Thursday, October 6, 2011

අද සමරන්නේ ගුරු දිනයයි!

මිහිමත පතිත වෙද්දී පිණි කැට                                         තුෂර
මල් මල් සාරියෙන් සරසා ගත                                          නිතර
අමතක කර දමා අත රැදි පොතෙහි                                      බර
එනවා දුටිමි ගුරුවරු හැම                                           නිරන්තර

පුහුණු නුපුහුණු උපාධිය අවසන් විශාරද හැම                       ගුරු
කලා වාණිජ ගණිත සංගිත තාක්ෂණ විද්‍යා                           ගුරු
සිහල ඉංග්‍රිසි දෙමළ නර්තන ආදි නානා විධ                         ගුරු
දරුවො හට මේ සැවොම එක්වී බෙදයි සිප් නැණ           නිරතුරු

ඉරටු නාරං සියඹලා අතු ලැබූ ඉපල් පහරේ                        රසින්
අකුරු බොදවුනි ඇදුරුතුම, පුතු නෙතග ගලනා             කදුලකින්
පමා නොව මතු අකුරු කරවූ පුතුගෙ හද බැදි           සෙනෙහසින්
තැනුනි මිනිසෙකු සදා ගුණවත් ගුරුන් දුන් ඔවදන්             තුලින්

පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රිසී තුන්වග එදා ලක්දිව  ආ                 සදා
යටත් විජිතෙක අගය දත් උන් පාලනය රකිනට                   සදා
අදමිටුන් සම්දිටුන් කරනට දුන්න ඉගෙනුමකින්                   එදා
සාමයික පරිසර තුලින් ඒ දනට දුනි නිලතල                      බෙදා

අලුත් බසකින් රටට අධ්‍යාපනය සකසා දුන්                       හැටි
සදාචාරය අපෙන් ගිලිහුනි කෙමෙන් සාමය බිද                   වැටී
වහල් බැම්මට හසුව සිටි ජාතියම රැකගන්නා                       අටී
නවමු දරු පරපුරක් බිහිවී අගෙයි ලක විසිරුන                    හැටී

නිදා සිටි මන පුබුදුවන්නට රටේ නව සැකසුම                   තුලින්
සදාතන නව ලොවක් තනනට සිටියි අද ගුරුවරු              කෙලින්
විදා සිප්සත සිසුන් තුල නැණ එලි පහන් වැට                දල්වමින්
සදා ලක්මව සනසවමු ගුරුවරුනි ඔබ ශක්තිය                    තුලින්

පංච මහ බල වේගයේ පුරුකකි ගුරුන් අද ආ                 සමාජෙට
රොබෝවරු නොව රටේ අවැසිය තකා මෙහි මතු       අනාගතයට
ජාතිකා-අනුරාගයෙන් දැපි හොදම මිනිසෙකු ලොවට    දෙන්නට
වෙහෙසෙනා ගුරු පරපුරේ වේදනා බෑ අද                   කියන්නට

මුවරැදි සිනාවෙන් සුහදත්වය                                         පෙන්වා
ගුරු සේවයේ අගයත් හදවත                                             රදවා
පාසැල දියුණුවට සිය කාලය                                          යොදවා
ගුරු මව්පියන් නිති යහමග                                        පෙන්වනවා

විදුහල දියුණු කරනට කර                                            පරසිද්ද
ඔබගේ දෙපා කොතරම් ගෙවිලා                                     ඇද්ද
සැනසුම සතුට ඔබ ඉන් ලද                                        සුවිසුද්ද
කාටත් කියා මිල කරනට                                           පුළුවන්ද

හෙළ බස් රටාවේ වියරණ විධි                                   නොසිද
සදැස් ලකර කව් නව නළු රස                                        වින්ද
පර බසකට කිසිවිට නොනැමූ                                    කොන්ද
ගුරුවරයා තමයි ජාතියේ                                      පණ කෙන්ද

එඩිතර ගතිය පා පෙරමුණටම                                         යන්න
දිරිදුන් මෙමට නිති දියුණුව ලැබ                                      ගන්න
දණ බිම ඔබා ඔබ දෙපතුල්      සිප                                   ගන්න
ගුරු මව්පිය වරුනි මට නිති  අවසර                                දෙන්න


(මගේ අම්මාත් ගුරුවරියක් නිසා ගුරු දිනය ගැන සිතුවිලි බොහෝමයි!!!!)

5 comments:

  1. ලෝ වැසි ගුරුවර ගුරුවරියන්ට සුබම සුබ ගුරු දිනයක් වේවා !!!

    ඔය ගුරුවරු කියලා කියන්නේ සමසමාජ පක්ෂයේ කට්ටිය කියන විදිහට පංච මහා බලවේග වලින් එකක් ලු නේ. අක්කට නම් මතකැති සඟ වෙද ගුරු ගොවි කම්කරු කියලා. :)
    මතකද අක්කේ ???

    ReplyDelete
  2. මධු...

    නැහැ අනේ ඒ කාලේ මම ඉපදෙන්න හිතලවත් නැතුව ඇති. ඒත් අපේ අම්මලා එහෙම කියනවා අහලා තියෙනවා. තව පොත පතින් දැකලා තියෙනවා.

    ReplyDelete
  3. සැබැ ගුරුවරුන්ට උපහාරයක්ම වේවා!මාත් සිතුවිලි ටිකක් ඇමිනුවා ගුරු දිනයට!වේලාවක් තියනවා නම් ගිහින් බලන්න!

    ReplyDelete
  4. හරිම ලස්සන වචන ටිකක් 💕

    ReplyDelete

කියවලා බලලා හිතට දැනෙන අවංකම දේ මෙතන කුරුටු ගෑවොත් ඒක මට ලොකු ශක්තියක්. ඒ නිසා ඔයාලගේ හැගීම් වචන වලට පෙරලන්න අමතක කරන්න එපා...!!!!!