෙක් ත්‍රීවීලයක දමාගෙන ඉස්පිරිතාලෙට දක්කනවා. ඒ දෙන්නට වැඩි වෙලාලු. මයේ හිතේ වතුර පෙවිලාද මන්දා.......ඉතින් ඔන්න අපි නාලා එහෙම ඇවිත් එතන තිබුණු පුංචි කඩේක අම්මෙක් එක්ක පුංචි කතාවක් දැම්මා.  එතකොටයි දැනගත්තේ අපේ උන්දලාගේ භක්තියේ තරම. වන්දනාවේ ගිහින් එන නඩේ බොහෝම දෙනෙක් එතනින් නාලා යන්න එනවලු. ඉටි කොළ, කෑම පැකට් කරපු රිජිපෝම් කෑලි, එතකොට ප්ලාස්ටික් වතුර බෝතල් අඩුවක් නැතුවම තිබුණා.  වටපිටාව බලන්න ලස්සනයි.  අපි එතනට ගියදාට කලින්දාත් කට්ටියක් එතන නාලා. ඒ අයයි ගමේ උදවියයි අතරේ ලොකු බහින්බස් වීමක් ඇති වෙලා. ඒක අවසාන වෙලා තියෙන්නේ කතාවට සහභාගී වෙච්ච කෙනෙක්ව කපා කොටා මරා දැමීමෙන් පස්සෙලු. එයාලා හොදට සප්පායම් වෙලාලු හිටියේ. ගමේ උදවියත් එක්ක අරියාදුවට ආපු අය මොරටුව පැත්තේ කියලත් ආරංචි වුණා.  ඒ තොරතුරුත් දැනකියාගෙන අපි නැවතත් අපේ ගම් බිම් බලා එන්න පිටත් වුණා. 

3 comments:

  1. මාත් මල්මිත් එක්කලා කතරගම ගිහින් ආවා වගෙයි මේ පෝස්ට් එක කියෙව්වම.
    අපි නම් ඔය මල් හදුන්කූරු පොල්තෙල් වගේ ඒපා ගෙදරින්ම අරගෙන යනවා. එතකොට ගානත් ඉතුරුයි නේ. අර කිව්වත් වගේ රටේ ඉන්න දුප්පත් කෙනෙක් ගියාම කොහොම වැඳපුදා ගන්නද. ගාන අහුවම කලන්තේ දානවනේ.

    ඔන්න විභාග අස්සෙම කියවන්න ආවා.

    ReplyDelete
  2. මධුරංග

    ස්තුතියි ආවට. මමත් කතරගම ගියේ බොහෝම කාලෙකින්. ඒත් කලකිරීමක් ඇතිවුනා. අපේම උන් අපිව ගසා කන හැටි දැක්කම.

    ReplyDelete
  3. කලකිරීම් ඇති වෙන සාදාරණයි.
    මම් කතාවට අහල තියෙනවා සිංහලයෙක් නහන්නේ තවත් සිංහලයෙක්ම තමයි කියලා. ඒ කතාව කොච්චර නම් සාධාරණද කියලා දන්නේ නෑ. ඒ උනාට වෙලාවකට හිතෙනවා මේ කතාව ඇත්තක්ය කියලා.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!