පිටිසර බද ඉස්සර කාලේ
ගමයෙක් විය පරණම තාලේ
ගමයාගේ නම විය සිබරන්
ඔහුට ලැබුනු බිරියයි ඔමලින්
මේ දෙන්නගේ එක පුතු ජින්නා
ඉගෙන නොගෙන කැලයට පැන්නා
කොල්ලා අනේ ගන්න සබයට
මාපියෝ වෙහෙසුනා හරියට
කොහොමද පවකට පින දෙන්නේ
කොලුවා කැලේමයි පැන යන්නේ
ගමරාළ තමයි ගමේ පොහොසතා
මෝඩකමේ මුල්ම බලවතා
ගේ දොර පාලනේ ඇඹේනිය අතේ
ගමයා සිටියි පඹරාළ විලාසේ
ගම බිරිය හිතින් නම් තවම ගැටිස්සී
තරහ ගියෝතින් හරිම කටුස්සී
සිල්ගත්තත් ඈ හතර පෝයට ඇයගෙ බැනුම් නිතර ගමයට
දෙන්නා අතර නිතරෝම විරසක
තිබුනත් පිපි මල් දෙකකි ඉත්තක
ඉස්පාසුව නම් නැතිව වැඩ කලා
කොලු පැටියට මුදලින්ම සරිකලා
මහගේ දෙන බත් මුල ගිල දමලා
ගමයා එනවා රෑ පැල් රැකලා
ඔමලියෝ මේ සසරට සමුදෙන්න
හිතෙනවා මට බුදු වෙන්නට යන්න
ඒක තමයි මම නිතර කියන්නේ
ලබන පෝයෙවත් සිල් අරගන්නේ
බිරිද අසල ගමයා හරි නිහඩයි
ඈ සමගින් කටගැසුම විනාසෙයි
බුදුවන්නට නම් වෙසක් ඕනැද
වෙන පෝයක බුදු වන්නට බැරිද
මෙසේ සිතූ මේ ගොන් ගමයා
මේ පෝයට බුදු වන්නට සිටියා
ඊලග පෝ දිනයත් ලග ආවා
බුදුවන්නට සිතමින් ලතවෙනවා
සිදුහත් බෝසත්වයන් විලසට
සවසක් දුක් විදවනු බෑ මෙමට
උදේ පටන් වත්තේ වැඩ කොට
සවස ගියා ගත සිසිල් කරන්නට
මතු සම්බන්ධයි.....
හවස එහෙනම් බුදු වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් කාලක් ක්‍රියා කරලා කොහේ හරි වැටිලා ඉන්නවද දන්නේ නෑ.
ReplyDeleteකවි ටික නියමයි අක්කේ.