පිල්ලෑවෙන් දිය නෑවා ගමයා
දුටුවා අඹරේ එන හද පායා
දරුවා ගෑනි ගැන සිතුවෝතින්
ගැලවීමක් නම් නෑ මට සසරින්
ගමයා සිතුවිලි හා පොර බැදුවා
අදනම් බුදු වෙනවාමයි සිතුවා
මෙසේ සිතාගෙන ගෙදර එනවිට
මිහිරි හඩක් ඇසුනානේ සවනට
පහන් සිතින් මම ගෙදරට ආවා
එනවිට නිදි කිරනා ඔමලින් දුටුවා
ගමයා සිතුවිලි හා පොර බැදුවා
අදනම් බුදු වෙනවාමයි සිතුවා
බුදු වෙන්නට උවමනා අඩු වැඩී
සකසා ගති ඔහු වෙමින් කඩි මුඩී
රත්ත්‍රන් අසිපත් මෙමට කොයින්ද
කන්ඡක අසු දැන් කොහෙන් සොයම්ද
කරනට ඔහුගේ කේශ ජේදනේ
ගත්තා දර කපනා මන්නේ
ලණුවක් ගෙන හොද හැටියට දවටා
ගත්තා තදකර ඔහුගේ ඉන වටා
ඝටීකාර මට දෙන්න පිරිකර
නාවොත් නම් වෙයි බොහොම කරදර
නොවනා ලෙස තවත් හිරිහැර
ගත්තා සුදු සරමක් සේ පිරිකර
බිරිද දුන්න බත් මුල ගෙන සකසා
ගත්තා සුජා දුන් කිරිපිඩු විලසා
බිරිද ගොරවමින් නිදනා තුරුම
සැගවී හිටියා නිවස අසලම
නිදා සිටිය ජින්නා පුබුදුවලා
රත්තා ගෙන එන්නට යයි කීවා
ඒ ගාලෙම සිටි හොදම මී ගොනා
හැල්මෙ දුවන්නට හරි හපනා
ගෙතුලට ගිය සිබරන් ලොක්කා
ඔමලින් දැක මුනිවත රැක්කා
ආපහු ඔහු එළියට ඇවිදින්
වටපිට බැලුවා මද සතුටින්
කොලුවා මේ විපරියාසෙට
බියවී සැරසුනි හඩන්නට
මී හරකා දක්කන් යන්ට
ගමයා සන් කලා ජින්නට
මේ මහ රෑ පිය පුතු දෙන්නා
ගොන් වාහනේ ගිහිගෙන් යන්නා
ගොනත් බයයි මේ විකාරෙට
වේගෙන් යයි ගමෙන් ඈතට
ගම කෙළවර ඇති දිය අගලෙන්
පන්නන විට ගොනාව වේගෙන්
අත ලිස්සා පහලට ජින්නා
ජබුං ගාලා වතුරට වැටුනා
එගොඩහ ඉවුරේ බැද්දෙ කොනේ
මීමා සමග ගමයා නැවතුනේ
දනි පනි ගා ගොඩවූ ජින්නා
පියා ලගට දිවගෙන එන්නා
බැදන් තිබූ කොන්ඩය ලිහලා
මන්නෙන් කපා උඩට විසිකලා
ලගම තිබුනා ලොකුම කජු ගහක්
ඒකේ රැදුනා ඔහුගේ කෙස් ටිකක්
සැක්‍රයා මගේ පින ගැන දැකලා
ඒක ඇරන් ඇන්න ගිහිල්ලා
අමුඩ ලේන්සුව හා සරම
දුන්නා පුතුට කතා නැතිවම
එක සරමක් ඉන වට ඇදලා
අනිත් සරම උරයේ පොරවලා
ඕව ගිහින් අම්මට දීපන්
බුදුවෙන්නට ගිය බව කියපන්
දැන් මම බුදු වෙන්නට යන්නම්
පසුව උඹලා බලනට එන්නම්
උඹ නම් සසරින් ගැලවිච්චි
ගෙදර යන්න බැහැ අප්පච්චි
මී ගොනාව මුදවා හැරියා
තපස් තුමා වනයට වැඩියා
රත්තා අනේ ගමටම දිව්වා
කොලුවා උගේ පස්සෙන් දිවුවා
පසුදා උදයේ එළිය වුණා
නිහැඩියාව අවට රජ වුනා
මීගොනා රිංගුවා බැද්දට
තාමත් නැහැ ආවේ ගාලට
ගෙදර දොරත් අස් පස් කරලා
රාළත් නැහැ දැන් දවල් වෙලා
මෙසේ සිතා ඉන්නා මහගේ
දුටුවා ඈත එනවා වාගේ
මන්නෙත් සරමත් කරපින්නා
ඒ එන්නේ අඩමින් ජින්නා
මොකද කොලුවො තොට හඩන්නට
වුනේ මොකද කියකො විගහට
අප්පච්චි එහේ බුදු වුනා
අම්මණ්ඩියි මමයි තනිවුනා
සිදුවූ පුවත දැන කොලුවාගෙන්
පුපුරනවා තරහෙන් ඔමලින්
මේ මාගේ මෝඩ වාහෙට
දෙන්නම් බුදුවෙන්න හනිකට
ඇද ගත්තා රෙද්ද තර කර
ඉලපත ගති අතට හිර කර
තෝ හිටපිය කොලුවෝ ගෙදර
ඇයත් ගියා බලා ගම්දොර
මේ අතරේ තාපස හිමියෝ
බඩගින්නේ ඉන්නට බැරියෝ
පෙරදා රෑ ගෙනා බත් මුල
ලිහා වැලදි නොදා ගහමුල
කෙසෙල් කොළය අරන් ඈතට
ගියා ගලන අගලක් වෙතට
බුදුවෙනවා නම් කෙසෙල් කොලේ
ගහගෙන යායුතුයි මේ දොලේ
දිය සුළියේ වටේ කැරකිලා
ගියා කොලේ ඈත පාවෙලා
මෙය දුටු අපගේ තවුස් හිමි
සතුටු වුනා අදම බුදු වෙමි
සන්සුන් ලෙස ආපසු වැඩියා
බවුන් වඩන රුක මුල සිටියා
ඈතින් එන ළදක් දකිනවා
මාව සොයා තන්හා එනවා
තදින්ම නෙත් දෙක පියාගෙන
අට්ඨි, අට්ඨි බවුන් වඩමින
බවුන් වඩති තාපස හිමියෝ
ඇඹේනියත් ලගටම වැඩියෝ
හොර ගහ ලග මෙතන හොර කැලේ
මේ මිනිහා බුදු වෙලා බොලේ
ගෙදර වැඩත් ඔක්කොම දාලා
මං ආවේ තමුසෙ හොයාලා
දෑත බදා දුන්නා ඉලපතෙන්
තවුසා නැගිට්ටා බොහෝ වේගෙන්
එක පිට එක පාර වදිනවා
ගැලවෙන්නට ඉඩ නැති වෙනවා
තන්හා රති රගා ඇවිල්ලා
මගේ සීලේ බිදිලා ගිහිල්ලා
සිබරන් හට බුදුවනු බැරිව
දිවුවා අනේ සරමත් නැතිව
වැටුන සරම අරගෙන ඔමලින්
එලවනවා තවුසා පස්සෙන්
ඕවිටි දෙණි, අගල්, ගල් උඩින්
දෙන්නා දුවයි හරිම වේගෙකින්
බුදුවනු බැරි සිබරන් තවුසා
යන්තම් ඇද යටටම බැස්සා
ගමයා බුදුවන්නට ගිය වතාවක්
ඔහොමයි ළමයිනේ කතාවක්!!!
(ජන කතාවක් ඇසුරින්)
නියම කතාවක්. අක්කට කොහොම මේ වගේ කතා ලබෙනවද මන්දා. කතාව කවියෙන් ලියලා තියෙන හන්දා තවත් ලස්සනයි.
ReplyDeleteඔය ගෑනු උන්දලා හන්දා තමයි පිරිමි අයට බුදු වෙන්න බැරි. ඒකම තමා ගමයටත් උනේ. :)
මධු...
ReplyDeleteඅනේද කියන්නේ