Wednesday, October 5, 2011

ගමයා බුදුවෙලා 01


පිටිසර බද ඉස්සර                           කාලේ                                           
 ගමයෙක් විය පරණම                      තාලේ                                                                                   
                                                                
ගමයාගේ නම විය                           සිබරන්
ඔහුට ලැබුනු බිරියයි                       ඔමලින්

මේ දෙන්නගේ එක පුතු                   ජින්නා
ඉගෙන නොගෙන කැලයට             පැන්නා

කොල්ලා අනේ ගන්න                     සබයට
මාපියෝ වෙහෙසුනා                        හරියට

කොහොමද පවකට පින               දෙන්නේ
කොලුවා කැලේමයි පැන              යන්නේ

ගමරාළ තමයි  ගමේ               පොහොසතා
මෝඩකමේ        මුල්ම                   බලවතා

ගේ දොර පාලනේ ඇඹේනිය             අතේ
ගමයා සිටියි පඹරාළ                      විලාසේ

ගම බිරිය හිතින් නම් තවම           ගැටිස්සී
තරහ ගියෝතින් හරිම                  කටුස්සී

සිල්ගත්තත් ඈ හතර                     පෝයට            ඇයගෙ බැනුම් නිතර                    ගමයට                           


දෙන්නා අතර නිතරෝම                විරසක
තිබුනත් පිපි මල් දෙකකි                ඉත්තක

ඉස්පාසුව නම් නැතිව වැඩ                 කලා
කොලු පැටියට මුදලින්ම              සරිකලා

මහගේ දෙන බත් මුල ගිල                 දමලා
ගමයා එනවා රෑ පැල්                       රැකලා

ඔමලියෝ මේ සසරට                 සමුදෙන්න

හිතෙනවා මට බුදු වෙන්නට              යන්න

ඒක තමයි මම නිතර                  කියන්නේ
ලබන පෝයෙවත්          සිල්    අරගන්නේ

බිරිද අසල ගමයා හරි                   නිහඩයි
ඈ සමගින් කටගැසුම                විනාසෙයි

බුදුවන්නට නම් වෙසක්              ඕනැද
වෙන පෝයක බුදු වන්නට         බැරිද

මෙසේ සිතූ මේ ගොන්              ගමයා
මේ පෝයට බුදු වන්නට           සිටියා

ඊලග පෝ දිනයත් ලග                  ආවා
බුදුවන්නට සිතමින්            ලතවෙනවා              

සිදුහත් බෝසත්වයන්              විලසට                                     
සවසක් දුක් විදවනු බෑ              මෙමට

උදේ පටන් වත්තේ වැඩ              කොට
සවස ගියා ගත සිසිල්              කරන්නට


මතු සම්බන්ධයි.....

1 comment:

  1. හවස එහෙනම් බුදු වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් කාලක් ක්‍රියා කරලා කොහේ හරි වැටිලා ඉන්නවද දන්නේ නෑ.

    කවි ටික නියමයි අක්කේ.

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!