Monday, August 22, 2011

නයි පොළොං වෛරය

වතුර හොයාගෙන ආපු නයිහාමි කෙනෙක් දරුවෙකුගේ නාන බේසමකින් වතුර බිව්වා.  නයිහාමි
වතුර බොනකොට අතේ තිබුණු පොල් කටුවෙන් දරුවා නයිහාමිට ගැහුවා.
වතුර විසි කලා.
ඒත්
සෙල්ලමට කරන පහර දීම් නයි හාමි ගනන් ගත්තේ නැහැ.
එයා ආපහු යනකොට වතුර හොයාගෙන එන
පොළොං හාමි හමුවුණා.
එයා නයිහාමිගෙන්
වතුර තියෙන තැන ඇහුවා
නයිහාමි, පොළොං හාමිට වතුර බිව් හැටි කිව්වා.
“හැබැයි දරුවාට විපතක් කරන්න එපා.....“
පොළොං හාමිගෙන් දිවුරා පොරොන්දු ගත්තා.

දිවුරා පොරොන්දු ගත්තත්, නයිහාමිට
පොළොං හාමි ගැන සැකයක්
ඇතිවුණා.
නයිහාමි 
ආපහු දරුවා හිටි තැනට ආවා.
ඒ එනකොට
පොළොං හාමි වතුර බීලා
දරුවාටත් දෂ්ට කරලා ගිහින්.
දරුවා සිහිය නැතිව 
වැටිලා හිටියා.
නයිහාමි
තුවාලයට කට තබා
විෂ උරා දරුවා සනීප කලා.

පසුව පොළොං හාමි සොයා ගිය
නයිහාමි
පොළොං හාමි කළ දුෂ්ටකමට
සාප කලා.
නයි පොළොං වෛරය 
පටන් ගත්තේ 
ඔන්න ඔහොමයි......!!!




(සිසිර කුමාර මහවෙදගේ - කතන්දර පොතක් ඇසුරින්)
 

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හරීම අඩම්බර කතාකාරියක්..හොදයි හොදයි ලියන්න අපි බලනව..

    ReplyDelete
  3. මමත් ඔය කතාව පොඩිම දවස්වල අපේ අම්මගෙන් අහලා තියෙනවා.
    ඒ පුංචි කාලේ මතකය මේ කතාව කියවද්දි අළුත් උනා.
    බොහොම ස්තුතියි මල්මි !!!!

    ReplyDelete
  4. මමත් පොඩි කාලේ අහල තිබුනු කතාව මේ. අමතක වෙලා තිබුනු ඒ කතාව ආයෙ මතක් කලාට තුති.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!